ඔයා කවුද? මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට…

ඔයා කවුද?
මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට කතා කරන්නේ ඔයාට ඒ දීලා තියෙන නම කියලා. ඒ නම ඔයාගේ මොලයේ ගබඩා වෙලා තියෙන නිසා, කවුරුහරි ඔයාගෙන් නම ඇහුවාම, මතකයෙන් ඔයාට උත්තර දෙන්න හැකියාව තියෙනවා. මතකයන් වලින් තමයි ඔයාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා විතරක් නෙමෙයි. අපි හැමෝම එහෙම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත්, අපේ මතකයන් අනුව, අපි එකිනෙකාට වෙනස් වෙනවා. උදාහරණයකට, මගේ සිතුවිලි සහ ක්‍රියාකාරීත්වය නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරසියක් කරන්න ඕනේ කියලා. ඒ වගේම, ඔයාගේ සිතුවිලි සහ ක්‍රියාකාරීත්වය අනුව, සමහරවිට ඔයා මේ මං නිර්මාණය කරපු සබ් එකත් අරගෙන මේ චිත්‍රපටිය රසවිඳිවි. අපි මේ මතකයන් කියල කියන හැමදෙයක්ම ජීව විද්‍යාත්මක විදියට කියනවා නම්, අපේ මොළයේ තියෙනවා විවිධ හැඩ වලින් යුතු, විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය. මේ විවිධ හැඩ තල වලින් තියෙන රසායනික ද්‍රව්‍ය සම්බන්ධ කරන දේ තමයි නියුරෝන කියන්නේ. හරි, ඒ කතාව පොඩ්ඩක් එහෙම්මම මතකයේ තියාගෙන, අපි වෙනත් පැත්තකට හැරෙමු.
මාස කීපයකට කලින්, චෙන්නායි වල මදිපාක්කම් වලදී ගෑණු කෙනෙක්ගේ බෙල්ල කපලා මරලා දානවා. මිනීමරුවා තමයි ඇයගේම සැමියා. වෘත්තියෙන් ජිම් එකක පුහුණුකරුවෙක්. මිනීමරුවාව හඹා යාමේදී, පොලීස් නිලධාරියෙක් අතින් මොහුව ඝාතනය වෙනවා. ඊට මාස කීපයකට පස්සේ ඉන්දියාවේ අංක එකේ නිළියක් අමානුෂික ලෙස ඇයගේ නිවසේදීම ඝාතනය කරලා දානවා. කලින් ගෑණු කෙනා මරලා දාපු විදියටම තමයි මේ නිළියවත් මරලා දාලා තියෙන්නේ. කොහොමහරි, මේ ඝාතකයාව අත්අඩංගුවට ගන්න හදනකොට මේ පුද්ගලයා සියදිවි නසාගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ සුළු කාලයක් ගත්වෙනකොට තවත් අභිරහස් ඝාතනයක් සිද්ධවෙනවා. ඉන්දියාවේ අංක එකේ විද්‍යාඥයෙක් මහ පාරේදී මරලා දාලා තියෙද්දී හම්බෙනවා. මේ මිනීමැරුම් තුනම එකම ආකාරයට තමයි සිද්ධවෙලා තියෙන්නේ. නමුත්, විද්‍යාඥයා ඝාතනයේදී අපරාධකාරයා අත්වැසුම් පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ අනන්‍යතාවය සඟවන්න. කලින් වතාවල් දෙකේම ඒ සඳහා කිසිම උත්සාහයක් අරගෙන තිබුනේ නැහැ. ඒ වගේම, මේ අපරාධකාරයෝ තුන්දෙනාම එකට සම්බන්ධ වෙන එක කාරණාවක් තියෙනවා. ඝාතනය සිද්ධකරන්න ටික කාලෙකට කලින් මේ හැම කෙනෙක්ගෙම හැසිරීම, එක සැරේටම පුදුමාකාර විදියට වෙනස් වෙලා තියෙනවා. උදාහරණයකට, කවදාවත් ඉංග්‍රීසි දෙයක් කියෙව්වේ නැති අය, හිටපු ගමන් ඉංග්‍රීසි පොත් පත් කියවන්න අරගෙන තියෙනවා. ඒ වගේම, පවුලේ අයත් එක්ක කතාබහ නවත්තලා, එයාලා දිහා සැක කටයුතු විදියට බලන්න අරගෙන තියෙනවා. තවත් සමහරු පිරිසිදුකම ගැන බොහොම සැලකිලිමත් වෙන්න අරගෙන තියෙනවා. ඒ වගේම විශේෂිතම දේ තමයි, මේ හැමෝම එකම බ්‍රෑන්ඩ් එකකට අයිති කළු සිගරට් වර්ගයක් නොනවත්වා බොන්න පටන් අරගෙන තියෙනවා.
චෙන්නායි නගරය පාදක කරගනිමින් සිදුවෙන්නා වූ එකම ආකාරයේ අබිරහස් ඝාතන මාලාවක්… එකිනෙකට වෙනස් අපරාධකරුවන්ගේ එක සමාන අන්දමේ හැසිරීමේ වෙනස්කම්… කොනක් පාටක් හොයාගත නොහැකි, අතිශය සංකීර්ණ ලෙස පැටලුනු නූල් බෝලයක් බඳු වූ අභිරහස් ඝාතන මාලා අතර දෙලොවක් අතර හුදෙකලා වූ පොලිස් දෙපාර්තුමේන්තුව… එතකොට අර උඩින් කියලා තියෙන කාරණා, මේ ඝාතන මාලාවන් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මාතෘකාවේ කියලා තියෙන වියරු විද්‍යාඥයා කවුද? එතකොට අර අමරණීයත්වයක් ගැන කියලා තියෙන්නේ මොකක්ද? මේ මොන අන්දමේ විපර්යාසයක්ද සිදුවන්නේ?
ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ, කාලෙකට පස්සේ දමිළ සිනමාවෙන් බිහිවෙච්ච, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටියක්. චිත්‍රපටිය අයිති වෙන්නේ Action, Crime, Mystery, Sci-Fi, Thriller කියන කාණ්ඩ වලට. බොහොම කාලෙකට පස්සේ තමයි දමිළ සිනමාවෙන් Sci-Fi චිත්‍රපටියක් නිකුත් වෙන්නේ. හැබැයි, ඒකත් දෙකයි පනහේ චිත්‍රපටියක් නම් නෙමෙයි. පටන්ගන්න විනාඩියේ ඉඳලා, අන්තිම තත්පරය වෙනකම් ඇහිපිය ගහන්නේ නැතුව, කුතුහලය උපරිම මට්ටමක තියාගෙන බලන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. සමහරු කියාවි විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කළාට දෙමල චිත්‍රපටයක් නිසා තාක්ෂනය නම් කිසිම වැඩකට නැතුව ඇති කියලා. ඒ අයට කියන්න තියෙන්නේ, අරගෙනම බලන්න. හොලිවුඩ් චිත්‍රපටි වල තරම් ඉහළම මට්ටමක් නැති වුනත්, තාක්ෂනය බොහොම ප්‍රශස්ත මට්ටමකින් උපයෝගී කරගෙන තියෙනවා චිත්‍රපටිය පුරාවටම. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් මස 14 වෙනිදා. මේ සටහන ලියවෙන මොහොත වෙනකොට IMDB දර්ශකයේ 8.0 ක් වගේ ඉහළම අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Pizza (2012), Pizza II: Villa (2013), Enakkul Oruvan (2015), Indru Netru Naalai (2015), Saala Khadoos (2016), Kadhalum Kadanthu Pogum (2016), Iraivi (2016), Adhe Kangal (2017) වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ නිෂ්පාදනය කරපු C.V. Kumar තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. Maanagaram (2017) චිත්‍රපටය තුලින් බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච Sundeep Kishan තමයි ප්‍රධාන රංගන භූමිකාව හොබවන්නේ. ඒ වගේම, අනූව දශකයේ බොලිවුඩ් සිනමාව තුල රජකරගෙන හිටපු Jackie Shroff නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාව කාලෙකට පස්සේ ඔන්න බලාගන්න පුළුවන්.
ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය තුල සීයකට විතර වීරයා තනියෙන් උඩින් වීසිවෙලා යන්න ගහන ක්‍රියාදාම දර්ශන නැහැ. හැම ක්‍රියාදාම දර්ශනයක්ම බොහොම තාත්වික විදියට අරගෙන තියෙනවා. ඒ වගේම, අතලොස්සක් ඇරෙන්න බොහොමයක් චිත්‍රපටි වල තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන අවසානයක්. අපිට කලින් නිගමනය කරන්න පුළුවන් අන්තිමට වෙන්නේ මෙන්න මේක තමයි කියලා. අභියෝගයක් කරන්නම්, පුළුවන් නම් මේ චිත්‍රපටයේ අවසානය ගැන හරියටම හිතේ මවාගන්න. කවුරුවත් කිසිම විදියකින් හිතන අවසානය නෙමෙයි ඇත්තටම අන්තිමට වෙන්නේ. සාම්ප්‍රදායෙන් ඔබ්බට ගියපු අවසානයත් එක්ක සැබවින්ම ඔබ කම්පනයට පත්වේවි.
එහෙනම්, මෙච්චරයි කියන්න තියෙන්නේ. දමිළ සිනමා රසිකයෙක් වේවා හෝ නොවේවා, අරගෙන බලන්න. අනිවාර්‍යයෙන්ම වෙනස්ම අත්දැකීමක් වේවි. වෙනදා කියනවා වගේ අදත් කියන්නම්. නිකමට ට්‍රේලර් එකත් බලාගෙනම ඩවුන්ලෝඩ් වෙන්න දාන්නකෝ. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
17,760 downloadsDownload Maayavan-2017-1.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
144 comments
Helili Hemamali
Dewappriya bandara
එලම... උපසිරස ලබා දීම පිලිබදව අපේ ස්තූතිය
Sampath23
Patta thanxx sub ekata sisira saho film eka kainma balauwa supiriyak tama eka graphic tikak awulneke story eka maru
widuranga
elama broooo balagena hitiye enakam
thanx sub ekataKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabodha Madhusankha Hettiarachchi
Supiri sisila bro. Man asama category eka crime,mystery, thriller. Thank sub ekata mewage ewata digatama sub demu
ඩොක් අයියා
ඇති යන්තම් පිපාසයට දිය බිංදුවක් වැටුණා වගේ තමයි උපරැසියක් එනකම් බලාගෙන හිටියේ
ඔන්න එහෙනම් තැන්කු වේවා “සිසිල ප්‍රසාද්” මල්ලියෝ බාගත්තා හොඳේ.
ඉක්මනටම තවත් එකක් කරන්න ශක්තිය ලැබේවා
samiodd
Niyamai !
meka download karagana link eka nathda?Avindu Umesh Gunasinghe
Tnx bro!!
Kanchaka
Thanks bro
Thisal
ස්තූතියි
kumaradasa
sabata bohoma stutie hoda filumak danakam balan hitiya.api wanuwan karana kapawema agayanawa saho.
Sunera1995
[email protected]
sub eka gththa knk mail ekak dpnko bn sign in wla htya site ekta downld wn ne sub eka error ekak enwa gththa knk ewpnkoim lovin it
ammo tnx saho sub ekata...vachana na bn kiyanna..pattama filumak
Lalani Maduwanthi
Thank you,,,,,,baiescope team eke,,,,mallila,,nangila serawanta godaaak thanks,,,,,thawa lassana Tamil movies denna
rajitha0017
sub eka penne nehe nee
samiodd
sub eka peney nha
Amila Pathum
sub eka pen ne machan
Amila Pathum
sub eka pen ne machan
rajitha0017
Sub eka wada nethooo help karanoo
Gishan Kaushalya
තැන්කූ සහෝ sub ekata.
Vishal ගේ Villain චිත්‍රපටයේ sub එකත් දානවද....damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතුයි සිසිල සහෝ.
සවිස්තරාත්මක ව කරපු ලිපිය පහලට බාගයක් විතර කියවගෙන එද්දිම මට හිතුනා
මේක සිසිල දාපු සබ් එකක් වෙන්න ඇති කියලා.
ජයෙන් ජය.සිසිල ප්‍රසාද්
උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.
සිදුවූ ප්‍රමාද දෝෂයට කණගාටුව.rajitha0017
dan harida brooo, dan download sub eka karannda
rajitha0017
Thanks Ela
Sanath Indika
thx broo
Kapila4499
thanks for sub i think beter thriler movie
flyingpenguin
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
ජයෙන් ජය.geeganagamage
බොහෝම ස්තුතියි මේ වගේ වෙනස් වීදිහේ දෙමල ෆිල්ම් අපිට ගේනවට.
Ip_su_
Thank you ayye...ayya dena film 1knm anima balanva...
Ashan Maduranga
supiri elama saho keep it up baiscopelk team ekatama jaya
Tharu
tnq
eshwara
බොහෝම ස්තුතියි
priyan99
thanks saho sub ekata
sachintha
Sub ekata thanks sisila sahoo...
kosalachathuranga
ela machooooo
Pathmila_kushantha94
තෑන්ක්ස් සහෝ... Keep It Up!
C.R.Jayalath
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
Charitha65
Godak mahansi wela tiyenawa.ස්තුති සහෝදරයා...
Chanaka
Thanx sahooooo
sampath n perera
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
ජයෙන් ජය.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
spd
බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරසියට.
ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපට අපට දෙන්න කියල ඉල්ලා සිටිනවා.
ඔබට ජයවේවා....!!!Kaveeshanethmal
Kyala thiyena vidiyata balannama hithenawa.. thank you...
jayadari
thank you
dhammika prasad
උපසිරැසි යට ගොඩක් ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Ruwan Hettiarachchi
Thanks bro..
shehan prathapasinghe
ekenma balanawane... Thanks subata sisila bro!
duminda0991
thank you bro,
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


සුපිරියක් වගේ. උපසිරැසියට ස්තූතියි අයියා!