මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම හිතනවා ඔයාලා මේක බලලා මගේ අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නලා දෙයි කියලා. මීට කලින් සිංහල උපසිරැසි දාපු ෆිල්ම් ගොඩක් බලලා තිබුණත් උපසිරැසි දාන එක කොයිතරම් අමාරුද කියලා තේරුණේ මේකට උපසිරැසි දාන කොට තමයි. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? මම ද…

මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම හිතනවා ඔයාලා මේක බලලා මගේ අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නලා දෙයි කියලා. මීට කලින් සිංහල උපසිරැසි දාපු ෆිල්ම් ගොඩක් බලලා තිබුණත් උපසිරැසි දාන එක කොයිතරම් අමාරුද කියලා තේරුණේ මේකට උපසිරැසි දාන කොට තමයි.
එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? මම දන්නවා ගොඩක් අය ඉන්නවා හින්දි ෆිල්ම් වලට කැමති නැති අය.ඒකට එක හේතුවක් තමයි ඒවා පැය දෙකහමාර, තුන ඇදෙන හින්දා. මේක නම් පැයකුත් විනාඩි පනහක් තමයි තියෙන්නෙ. මේ ෆිල්ම් එක 2010 ජූලි මාසේ තමයි නිකුත් උණේ. ගොඩක් අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත 2 රඟපාන්නේ සහිද් කපූර් සහ කරීනා කපූර්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සතිස් කවුශික්. මෙහි නිෂ්පාදකවරයා අපි කවුරුත් දන්න ශ්‍රීදේවිගේ ස්වාමිපුරුෂයා, අනිල් කපූර්ගෙ සහෝදරයා වන බොනී කපූර්. මේ ෆිල්ම් එකේ වර්ණ එහෙම හරිම ලස්සනයි, සංගීතයත් හරිම මිහිරියි.
මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්දනයට හානියක් නොවන විදියට. මෙහි කරීනා රඟපාන්නේ අනාගතය ගැන ගොඩාක් සුබ බලාපොරොත්තු තියාගෙන ඉන්න යුවතියකගේ චරිතයක්. සහිද් කපූර් පණදෙන යෞවනයාගේ චරිතය නම් ටිකක් විනෝදයට බරයි. එම යුවතිය බලාපොරොත්තු වෙන ගතිගුණ නම් එම තරුණයා අසලකවත් නැහැ, මෙහෙම දෙන්නෙක් එකතු වෙන්න නම් හාස්කමක්ම වෙන්න ඕන. බලමු දෛවය මෙයාලට මොන විදියට සලකයිද කියලා. හැමදේම දෛවයට බාරදීලා ඉන්නෙ නැතුව උත්සාහා කරලා බලන්න ඕන කියන එකයි මගේ නම් අදහස. මේක හරිම ලස්සන කතාවක්. ඔයාලත් බාගෙන බලන්න. කමෙන්ට් එකකුත් දැම්මනම් එලම තමයි. ජය වේවා!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,847 downloadsDownload Milenge-Milenge-2010.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16
Subtitles by
අකලංක යාපා
Subtitles
82 comments
chamath
Tharindudoo
mare maru ,,,danma baanavaa
අකලංක යාපා sahota godak sthuthi,,
thava thavath subs danna aasaava duyunu veivaashabri
onaa man nam downlord wenaa demaaa
JG
maxxza mamath banawooo
madusanka gayan
balamuko hoda da kiyala......
deeps
onna baanna damma
Randika
^ veniyada 8)
chamila
කාලාන්තරයක් බලන් හිටපු ෆිල්ම් එකක්... තැන්ක්ස්... :P
iampissa
sinhala subs danna mahansi wima agaya karanawa.ath ogollo a uthsahaya wenath film 1kata yedewwa nam hodai kyalai mage adahasa.mokada meka thanikarama serendipity film eke copiyak.copiyak unat haryata krla nam kamak na.ath meka nam anthima cha copiyak
අම්ර
සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි......
data
ela onna math bawoooooooo
අමල් ප්‍රසාද් සමරවීර
බොහොම ස්තූතියි අකලංක.. ඔයා ඉස්සෙල්ලම තෝරගෙන තියෙන්නෙ පට්ටම කතාවක් තමයි!!! හුගක් මහන්සිවෙන්නත් ඇති!! අපි හැමෝම ඉත සිතින්ම ඔයාට සුභපතනවා.. මම හිතනවා ඔයා ඊලගට හොද ෆැන්ටසියකට හෝ 3ඩී 1කට සබ් කරාවි කියල....
විකියා
ඔය තියෙන්නේ මරු බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්කම..
ඉස්තූතියි යාලුවා.... :-)
තව තවත් නිර්මාණ වලට දායක වෙන්න ලැබේවායි පතන්නම්....kavindu
THZ KIWWA..........
සොබනි
මෙච්චර දවස් කවුරුහරි ගෙනත් දෙන බයිස්කෝප් එකක් බලාගෙන හිටිය මමත් දැන් මේවා ඩවුන්ලෝඩ් කරන්න පුරුදු වෙලානේ.ඒකත් නරකම නෑ ඉතින්.. ඔන්න මේකත් බාන්න දැම්මා එහෙනම්.
බයිස්කෝප් කට්ටියට බොහොම තුති මේ සත් කාර්යයට :)sura
ela ela..onna mamat banawooo..wish u all d best
Lahiru
weldone
Akalanka Yapa
කට්ටියටම බොහෝම ස්තූති දීලා තියෙන කමෙන්ට්ස් වලට.. සමහරුනම් හින්දි වලට කැමති නැති හින්දද කොහෙද ටිකක් දරුණු කමෙන්ට්ස් දීලා තියෙන්නෙ,මම සිංහල සබ් දාන්නේ පෞද්ගලිකව මම කැමති ෆිල්ම් වලට,ඉතිං මම ගොඩක් බලන්නෙ හින්දි නිසා මම ඒවා තෝර ගන්නවා.ආනිත් සබ් දාන සහෝදරයොත් එහෙමයි.බලමු ඉස්සරහට කට්ටියගේ ඉල්ලීම් ඉටු කරන්න.
ජය වේවා!roshan
nyamai yaluwane niyamai
වා.මු. නිලන්ත පියසිරි
මමත් ඉතිං එච්චර හින්දි වලට කැමති නැහැ. ඒත මගේ සොඳුරිය ටිකක් කැමතියි. ඒ කෙසේ වෙතත්, සිංහල උප සිරැසි තියෙනවා නම් නොබා බැහැ නොවැ. උප සිරැසි දමන්න තව තවත වෙර විරිය ලැබේවා.
Prakash රoගන
එලම තමය්...........! අකල0ක සහෝදරයට බොහොම ස්තුතිය් සි0හල සබ් දෙන්න එකතු උනාට.මටනම් දෙවි පිහිටෙන් හි0දි ටිකක් පුලුවන් නිසා සබ් නැතිව උනත් බලන්න පුලුවන්.ඒත් අපෙ අනිත් යාලුවොන්ට මේක ලොකු උදව්වක් වේය්.ඔයට දිගටම සාථකව සබ් ටිකක් දෙන්න පුලුවන් වේවා කියල මම ප්‍රාර්ථනාකරනව..............ජය වේවා...!:)
Namila
thankz thankz...balamu mekath baagena :D
Tharindu Chat
මරු ෆිල්ම් එකක්... කලින් බැලුවෙ අපරාදේ කියලා හිතෙනවා... ඒත් සහෝ මේක ටිකක් පරන ෆිල්ම් එකක් 2004දි shoot කරපු.. මුන් දෙන්නාගේ වලිය හින්දා තමා 2010 වෙනකන් කල් ගියේ....
ජයවේවා බයිස්කෝප්...
Udaya
jaya wewa saho.. thanks film ekata.
NuwanHunter
Tnx, mamath Download karanna hadanne,
අමිල නුවන් රණසිංහ
මාත් download වෙන්න දැම්මා. බොහොම ස්තූතියි.
ලැසී
එල කිරි තවත් අලුත් පොරකගේ අලුත් සබ් එකක්. මමත් බාන්න දැම්මා.
කට්ටියට දෙයක් කියන්න ඔනේ. මටත් සබ් දාන්න අදහසක් තියෙනවා හැබැයි ඉතිං ටිකක් කල් යයි මොකද O/L කරගෙන ඉන්න එපැයිජයවේවා බයිස්කෝප්!!
Thusitha
බොහොම ස්තුතියි...මම හිතනවා හුගක් හොද බයිස්කොප් එකක් කියලා...
Akalanka Yapa
ඔක්කොගෙම දිරිගැන්වීම් වලට කමෙන්ට්ස් වලට බොහොම ස්තුතියි..
chanaka
oya denawa kiyapu nisa mama wena ekakin banne nathuwa hitaya
mama dan banawaAkalanka Yapa
එලකිරි චානක.. බලලා ඉවරවෙලා කමෙන්ට් එක දෙන්න.. තෑන්ක්ස්..
yasitha
thanx machan..film eka hodada nadda kiyala thama danne na..mona unath sinhala subs ekka deepu eka nam mareta watinawa..
Akalanka Yapa
එල යසිත.. තෑන්ක්ස්..
Anonymous
niyamainee.... balamu balamu... danma baanna onaaa
amila
බාමි..thx a lot
Saman Rathnayake
අයියෝ...890MB කොපිය බාගන්න බෑ...සයිට් එක UAE වල බ්ලොක්...ඒ නිසා 430 බාගන්න යන්නේ..
sagara
නියමායි....උපරිමායි ...සහොදරයා
Bloggertricksandtoolz
මමත් මෙක බලල තියෙනවා...නියම ෆිල්ම් එකක්...
radi
balamu balam... thanx
රොයිලි
පළවෙනි උපසිරැසිකරණයට මගෙනුත් සුබ පැතුම් අකලංක සහෝ. හින්දි චිත්‍රපට වලට සිංහල උපසිරැසි යෙදෙනවා අඩුනිසා ඔයා ඒ අඩුව පුරවයි කියලා හිතනවා. ඔයා එවපු අනික් චිත්‍රපටයත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා සහෝ.
ජය෴
Nadeera
මම නම් මේක කලින්ම බැලුවා.....
සබ් අරගෙන ආයෙත් බලනවා.
වැඩේ නියමයි දිගටම කරගෙන යන්න......Rosa
thanks machan
shehan
ela ela maath baanawa
Akalanka Yapa
ඔක්කෝටම බොහෝම ස්තුතියි
@රොයිලි - අනිවා මම දිගටම හින්දි වලට සබ් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.. ඔයාලගෙන් ලැබෙන සහයෝගය අගය කරනවා.. ජය වේවා!!!!!රොබින්හුඩ්
ප්‍රථම සබ් එකට සුභ පැතුම් අකලංක සහෝ... ජය වේවා!
Ramraj
අකලංක
හින්දි චිත්‍රපටයකට සබ් දෙමින් මෙම අඩවියට දැක්වූ දායකත්වයට ස්තූතියි.මම නම් හින්දි වලට ආසා නෑ. නමුත් ආසාවෙන් බලන අය ඉන්නවා. ඒ නිසා ඔබගේ වෑයටම ගොඩක් ස්තූතියි.sameera
ඔන්න මගෙනුත් සුබ පැතුම් අකලංක සහෝ..... thanks.
navo
tnx 4 the film brother!
Akalanka Yapa
දිරිගැන්වීම් වලට ඔබ සියලු දෙනාටම මගේ හදපිරි ස්තුතිය....
Nadun
ela ma blog niyami man adami ma blog ava. :)
Advertisement
onna saho adth 1st.onn abanna dama.thanks saho .