Watch Trailer

Montage (2013) | අසීමාන්තික දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං මාස නමයකට දහයකට විතර පස්සේ ආයුබෝවන් හැමෝටම. පහු ගිය ටිකේ උසස් පෙළ විභාගෙත් එක්ක කාර්‍යබහුල වෙලා හිටිය හන්දා (ඒක ඉතිං මොකට කියනවයි? 😉 ) , උපසිරැසක් හදන්නවත් වෙලාවක් උනේ නැහැනෙ. කොහොමහරි කමක් නැ ඉතිං මගෙ විභාගෙ නම් නියමෙටම තිබුනා. හොඳ කොළ සෙට් එකක පැදුරක් වගේ ප්‍රශ්න පත්තරයක් නොවැ ලැබුණෙ.…

Montage (2013)

එහෙනම් ඉතිං මාස නමයකට දහයකට විතර පස්සේ ආයුබෝවන් හැමෝටම. පහු ගිය ටිකේ උසස් පෙළ විභාගෙත් එක්ක කාර්‍යබහුල වෙලා හිටිය හන්දා (ඒක ඉතිං මොකට කියනවයි? 😉 ) , උපසිරැසක් හදන්නවත් වෙලාවක් උනේ නැහැනෙ. කොහොමහරි කමක් නැ ඉතිං මගෙ විභාගෙ නම් නියමෙටම තිබුනා. හොඳ කොළ සෙට් එකක පැදුරක් වගේ ප්‍රශ්න පත්තරයක් නොවැ ලැබුණෙ. නියමෙටම නියමෙයි කියන්නේ මං මේ ආයේ පන්තිත් යනවා. හරි හරි ඔන්න අද මං ගෙනාපු උපසිරැසිය 2013 දී අළුත්ම කොරියාණු චිත්‍රපටියක්. ඒ කිව්වේ මං මේක බාර ගනිපු දවස් වල අළුත්ම එකක්. දැන් නම් ඉතිං ටිකාක් පරණයි. කොහොම උනත් වෙන කවුරුත් පහුගිය ටිකේ මේක බාර ගත්තේ නැති නිසා මං ඔන්න ඒක ඉවරයක් කරා.

කොහොම හරි කතාව ගැන කිව්වොත් මේක මං කැමතියි රහස් පරීක්ෂක, ප්‍රායෝගික හා සංවේදී කතාවක්  විදියට හදුන්වන්න.මේ කථාවේ සාරංශයක් කිව්වොත්, තමන්ගේ දරුවගෙ මරණයට නීතියෙන් සාධාරණයක් නොලැබෙන වෙලාවක තමන්ගෙ දරුවගෙ මරණයට වැරදිකරු නීතියට හසු කරවන්න කටයුතු කරන මවකගෙ කතාවක් තමයි අන්තර්ගත වෙන්නෙ. මං මේක ක්‍රියාදාම විදියට නැතුව ප්‍රයෝගික විදියට හැදින්නුවේ මේක තුල ක්‍රියාදාම අවස්ථා නැති  හන්දම නෙමෙයි. ඒත් මේක ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතේදි වෙන්න පුළුවන් සිද්ධියක තත්වෙන් තියන හන්දා. සුහ් ජින් කියන දරුවව පැහැරගෙන කප්පම ගන්න අවස්ථාවේ වෙන සිද්ධි දාමයක් නිසා ඒ දරුවා මරණයට පත්වීමත් සමඟ තමයි මේ කතාවේ ආරම්භය සිදු වෙන්නෙ. මේ පිළිබදව අවුරුදු 15ක් තිස්සෙ පොලීසිය කටයුතු කරත් නිවැරදි අපරාධකරු  හසු කර ගැනීමට අපොහොසත් වීමෙන් පසු එම අපරාධය පිළිබද සොයා බැලීම අවසන් කරන නීතිමය වලංගු කාල සීමාව අවසන් වීමත් සමඟම නැවතත් එවැනිම පැහැර ගැනීමක් සිදුවීම තුලින් තමයි මේ කථාව දිග හැරෙන්නේ. මේ ගැන සොයන්න කලින් සිද්ධිය විමර්ශණය කළ පොලිස් පරීක්ෂකයත් සම්බන්ධ වෙනවා.කිව්වා ඇති වගේ. කතාව බලලම  හොයා ගන්නකෝ කොහොමද සුහ් ජින්ගේ අම්මා මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තම අපරාධකාරයා පොලීසියට කොටු වෙයිද? කියලා.

කොහොමෙන් කොහොම හරි මේ වෙනකොට ලංකාව ඇතුලේ PlayFull Kiss, Love Rain, Full House, Boys Over Flower වගේ කොරියාණු ටෙලි කතා අතිශයින් ජනප්‍රිය උනාට කොරියාණු චිත්‍රපට සදහා  නම් තවමත් තියෙන්නේ අඩු කැමැත්තක්. ටිකක් වෙනස් රසයන්ට කැමති අයට බලන්න කියලා ආරාධානාවක් කරගෙනම මං ගියා ඔන්න. ආහ් ! යන්න කලින් මතක් කරන්න ඕන කියමනක් තියෙනවා, ” අපරාධකාරයෙකුට සැමදාම නිතියෙන් ගැලවිය නොහැකිය ” කියලා. ඕක ඉතිං පොලීසියේ ජනප්‍රියි ආදර්ශ පාඨයක් වගේ එකක්නේ. කෝකටත් පරිස්සමින් ඈ! :v තවත් උපසිරැසියකින් හමුවන් තුරු ජයෙන් ජය !

Montage (2013) on IMDb

 

 

980 MB (DVD) කොපිය මෙතනින් බාගන්න CBA04B881D85A3750CF2E740A7E8CEE74D234499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,188 downloadsDownload Montage-2013.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,188 downloadsDownload Subtitles47 KB

31 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. නලින්

    ස්තුතියි බුද්ධි සහෝ!

    ජය වේවා!

  3. වරුණ රංගජිත් (වරූ)

    ආස එකක් වගේ
    එල
    තෑන්ක්ස්

  4. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. me

    Thanks

  6. Pulina Sashrika

    PATTA AYYA>>>
    goal.2.living.the.dream ekata sub denna kooo ayya buduweyyy..

  7. Naween

    එල.බාලම බලමු.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!

  8. Sisira Hegoda

    Thanks.

  9. indika

    thnq :)

  10. Jack

    නියමයි මව්හෝ.
    කොරියන් ඒවා අනිවා බලනවනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  11. චන්දිම අමරසිංහ

    niyamai subapatum''
    jayawewa.

  12. lahiru

    machan hercules eke web hd copy awilla sub hadannakooo

  13. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  14. Ashen Silva

    Patta Film ekak sub ekata gdak thnx saho

  15. Kulanjana Maduranga

    elazzzzz.....subata thanks BUDDI saho.digatama sub demu.jaya wewa..............

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි බුද්ධි සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  18. “චූටී මල්ලි”

    එල මචෝ,
    සබට තුති
    ඔබට ජය.............

  19. prabhath

    thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. pamuditha

    නියමයි film1 thank U වේවා !
    Dong Yi
    Yi San
    Horse Doctor
    Dae Jang Geum
    මේවත් ජනප්‍රිය උනා

  22. pamuditha

    /////////////////////////////////////////////

  23. dinesh

    ela macho ela sub ekata thanks apinam aasai korean film balanna oona tharamak denna api balanava

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. wiki

    Thanks....

  26. දමිත්

    ස්තුතියි සහෝ.
    ජයෙන්ජය

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. michael kors canada

    These are actually great ideas in regarding blogging.
    You have touched some nice things here. Any way keep up wrinting.

  29. අසිත

    elaam saho thanks

  30. malith

    Ela ela

  31. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති puluwannam Bluray walata update karannako bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.