Watch Trailer

Prey (2007) Sinhala Subtitles | මිනීමරු සිංහයන්ට මැදිවී [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න මම අරන් ආවා Survival ෆිල්ම් සහ Animal Attack කියන ටයිප් දෙකේම ෆිල්ම් වලට ආස අය වෙනුවෙන් ෆිල්ම් එකක්. 2007 අවුරුද්දෙ නිකුත් වුන හොඳ ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එකට සයිට් එකේ සබ් එක නොතිබ්බ එක මටත් පුදුමයක් වුනා. ඔන්න ඉතිං ඉවර කරලා අරන් ආවා Prey (2007). Darell Roodt ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ ෆිල්ම…

අද ඔන්න මම අරන් ආවා Survival ෆිල්ම් සහ Animal Attack කියන ටයිප් දෙකේම ෆිල්ම් වලට ආස අය වෙනුවෙන් ෆිල්ම් එකක්. 2007 අවුරුද්දෙ නිකුත් වුන හොඳ ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එකට සයිට් එකේ සබ් එක නොතිබ්බ එක මටත් පුදුමයක් වුනා. ඔන්න ඉතිං ඉවර කරලා අරන් ආවා Prey (2007). Darell Roodt ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ ෆිල්ම් එකට IMDb අගය 4.7 ක් ලැබිලා තිබුණත් මගේ පුද්ගලික මතය නම් මේ ෆිල්ම් එකට ඊට වඩා අගයක් හිමි වෙන්න ඕනි. මේ Darell Roodt කියන අධ්‍යක්ෂකයම තමයි Lake Placid : Legacy (2018) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළෙත්. Robo Cop (1987) , Naked Lunch (1991) වගේ ජනප්‍රිය චිත්‍රපට වල රඟ පාපු Peter Weller ඒ වගේම I Robot (2004) , Lord of War (2005) වගේ චිත්‍රපටවල රඟ දැක්වූ Bridget Moynahan ඒ වගේම Fire Wall (2006) වගේ චිත්‍රපට වලට රංගන දායනත්වය දුන්නු Carly Schroeder වගේ නළු නිළියෝ තමා රංගන දායකත්වය සපයන්නේ.

එහෙනම් චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බලමු. ටොම් නිව්මන් කියන්නේ ජල විදුලි ඉංජිනේරුවෙක්. එයා අප්‍රිකාවේ ඩෑම් එකක් හදන හින්දා එයාගේ දෙවෙනි බිරිඳයි, ළමයි දෙන්නයිත් එක්ක යනවා එහේට. මේ නිව්මන් ඇමීව කසාද බැඳපු අලුත වගේ. ඒක නිව්මන්ගේ දෙවෙනි විවාහය. මේ හින්දා නිව්මන්ගේ ලොකු දුව ජෙසිකා නම් ඉන්නේ ඇමී එක්ක හිත හොඳින් නෙමෙයි. මේ තරහා මරහා මැකිලා යන්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. කොහොමහරි අප්‍රිකාවට යන මෙයාලා ඒ කිව්වේ ඇමී, ‌ජෙස් සහ එයාගේ මල්ලි ඩේවිඩ් යනවා ජීප් එකක නැඟලා කැළේ සත්තු බලන්න. අපිත් ඔය සෆාරි යනවා කියලා යන්නේ. අන්න ඒ වගේ. නිව්මන් කාර්යබහුල හින්දා එයා යන්නෙ නෑ. කොහොමහරි සත්තු පේන්න නැති හින්දා ජීප් එක පදින මෙයාලගේ ගයිඩ් සත්තු පෙන්නන්න හිතාගෙන ජීප් එකෙන් කැලේ ඇතුළට යනවා.

ඒ යන අතරේ ඩේවිඩ්ට පොඩි බරක් සෙට් වෙනවා. බරක් කිව්වේ පොඩි එකක් නෙමෙයි. ලොකු එකක්. ඒ හින්දා ඇමීයි, ජෙසිකායි වාහනේ ඉද්දි ගයිඩ් ඩේවිඩ්ව එක්කන් යනවා පොඩ්ඩක් එහාට. ඒ අතරේ හිමින් සැරේ සිංහ ධේනුවක් මෙයාලට කුරුමානම් ඇල්ලුවත් දෙන්නට ඒක තේරෙන හින්දා මේ දෙන්නා ආපහු ජීප් එකට දුවනවා. ඒත් බේරෙන්නේ ඩේවිඩ් විතරයි. මෙයාලගේ ගයිඩ්ව සිංහ ධේනුව මරාගෙන කනවා. මිනීමරු සිංහ රැළක් අතරේ ජීප් එකේ කොටු වෙන ඇමී, ජෙසිකා, ඩේවිඩ් සහ එයාලව හොයන්න උත්සාහ කරන නිව්මන් ගැන තමයි කතාව යන්නේ. මුල ඉඳන් අගට කුතුහලෙන් බලන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ඉතුරු ටික ඔයාලටම බලන්න දීලා මං එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා ! ගෙවල් ඇතුළට වෙලා ෆිල්ම් බලන්න කොරෝනා අස්සේ ඇඳිරි නීතිය කඩ කරලා ඇවිදින්න එහෙම යන්නෙපා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,122 downloadsDownload Prey.2007.Baiscopelk.com_.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,122 downloadsDownload Subtitles51 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  2. malithmadhushan45

    එල මලේ සබ් එකට ස්තුතියි

  3. Isirajanith

    Thanks sub ekata pluwanman Netflix The Main Event 2020 film sub dennko please

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතිය! ස්තූතියි

    Request.......

    Croc - 2007
    Crocodile - 2000
    Crocodile 2 - 2002
    Frankenfish - 2004
    Supercroc - 2007
    Alligator - 1980

  6. GTRZ

    Thanks machan.

    A quiet place 2 (2020) film eka avith. BR ekath ava lagadi.
    Ikmanata sub denna.

    Patta film ekak kiyala hamoma dannawane.
    Ikmanata denna.

    1. Sohan

      තාම ඇවිත් නෑ සහෝ.. මේ අවුරුද්දේ සැප්තැම්බර් වල තමයි ෆිල්ම් එක එන්නේ.. ඔයාට වැරදීමක් වෙලා

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. LAKA

    x files season 7 8 9 sub dennako

  9. viradaka

    thanks brother

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. indika75

    Thanks..

  12. Suranjan

    Thanks .....jayawewa.....!

  13. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට ස්තූතියි සහෝ..
    ඔන්න එහෙනම් බා ගත්තා

  14. jagath55

    Thanks

  15. Dewadithya

    Thanks for sub!

  16. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.