Watch Trailer

Priceless (2016) with Sinhala Subtitles | මිනිස් ජාවාරමක් නිසාවෙන් දෙහදක ඇතිවූ මිලකළ නොහැකි ආදර අන්දරය [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් මං හොඳ මිනිහෙක් වෙලා හිටියා. තාත්තා කෙනෙක්… සැමියෙක්… ඒත්, මං ආදරය කරපු කාන්තාව මට අහිමි වුණා. මං ඒකට බැනගත්තේ මටමයි. එතන ඉඳලා, දිගටම යන්න හරිම අමාරු වුණා. රස්සාවක් එකදිගට තියාගන්න. ඒ නිසා, මගේ පුංචි කෙල්ලව මගෙන් ඈතකට අරගෙන ගියා. මං දැන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. අපේක්ෂා භ…

Priceless (2016)

කාලයක් මං හොඳ මිනිහෙක් වෙලා හිටියා. තාත්තා කෙනෙක්… සැමියෙක්… ඒත්, මං ආදරය කරපු කාන්තාව මට අහිමි වුණා. මං ඒකට බැනගත්තේ මටමයි. එතන ඉඳලා, දිගටම යන්න හරිම අමාරු වුණා. රස්සාවක් එකදිගට තියාගන්න. ඒ නිසා, මගේ පුංචි කෙල්ලව මගෙන් ඈතකට අරගෙන ගියා. මං දැන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. අපේක්ෂා භංගත්වය නිසා, තමන් කරන්නේ මොනවද කියලා තමන්ම දන්නෙ නැහැ. කොහොමහරි, මට පොඩි රස්සාවක් හම්බවුණා. බඩු වගයක් ප්‍රවාහනය කරලා දෙන්න. මං එයාට කිව්වා, මං මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙ නැහැයි කියලා. එයා කිව්වා, “අහන්න එපා, කියන්නේ නැහැ” කියලා. ඒක හරිම ලේසි රස්සාවක්. ට්‍රක් එක පදවගෙන යන්න විතරයි තියෙන්නෙ. වැස්සත්, පෑව්වත්, හිම වැටුනත්… නොනැවතී ඉදිරියටම. ඒ තමයි එයාලගේ නියෝග. මං මේ ගත්ත තීරණය හරි එකක්ද…?

අපි හැමෝම මේ චාරිකාවක ඉන්නෙ… මාවතක.  දීප්තිමත් සහ අලංකාර දර්ශන සමගින්, ඒ වගේම, සුළි කුණාටු වලාකුළු සහ අන්ධකාරයද සමගින්. පේන විදියට නම්, ජීවින ගමනේදී, අතරමගදී මං වැරදි හැරවුමක් අරගෙන වගෙයි. මට ජීවිතයේ යන්න ඕනේ වුනේ නැති තැනකට, ඒක මාව අරගෙන ඇවිල්ලා. හිතන්නෙ බලන්නෙ නැතිව මං මේ ප්‍රවාහනය කරන්නෙ මොනවද? එතකොට, කාවද මං මේ හම්බවෙන්න යන්නෙ? ප්‍රශ්න වලින් මාව හොල්මන් කළා. මං, දේවල් අහන්න, දේවල් දකින්න පටන්ගත්තා. මං දැනගෙන හිටියා, මොකක්හ රි වැරද්දක් තියෙනවා කියලා. ඔන්න එතකොටම ඒක සිද්ධවුණා. ඒක එනවා කියලා, කොයිම වෙලාවකවත් මං දැක්කෙවත් නැහැ. නමුත්, අහම්බයෙන් මං ඇත්ත දැක්කා.

දැකපු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරිවුණා. මං මේ මොකක්ද කළේ කියලා මගේ හිත මොරදුන්නා. කිසිම විදියකින් හිතපු නැති විදියක විදියේ ප්‍රශ්නෙක තමයි මාව පැටලුනේ. වෙච්ච දේත් එක්ක, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් තත්වයක නෙමෙයි මං හිටියෙ. නමුත්, අන්තිමේදී මගේ හෘද සාක්ෂිය මටම දොස් කියන්න ගත්තා. වෙච්ච දේවල් ආපහු නිවැරදි කරන්න මට ඕනේ වුණා. ඒත්, මං පරක්කු වැඩිද මන්දා. දැන් එතකොට, මං මේ උත්සාහ කරන්නෙ මගේ මාවත ආපහු හොයාගන්න. ඒ නිසා මං දිගටම යනවා… දිගටම හොයමින්… මා අතින් සිදුවූ වරද නිවැරදි වන තුරාවටම.

මේ තමයි මගේ චාරිකාව. ඔබත් කැමතිද මාත් සමගින් මේ චාරිකාවට එකතු වන්නට? මගේ දුක, සතුට, ත්‍රාසය, භීතිය, ආදරය මා සමගින් බෙදාගන්න? එහෙනම් පැමිණෙන්න… මගේ චාරිකාවට හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා.

Drama, Romance යන කාණ්ඩ නියෝජනය කරමින්, 2016 ඔක්තෝම්බර් මස 14 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, Imdb දර්ශකයේ 6.2 ක අගයක් ලබාගැනීමට සමත්වූ චිත්‍රපටයක්… ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරවමින්, නෙතට කඳුළු බිඳක් එක්කල සංවේදී කතා පුවතක්… කාර්ය බහුල ජීවන රටාවකින් ඔබව මොහොතකට මුදවමින්, ඔබගේම ලොවක් තුල ඔබව අතරමං කරමින්, ඔබගේ ජීවිතය පිළිබඳව නැවත වාරයක් සිතා බැලීමට යමක් ඉතුරු කරන්නාවූ සුවිශේෂී ආදර වෘතාන්තයක්… සංවේදී හදවතක් ඇති, විශිෂ්ඨ නිර්මාණයක් රසවිඳීමට හැකියාව ඇති, සියළුම සහෘදයන් වෙත ආදරයෙන් පිදීමට, අවසරයි එසේනම්…

Priceless (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Priceless.2016.720p.WEB-DL.900MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියලුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,522 downloadsDownload Priceless.2016.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,522 downloadsDownload Subtitles36 KB

27 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Shanaka Chathuranga

    තෑන්කූ මචං සබට..
    ජයින් ජයම වේවා...!!

  3. Kavinda Athukorala

    Ela sisila aiya.. Jayen jaya
    Thawa podi illimak
    DOCTOR STRANGER eke sub eka apita denne nadda oyala ikmanata

  4. Nirodha uthpala

    Ammata sisila products da elama aniva baanava habai blueray eanakan ivarakarahaki obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  5. pradeep

    thanks bro!!!

  6. Dhanushka

    කතාව කියවන් එද්දිම හිතුව සබ උබේ වෙන්න ඇති එලම බ්‍රෝ

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dulanga

    Thanks

  11. BlackSnow

    Tanx bro sub 1ta

  12. Pradeep

    Thanks for sub

  13. Jack

    නියමයි මචෝ...
    පට්ටම කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.....

  14. Web-බුවා

    අනේ අර කෙලී'ගේ අහිංසක මූණ දැක්කාම නොබලා කොහොමද? :'(
    පට්ට ස්තූතියි ලොක්කා සබට. :star: :star: :star:

    ජය! :)

    1. Web-බුවා

      :cry:

  15. Mahesh

    Sub ekata thanx machan

  16. lokka

    Film 1 balanna one ne bn description 1 baluwama athi, pattai bro..

    Thanx for the sub.

  17. damith

    thankzzz sub ekata mcn

  18. SagA

    Hammata mu yako. Chandana mendisge pothak kiyewwa wage. elama ah. thanks mchn

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. dheeranath

    thanks bro. keep this up

  22. R.S. Samantha

    Thank You macho...!!!
    lipiyath supiriyatama thiyanawa
    aniwa banawa
    ela ela

  23. Krishan Hasitha

    සබ් එකට ස්තුතියි...

  24. nimal dissanayake

    නියම වැඩක්.
    ලස්සන ෆිල්ම් එකකට ඒ වගේම ලස්සනට
    ප්‍රසාදමත් සබ්ස් දීලා කළ මෙහෙය වෙනුවෙන්
    සිසිලට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි!

  25. anunethu

    Thanks

  26. Wicki

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.