Watch Trailer

The Muppets (2011) with sinhala subtitles | මපට් නැවත හමුවීම [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව 2011 වසරේ තිරගත උන මපට් චිත්‍රපටය. වසර ගානක් තිස්සෙ වෙන්වෙලා හිටපු මිත්‍රයො ටික නැවත එකතු කරල තවත් එක මපට් ෂෝ එකක් කරන එක තමා කතාවෙ තියෙන්නෙ. ඒකට මූලික වෙන්නෙ කුඩා කාලෙ ඉඳලම මපට් ලට ඇබ්බහි උන රසිකයෙක්. අපි ටිකක් කතාව පැත්තට හැරෙමුකො. ගැරී, මැරී කියන්නෙ පෙම්වතුන් යුවලක්, වෝල්ටර් කියන්නෙ…

The Muppets (2011)

මෙන්න තියෙනව 2011 වසරේ තිරගත උන මපට් චිත්‍රපටය. වසර ගානක් තිස්සෙ වෙන්වෙලා හිටපු මිත්‍රයො ටික නැවත එකතු කරල තවත් එක මපට් ෂෝ එකක් කරන එක තමා කතාවෙ තියෙන්නෙ. ඒකට මූලික වෙන්නෙ කුඩා කාලෙ ඉඳලම මපට් ලට ඇබ්බහි උන රසිකයෙක්. අපි ටිකක් කතාව පැත්තට හැරෙමුකො.

ගැරී, මැරී කියන්නෙ පෙම්වතුන් යුවලක්, වෝල්ටර් කියන්නෙ ගැරීගෙ සහෝදරයා. තමන්ගෙ ප්‍රේම චාරිකාවෙ දසවෙනි සංවත්සරය දවසට මේදෙන්න නිවාඩුවකට නිව්යෝක් යන්නයි ඉන්නෙ. බලාපොරොත්තුවක් නැතුවම වෝල්ටර්ටත් මේ ගමනට එකතුවෙන්න පුලුවන් වෙනව. වෝල්ටර්ගෙ සතුට ඉහවහා යන්නෙ මපට් ස්ටුඩියෝ එක මේ ගමනෙදි බලන්න පුලුවන් වෙන නිසා.

කොහොමින් කොහොම හරි කට්ටිය මපට් ස්ටුඩියෝ එක බලන්නත් එනව. ඒත් බලාපොරොත්තු උන විදියෙ ස්ටුඩියෝ එකක් නෙමේ මෙතන තියෙන්නෙ. වසර ගානක් තිස්සෙ ජරවාස වෙලා අබලන් උන ස්ටුඩියෝ එකක්. මේ අතරෙදි තමා වෝල්ටර්ට භයානක ආරංචියක් දැනගන්න ලැබෙන්නෙ. ඒ ස්ටුඩියෝව කෞතුකාගාරයක් කරන මුවාවෙන් මිලදී අරගෙන මේක කඩාබිඳ දාල මෙතන තෙල් ළිඳක් ගහන්න කරන සැලසුමක තොරතුරු. ඒකට ප්‍රධානම හේතුව තමා කර්මිට් මුලින්ම අත්සන් කරපු කොන්ත්‍රාත්තුව කල් පිරීම.

නමුත් කර්මිට් ට තව අවස්තාවක් තියෙනව මේ ස්ටුඩියෝ එක බේරගන්න. ඒ කොන්ත්‍රාත් එක කල් පිරෙන්න කලින් ඒක වෙනුවෙන් ඩොලර් මිලියන දහයක් උපයා ගන්න එක. වෝල්ටර් මේ පණිවිඩෙත් අරගෙන කර්මි හොයාගෙන යනව. ගිහින් විස්තරේ කියල කට්ටියම යනව රට පුරා විසිරිලා ඉන්න යාළුවන්ව එකතු කරගන්න.

මේ අතරෙ තමන්ගෙ නිවාඩුව ගතකරන්න කියල ගිහින් වෙන වෙන වැඩ කරන්න වෙන නිසා මැරීගෙ හිතත් හොඳටම රිදිල. හිත් රිදවාගැනීම්, නොහොඳ නෝක්කාඩු , රිච්මන්ගෙ කෙනහිලි අතරින් කර්මිට්ට ස්ටුඩියෝ එක බේරගන්න තරම් මුදල් උපයගන්නෙ කොහොමද කියල බලන්න.

චිත්‍රපටය yify torrent අඩවියේ තියෙනව ඔන්න. ඊළඟට ඔබ හමුවට එන්නෙ ඇල්ෆ්රඩ් හිච්කොක් සිනමාකරුවාණන්ගේ සිනමා පට කීපයකින්. එතෙක් ඔබට සදා ජය. කොමෙන්ටුවකින් ලකුණු දෙන්න අමතක කරන්න එපා.

The Muppets (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Muppets.2011.720p.bluray.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

181 downloadsDownload The.Muppets.2011.Baiscopelk.com_.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

181 downloadsDownload Subtitles48 KB

10 comments

  1. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  3. Jeewantha Madushan

    Force 2 film ekatath ikmanta sub eka denna saho.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. අසිත

    Muppets ෆිල්ම් සිරිස් එකටම සබ් දුන්නා නේ.එල සහෝ.
    පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
    ජය වේවා…!!!!
    Dial M for Murder (1954) (IMDB 250)
    North by Northwest (1959) (IMDB 250)
    Strangers on a Train (1951) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)
    Frenzy (1972)

    1. Buddhika

      patan aragena thiyenne

  6. Shamal manojan

    උපසිරැසියට ස්තුතියි...
    The muppet christmas carol - 1992 film එකටත් සිංහල සබ් දෙන්න පුලුවන්ද?

  7. Shamal manojan

    YTS අඩවියෙහි 720p bluray එකක් තියෙනවා.

  8. Shamal manojan

    The muppet christmas carol - 1992

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.