හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට න…
හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට නිකුත් වෙන්න කලින් උපසිරැසි හදන්න ලැබුනු පළවෙනි වතාව. ඉතින් මේ දක්වා පැමිණි ගමන්මග විස්තර කරන්න වෙන දවසක් එන්නෙත් නැහැනේ. ඒ ටික කියවන්න කම්මැලි නම්, කෙලින් ම උපසිරැසිය බාගන්න ගියාට අවුලක් නෑ.
මුලින්ම Aashiqui 2 චිත්‍රපටය හොයමින් අන්තර්ජාලය පුරා කරක් ගහනකොට තමයි මම මුලින්ම දැක්කේ, චිත්‍රපටවලට සිංහල උපසිරැසි දෙන සයිට් එක තියෙන බව. එදා ඉඳන් මම බයිස්කෝප් අඩවියෙන් ගත්ත උපසිරැසි බොහොමයි. ඒත් කමෙන්ට් දාන්නේ කොහොමද කියලවත් මම ඒ කාලේ දැනන් හිටියේ නෑ. ඇත්තටම බයිස්කෝප් අඩවිය හම්බවුනාට පස්සේ තමයි, චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන විදියත් මම හරියටම හොයාගත්තේ. (ඊට කලින් චිත්‍රපට ගත්තේ Youtube එකෙන්.) ඒ දවස්වල බයිස්කෝප් අඩවියෙන් Bates Motel තුන්වෙනි කතාමාලාව දක්වා විතරයි උපසිරැසි හදලා තිබුනේ. මම අපේ ගෙදර අයට බලන්න හතරවෙනි කතාමාලාවට උපසිරැසි හදලා ඉන්න ගමන්, නිකම් තියෙන එකනේ කියලා බයිස්කෝප් අඩවියට උපසිරැසි ටික එව්වා. “සම්පූර්ණ සීසන් එකටම උපසිරැසි හදලා එවන්න, සහෝ” කියලා හසන්ත අයියා එව්ව ඊමේල් එකෙන් තමයි, ඇත්තටම බයිස්කෝප් එකේ මගේ උපසිරැසිකරණය ආරම්භ වුනේ. ඉතින් මතක හැටියට, 2016 ජූලි මාසේ ඉඳන් මේ වැඩේට අත ගැහුවේ. ඔන්න ඔය පල්ලෙහා තියෙන ලැයිස්තුවේ තියෙන එකක්වත් බයිස්කෝප් එකේ තියෙනවා දැකලා තියෙනවද කියලා බලන්නකෝ. ඒ උපසිරැසි ටික තමයි මගේ වැඩ.
Bates Motel – Season 4(කොටස් 10)
Somewhere Between (2017) – Season 1(කොටස් 10)
Chaplin (1992)
The Soloist (2009)
Kiss Kiss Bang Bang (2005)
Lady and the Tramp (1955)
Heart and Souls (1993)
Robin Hood (2006 – 2009) – Season 1-3 (කොටස් 39)
වැඩි හරියක්ම ටීවී සීරීස් තමා. බෙහෙතකට වගේ ෆිල්ම් 5 කටත් උපසිරැසි හැදුවා. Robert Downey jr. ගැන පොඩි පිස්සුවක් තිබුන නිසා, ඒ ෆිල්ම් පහෙනුත් හතරක්ම එයාගේ ඒවා. ඉතින් 50 දක්වා ආව මේ ගමනෙදි, විශේෂයෙන් ම මතක් කරන්න, ස්තූති කරන්න ඕනි අය තමයි – මම හදන උපසිරැසිය කතාවට සෙට් කරලා, මූණ ඉස්සරහින් තිබ්බොත් බලලා, “ඕකද ඔය මහ ලොකු කතාව” කියලා, මට ගුණදොස්, විවේචන ලබාදෙන අපේ පවුලේ සාමාජිකයෝ ටික. ඊළඟට ඕනි ගැටළුවක් විහිළු තහළුවෙන් විසඳලා දෙන, මට මේ ගමනෙදි වැඩිපුරම හමුවුන බයිස්කෝප් සාමාජිකයා – ශාන් විමුක්ති සහෝදරයා, අපේ අඩුපාඩු පෙන්නලා, උපසිරැසි හදන වේගේ වැඩි කරන හසන්ත අයියා, පුළුවන් හැම ලිපියටම කමෙන්ටුවක් දාලා දිරිමත් කරන රොයිලි අයියා, ඒ වගේම සිසිල ප්‍රසාද් සොහොයුරා ඇතුළු අපේ උපසිරැසි පළ කරන්න වෙහෙසෙන ඇඩ්මින් මණ්ඩලය. තව මගේ ලිපිවලට කමෙන්ටු දදා ඉන්න බයිස්කෝප් අනිත් උපසිරැසිකරුවෝ සෙට් එක. (50 ගහලා නැති උන්, ඉක්මනට 50 ගහන්න ඕනි හොඳේ. ඔන්න මම නම් ගොඩ.) ඒ වගේම මගේ ලිපිවලට කමෙන්ටු දාන අපේ ප්‍රේක්ෂක සහෝදරවරු නැත්නම් මෙලහකට මේ උපසිරැසි දීම නැවතිලා. විශේෂයෙන්ම බයිස්කෝප් එකේම නැවතිලා වගේ, පහුගිය මගේ කතාමාලාවල හැම කොටසටම කමෙන්ටු දදා හිටිය අයියලා, මල්ලිලා ටික මතක් නොකළොත් ඉතින් ලෝක අපරාදයක්. පැය ගාණක් මහන්සි වෙලා හදන උපසිරැසි වෙනුවෙන්, ඔයාලා පස්දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුනත් මට නම් ඒක ඇත්තටම වටිනවා. ඒ වගේම ඒ හැම කමෙන්ටුවම මම අනිවාර්යයෙන් කියවනවා. ලිපියත් දිග වැඩි වුනාද මන්දා. එහෙනම් දැන් කතාව ගැන බලමුකෝ.

රොබින්හුඩ් ගැන නම් නොදන්න කෙනෙක් නෑ නේ. මම නම් මුලින්ම රොබින්හුඩ් ගැන දැනගත්තේ කතා පොතකින්. රොබින්හුඩ් ගැන මුලින්ම හැදුනු චිත්‍රපටය තමයි, 1908 දි ආව Robin Hood and His Merry Men කියන නිහඬ චිත්‍රපටය. ඒකෙන් පස්සේ මේ දක්වා ඔය සුපිරි චරිතය විවිධ විදියට භාවිතා කරලා හැදුන හොඳම චිත්‍රපට ලැයිස්තුවක් IMDB එකෙන් නිකුත් කරලා තියෙනවා. ඒකෙනුත් අපි දන්න මෑතකාලීන චිත්‍රපට තමයි,
Robin and Marian (1976)
Robin Hood: Prince of Thieves (1991)
Robin Hood (1991)
Robin Hood: Men in Tights (1993)
Robin Hood (2010)
කියන්නේ. ඔයාලත් ඕවා කීපයක් හරි බලලා ඇති නොවැ. මම නම් රොබින්හුඩ් චිත්‍රපට දෙකයි බලලා තියෙන්නේ. මීට අමතරව නිකුත් වුනු Robin of Sherwood (1984) හා Robin hood (2006) කතා මාලා හරහා තමයි, ලංකාවේ ගොඩක් ප්‍රේක්ෂකයෝ රොබින්හුඩ් චරිතයට බැඳුනේ.
ඒත් ඒ හැම එකටම වඩා, අද මම ගෙනාව 2018 නොවැම්බර් 18 ට වෙනිදා නිකුත් වුනු චිත්‍රපටය වෙනස්. Thriller, Action ගනයට අයත් වන මේ චිත්‍රපටයට 5.4 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. රොබින්හුඩ් චරිතය රඟ දක්වන්නේ Taron Egerton නම් බ්‍රිතාන්‍ය රංගන ශිල්පියායි. අනිත් ඓතිහාසික චරිත ටිකට පණ පොවන්නේ Jamie Foxx (ජෝන්) , Ben Mendelsohn (නොටින්හැම් හි ෂෙරිෆ්), Eve Hewson (මැරියන්), Tim Minchin (ටක්), Jamie Dornan (විල්), Paul Anderson (ගිස්බන්) කියන නළු නිළි පිරිසයි. සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ නිෂ්පාදනයක් මෙන්ම, Otto Bathurst ගේ අධ්‍යක්ෂණයක් වන මෙය, Lionsgate හි Summit Entertainment ආයතනයේ නිපැයුමක්. ඒත් සෑහෙන මුදලක් වියදම් කරලා, සුපිරි චිත්‍රපටයක් වෙයි කියලා හිතාගෙන හැදුව මේ චිත්‍රපටයට, ටිකක් සෘණාත්මක ප්‍රතිචාර වගේම, අඩු ආදායමක් තමයි ලැබිලා තියෙන්නේ කියලා ආරංචියි. ඇත්තද කියලා ඔයාලම බලන්නකෝ.
කතාව ගැන විස්තර කළොත්, රොබින් ලොක්ස්ලි කියන්නේ නොටින්හැම්වල ලොකු මන්දිරයක් තියෙන වංශවත් තරුණයෙක්. තමන්ගේ ගෙදර ප්‍රධානියා තමන් නම්, සල්ලිත් කෙල්ලෙකුත් ඉන්නවා නම් විනෝද වෙන එක ඇර වංශවතෙක් වෙන මොනවද කරන්න ඕනි? ඔහොම ඉන්න රොබින්ට, නොටින්හැම් ෂෙරිෆ්ගෙන් එනවා ලියවිල්ලක්. තුන්වෙනි කුරුස යුද්ධයට සටන් කරන්න යන්න කියලා එන මේ නියෝගයට රොබින් යන්නේ හිතකින් නම් නෙවෙයි. එතනින් පස්සේ අරාබි වැලිකතරේ කැඩුණු බිඳුණු ගොඩනැගිලි අතරේ, හතුරන්ගෙන් එන ඊතල පාරවල් මග අරිමින් විඳින දුක් අනන්තයි. ඔය අතරේ මරන්න නියම වුනු හතුරෙක්ව බේරන්න උත්සාහ කරලා, තමන්ගෙම මිනිස්සු අතින් මැරුම් කන්නත් ගිහින්, යන්තම් ගෙදර එනවා. ඒ එනකොට නොටින්හැම් ෂෙරිෆ් රොබින්ගේ ගෙදර කොල්ලකාලා. ලස්සනට තිබුනු මන්දිරය කැඩිලා බිඳිලා ගිහින්. රොබින් මැරුනයි කියලා හිතලා, මැරියනුත් වෙන කෙනෙක් එක්ක යාළුවෙලා. රොබින්ට ජීවිතේම එපාවෙලා තියෙද්දි, අර අරාබියෙදි හම්බවුනු හතුරෙක් නොටින්හැම් නගරයේදි හම්බවෙනවා. රොබින්ට නව බලාපොරොත්තුවක්, අළුත් අරමුණක් දෙන්නේ මේ සතුරා තමයි. දැනට ඔය කිව්වා මදැයි. එතනින් පස්සේ මිනිත්තු 116 ක් පුරා දිග හැරෙන මේ කතා පුවත බලන එක ඔබට භාරයි.
නීලවනයේ ඉන්න රොබින්හුඩ් චරිතයට කැමති වුන අය, මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද දන්නේ නෑ. මොකද කතාවේ පරිසරය වැඩිහරියක් Assassin’s Creed, Prince of Persia වගේ තමයි දැනෙන්නේ. සමහරුන්ට හිතෙයි, දැන් තියෙන හමුදා චිත්‍රපටවලට වඩා මේ කතාවේ ආයුධයි, ඇඳුනුයි විතරයි නේද වෙනස් කියලා. එහෙනම් කමෙන්ටුවක් දාගෙනම යන්නකෝ.
හැමෝටම සුබ රොබින්හුඩ් දිනයක් වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
48,793 downloadsDownload Robin-Hood-2018-BluRay.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
223 comments
Prabodha Madhusankha Hettiarachchi
djknight
ft
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Mayura
බොහොම ස්තූතියි බොබී. පලවෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනවා. දවස් කඩ ඉම් ගනනාවක්ම පසු කරන්න ලැබේවා!
sashan
50නි උපසිරසට සුබ පැතුම් ජය වේවා.
එනකන්ම බල බල හිටියෙ.එල්.සී. දමැල්
50ට සුභපැතුම්
Kavinda
උපසිරසියට ගොඩක් ස්තුතියි. ඒ වගේම 50 ට සුබ පැතුම්.
darshana100
thanks saho suba patup oyage 50 wani sub akata budusaranai
ශසිත් සඳරුවන්
පළමු කඩඉමට සුබපැතුම් සහෝ...
වැඩි සද්දයක් නැතිව 50ත් ගැහුවා එහෙනම්.
මේක ඉතින් අනිවා බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!sumi
elakiri
thanx alotRavindu Rukshan
පළවෙනි කඩයිම වෙනුවෙන් සුභ පැතුම්
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
බ්ලුරේ ආවාහම තමා බලන්නෙ.Hemantha De Silva
සුභ පැතුම් මල්ලී...
ඒ වගෙම ස්තුතියි උපසිරැසියට.....Kaushal
50ට සුභ පැතුම් මචං. මේක දෙනකම් ඉවසන් හිටියෙ හරිම අමාරුවෙන්
IndunilN
50 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ!
සබ් එකට ස්තුතියි,
සුපිරියක් දීල තියෙනව,
අනිවා බලන්න ඕන.Gathsara Umesh
Bhooooom sathutui ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයvas0303
Thank you bro
dulakshitha
thanx bro for the sub
ඔෂද ධනංජය
සුභ පැතුම් සහෝ ..දිගටම කරමු
Madhura prasad
පළවෙනි කඩයිමට සුබ පැතුම් බොබී සහෝ.උපසිරැසියට තුති වේවා
Jayasanka
Meka enakam balagena hitiye. Thanks bro suba dunnata. Obata jaya
Thisara Neo
පළමු කඩයිම වෙනුවෙන් හදපිරි සුබපැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්නට සුබ පතනවා.
මේ සිංහල උපසිරසියට තුති....
නැවත හමුවෙමු...
ජයවේවා.
Hail HydraRanga Heshan
ඉදිරියටත් සබ් කරන්න ඔයාට සියලු ශක්තිය ලැබේවා
M.W. Dilhani
Thanks and congrats
prageethasinsana
ela machan isarahatath digatama karamu
sasinduchamika
thanx machan.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
50 වෙනි උපසිරසියට සුබ පැතුම්!
100ත් ගහමු මේ වගේම...
රොබින් හුඩ් ඉන්නවනම් ඕන එකක් බලනව...
පොඩි කලේ ඉදන් ආස චරිතයක්....
දිගටම සබ් දෙමු.... TV Series වලට වැඩි වැඩියෙන්...Navodani Thilini Sasanika
පළවෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා මල්ලි! ඉදිරියටත් බයිස්කෝප් එක්ක දිග ගමනක් යන්න. උපසිරසියට ස්තූතියි! :)
zeal
Ela Boby... Robin Hodd gen 50 Gahuwa neda... Suba Pathum...
Naveendra_rox
Thanks
Amilperera
Thnks bro sub ekata
Dilshan Madhushanka
Thanx
Jayen jayaOya wgema banshee kathaa maalawata mama pissu watila inne
Oyata puluwan nmBanshee ekek season 4 eke sub karala dennko
Episode 5 6 7 8 walata o na0712342569
PlZ maawa imo add karaganna bro
Plz.machoසනිඳු ලක්ඛිත
50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ...මෙතැනින් නොනැවතී තවත් ඉදිරියට උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ෆිල්ම් එකනම් ටිකක් අවුල් තමා සහෝ. මොනා කරන්නද..අපේ ඔලුවේ ඉන්න රොබින්හුඩ් මේ කතාවේ එහෙම් පිටින්ම වෙනස් කරලා..ඒකයි ලොකුම අවුල..BR එකක් ආව ගමන් බලමු. මේ උපසිරසටත් ගොඩක් ස්තූති...ජය වේවා..බුදුසරණයි..!
YasasPerera
congratulation mchn..! best of luck
Kulanjana Maduranga
well done...Hat of respect BRO...great work & lot of thanks BOBI saho....wish u'r great future...keep it up.....
උදයංග සම්පත් හතරසිංහ
50ට සුබපැතුම් මිත්‍රයා.. ජය වේවා..! ගැම්මෙන් 100 ගහමු එහෙනම්..
Lakshman
thanksssss broooooooo
Naleen
සුපිරි.....❤️
තරිඳු පෙරේරා
හිතුවට වඩා සුපිරියක් සහෝ එත් සබ් එකේ පොඩ්ඩක් පස්සෙන් යන්නේ දීලා තියෙන TORRENT එකට වඩා එකත් පොඩ්ඩක් හදල දෙන්න සහෝ ජය වේවා!!!!
Rukshan37
Ela elq
Ayesh Prashan
Thank YOU..50ta Jaya Wewa!!!!
dsdkavishka
Thenks bro, good job keep it up
T.U.N.De silva
පට්ට සහෝ..
damith_janaranjana
Thanks bro...
kelumchathuranga
thanks
gihan perera
ස්තුතියි සහෝ....50 කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ...මේක දානකන් හිටියේ මචෝ මල්ලියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
wajira
Thanks for sub
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!
Pradeep Pasqual
Thanks for the sub....@)>--
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank broi sub ekata. Jaya wewa....!