Watch Trailer

Roma (2018) Sinhala Subtitles | ආදරයක මහිමය පෙන්වූ ඇගේ කතාවයි මේ… [සිංහල උපසිරැසි සමඟ]

අලුයම 4 යි.නෝනයි ළමයි ටිකයි හොඳටෝම නිදි.කට්ට කළුවරයි.මුකුත් පේන්නෙ නැහැ.මොකද තෙරේසා මැඩම් අපිට ලයිට් එකක්වත් දාන්න දෙන එකක් ඈ.විදුලිබිල යනවයි කියල ලයිට් ඕෆ් කරගෙන ඉන්න කියන්නෙ.කොහොමහරි එයාලා ඇහැරෙන්න කලියෙන් කුස්සියට පැත්තට කෑම ටික උයල කරල පිළියෙලක් කරන්න.ගේ එහෙමත් අස්පස් කරන්න එපැයි නොකිව්වට.ඔන්න…

අලුයම 4 යි.නෝනයි ළමයි ටිකයි හොඳටෝම නිදි.කට්ට කළුවරයි.මුකුත් පේන්නෙ නැහැ.මොකද තෙරේසා මැඩම් අපිට ලයිට් එකක්වත් දාන්න දෙන එකක් ඈ.විදුලිබිල යනවයි කියල ලයිට් ඕෆ් කරගෙන ඉන්න කියන්නෙ.කොහොමහරි එයාලා ඇහැරෙන්න කලියෙන් කුස්සියට පැත්තට කෑම ටික උයල කරල පිළියෙලක් කරන්න.ගේ එහෙමත් අස්පස් කරන්න එපැයි නොකිව්වට.ඔන්න ඒ හැමදෙයක්ම කරල ඉවර වෙලා ළමයි ටිකව ඉස්කෝලෙ යවන්න ඕන නිසා එයාලා ටිකව ඇඳුම් අන්දවල ඇගවල් හෝදල කරල ලෑස්ති කළා.සංසාරගත බැදීමක්ද මන්ද ඒ ළමයි ටික මට පණ වගේ ආදරෙයි.ඒවගේම වසයි ඒත් එයාලා ගොඩක් හොඳ අය.නෝනත් ඇහැරිල ඔන්න.පස්සෙ එයයි ළමයි ටිකයි උදේ කෑම අරගෙන සුපුරුදු පරිදි ගියා.දන්නෙමත් නැතිව රෑත් වෙලා.නෝනගෙ මහත්තයත් ඔන්න එනව.ඔන්න ඉතින් මාත් ළමයි ටික නිදිකරවන්න ගිහින් එනකොට මහත්තයයි නෝනයි රණ්ඩුවක්.ලාවට වගේ ඇහුණා,

“අර ජරා බල්ලා හැමතැනම රෙනව.මේක ගෙයක්ද නැත්තම් මොකක්ද? අනික මේ ගෙදර අවුල් ජාලයක් වෙලා”

කතාවක් ගැන කියවනවා.අලුත් දවසක් හැමදෙයක්ම හොඳින් සිද්ධ වෙයි කියල හිතාගෙන හිටියා.උදේම නෝනගෙ මහත්තයා පර්යේෂණ වැඩ වගයකට කියුබාවෙ යන්නයි කියල ලක ලෑස්ති වෙනවා.ඒ වැඩ වලටත් උදව් කරලා.ඒ ටික ඉක්මනින්ම ඉවරයක් කරල නිවිහැනහිල්ලෙ මගේ යහළුවා එක්ක ගියා උදේ කෑම අරගන්න කියල කඩයකට.එතනදි තමයි මට ෆර්මින්ව මුණ ගැහුණෙ. පස්සෙ ෆර්මින් මගෙන් ඇහුව අපි පාක් එකට යමුද කියල. බැහැ කියන්නත් බැරි එකේ මං හා කිව්ව. ඊටපස්සෙ වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.හැබැයි මට කිසිම කළකිරීමක් ඇති උනේ නැහැ.මොකද ෆර්මින් කිව්ව කතාව අහල දුක හිතුණා.ඒත් මොනව කරන්නද “කරුමය” තමයි.ෆර්මිනුයි මාත් එකතු වෙලා මාස ගාණක් වෙනවා.පස්සෙ මට දැනුණා මම ගැබ්ගෙනයි කියල.ඉතිං මේ ආරංචිය කියන්න ෆර්මින්ව හම්බවෙන්න කියල ගියෙ.ඒ විස්තරෙ ඔහුගෙ කණට තිබ්බ විතරයි ආගිය අතක් නැහැ.මම කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියල.. දැන් ඉතිං මොනා කරන්නද මගේ මේ බඩේ ඉන්න දරුවාවා නැති කරගෙන මේ විදින දුක් වේදනා මදිවට තවත් පව්කාරියෙක් වෙන්නද කියන කාරණා මගේ හිතේ දෝංකාර දුන්නා.දැන් මේ දරුවත් බඩේ එල්ලගෙන මේ ගෙදර වැඩ කොහොමද කරන්නද මන්ද අනික මේ ගැන නෝනදැන ගත්තොත් මාව අස්කරයිදෝ කියල සැකයකුත් තිබ්බ. ඕන දෙයක් වෙච්චදෙන් කියල මම නෝන මහත්තයට කියන්න ගියා.ඒවගේම තමයි ඒ දවසේ අපේ නෝනගෙ ජීවිතයත් කණපිට පෙරලිලා තිබ්බේ තමන්ගේ සැමියා ඇයව අතහැරිය ගිය නිසාවෙන්.දැන් මං මේ කියන දේත් අහල ඇයට තවත් තරහ යාවිද දන්නේ නැහැ.මේක කිව්වට පස්සෙ මොනවයි මොනව වෙයිද???

කට්ටියම දැන් බලන්න ඇත්තෙ පූර්ව ප්‍රචාරක පටය.ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්.”හපෝ ඊයා” මෙලෝ රහක් නැති එකක්නෙ.ඔන්න ඔය සොදුරු වචන පෙළ තමන්ගෙ හිතේ ඇතිවෙන්න ගන්නෙ.නමුත් එය ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වග කාටවත්ම තේරෙන්නෙ නැහැ.අධ්‍යක්ෂක වරයා නම් ඔස්කාර් සම්මාන ලාබී Alfonso Cuarón.සමහරුන්ට නම දැක්ක ගමන් ඔහුගෙ චිත්‍රපට කීපයක් මතක් වෙන්න ඇති. හැබැයි සමහරුක් නම් එහෙම නැහැ.හැබැයි මොහු ඔබට නොදැනීම Harry Potter and the Prisoner of Azkaban තුළින් මායා-ලෝකයෙ සැරිසැරුව්වා Gravity චිත්‍රපට තුළින් අභ්‍යාවකාශයට ට අරගෙන ගියා Children of Men මගින් වෙනස්ම ආකරයක මාවතකට රැගෙන ගියා නමුත් 2018 වර්ෂයෙ IMDb අගය 8.7 ක් සහ කුණු තක්කාලි 96% ක අගයක් සහ නිර්දේශනාම 51 කින්

*Golden Globe
1.Best Screenplay – Motion Picture
2.Best Director – Motion Picture
3.Best Motion Picture – Foreign Language

*AFI Awards, USA – Special Award

*African-American Film Critics Association –

1.Best Foreign Film
2.Top 10 Films

*Atlanta Film Critics Circle –
1.Best Director
2.Best Foreign Language Film
3.Best Cinematography

උඩ සඳහන් කරපු ප්‍රසිද්ධ නිර්දේශ සමගින් සම්මාන 38 ලබාගැනීමට සමත් වෙලා තිබෙන සහ මෙම වසරේ ඔස්කාර් නිර්දේශිත මෙම චිත්‍රපටය ඔබව කුමන ලෝකයකට රැගෙන යයිද?? එය දැනගන්න නම් ඔබට මෙම අඝනා සලරුව අවාසනය තෙක් නැරඹීමටම සිදු වෙනවා.

සැබෑ ජිවිතයෙදී Alfonso Cuarón ”ලීබෝ”සමඟින්.

 

~ Mountains Are Old,But They’re Still Green ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web-dl පිටපත් සඳහා අදාළ වේ.

3,635 downloadsDownload roma.2018.1080p.nf_.web-dl.ddp5_.1.x264-sigla.vs2_.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,635 downloadsDownload Subtitles35 KB

32 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. wasanthamax

    thanks!!!!!!

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Kulanjana Maduranga

    subata thanks saho.....

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  7. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ranga11112

    thanks saho

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    අනිවා බෑමක්.....

  12. kavinuweerakkody

    බලන් හිටපු එකක්!! ස්තූතියි

  13. sahanpasindu

    නිරුවත් දර්ශන ඇතුලත් කියලා සදහන් කිරීමක් කරන්න අමතක උන එක නම් සමහරුන්ට බලනකොට පුරශ්ණයක් වෙන්න ඇති. හිහි

    1. Ravindu Rukshan

      හෙහ් හෙහ් ඔව් ඒක අමතක උනා....වැඩිය හිතුවෙ නැහැ මොකද මුළු චිත්‍රපටයෙම නැහැනෙ ඒ නිසයි 18± නොදැම්මෙ එතන විනාඩි 3 ක කාලයක විතරයි

  14. Bandaramudiyansi

    Thank lot .jony english 2018 movie ekatat sabtitel dannko

  15. visartnadeera

    BOHOMA STHUTHI UPASIRASIYATA.......................!

  16. Tharaka

    THANKS......................

  17. Kanchaka

    Thanks bro

  18. sanjeewakbg

    thanks sub ekata bro...

  19. nish47

    supiri bro, Thanks

  20. Supun shanika

    ස්තූතියි සබ් එකට ජයවේවා

  21. AsithaDilruwan

    ela saho thanks

  22. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  23. Bee

    Thanks ! Good Work !

  24. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  25. MAALnath

    Thanks .................good luck ......................

  26. suchroxx

    Thanks Bro

  27. Rehan yoshitha

    Thanx bro

  28. Sasanka

    Thanns for the sub

  29. lahirumadushankadha

    pasubim kathanayata subtitle hadala naa.. eeka sahenna loku adupaduwak.

  30. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.