යටගිය දවස (ඒ කියන්නේ කාලෙකට කලින්) උපසිරැසියක් හැදුවට පස්සේ ඔන්න මගේ විසි හත් වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගේන්නේ හරිම සතුටින් වගේම හිතේ පොඩි ලැජ්ජාවකුත් තියාගෙනයි. ඒ ඉස්සර වගේ මාසෙකට උපසිරැසි දෙක තුනක් පහුගිය ටිකේ ගේන්න බැරි උන නිසයි. ඒකට හේතුවක් තිබුණා. ගෙවුන මාස තුන හතරේ කෙල්ලෙක් නිසා හොඳටම නන්න…

යටගිය දවස (ඒ කියන්නේ කාලෙකට කලින්) උපසිරැසියක් හැදුවට පස්සේ ඔන්න මගේ විසි හත් වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගේන්නේ හරිම සතුටින් වගේම හිතේ පොඩි ලැජ්ජාවකුත් තියාගෙනයි. ඒ ඉස්සර වගේ මාසෙකට උපසිරැසි දෙක තුනක් පහුගිය ටිකේ ගේන්න බැරි උන නිසයි. ඒකට හේතුවක් තිබුණා. ගෙවුන මාස තුන හතරේ කෙල්ලෙක් නිසා හොඳටම නන්නත්තාර වෙලා හිටියේ. ප්‍රශ්න ප්‍රශ්න. ඔෆිස් වැඩත් අවුල් වෙලා තිබ්බේ. කෙල්ලො නම් එපාමයි. සත පහකට ෂුවර් නෑ. බලා ඉද්දී වෙනස් වෙනවා. තනිකම සැපයි.
හරි එහෙනම් විරහව පැත්තකින් තියල චිත්‍රපටයට යමුකෝ. මේක ඇත්තටම මං දෙන්න හිටියේ ගිය අවුරුද්දේ මැද වගේ. ඒ කියන්නේ මාසෙ දොළහකට විතර කලින්. මොකක්හරි හේතුවක් උඩ මේකට බාලගිරි දෝෂේ සෙට් වෙලා එක්ස්පයර් වෙනකල්ම කල් ගියා. හැබැයි මේ චිත්‍රපටයට සිංහල උපසිරැසියක් තාමත් මං දැනුවත්ව අන්තර්ජාලයේ නෑ. ඒ නිසා පරක්කු උනත් මං දිනුම්.
කතාව ඔයාලට තේරුම් ගන්න නම් මං හිතන්නේ උපසිරැසි අත්‍යවශ්‍ය වෙනවා. ඒ මේ චිත්‍රපටය රුසියානු භාෂාවෙන් නිර්මාණය කර තිබීමයි. Vikings ටෙලි සීරීස් එක බලපු අයට නම් මේ චිත්‍රපටයේ පසුබිම ගැන පොඩි අදහසක් කලින්ම ගන්න පුළුවන්. අනිත් අය YouTube එකේ ට්‍රේලර් එක බලන්නකෝ. Viking Russian 2016 කියල හෙව්වම ට්‍රේලර් එක එනවා. චිත්‍රපටයත් Limetorrents වෙබ් අඩවියෙන් ඔයාලට බාගන්න පුළුවන්. මේ චිත්‍රපටය මුල ඉඳන් අගටම සටන් වලින් පිරුණු කතාවක්. ඒ නිසා යුධ සටන් ජවනිකා වලට කැමති අයට නම් මේක ගොඩක් ගැලපෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ව්ලැදිමර් (Danila Kozlovsky). ස්විටස්ලෝ රජුගේ පුතුන් තුන්දෙනාගෙන් කෙනෙක් විදිහට ව්ලැදිමර් සලකනු ලැබුවත් ඇත්තටම ව්ලැදිමර් කියන්නේ දරුකමට හදා ගත්ත අවජාතක ළමයෙක්. මේ නිසා එයාගෙ අනිත් සහෝදරයන් දෙන්නා ඒ කියන්නේ ඔලෙග් (Kirill Pletnyov) සහ යාපොල්ක් (Aleksandr Ustyugov) ව්ලැදිමර් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔලෙග්ට යාපොල්ක්වත් පේන්න බෑ. පිය රජතුමා මැරෙන්න කලින් දරුවන් තුන්දෙනා අතර තමන්ගේ රාජ්‍ය බෙදලා දුන්නත් බෙදාගෙන කාල පුරුදු නැති අයියල මල්ලිලා තුන්දෙනා බදාගෙන කන්න එකිනෙකා එක්ක යුද්ධ කරලා මරා ගන්න හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතිං කතාවේ හැටියට දරුවන් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම පරලොව යනවා. ඉතිරි වෙන්නේ කවුද කියල මං කියන්න ඕන නෑනේ.
හැබැයි දෙයක් කියන්න ඕන. මට මේ කතාව බලද්දී රජවරු දෙන්නෙක් මතක් උනා. එක්කෙනෙක් තමා මහා ඇලෙක්සැන්ඩර් රජතුමා. දෙවෙනියා අශෝක රජතුමා. මේ දෙන්නම රජකම, යුද්ධය, ධනය, බලය කියන දේවල් අසීමිත ආසාවෙන් ජීවිතයට බද්ධ කරගෙන හිටපු අයයි. ඒත් කාලය ගත වීමත් සමගම ජීවිතය කියන්නේ මොකක්ද, යතාර්ථය කියන්නේ මොකක්ද කියලා මේ තුන්දෙනාටම තේරුණා. ඒ හා සමානවම මේ කතාවේ ඉතුරු වෙන රාජ කුමාරයාටත් බලයට එහා ගිය යතාර්ථවාදී මානසිකත්වයක් කතාව අවසානයට වෙන්න ඇති වෙනවා. කිසිම දෙයක් සදාකල් පවතින්නේ නෑ කියන එක එයාටත් තේරෙනවා. ඒ නිසා මේ කතාව අර්ථවත් චිත්‍රපටයක් විදිහටත් මං පෙන්වා දෙන්න කැමතියි.
පොඩ්ඩක් හෝව්, යතාර්ථය තේරුම් ගන්න කලින් පොඩි ජිල් බිරිස් සීන් දෙකතුනක් මේකේ තියනවා කියලත් කියන්න ඕන. ඒ කියන්නේ ව්ලැදිමර්ගෙ බිරිඳ රෝග්නෙඩා (Alexandra Bortich) අඩ නිරුවතින් වගේම සම්පූර්ණයෙන් නිරුවත්ව ඉන්න දර්ශන මේකේ තියනවා. ඕව බලල කොල්ලෝ කඩු එහෙම මුවහත් කරගන්න එපා ඔන්න. හැම කෙනෙක්ටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
50 comments
malshika
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Subhash13
Ft
yasith udayanga
kello nm wedakma ne bn.... good work by the way...
MXORMajoR
කෙල්ලෝ එපා ..ෆිල්ම් එකක් බලන් හිටියම හොදටම ඇති ..! බොහොම ස්තුත්යි සහෝදරයා ..!
Amila89
නියම වැඩක්.ස්තුතියි
Nadeesha rox alahakoon
Elm. Kadunum beranna ba
prashal1025
Elm. Tnx bro
Gihan0717
Patta
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith Dissanayaka
ඒ කෙල්ල හෙන අවාසනාවන්තයි
ඔය වගේ එක්කෙනක් නැතිකර ගත්ත එකamila heshan
Ash vs evill dead season 3 ekata subtitles Denco
Akila_Randunu
Gd job
DhanushkaAASL
THANKS
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ASARUN
බෙහෙවින් තුති උපසිරැසියට...!
ලිපිය කියෙව්වම පුංචිපහේ හිනාවක් ගියා... Comment නොකර යන්න හිතුනේ නෑ... :DIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kavinda Athukorala
කෙල්ලො කෙල්ලොමයි බ්‍රො
gihan perera
Good job bro....keep continue with us....don't giveup....god bless you...
raviz
Thank you.........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයnalinda_pradeep
download link ekak dana
nimal dissanayake
චාමිකර,
ඔයාගේ ෆිල්ම්ස් මං වරද්දන්නෙ කලාතුරකින්.
ඔන්න මේකත් බාගන්න ගත්තා.
විරහ වේදනාව ඉක්මනින්ම
තුනිවෙලා ගිහින් තියෙන එක
රසික අපටත් සුබාරංචියක්!
තිතටම ගැළපෙන කෙනෙක් ලැබේවා!chami aiye ela niyamai sube ekat thanks digatama sube karanna jayawewa..
wathilak
ට්‍රේලර් එක බැළුවා...හොඳයි වගේ..එහෙනම් සබ් සමගම බලනව.ස්තුතියි
හසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි සහෝ……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම ව්වේවා..!!Amalka Himeshan
Thanks sub ekata
Anatsilva
Meke subtitle download krnna bah ne.404 erro ekk enawa.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!LimeGreenSoda
thanksbro
krishanthakumara
ellllaaaaa
sashitha
ela ela thanks..
ramesh shalitha
Sub aka set wannena bro
Amila89
Thanks bro eth biacopedownlds eke thiyena copy ekakata sub eka set wen na.koma unath nice work.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමිකර සහෝ.
ජයෙන් ජය.Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි....
Pasan_Madusankha
Sinhala Upasiresiyata Godak Pin Saho.. Jaya Wewaa..!
Vihanga__DeViL97
තද උල් එක
malith
Ela ela
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
jagath55
Thanks
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Nuwaaa
Thankz mcn..
sampath n perera
බොහෝම ස්තුතියි
Lakshitha
THnkssss broooo.
ගොඩක් ස්තුති .ඔබට ජයේන් ජයම වේවා.
Lahiru Lakshan
thanks machn...
Anonymous
Thanks Bro
Advertisement

සබ් එකට ගොඩක් ස්තූතියි බ්‍රෝ@@@@දිගටම කරගෙන යං@@@@ජයෙන් ජය!!!!!!!
බුදු සරණයි – දෙවි පිහිටයි..!