ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැටවන උපසිරැසිය අරගෙන ආවා. ක්‍රිස්ටෝපර් ලි රඟපාන කොටස් හතරක ඩ්‍රකියුලා චිත්‍රපට එකතුවක අන්තිම එක. ඒත් මේ ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද අවසන් ඩ්‍රකියුලා චිත්‍රපටය නෙවි. තව කිහිපයක් තියනවා, ඒත් එකිනෙක සම්බන්ද නැ. මම ඒවත් පසුවට අරන් එන්න බලන්නම්. මෙම චිත්‍රපටය Fantasy, Horror…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැටවන උපසිරැසිය අරගෙන ආවා. ක්‍රිස්ටෝපර් ලි රඟපාන කොටස් හතරක ඩ්‍රකියුලා චිත්‍රපට එකතුවක අන්තිම එක. ඒත් මේ ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද අවසන් ඩ්‍රකියුලා චිත්‍රපටය නෙවි. තව කිහිපයක් තියනවා, ඒත් එකිනෙක සම්බන්ද නැ. මම ඒවත් පසුවට අරන් එන්න බලන්නම්. මෙම චිත්‍රපටය Fantasy, Horror ගණයට අයිතිවෙන IMDb අගය 5.9 වන චිත්‍රපටයක්.
කතාව ගැන කියනවා නම් ඔයාලට මතක ඇති වැන් හෙල්සින් (මෙම චිත්‍රපට මාලාවේ පළමු කොටසින් හමු උනේ). මේ එයාගේ මි මිනිබිරිය ජිවත්වන කාලය. වැන් හෙල්සින් මියගිහින් හරියටම අවුරුදු සියක් ගතවෙන කාලය. ඉතින් මේ මිනිබිරිය ඇතුළු තරුණයන් පිරිසක් භූත කවයකින් මලගිය ඇත්තන් ගෙන්වන්න හදනවා. ඒ අතරේ ඉන්නවා ඩ්‍රකියුලාගේ සේවකයෙක්ගෙන් පැවත එන කෙනෙකුත්. එයා අනිත් අයට බොරු කරලා ඩ්‍රකියුලාට පන දෙනවා. ඊට පස්සේ ඩ්‍රකියුලා වැන් හෙල්සින්ගේ පවුල විනාශ කරන්න හදනවා. ඉතින් විසිවන සියවසේ නවීන තාක්ෂනය එක්ක ඩ්‍රකියුලාට හැප්පෙන්න පුළුවන් ද. කවුද දිනන්නේ සහ ඒ කොහොමද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.
මේකේ සමහර දර්ශන පොඩි ළමයින්ට නුසුදුසු වෙන්න පුළුවන්. ඒත් 18 + කියල වර්ග කරන්න බැ. මොකද නිරුවත් දර්ශන, කුණුහරුප හෝ පරුෂ වචන නැ. ඒක හින්ද PG-13 ( දෙමාපිය අවසරය ඇතුව ළමයින්ට නැරඹිය හැකි ) ලෙස වර්ග කරන්න පුළුවන්. ඒත් පොඩි අය නොබලනවානම් හොඳයි.
මේ උපසිරසියත් ටොරන්ට් මෙන්ම යු ටියුබ්,ඩේලිමෝෂන් සහ අනිකුත් අන්තර්ජාල වීඩියෝ පිටපත් වලට හරියන්න හදල තියෙන්නේ. ඒක හින්ද ඕනෑම විදියකට වීඩියෝ පිටපත ගන්න. මේක එක්ක කියපු විදියට එකිනෙක හා සම්බන්ද ඩ්‍රකියුලා කතාවක් ඇතුලත් චිත්‍රපට මාලාව අවසන් වෙනවා. මම ඊළඟට ඔයාල එක්කගෙන යන්න හිතන් ඉන්නේ මන්දාකිනි සහ ග්‍රහලෝක අතරට. දිග ගමනක් උනත් ටිකෙන් ටික හරි යන්න බලමු. හොඳයි එහෙනම් මම ගිහින් එන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා කියන්න අමතක කරන්න එපා.
බුදු සරණයි…..!
Due to copyright issues, we do not provide any torrent links.
Dracula A.D. 1972
Dracula A.D. 1972 – 720P
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
634 downloadsDownload Dracula-A.D.-1972.Baiscopelk.com_.rar60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
14 comments
Kulanjana Maduranga
Udara Damith B\K
උපසිරසට තැන්ක්ස්
මන්දාකිනි සහ ග්‍රහලෝක අතර සැරිසරන්ඩ ලෑස්ති පිට ඉන්නේmithun
සහො ඔය අයෙ උපසිරැසියක් දෙනකල් උන්නෙ පොඩි ඉල්ලිම්මක් කරන්න ඔබෙන්. Charlease angel 2000 චිත්‍රපට උපසිරැසි ගන්වල දෙන්න පුලුවන් නම්. පර්ට් ටු එකකුත් තියෙ. ඔයට විතරයි කිවුවෙ කැමති නම් බලල ලබ දෙන්න
අසිත
elama saho thanks
Withanage Priyantha Dayakeerthi
මීට කාලයකට පෙර පුදුමයෙන්, භීතියෙන් නැරඹු, අමරණීය සිනමාපට හතරක් ඔබගේ වෙහෙසකාරී කැපවීම නිසා නැවතත් ඉතා පැහැදිලිව නැරඹීමට අවස්තාව ලැබුණා. අනේක වාරයක් ස්තුතියි! "බයිස්කෝප් වෙබ්" එක තුළ ඇති ඔබගේ වටිනා උපසිරසි ගොණුව දිනෙන් දින විශාල වෙනවා. එයට මාගේ සුබ පැතුම්! මේ වෙබ් එකට ආ විගස බලන්නේ ඔබේ නමින් උපසිරසියක් ඇවිල්ලාද කියලා. ඔබට ජය!!! මතුවට ද මා ඔබගේ හොඳම රසිකයෙක්.
kavinda
තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Thilakarathna
මේකත් බලන්නම ඕන එකක්, ස්තුතියි උපසිරසියට. නැවතත් මෙවන්නක්ම ගේන්න......
Ishan Madusha
ස්තුතියි සහෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......nimesh mauranga
link aka dennako machn
අසංක ප්‍රදීප් රණතුංග
ලින්ක් පොස්ට් කරන්න බැ සහෝ. යු ටියුබ් සහ පවුට්ලොකර් පිටපත් වලටත් ගැලපෙනවා.ඒත් හොයා ගන්න බැරිනම් gapanet ඇට් ජීමේල් ඩොට් කොම් කියන ඊමේල් එකට රික්වෙස්ට් එකක් දාන්න. එක මගේ ඊමේල් එක. මම ලින්ක් එක එවන්නම්.
para
thnx broooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……