ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු තුන්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් මේ චිත්‍රපටයත් ක්‍රිස්ටෝපර් ලි රඟපෑමෙන් එක්වන Horror ගණයට අයිතිවෙන චිත්‍රපටයක්. IMDb අගය 5.6 අරගෙන තියන මේ චිත්‍රපටය චිත්‍රපට මාලාවක එක චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන් උනත් නව ආරම්බයක් තියන හින්ද ඔයාලට ගැටළුවක් නැතුව බල…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු තුන්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් මේ චිත්‍රපටයත් ක්‍රිස්ටෝපර් ලි රඟපෑමෙන් එක්වන Horror ගණයට අයිතිවෙන චිත්‍රපටයක්. IMDb අගය 5.6 අරගෙන තියන මේ චිත්‍රපටය චිත්‍රපට මාලාවක එක චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන් උනත් නව ආරම්බයක් තියන හින්ද ඔයාලට ගැටළුවක් නැතුව බලන්න පුළුවන්.
කතාව සරලව කියනවා නම් මැදී වයසේ පොහොසතුන් කණ්ඩායමක් රහසේ පවත්වන ලද යක්ෂ පුජාවක් අහම්බෙන් දකින්න ලැබෙන කෙනෙක් හින්ද පොලිසිය දක්වා දුරදිග යන ඒ සිද්දිය සොයන්න වැන් හෙල්සින් මහාචාර්යතුමා මැදිහත් වීමත් එහිදී ඩ්‍රැකියුලා හමුවීම සහ ඔහු විනාශ කරන්න උත්සාහ ගැනීම තමා තියෙන්නේ.
මේ චිත්‍රපටය කලාත්මක චිත්‍රපටයක්. මෙහි ලිංගික දර්ශන ඇතුලත් නොවුවත් නිරුවත් සහ සංවේදී පුද්ගලයන්ට අපහසුවක් ඇතිවිය හැකි දර්ශන ඇතුලත් වෙනවා. ඒක හින්ද අවුරුදු දහ අටට අඩු පුද්ගලයින් සහ සංවේදී පුද්ගලයින් බාගත කරගැනීමෙන් වලකින්න කියල කියනවා.
මේ චිත්‍රපටය ටොරන්ට් පිටපත් සහ අන්තර්ජාල සියලුම වීඩියෝ පිටපත් වලට හරියන්න තමා නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඕනෑම අකාරයකට වීඩියෝ පිටපත ගන්න පුළුවන්. මම ඊළඟට ඔයාලට අරගෙන එන්නෙත් තවත් මේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක්. ඉතින් ඉක්මනින් එකත් අරන් එනවා කියන ගමන් සමුගන්නවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
The Satanic Rites of Dracula (1973)
The_Satanic_Rites_of_Dracula
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
555 downloadsDownload The-Satanic-Rites-of-Dracula-1973.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
16 comments
නවීන් රන්දික
Web-බුවා
:D :D :D :D
maheshbabu
aluth film dennako bro...parana film balanne bohoma adu pirisakne bro....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!සනත් ගුණතිලක
1. Smokin' Aces (2006) imdb 6.7
2. Last castle (2001) imdb 6.9
3. Big fish (2003) imdb 8
4. The curious case of Benjamin Button (2008) imdb 7.8
5. Green Zone (2010) imdb 6.9
6. American Beauty (1999) imdb 8.4
7. Full metal Jacket (1987) imdb 8.3
9. Incendies (2010) imdb 8.1
10. Gran Torino (2008) imdb 8.1මේ එක ෆිල්ම් එකකටවත් උපසිරසි නෑ බයිස්කෝප් එකේ. ඔක්කොම සිනමා රසිකයෙක් විදිහට බලන්නම වටින සුපිරි ගනයෙ ඒවා. කොටින්ම මේ ෆිල්ම්ස් වලට අන්තර්ජාලයේවත් කොහේවත් සිංහල උපසිරසියක් හොයාගන්න නෑ. දිගටම පරණ films වලටම සබ් දෙන්න.. අලුත් films වල සබ් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. ඒත් අපි වගේ පරන films වලට ආස කරන අයට ඔයා කරන්නෙ මිල කරන්න බැරි සේවයක්.. පුලුවන්නම් උඩ දීල තියෙන film ටිකට සබ් දෙන්න බලන්න. එතනින් සමහර films IMDB top 250 ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් සබක් නෑ කොහේවත්.. සුබ පතනවා. ජය..
Web-බුවා
full metal jacket නම් පට්ට ගති. sir.Stanley Kubrick ගේ ඕන film එක්ක ලෙසටම තමයි ඉතිං. පොරගේ film 90% ක්ම imdb 8න් එහා. නෝලන් බුවා වගේම සුපිරි හාදයෙක් තමා ඔය.
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
ජය වේවා!Rumesh Nilantha Jayaweera.
thanx for sub
Udara Damith B/K
ස්තූතියි
ස්තූතියි
ස්තූතියිAmila Mudalige
Thanks saho
Web-බුවා
The Legend of the 7 Golden Vampires (1974)
මේක වෙන්නැති ඊලඟට මයේ හිතේ. බොලා පට්ට ඈ. වෙඩි වගේ සබ දෙන්නේ,අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
withanage priyantha
යුගයක අතිශය ජනප්‍රිය වූ එසේම එකළ ඒවා නරඹන ලද සිනමා රසිකයන්ට මෙම චිත්‍රපට මාලාවේ අගය හොඳින්ම දැනෙනවා. මේ සියලුම සිනමාපට මා එකළ සහ ඉන් පසුකාලයේ නරඹා තිබෙනවා. වර්තමානයේ අතිශය පරිගණක මායාවලින් පිරී ඉතිරී ඇති සිනමාපටවලට වඩා සවාභාවික කලා රසයක් මෙයින් ලැබෙනවා කියා මට සිතෙනවා.
withanage priyantha
අසංක ප්‍රදීප් රණතුංග සොයුර ඔබම හැර වෙනකෙනෙක් නම් මේ චිත්‍රපට මාලාව සඳහා උපසිරසි ලබාදෙන්නට කැමති නොවන බව මා හොඳින්ම දන්නවා. එයට හේතුව මෙහි උපසිරසි සපයන්නන් සියලුම දෙනාගේ රුචිකත්වය අලුත් සිනමාපට පමණයි. මේ සඳහා අදහස් දක්වූ සමහර අය කියා සිටියා මේ පරණ ඒවා බලන අය නැහැ කියලා, නමුත් ඒ අයට දැනගන්නට එක්ක කියන්න කැමතියි, අන්තර් ජාලයට නොපැමිණෙන එහෙත් මේ සිනමාපට DVD හරහා බලන අය සඳහා මෙම "Dracula" චිත්‍රපට මාලාවම අසංග සොයුරාගේ සිංහල උපසිරසි සහිතව නිකුත් කිරීමට මා විසින් පුද්ගලිකව කටයුතුකර ඇති බව. මේවා අද නරඹා හෙට විසි කර දමන වර්ගයේ ඒවා නොවෙයි.
Advertisement

ක්‍රිස්ටෝපර් ලී තමයි ඩ්‍රැකියුලාගේ චරිතයට ගොඩක්ම ගැලපෙන්නේ.
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!