Watch Trailer

Seethakaathi (2018) Sinhala Subtitles | පුරාවෘත්තගත කලාකරුවෙකුගේ ආත්මීය සංචාරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම වගේ සාම්ප්‍රදායික ක්‍රියාද්‍රාම වර්ගිකරණයේ චිත්‍රපටිම බලන එකේ අද බලමුද පොඩ්ඩක් වෙනස් කතාවක්? කොහොමත් විජේ සේතුපති කියපුවාම අපේ හිත්වල ඇඳෙන්නෙත් වෙනස්ම වැඩක්…

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම වගේ සාම්ප්‍රදායික ක්‍රියාද්‍රාම වර්ගිකරණයේ චිත්‍රපටිම  බලන එකේ අද බලමුද පොඩ්ඩක් වෙනස් කතාවක්? කොහොමත් විජේ සේතුපති කියපුවාම අපේ හිත්වල ඇඳෙන්නෙත් වෙනස්ම වැඩක් කරන මනුස්සයෙක්වනේ. තමන්ගේ රසිකයන් වෙනුවෙන් අලුත්ම ජාතියේ අත්හදාබැලීම් කරන  මොහු මේ වතාවෙත් වෙනස්ම වැඩකින් ඇවිත් ඉන්නවා.

“නලුවෙක්ගේ තිඹිරිගෙය වේදිකාවයි.
වේදිකාව මතින් ඉපදෙන නලුවෙක් වේදිකාව මතම අවසන් හුස්ම හෙලනවනම්..?
මරණයෙන් පස්සෙත් ආත්මය තුළින් රඟපානවනම්..?
අද කාලේ කලාව වෙනුවෙන් වෙහෙසෙන කලාකාරයෙක්ගේ ජීවිතය කොයි වගේද..?
මම මේ කියන්නේ වර්තමානයේ තියෙන වාණිජ සිනමාපට ගැන නෙමෙයි.
ඉහලම රසයක් විඳින්න පුලුවන් විදියේ කලා නිර්මාණ වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු ගැනයි!”
ඇත්තටම මේ චිත්‍රපටය බාරව හිටියේ අපේ සහෝදර උපසිරැසිකරුවෙක් වෙන ඉන්ද්‍රජිත් අයියා. ඒත් ඔහුගේ විවාහය නිසාත්, හිතුවට වඩා කලින් හොඳ පිටපතකට යාවත්කාලීන වුණු නිසාත් එයාට උපසිරැසිය කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා අපේ බේනුක සහෝදරයා මේ චිත්‍රපටය බාර ගත්තා. ඔහුගේ ඉල්ලීමට අනුව මාත් එකතු වෙලා තමයි අද මේ උපසිරැසිය ගේන්නේ. ඉන්ද්‍රජිත් අයියට සුබ මංගලම්! කියාගෙනම කතාව පැත්තට හැරෙමු.

 

IMDb දර්ශකයේ අතිදැවැන්ත 7.5 අගයක් ලබා ගනිපු මේ චිත්‍රපටය තිරගත වීම ඇරඹෙන්නේ පසුගිය දෙසැම්බර් මස 20 වනදා. අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපතත් Balaji Tharaneetharan විසින්. නිෂ්පාදකවරු තුන්දෙනෙක්ගේ දැවැන්ත නිෂ්පාදනයක්. Govind Vasantha ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු Seethakaathi සඳහා Trident Arts සමාගමත් එකතු වෙලා ඉන්නවා. පසුගිය Galatta සිනමා උළෙලේදී ප්‍රධාන ධාරාවේ සම්මාන 2 කට නිර්දේශ වන්නටත් මෙම සිනමාපටය සමත් වුණා.

Best Debutante Supporting Actor – Sunil Reddy
Best Debutante Cinematographer – Saraskanth

Naduvula Konjam Pakkkatha Kanom හි සාර්ථකත්වයෙන් පසු Balaji Tharaneetharan නිවේදනය කරනවා තමන්ගේ ඊළඟ චිත්‍රපටය කලාකරුවකුගේ ජීවිතය වටා ගෙතුණු වෙනස්ම විදිහේ නිර්මාණයක් වන බවට. 2012 වර්ෂයේ සිටම විවිධ ඉඟි ලබාදුන්නත් ඔහු මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරිපත් කරන්නේ 2017 වර්ෂයේදී. එතනදී ඔහු මාධ්‍යයට ප්‍රකාශ කරනවා තමන්ගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ විජේ සේතුපති කියලා. ඒ අනුව නිල වශයෙන් 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේදී Seethakaathi හි නිෂ්පාදන කටයුතු පටන් ගැනෙනවා.  මේ තමයි විජේ සේතුපතිගේ 25 වන චිත්‍රපටය. වසර 8ක් තුළ චිත්‍රපට 25කින් අමුතුම වැඩ ගොඩක් කරපු නළුවෙක් තමා විජය සේතුපති කියන්නේ.

ඔහුට අමතරව Mouli,Archana,Ramya Nambeeshan,Bagavathi Perumal සහ Bharathiraja වැනි ප්‍රවීණ නලු නිළියන් රාශියකුත් මේ සඳහා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. ඒකෙන්ම පේනවා මේ වැඩේ සුලුපටු නොවන විත්තිය.

“ඔහුගේ අනුගමනයද..
නුඹ ඔහුගේ අනුකරණයද..
නුඹ ඔහුගේ සෙවණැල්ලක්වත්ද..
ඔහු හා නෙක බැඳි ආත්මයද කියනු මැන..
ඔබගේ ඒ චලනයෙන්..මහා උත්තම කටහඬෙන්..
මුලුමනින්ම ඔහු මෙන්ම ය..
මහා ගිනි ජාලාවකින් වසා ලූ වද
හෙතෙම මිය හොස් නැති හැඩයි..!!”

Drama කැටගරියට අයිති නිසා අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂව සිංදු එහෙම ටිකක් දිගයි. දිගයි කියලා අතහරින්න යැ? විශේෂයෙන්ම Govind Vasantha වගේ ප්‍රවීණයෝ ඉන්නකොට. මුලදී නොවැම්බර් 16 වනදා Seethakaathi තිරගත වන බවට ආරංචිමාර්ග ලැබුණත් ඉවරයක් නැති බාධාවීම් හමුවේ දෙසැම්බර් 20 වනදා තිරගත කිරීම් අරඹන බවට දැනුම් දුන්නා. ඒ චිත්‍රපටයේ තුන්වන පෝස්ටරය මාධ්‍යයට එළි දැක්වීම සමගාමීවයි. තිරගත වීම ඇරඹීමටත් පෙර සිටම යහපත් ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වුණා වගේම විචාරක ප්‍රතිචාරත් ඉතා ඉහළ මට්ටමක රඳවා ගන්න මෙම සිනමා පටය සමත් වෙලා තියෙනවා.

96 දමිළ සිනමාපටයේ රංගනය නරඹා  සේතුපතිට උන්මාදයෙන්  ඇබ්බැහි වෙලා ඉන්න දමිළ සිනමා රසිකයන්ට බලන්නම වටින චිත්‍රපටයක් විදිහට බය නැතිව යෝජනා කරන්න පුලුවන්.! දමිළ සිනමා රසිකයින් ආදරය කරනා විජයසේතුපතිගේ වෙනස්ම විදියක රඟපෑමක් අන්තර්ගත කර නිර්මාණය කර ඇති මේ සිනමා පටයද නරඹා තවත් උත්කෘෂ්ඨ ඝණයේ සිනමාසිත්තමක රසය විඳිමේ අත්දැකිම තම ජිවිතයේ සිනමා නැරඹිමේ අත්දැකීම් ගොන්නට එකතු කරගන්නා ලෙස දමිළ සිනමා රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Web-DL පිටපත සඳහා අදාළ වේ.

2,643 downloadsDownload Seethakaathi-2018.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,643 downloadsDownload Subtitles72 KB

20 comments

  1. NuwanK

    Thank u brothers..

  2. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරැසියට ..!

  3. චානක ඉඳුනිල්

    සබ් එක දුන්නට දෙන්නටම බොහොම ස්තූතියි.

  4. Kulanjana Maduranga

    subata thanks sahola

  5. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි සහෝ

  6. gihan perera

    නියමයි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  7. rangika Kariyawasam

    ජයවේවා සහෝ.නියමයි

  8. pubudu prasanna

    කතාව මොන වගේද සහෝ? කතාව ගැන පොඩ්ඩක් කියන්න බැරිද? මුල හරිය වත් කියන්න. සබට ස්තූතියි.

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Athula

    Thanks ...

  11. harshani11112

    දෙදෙනාටම බොහොම ස්තුති සහො
    තෙරැවන්සරණයි

  12. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  13. gayanmagee

    thanks

  14. chandika1975

    thank you for the subtitle.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dragonwhite

    pattamai aah kiyala wedak na sub eka paharamai

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Kavishna

    thnx bro sub ekata...

  19. Lalani Maduwanthi

    Thank you

  20. ශසිත් සඳරුවන්

    දෙන්නාටම සබට බොහොම තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.