ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන ද…

ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් එක තෙලිගු වලින් ප්‍රති නිර්මාණය කිරීමක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kishore Kumar Pardasani විසින්. මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Tamannaah (පල්ලවී), Naga Chaitanya (කාර්තික්),Andrea Jeremiah(නන්දු), Sunil Varma (ශිවා) සහ Ashutosh Rana (බග්ගා) විසින්. ඒ වගේම විහිළු සපයන්නේ Brahmanandam විසින්.
කතාව ගැන කියනවනම්, කාර්තික් සහ ශිවා කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ශිවා තමයි අයියා. හැබැයි මූ හැම දේකටම පණ බයයි. මොනා සිද්ධ වුනත් ගිහිල්ලා කියන්නේ මල්ලිට. මල්ලි නම් කිසි දේකට බය නෑ. ගේමෙන් නම් ගේමෙන් වගේ පොරක්. මෙයාලගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. හදිස්සියේම එයා මිය යනවා. ඉතින් මේ පොලිසියේ නියමයක් තියනවා, යම් කෙනෙක් පොලිස් රාජකාරියේ සිටියදී මැරුණොත් එයාගේ රැකියාව දරුවෙක්ට ලබා ගන්න පුලුවන් විදිහේ. ඒ අනුව මේ රැකියාව ශිවාට තමයි ගන්න වෙන්නේ. මොකද කාර්තික්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙන නිසා. ශිවා, මල්ලිගේ කීමට අකැමැත්තෙන් හරි කැමති වෙනවා. දැන් තමයි ප්‍රශ්නේ පටන්ගන්නේ. ශිවාට පත්වීම ලැබෙන්නේ බග්ගා නැමති මුලු මුහුදේම තම බලය පතුරුවාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක. ශිවාට පළවෙනි රාජකාරිය විදිහට ලැබෙන්නේ කාශි නැමති බග්ගාගේ ලඟම හිටපු කෙනෙක් උස්සගෙන ගිය ළමයෙක්ව බේරගෙන එන්න. කොහොම හරි කාර්තික්ගේ උදව්වෙන් ඒ වැඩේ නම් කරගන්නවා. හැමදාම මේ සෙල්ලම කරන්න බෑ නේ. ඔය මැරයන්ට මේ සෙල්ලම මාට්ටු වෙනවා.
ඔය අතරේ මේ දෙන්නගේ මාමා කෙනෙක් ශිවාට මනමාළියෙක් බලන්න යන්න ලෑස්ති කරනවා. මූ කොච්චර බයයිද කියන්නේ මනමාළිව බලන්න යන්නත් බයයි. කොහොම හරි මල්ලිව යවනවා මෙයාව බලන්න. මල්ලි කැමති වුනොත් ඒ ගැහැණු ළමයාව කසාද බඳින්නම් කියනවා. එ් ගියාම තමයි කාර්තික්ට පල්ලවීව මුණගැහෙන්නේ. තව හරි හරි වැඩ සිද්ද වෙනවා මේ ගෙදරදී.
ඉතින් මේ අයට බග්ගාව මුණගැහෙන්නේ කොහොමද? කාර්තික්ගෙයි පල්ලවීගෙයි පළහිලව්වට මොකද වෙන්නේ? ශිවා දිගටම බයගුල්ලෙක් විදිහට ඉඳියිද? ඒවට උත්තර ෆිල්ම් එක බලලම හොයා ගන්න.
එහෙනම් අදහසකුත් දාගෙන යන්න. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
සැ.යු. – මෙම චිත්‍රපටය සඳහා තවම එච් ඩී පිටපතක් නිකුත්වී නොමැති අතර 2016 වසරේදී හින්දි භාෂාවෙන් හඬකැවූ පසු හින්දි හඬකැවූ පිටපත සඳහා එච් ඩී පිටපතක් නිකුත් වී තිබේ. තවද මෙම තෙළිගු චිත්‍රපටය සඳහා ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වී නොමැති අතර ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් නිකුත් වී ඇත්තේ හින්දියෙන් හඬකවන ලද පිටපත සඳහා පමණි. මෙම සිංහල උපසිරැසිය නිකුත් කර ඇත්තේ එම හින්දි ගොනුවට අදාලවය. පසුව එය Thadaka(2013) 1 CD X264 DTH Rip පිටපතට සහ cloudy.ec/v/5adb7e3cade65 යන ලිපිනයෙහි ඇති පිටපතට අදාලව ටයිම් ලයින් සකසා ගැලපෙන පරිදි දෙබස් සකසා තිබේ. නමුත් තෙළිගු පිටපතට අදාලව දෙබස් වල සුලු නොගැලපීම් තිබිය හැක. ඉදිරියේදී තෙළිගු පිටපත සඳහා එච් ඩී කොපියක් ආවොත් ඒ සඳහා උපසිරැසි ගොනුව යාවත්කාලීන කරන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Thadaka (Tadakha) 2016 Hindi Dubbed Movie 500MB-HD
Thadaka(2013) 1 CD X264 DTH Rip
Thadaka(2013) _ cloudy.ec
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
6,470 downloadsDownload Thadaka2013.Baiscopelk.com_.zip159 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
25 comments
සංජු
prasanna
download wenne nane.error database kiyala watenwane
Dhanushka
Elama sub ekttaaa ....thawa kick 2 ekai bengal tiger eki dla tiyenne ewta sub dala ne puluwnm krlaa dennnnooooooooooooooooooii
Lasantha
TnxX bRo..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ramesh
subtitle downlord wenne ne error akak anawa
kohomada downlord karaganneKantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!shasith sandaruwan
කිහිප සැරයක් උත්සහ කරලා ගන්න පුලුවන්.
මේ දවස් වල අපේ සර්වර් එකේ පොඩි අවුලක් තියෙනවා.PCVENOM
thanks
samee
macho sub banna bahane
shasith sandaruwan
කිහිප සැරයක් උත්සහ කරලා ගන්න පුලුවන්. මේ දවස් වල අපේ සර්වර් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ නිසා එක පාරම ගන්න බැහැ. කිහිප සැරයක් උත්සහ කරලා තමයි ගන්න වෙන්නේ. සර්වර් එක මාරු කරන්න කටයුතු යොදාගෙන යනවා. මාරු කරාම හැම දෙයක්ම හරි යයි. හැබැයි ඒකට ටික කාලයක් ගත වෙනවා. එතෙක් වන අපහසුතා පිළිබඳ අපගේ කනගාටුව. වැඩි විස්තර අපේ "බයිස්කෝප් සිංහලෙන්" ෆේස්බුක් පිටුවෙන් බලා ගන්න. වෙබ් අඩවිය ගැන සියලු අප්ඩේට් එමගින් ලබා දෙනවා.
was
Machan meke 720p uncut Hdrip 1k awith thiyanawa.ekata sub 1 denawa nam loku deyak.me sub 1 Hdrip 1ta set wenne ne.sub 1 dila thiyana copy download karannath ne dan. Seeds ne ekaka wath
#DuLaJ
Sub ekata godak thanks
Shasith brother puluwannm sub eka mail karanawada
Sub eka download kara ganna ba
[email protected]shasith sandaruwan
තවමත් සබ් එක ගන්න බැරි වුන අය ඉන්නවනම් ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න එවන්නනම්.
shasith.sandaruwan
නැත්නම් මේල් කරන්න.
[email protected]
ඉල්ලපු හැමෝටම යැව්වා ඕං...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
1.48 am... බරටම සයිට් එකේ වැඩ වගේ..
බොහොම ස්තූතියි අයියේ..
Gihan Iddamalgoda
film 1 download karala godak kal. sub dei kiyala balanne nethuwa thiyagena hitiye.
sub 1 dunnata thanks bro.dhanudhananjaya
meke movei eka download karanna baiscope download eke denne na ne saho ekata hethuwa mokakda saho ???
thawama movei eka ekat dala naththm ikkamanin dannako saho .......dhanudhananjaya
oya download karapu link eka denawada saho
ශසිත් සඳරුවන්
මේ සබ් එක ගොඩක් කලින් නිකුත් කරපු එකක් නිසයි ඒකේ නැත්තේ. දැන් මේකේ ටොරන්ට් වලත් සීඩ්ස් නෑ. ඒ නිසා ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි. C08C8198DBB97C9AC4E1BAE61ED56F8C92866A57 මේක ගූගල් සර්ච් කරලා බලන්න. ටොරන්ට් එකක් හොයාගන්න පුලුවන් වෙයි. ඉදිරියේදී හොඳ කොපියක් නිකුත් වුනොත් අප්ඩේට් එකක් දාන්නම්.
was
Machan meke 720p uncut Hdrip 1k awith thiyanawa.ekata sub 1 denawa nam loku deyak.me sub 1 Hdrip 1ta set wenne ne.sub 1 dila thiyana copy download karannath ne dan. Seeds ne ekaka wath
Tharaka Lahiru
tnq
Pubudu@0909
Thanks brother
Anonymous
thadakha 2 eketh sub daannako
Kosala
මෙකේ දෙකත් ඔනේ
Advertisement

සහෝදරයා ඔයා මේ අපි වෙනුවෙන් මහන්සි වෙලා කරන දේට ගොඩක් ස්තූතියි. උබල හින්ද තමයි අපි මේ දන්නෙ නැති languages වල film බලන්නෙ. බොහොම ස්තූතියි. බුදු සරණයි
දිගටම සබ් දෙමු මචෝ..