Athadu (2005) Sinhala Subtitles නන්දු වෘත්තීමය ඝාතකයෙක්. විපක්ෂය නායකයාගෙන් නන්දුට වෙඩි තැබීමක් කරන්න දීමනාවක් ලැබෙනවා. නන්දු සල්ලිත් අරගෙන රහසේම මේ වැඩේ කරන්න සැලසුමක් හදාගෙන සූදානම් වෙනවා. ඒත් අන්තිම මොහොතෙදි හිතුව විදිහටම ඒ වැඩේ සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. පොලිසිය නන්දුගේ පස්සෙන් පන්නන්න ගත්තා…
Athadu (2005) Sinhala Subtitles
නන්දු වෘත්තීමය ඝාතකයෙක්. විපක්ෂය නායකයාගෙන් නන්දුට වෙඩි තැබීමක් කරන්න දීමනාවක් ලැබෙනවා. නන්දු සල්ලිත් අරගෙන රහසේම මේ වැඩේ කරන්න සැලසුමක් හදාගෙන සූදානම් වෙනවා. ඒත් අන්තිම මොහොතෙදි හිතුව විදිහටම ඒ වැඩේ සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. පොලිසිය නන්දුගේ පස්සෙන් පන්නන්න ගත්තා. වාසනාවකට නන්දුට කෝච්චියකට පැනගන්න පුළුවන් වෙනවා. කෝච්චියේ ගමන් ගනිමින් ඉද්දි නන්දුට, පාර්තු නමින් අලුත් යළුවෙක්ව ඇති කරගන්න ලැබෙනවා. මේ දෙන්නා සුහද සාමීචියේ යෙදුනා. ඒත් හදිසියේම නන්දු නිසා පාර්තුට හානියක් සිද්ධ වෙනවා.
ඒ හානිය ගැන දන්වන්න නන්දු, පාර්තුගෙ සීයාගේ ගෙදරට යනවා. ඒත් පාර්තු අවුරුදු 10 දිම ගෙදරින් පැනලා ගිය නිසා පාර්තුගේ සීයගේ ගෙදර හැමෝම නන්දුට පාර්තු කියලා රැවටුණා. පාර්තුට හානිය වුණේ තමන් නිසා නන්දුගේ අපරාධකාරී හැඟීම එයා පාර්තු නෙවෙයි කියලා කියන්න හිත දුන්නෙ නැහැ. පොලිසියෙන් කට්ටි පනින නන්දුටත් මේ වගේ හැංගිලා ඉන්න තැනක් ලැබුණ එකත් ලොකු වාසනාවක්. නන්දු තමන්ගේ නිර්දෝෂි භාවය ඔප්පු කර පෙන්වන්න එක් අතකින් උත්සාහ කරද්දී, තවත් අතකින් නන්දුව සොයා CBI විමර්ශන ක්‍රියාත්මක වෙනවා. අපරාධකාරයෙක්ව ගෙදර ඇතුලට අරගත්ත පාර්තුගේ පවුලට මොන වගේ කරදරයක් වේවිද?
Athadu (2005) Sinhala Subtitlesඅතඩු බොහෝ තෙළිඟු ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම චිත්‍රපට අතරින් එකක්. මහේෂ් සහ ත්‍රිවික්‍රම් සුසංයෝගයේ පලමු චිත්‍රපටය තමයි අතඩු. ත්‍රිවික්‍රම්ගේ සිනමා අධ්‍යක්ෂණයෙන්සහ දෙබස්, කතා රචනයෙන් විශිෂ්ඨ සිනමා නිර්මාණයක් බිහි කළා. විශේෂයෙන්ම අතඩු චිත්‍රපටයේ දෙබස් අදටත් අගයනු ලබනවා. මෙයට මනී ශර්මා විසින් සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මහේෂ් සහ ගුරු ජි සුසංයෝගය දෙවන වතාවට Khaleja (2010), තුන්වන වතාවට Guntur Kaaram (2024) චිත්‍රපට වලින් ඔවුන් නැවත එක් වුණා. ගුන්තූර් කාරම් ආදායම් වශයෙන් සාර්ථක වුනත් ගොඩක් විවේචනයට ලක් වුණා. මොකද මේ සුසංයෝගය ගැන ඒ තරම් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු තියාගත්තා.
Athadu (2005) Sinhala Subtitlesමහේෂ් බාබු සමඟ ත්‍රිෂා, ප්‍රකාෂ් රාජ්, නාසර්, සුනිල්, බ්‍රහ්මානන්දම්, ශයාජි ෂින්ඩේ, සෝනු සූඩ්, රාජිව් කනකාලා, චරන් රාජ් යනාදී අය චරිත නිරූපණය කරනවා. ඒ වගේම සිනමා අධ්‍යක්ෂක කේ. විශ්වනාත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා.
Athadu (2005) Sinhala Subtitlesඅතඩු චිත්‍රපටයේ චරිත කිහිපයකගේ සිහිගැන්වීම් කිහිපයක්ම ත්‍රිවික්‍රම්ගේ ඉන් පසු චිත්‍රපටවල දකින්න ලැබෙනවා. පාර්තුගේ සීයා සත්‍යනාරායනා. ගුන්තූර් කාරම් චිත්‍රපටියේ රමනාගේ තාත්තගේ නමත් ඒක. ඒ වගේම අතඩු චිත්‍රපටයේ පාර්තුට රමනා නමින් යාළුවෙක් ඉන්නවා. Ala Vaikunthapurramulo (2020) චිත්‍රපටියේ තනිකෙල්ලා බරණිගේ නම, මේ චිත්‍රපටියේ ප්‍රකාෂ් රාජ්ගේ චරිතයයේ නම වුණ ආන්ජනෙයා ප්‍රසාද්.
Athadu (2005) Sinhala Subtitlesමහේෂ්ගේ චිත්‍රපටි බොහෝමයක ප්‍රකාෂ් රාජ්ව දකින්න පුළුවන්. මේ චිත්‍රපටියෙදි නම් දුෂ්ඨ චරිතයක් නෙවෙයි, දෙවන වීර චරතයක් නිරූපණය කරනවා. රාජිව් කනකාලා අපිට තෙළිඟු සිනමාවේ බිල්ල විදියට හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටි කීයක නම් මේ මනුස්සයව මැරුවද? අන්තිමට රාජිව් අනුකම්පාව උපදවාගන්න චරිතයක් විදියට සීමා කෙරුණා. රාජිව් චිත්‍රපටියක මතු වුණත් ඇති ඊළඟට වෙන්නෙ මොකක්ද අනුමාන කරන්න පුළුවන්. මෑතකදී රාජිව්ගේ චරිතය හේතුවක් නැතිවම චිත්‍රපටි කීපයකදිම මරලා දානවා දකින්න ලැබුණා. රාජිව් කනකාලාගේ බිරිඳ වන්නේ ප්‍රසිද්ධ නිවේදිකා සුමා කනකාලායි. තෙළිඟු චිත්‍රපට ප්‍රචාරණයට බොහෝ වෙලාවට සුමාගේ වැඩ සටහනක් පවත්වනවා.
Athadu (2005) Sinhala Subtitlesගුන්තූර් කාරම් චිත්‍රපටයෙන් පසුව මහේෂ් බාබු රාජමෞලිගේ SSMB28 චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ පෙනුම සූදානම් කරගනිමින් ඉන්නවා. කොහොම වුණත් SSMB28න් පස්සෙ ආයෙත් ත්‍රිවික්‍රම් එක්ක පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් වෙනුවෙන් එක් වේවි. ඒ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින්ව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒ වගේම Julayi (2012), S/O Satyamurthy (2015), Ala Vaikunthapurramulo (2020) චිත්‍රපට වලින් පස්සෙදි ත්‍රිවික්‍රම් සහ අල්ලු අර්ජුන් සුසංයෝගය හතරවැනි වතාවට නැවතත් චිත්‍රපටයකින් එකතු වෙනවා. මේ චිත්‍රපටය A22 ලෙස තාවකාලිකව නම් කරලා තියෙනවා.
Athadu (2005) Sinhala Subtitlesඅතඩු බෙංගාලි සහ හින්දි භාෂා වලින් රීමේක් නිර්මාණ බිහි වුණා. මේ චිත්‍රපටයට Imdb වෙබ් අඩවියෙන් හිමිවෙලා තියෙන රේටින් අගය 8.2/10ක්. ගොඩක් අය හොයාගෙන එන මේ චිත්‍රපටිය බලන්න කියලා වෙනම නිර්දේශ කරන්න ඕනේ නැහැ නේ. අසභ්‍ය දර්ශන මොනවත් නැහැ. පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටියක්.
Athadu (2005) Sinhala Subtitlesඉතින් අද දවස අපට ගොඩක් විශේෂයි. උපසිරැසි මහගෙදර බයිස්කෝප් සිංහලෙන් බිහිවෙලා අවුරුදු 15ක්. මම බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එකතුවෙලා උපසිරැසි කරන්න අරගෙන දැන් ආසන්නව අවුරුදු 7ක්. අද උදේ ඉඳන් රෑ වෙනකල්ම අපේ වෙබ් අඩවියෙන් චිත්‍රපට පෙළකටම උපසිරැසි ලබා දෙනවා. නිකම්ම චිත්‍රපට නෙවෙයි, ගොඩක් විශේෂ ඒවා. ඒ අතරේ අන්තර්ජාලයේ සිංහල උපසිරැසි හොයාගන්න නැති ඉන්දියානු ක්ලැසික් හිට් චිත්‍රපටි තුනක් ඇතුලත්. අද දවස වෙනුවෙන්ම මහන්සිවෙලා උපසිරැසි කරලා එවපු සහෝදර සහෝදරියන්ටත් ස්තූතිය පුද කරනවා. මේ බයිස්කෝප් වෙබ් අඩවිය ඔයාගෙමයි.
Athadu (2005) Sinhala Subtitlesමතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Athadu (2005) Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
Athadu (2005) Sinhala Subtitlesබුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
2,504 downloadsDownload Athadu-2005-Sinhala-Subtitles-2.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Athadu (2005) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Athadu
- #Athadu (2005)
- #Athadu (2005) Sinhala Sub
- #Athadu (2005) Sinhala Subtitles
- #Brahmanandam
- #Charan Raj
- #Editor's Pick
- #Indian Box Office Hits
- #K. Vishwanath
- #Mahesh Babu
- #MaxxA
- #Must Watch
- #Nassar
- #Offbeat
- #Prakash Raj
- #Rajiv Kanakala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sonu Sood
- #subtitle
- #Trisha Krishnan
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Lasantharathnasirirox
Anonymous
thank you.good work
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement


බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි ලබා දුන්නට..
!.....තවත් වසර 15කට බයිස්කෝප් අඩවියට සුබපැතුම්.....!ජයවේවා!.....