Watch Trailer

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා ම…

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ රොබෝවෙක් සිටිනවා. එය සියලු අවි ආයුධ වලින් සම්පන්නයි නම් එහි ආරක්ෂාව ගැනට ඔබට මවාගන්න පුලුවන් නේද? එපමණක්ම නොවේ. ඩ්‍රෝන සිය ගණනකින් සමන්විත ඩ්‍රෝන දාමයක් මේ කෘතිම බුද්ධිය සතුයි. මං කියන්නේ බොරුයි කියලා හිතනවානම්, චුට්ටකට පහළට ගිහින් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉමු. 😉✌

ඔව් අද අපි බලන්න සැරසෙන්නේ එහෙම කතාවක් ගැන. මේ කතාවේ කතා නායිකාව නමින් ජූලියා. ඇගේ එකම සිහිනය සංගීත පාසලකට ඇතුලත් වීමයි. නමුත් දෛවයේ සරදමට දෝ ඇගේ සිහිනය ඉටුකරගන්නට අත හිත දෙන්න ඇයට කිසිවෙක් නැහැ. ඇය කුඩා කාලයේදීම නිවසින් පැනවිත් දැන් තනිවම ජීවිකාව සපුරා ගන්නා තරුණියක්. තම සංගීත සිහිනය සැබෑ කරගන්නට ඇයට හෙරකගේ චරිතයකට පණ පොවන්නට සිදුවනවා.

එසේ දවසක් සමාජ ශාලාවක් තුල පොඩි පොඩි වටිනා දෑ හොරකම් කර, ඒවා අලෙවි කර නැවත නිවසට පැමිනෙන තැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ. නවාතැනට පැමින විට හිටි හැටියේම ඇයව කෙනෙකුන් පැහැර ගන්නවා. නැවත ඇය අවදි වනවිට ඇය සිටින්නේ මම අර ඉහත සඳහන් කල නිවස තුල අත් පා අගුලු දමා පර්යේෂණයකට සූදානම් කරමින් නම්, ඉන්පසුව කුමක් සිදුවේවිද?

“TAU (2018)-(අ)කීකරු ටාවූ” … අභිරහස්, විද්‍ය ප්‍රබන්ධ, ක්‍රියාදාම හා මනඃකල්පිත ගනයට වැටෙන මෙම චිත්‍රපටය නිකුත් වන්නේ 2018 ජුනි 29 වනදා. මෙය Netfilx එකක් නිසා ඉක්මනින්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා. ආරම්භයේ පටන් අවසානය තෙක් එක දිගටම කුතුහලයෙන් නැරඹිය හැකි මෙම චිත්‍රපටය, පැයයි විනාඩි 37ක් පුරා ධාවනය වනවා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ The Mummy (2017), Doctor Strange (2016), Ant-Man (2015), Terminator Genisys (2015), Avengers: Age of Ultron (2015), Captain America: The Winter Soldier (2014), Thor: The Dark World (2013), Iron Man 3 (2013), The Avengers (2012), Captain America: The First Avenger (2011), Thor (2011) යන චිත්‍රපටයන්හී සජීවීකරන් සඳහා දායකත්වය දුන් Federico D’Alessandro විසිනි. ප්‍රධාන චරිත ලෙස Maika Monroe, Ed Skrein, Gary Oldman දායකත්වය ලබා දෙනවා. එමෙන්ම මේ වන විට IMDb දර්ශකයේ 5.8ක් ලබා ගන්නට මේ චිත්‍රපටය සමත් වනවා.

ඉතිං පර්යේෂණාගාරයේ සිර කල ජූලියාගේ ඉරණම කෙසේ විසඳේවිද යන්න දැන ගන්නට, නිසැකවම ඔබ දැන් සූදානම් ඇති. කවුද ජූලියාව පැහැරගත් මේ පිරිස? ඇයි මිනිසුන් ගැන අධ්‍යනය කරන පර්යේෂණාගාරයක් තුල ඇයව සිර කලේ? ඔවුන් මෙහි සිදුකරන්නේ කුමක්ද? අර මම කලින් සදහන් කල කෘතිම බුද්ධියෙන් සමන්විත මේ නිවසින්, මේ රැදෙවියන්ට පලායෑමට හැකිවේද? එහෙනම් ඔයාලට අවසරයි මේ චිත්‍රපටය රසවිඳීමට. ගිහින් එන්නම්.🚩 හැමෝටම ජය…!!! 😉✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

63 comments

  1. Hashan M. Priyadarshana

    Sub ekata thanks bro..
    Jaya wewa!

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sub ekata godak sthuthi brother ...

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  6. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අය්යෙ...ගොඩාක් ස්තූති වන්තවෙනව...

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!! ✌

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    1. තරිඳු ගමගේ

      ජය !!! ✌

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය...

    Luke cage season 2 එකට සිංහල සබ් කරමුද සහෝ

  9. Udara Damith Dissanayaka

    බොහොම ස්තූති 54444444

  10. Kingdomd

    Thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. SanjulaJeter

    thanks bro!

  13. harshani11112

    ස්තුති තරිඳු සහො ....

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. Sanath Indika

    thx broo

  17. aks

    Thanks...

  18. chinthaka_priyadrshana

    Thank U Bro.............

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. nalin.kumara0510

    Thanks bro good luck

  22. nimanaka

    thanks brother

  23. spriyantha2002

    When i am thinking of this sub, it is there.... How fast and quick.... Keep it up guys... This good work.
    Thank you all !!

    1. තරිඳු ගමගේ

      U'r welcome ✌

  24. Milan Sadaruwan

    thanks bro..

  25. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.....

  26. Maduranga80121

    Tnx bro....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. AsithaDilruwan

    ela saho thanks

  29. Buddika888

    Ela ela pro tnxz

  30. kuma.lk

    Thanks for sub!

  31. UI

    Elma

  32. malith

    Ela ela

  33. shehan weerasinghe

    Thanks brw..........elamai

  34. Pramukmili

    thanxx bro...

  35. Nandana_kumara

    Tu

  36. chiro

    super

  37. niroshansn

    Thanks bro.

  38. niroshansn

    Thanks bro.

  39. Mithusha Dinelka

    thankuuuuuu bokkaaa

  40. RandiS

    සබට thanks bro
    ජය සහෝ

  41. තරිඳු ගමගේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ජය...!!!

  42. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  43. Dasun kavinda samaranayaka

    Bro baiscope eke mokuth download venne nane

  44. Dasun kavinda samaranayaka

    Mge 4n eke aulkda server eke aulkda?mkuth vada naaaa...

  45. jagath55

    Thanks

  46. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  47. LoneWalker

    Thank you.

  48. teshanmadush

    Thank you.

  49. thaminusonalsat

    thawa thawa sub kotannata shakthiya labewa! obata jaya !

  50. Hplakshan

    film ekai sub ekai download kara kohomada sub eka wada karana widiyata hadaganne plz help

    1. maduzzhan

      Thanks broo

Load more comments