Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි.…

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් වෙන්නෙ, ඔබගේ ඒ ස්වර්ණමය අතීතය වර්ණවත් කල එම පුරාවෘත්තයේ අවසානය සනිටුහන් කිරීමටයි.
Titanic, Avatar අධ්‍යක්ෂණය කල James Cameron ගැන ඔබ අහලා නොතිබෙන්න බැහැ. හැබැයි, Terminator අධ්‍යක්ෂණය කරපු James Cameron ගැන දන්නවද කියලා මං ඔබෙන් ඇහුවොත්, සැකයක් නැහැ සමහර අය උඩ බිම බලාවි. ඔව්, සමහරු නොදන්නා, Terminator චිත්‍රපට මාලාවෙ ආරම්භක අධ්‍යක්ෂකවරයා වෙන්නෙ James Cameron මහත්මයා. එතුමා අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්වන්නෙත් මේ Terminator චිත්‍රපට මාලාවෙ පලමු චිත්‍රපටය, The Terminator (1986) න් පසුව බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. එදා, 1986 දී වයස අවුරුදු 36ක් වූ, දැවැන්ත දේහධාරී Arnold Schwarzenegger විසින් Terminator පළමු චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් අතර, මේ දක්වාම Terminator චිත්‍රපට මාළාවටම සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු, 2019 වර්ෂයේදී අවසාන Terminator චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙන විට ඔහුගේ වයස අවුරුදු 72ක් සම්පූර්ණ වී තිබෙනවා. සරලවම කියනවා නම්, Arnold Schwarzenegger නම් රංගධරයා සිය වෘත්තීය ජීවිතයෙන් අඩක් ගතකර තිබෙන්නෙ මෙම Terminator චිත්‍රපට මාළාවත් සමගයි. එම නිසා, මෙම චිත්‍රපට මාලාව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්තානයක් වනවා සේම, මෙම චිත්‍රපට මාළාවෙ අවසානය ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකල එකක් බවට නොඅනුමානයි.
එහෙමනම්, අපි Terminator චිත්‍රපට මාලාවෙ ඉතිහාසය ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු.

James Cameron සහ Gale Anne Hurd යන අයගෙ සිතැඟි වලට අනුව නිර්මාණය වූ Terminator / Cyberdyne Systems Model 101 / T-800 යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන මෙම මිනිස්-රොබෝ යන්ත්‍රය පලමු වතාවට කරලියට පැමිණෙන්නෙ 1984 වර්ෂයේදී The Terminator චිත්‍රපටයත් සමගින්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ James Cameron විසින්. ඩොලර් මිලියන 6ක මුදලකින් නිෂ්පාදනය වූ එම ප්‍රථම Terminator චිත්‍රපටය, එදා ඩොලර් මිලියන 78 ක ආදායම් වාර්තාවක් ලබාගැනීමට සමත්වූ අතරම, ලක්ෂ 7 ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ෂකය 8.0 ක් දක්වා කරකවමින්, Top Rated Movies ලැයිස්තුවේ 242 වන ස්ථානය තවමත් සිය නවමට වෙන්කරගෙන සිටීමට තරම් මෙම සලරුව සමත්කම් දක්වනවා.
Terminator 2: Judgment Day (1991)

සාර්ථක Terminator පලමු චිත්‍රපටයෙන් පසුව අධ්‍යක්ෂක James Cameron විසින් පලමු චිත්‍රපටයෙන් වසර 7කට පසුව Terminator දෙවන චිත්‍රපටයකුත් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එනවා. මේ තමයි අවිවාදයෙන්ම එදාමෙදා තුර Terminator චිත්‍රපට ඉතිහාසය තුල විශිෂ්ඨතම චිත්‍රපටය. ලක්ෂ 9 ඉක්මවූ Imdb මනාප සංඛාවකින් 8.5 ක දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නා අතරම, Top Rated Movies ලැයිස්තුවේ 38 වන ස්ථානය සිය නමට වෙන්කරගන්නා අතරම, ඔස්කාර් සම්මාන 4කින් පවා මෙම සලරුව ඇගයීමට පාත්‍ර වෙනවා. ඩොලර් මිලියන 100ක පමණ මුදලකින් නිෂ්පාදනය වූ මෙම සිනමා සිත්තම, ඩොලර් මිලියන 517 ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගැනීමට සමත් වෙනවා.
Terminator 3: Rise of the Machines (2003)

අති සාර්ථක Terminator දෙවන චිත්‍රපටයෙන් වසර 12කට පසුව Terminator තෙවන චිත්‍රපටයක් නිකුත් වෙනවා. නමුත්, පලමු චිත්‍රපට ද්විත්වය පසුපස සිටි සාර්ථකත්වයේ අදෘශ්‍යමාන හස්තය, James Cameron වෙනුවට මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Jonathan Mostow විසින්. ලක්ෂ 3 ඉක්මවූ මනාප ප්‍රමාණයකින්, Imdb දර්ෂකය තුල 6.3ක ඇගයීමක් ලබද්දි, ඩොලර් මිලියන 183කින් නිෂ්පාදනය වූ මෙම සිනමා සිත්තම, ඩොලර් මිලියන 433ක මුදලක් උපයා ගැනීමට සමත්කම් දක්වනවා.

තෙවන චිත්‍රපටයෙන් වසර 6කට පසුව නිකුත් වූ සිව්වන Terminator චිත්‍රපටය තුල, තවත් ප්‍රධාන වෙනස්කමක් ලෙස මෙතුවක් කාලයක් ප්‍රධාන රංගන දායකත්වය සැපයූ Arnold Schwarzenegger වෙනුවට Sam Worthington සහ Christian Bale යොදාගෙන තිබුණා. ලක්ෂ 3 ඉක්මවූ මනාප ප්‍රමාණයකින්, Imdb දර්ෂකය තුල 6.5ක අගයක් ලබාගනිමින් සහ, ඩොලර් මිලියන 200ක මුදලකින් නිෂ්පාදනය වූ මෙම සිනමා නිර්මාණයට උපයා ගැනීමට හැකිවුණේ ඩොලර් මිලියන 371 ක මුදලක් පමණයි.

සිව්වන චිත්‍රපටයෙන් වසර 6කට පසුව නිකුත්වූ පස්වන Terminator චිත්‍රපටය තුලින් සුපුරුදු පරිදි Arnold Schwarzenegger නැවතත් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන අතර, ඩොලර් මිලියන 160කට ආසන්න මුදලකින් නිශ්පාදනය වන මෙම සලරුව, ඩොලර් මිලියන 440ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් උපයා ගැනීමට සමත් වෙනවා. එමෙන්ම, දෙලක්ෂය ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 6.4ක් දක්වා කරකවා ගැනීමටද මෙම සලරුව සමත් වෙනවා.
Terminator: Dark Fate (2019)

Terminator 2: Judgment Day පසුව අධ්‍යක්ෂක James Cameron විසින්, මෙම චිත්‍රපටයත් සමගින් ප්‍රථම වතාවට නැවතත් Terminator චිත්‍රපට මාලාවත් සමගින් එකතු වනු ලබනවා. නමුත්, අධ්‍යක්ෂකවරයෙක් ලෙස නෙමෙයි, නිෂ්පාදකයෙක් ලෙස පමණයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ, සුප්‍රකට Deadpool (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ Tim Miller විසින්. ඒ වගේම, සුපුරුදු පරිදි මෙම චිත්‍රපටය තුලත් Arnold Schwarzenegger විසින් සිය රංගන ප්‍රතිභාව ලබාදෙනු ලබනවා.
වර්ෂ 2017 දී තමයි James Cameron විසින් ප්‍රකාශ කරන්නෙ, මෙම හයවෙනි Terminator චිත්‍රපටයත් සමගින් Terminator චිත්‍රපට මාලාව අවසන් වන බවට. මෙම Terminator චිත්‍රපට හය මගින් පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් උපයාගෙන තිබෙන බව තමයි සඳහන් වෙන්නෙ.
ඒ වගේම තමයි, මෙම හයවෙනි Terminator චිත්‍රපටය සෘජුවම සම්බන්ධ වෙන්නෙ Terminator 2: Judgment Day චිත්‍රපටයට. විශේෂත්වය තමයි, Terminator 2: Judgment Day චිත්‍රපටයෙන් වසර 28කට පස්සෙ තමයි ඒ හා බැඳුණු මෙම හයවෙනි සහ අවසාන Terminator චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. ඒ වගේම තමයි, Terminator 2: Judgment Day චිත්‍රපටයෙන් පසුව, වසර 28කට පසුව තමයි Linda Hamilton විසින් සාරා කෝනර් ලෙසින් Terminator චිත්‍රපට මාලාවත් සමගින් නැවත එක්හාසු වෙන්නෙ.
මෙම අවසාන චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න දැවැන්ත පිරිවැයක් යොදමින්. නමුත්, අවසානයේ මෙම චිත්‍රපටයට උපයා ගැනීමට හැකියාව ලැබුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වගේ මුදලක් තමයි. ප්‍රචාරණ වියදම් එක්ක ගත්තාම ජාමෙ බේරගන්න නම් අවම වශයෙන් ඩොලර් මිලියන 450-480ක් වගේ මුදලක් හොයාගන්න වෙලා තිබුණත්, අවසානයේ අවසාන Terminator චිත්‍රපටයෙන් ඔවුනට හිමිවුණේ ඩොලර් මිලියන 130ක පමණ අති දැවැන්ත පාඩුවක් පමණයි. කොහොම වුණත්, Terminator 2: Judgment Day චිත්‍රපටයෙන් පසුව අධ්‍යක්ෂක James Cameron ඉවත්ව යෑමත් සමගම අයාලේ ගිය මෙවැනි චිත්‍රපට මාලාවක් තුලින්, මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එකයි මගේ පෞද්ගලික මතය නම්.
චිත්‍රපටය Imdb දර්ශකය තුල, හැටදහස ඉක්මවූ මනාප සංඛාවකින් 6.4ක ඇගයීමක් ලබාගන්නා අතරම, Best Sci-Fi Film, Best Stunts, Best Science Fiction Film, Outstanding Special Effects in a Photoreal or Animated Project යන සම්මාන හතර සඳහා නිර්දේෂ වූ අතර, CinemaCon සම්මාන උළෙලේදී Ensemble Award සම්මානය දිනාගැනීමටද සමත්කම් දැක්වූවා.
චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳව වැඩි වශයෙන් සාකච්ජා කරන්න බලපොරොත්තුවක් නැහැ. අනාගතයේ සිට පැමිණෙන, විනාශ කිරීමට අතිශය අපහසු Rev-9 වර්ගයේ අති බිහිසුණු ඝාතන යන්ත්‍රයක් මගින් වර්තමානයේ තරුණියක් ඝාතනය කිරීමට දරණ උත්සාහය සහ, මේ ඔස්සෙ ගලා යන ත්‍රාසය, භීතිය සහ ඇඟ කිලිපොලා යන ආකරයේ වික්‍රමාන්විත ක්‍රියාදාම අතරේ ඔබව මුසපත් කරන්නා වූ හෝරා දෙකක කාලයක් ගත කිරීමට සියළු දෙනාටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ, අති දැවැන්ත ක්‍රියාදාම දර්ෂණ කීපයක්ම බොහොම විශිෂ්ඨ ආකාරයෙන් ඉදිරිපත් කරන ආකාරය ඔබටම නැරඹීමට හැකියාව තිබෙනවා. නමුත්, බොහොම සරළ කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත වෙන්නෙ. හැබැයි, අත දිග ඇරලා වියදම් කරලා තියෙන නිසා කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියන එකයි මගේ පෞද්ගලික අදහස නම්. ඒ වගේම තමයි, අවසානය සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කරන්නත් ඔවුන් අමතකර කරලා නැහැයි කියලා නොකියම බැහැ.
චිත්‍රපටයේ අවසානයත් එක්ක සමහරවිට ඔබට ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන්න පුලුවන්, මේ Terminator චිත්‍රපට මාලාව ඉදිරියට ඇදගෙන යන්න තරම් කතා මාලාව තවමත් ශක්තිමත් නේද කියලා. ඔව්, ඔබත් සමගින් මමත් එකඟ වෙනවා. අවශ්‍ය නම්, තවත් චිත්‍රපටයක් නිකුත් කල හැකි පරිදි තමයි මෙම චිත්‍රපටය අවසාන වෙන්නෙ. නමුත්, දුකින් වුණත් කියන්නම වෙනවා, James Cameron මහත්මයා පවසන ආකාරයට මේ තමයි මේ චිත්‍රපට මාළාවෙ අවසානය.
එහෙනම්, දීර්ඝ ලිපිය අවසානයක් කරන්නම්. 80-90 දශක වල ඉපදුණු අපේ ළමා කාලය-තරුණ කාලය වර්ණවත් කරපු සිනමා වීරයො එක්කෙනා දෙන්නා දැන් දැන් සමුගෙන යන්න පටන් අරගෙන තියෙන්නෙ. ගිය වර්ෂයේම තමයි රැම්බෝ චරිතය ප්‍රේක්ෂක අපෙන් සදහටම සමුගෙන ගියේ. එයින් වැඩි දවසක් යන්න කලින් ටර්මිනේටර් චරිතයත් අපගෙන සමුගෙන යන්නයි මේ සූදානම. කළු ඇඳුමින් සැරසී, කළු අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින්ගත් ඒ දැවැන්ත යාන්ත්‍රික රූපකාය මින් ඉදිරියට යලි කිසිදිනෙක ඔබ ඉදිරියට නොපැමිණෙනු ඇත. අකමැත්තෙන් වුණත් පිලිගන්න… මේ අයගෙ අවසානයත් එක්ක ඒ හා බැඳිච්ච අපිත් ටිකෙන් ටික අපේ අවසානය කරා ගමන් කරනවා කියලා.
එසේනම්, දයාබර Cyberdyne Systems Model 101 / T-800… ඔබට සුභ ගමන්…!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR / WEB පිටපත් සඳහා අදාළ වේ.
46,834 downloadsDownload Terminator-Dark-Fate-2019.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
100 comments
avishka360
LaHIRU MV
සබ් එකට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
NavinduTharaka
thank you bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kapila4499
thanks for sub
yako me sub karana minissu meka karanne hari amaruwen mekata log wela comment dala yanna amataka karanna epa
mokada api srilankanneGathsara Umesh
උප සිරැසියට බොහෝම ස්තූතියි අයියේ..
ලිපියත් අලස්සනට ලියල තියෙනවා...අන්තිම ටික කියෝනකොටම සදුකත් හිතුනා...dush135
ela
thushararox
ane judgement day ekata sub nane.
rockz2020
සබ් දීලනේ තියෙන්නේ.
movie එකට අදාල poster එකට උඩින් තියෙන නම click කරන්න සහෝ.✌Lasantha
Page eka open wenne na
Eranga Sandaruwan
සදාතනික ලෝක ස්වබාවය. වයසට යැම.
අනේ ඉතින් මක් කොරන්නද?රැම්බෝට අත්වෙච්ච ඉරණමට වඩා බිහිසුනු ඉරණමක් නෙව ටමිනේටර්ට අත් වෙලා තියෙන්නේ.
මක් වෙලාද? නාකි සුද්දෝ ෆිල්ම් බලන එක අඩු වෙලාය??
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා ඇ..Bole
Jaya wewah !!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
1917 (2019)
Motherless Brooklyn (2019)
Jay and Silent Bob Reboot (2019)
Acceleration (2019psarips
piyasiri
SUNDARA ATHITHAYA MATHAK WENAWA DUKAK DENENAWA THANKS
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!tom_tho
ලස්සන ලිපියක් සහෝදරයා
rockz2020
අලේ සබ් දීලා ලිපි ලියලා ඇඟේ රෝම කෙලින් කරන්න එපා හරිය, ඒවා කැත වැඩ බ්‍රෝ :/
මොකක්ද අයියෝ rambo එකත් පාඩු පිට නැවැත්තුවා දැන් මේකත් පාඩුපිට නවත්තනවා,
සුපිරියක් ගහලනේ නවත්තන්න ඕනේ :(
මොනා කරන්නද ඉතින් හබස් උනාට සබක් දාගෙන බලන්න තමයි තියෙන්නේ ;)
තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dulan Randika
බොහොම ස්තූතියි සහෝදරයා ලිපිය හින්දම තමයි නොබලන් කෙනෙක් උනත් බලන්නෙ.ඇත්තටම කිව්ව වගේ අඩුවක් පාඩුවක් නැතුව තව ෆිල්ම් දෙකතුනක් අදින්න තිබ්බා.කැමරන්ම මේක direct කලා නම් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද.මේකෙම part 2 උනත් තව යස අගේට හදන්න තිබ්බා.
dissanayaka33
thanks
tharidu16
ayyooo echchara paduwak labuwe mokada danne na neda
subodha
Thanks
Sandun
බොහොම ඉස්තුතියි සහෝ සබ් එකට... අපේ පොඩිකාලේ ඉවර වෙලා තරුණ උනා, දැන් තරුණ කාලෙත් ඉවරවිගෙන එන්නේ, ඒකාලේ බලපු චිත්‍රපට වගේ දැන් හෝද ඒවා එන්නෙත් නෑ, තියන ටිකත් ඉවරවෙනවා... හැමදේම ඔහොම තමයි සහෝ... අනිත්‍ය ලෝකේ අපිට කිසිම දෙයක් නිත්‍ය විදිහට තියෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ... ඕක තමයි සසර දුක...
vsisuru
meka witrak balal terumgnn berida anith awa blnnma oned
lakshithaus
Kaalaya gewila yanawa denunne me nirmanath ekka.. hemadema kawada hari awasan wenawani....eny way thanks bro.......
ncnalandian
methana bana kiyanna epa oi
vsisuru
anith awa blnne ntiwa meka beluwoth awl d
MudithaDissanayaka
pasugiya sathiya thula thunwana athawatat okkoma film tika baluwa.kathawa mathak wenna.onna ada awa. blue ray wagema webdell eka.
ada download wenna damma.
thanks sahodaraya. sub ekata.
aye thawa film ekakadi comment ekakin hamuwemuTharindu3116
film eka download krganna link ekk dannsko
Kalanacosta
Thank you very much.........
ravindu93
Lassanata Describe Karala Tiyenawa Kathawa gena. Thank You Very Much.....
Janith C
Thanks bro
priyanthafernando
thanks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Dinesh Buddika
APOI SAK.........TERMINATOR AAYE NAANE
Denuthu
Thank you...
Madushanka
Thanks Bro
Nilush Angana
Sub ekata thanx
Hiran Eranda
thanks for sub
aks
Thanks...
Asitha.pramoth
බොහොම ස්තූතියි. ජය
ruchiralakmal
Thanks for the sub !!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
indika75
thanks..
Shaggie
Thnks mchn
wnrodrigo
Good work friend, Thanks for the sub!
chandikaranaweera
great message.. thanks for the everything
suranuwan
thanks bro...
chanakaaa
neyamai thanks,,,,,,,,,,,,
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bobby
Thank you very much Sisila
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Saranga J. Liyanagama
Thanks bro...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thanks