ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප්වාසි සියළු දෙනාට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව හමුවෙන්න එන්නේ දමිළ සිනමාමේ තවත් ලස්සන ආදායම් වාර්ථා ඉපයුම් කරන ලද 2019 වර්ෂයේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක උපසිරසි අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න…

ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප්වාසි සියළු දෙනාට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව හමුවෙන්න එන්නේ දමිළ සිනමාමේ තවත් ලස්සන ආදායම් වාර්ථා ඉපයුම් කරන ලද 2019 වර්ෂයේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක උපසිරසි අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා.
මීරා…
ඔයත් එක්ක පොඩ්ඩක් කථා කරන්න ඕනි.
කරුණාකරලා එක විනාඩියක්, මීරා…
බේබි, මම දන්නවා ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නේ කියලා-
බේබි, මම දිහා එක වතාවක් හරි බලන්න.
බේබි, ඇයි මාව නොසලකා හරින්නේ?
හරි, ඔයා කතා කරන්න එපා!
කියන දේ විතරක් හරි අහන්න.
මොකටද මම අහන්නේ?
එදා මම කොච්චර කිව්වද, මම කියපු දේ ඔයා ඇහුවද?
දැන් මම මොකටද අහන්නේ?
යන්න, දැන්ම යන්න!
මම යන්න මෙහේ ආවේ නැ.
ඔයාව එක්කරගෙන යන්නයි ආවේ, එන්න!
ආදිත්‍ය වර්මා දෙමළ චිත්‍රපටය Gireesaaya විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර නිෂ්පාදනය E4 Entertainment යටතේ Mukesh Mehta විසින් සිදු කොට ඇත. මෙම චිත්‍රපටයේ නවක නළු මෙන්ම ප්රවීන නළු Vikramගේ පුත් Dhruv Vikram සහ Banita Sandhu ප්‍රධාන චරිත නිරූපණය කරයි. මෙය තෙළිඟු චිත්‍රපටයක් වන Arjun Reddy (2017) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම තෙළිඟු චිත්‍රපටය Kabir Singh නමින් හින්දියෙන්ද ප්‍රතිනිර්මාණය විය. මෙම චිත්‍රපටය මුලින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබුණේ අධ්යක්ෂක බාලා විසින් වන අතර එය 2018 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ රූගත කොට ඇත; මෙහි නම නම් කොට තිබුණේ Varmaa නමිනි. මෙම මූලික රූගත කිරීම් 2018 මාර්තු මස මුලදී නේපාලය හා කත්මණ්ඩු නුවරදී රූගත කිරීම් ආරම්භ වූ අතර සතියකට පසුව, එහි පළමු කාලසටහන සම්පූර්ණ කිරීමෙන් පසු කාර්ය මණ්ඩලය දෙවන කාලසටහන සඳහා චෙන්නායි වෙත එන ලදි.
දෙමළ චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් රූගත කිරීම් කෙටි කලකට නතර වූ නමුත් වැඩ වර්ජනය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසයේදී නැවත ආරම්භ විය. අවසාන රූගත කිරීම් සඳහා කණ්ඩායම තිරුවන්නමලෙයි පිටත් වෙන ලදි. නමුත් මේ රූගත කිරීම් 2018 සැප්තැම්බර් මාසයේදී අතහැර දමා ඇත. කෙසේ වෙතත්, නිර්මාණාත්මක වෙනස්කම් හේතුවෙන් 2019 පෙබරවාරි මාසයේදී E4 Entertainment නවක නළු නිළියන් සහ කාර්ය මණ්ඩලයක් සමඟින් නැවත රූගත කිරීමට තීරණය කොට ඇත; මුල් කණ්ඩායමේ සිටි අයගෙන් තෝරා ගෙන තිබුණේ Dhruv සහ සංගීත අධ්‍යක්ෂ Radhan පමණි. ආදිත්‍ය වර්මා නම් නව සංස්කරණය 2019 මාර්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කර මැයි මාසයෙන් අවසන් විය. එය 2019 නොවැම්බර් 21 දින ලොව පුරා නිකුත් කරන ලද අතර ඊළඟ දවසේ ඉන්දියාවේ නිකුත් කරන ලදි.
මෙම චිත්‍රපටයේ ගීත නිර්මාණය කර ඇත්තේ රාධන්ය. චිත්‍රපටයේ පසුබිම් සංගීතය රචනා කර ඇත්තේ Harshavardhan Rameshwar විසිනි. ඔහු මුල් චිත්‍රපටයේ පසුබිම් සංගීතය මෙන්ම හින්දි ප්‍රතිනිර්මාණයයේද පසුබිම් සංගීතය සපයයි. මුලින් රූගත කළ Varmaa චිත්‍රපටයට Vairamuthu විසින් රචනා කරන ලද Vignesh G. විසින් ගායනා කරන ලද “Vaanodum Mannodum” නම් ගීතය 2018 දෙසැම්බර් 27 වන දින නිකුත් කරන ලද නමුත් එය ආදිත්‍ය වර්මාට ඇතුළත් නොවීය. පසුව Aditya Music ආදිත්‍ය වර්මාගේ ගීතවල අයිතිය ලබා ගත්තේය. විවේක් විසින් රචිත “Edharkadi” ගීතයේ, Dhruv පසුබිම් ගායකයෙකු ලෙස දායක වන අතර එය 2019 අගෝස්තු 13 වන දින ලෙස නිකුත් විය. තවත් ගීතයක් වන “Yaen Ennai Pirindhaai” සැප්තැම්බර් 23 වන දින නිකුත් කරන ලදී. ඉතිරි ගීත ඔක්තෝබර් 22 දින නිකුත් කරන ලදී. සියලුම ගීත සඳහා (“Yaen Ennai Pirindhaai” හැර), රාධන් අර්ජුන් රෙඩ්ඩි නිර්මාණයට භාවිතා කළ තනු නැවත නාද භාවිතා කොට ඇත. චිත්‍රපටය නිකුත් වී දින කිහිපයකට පසු Aditya Music විසින් තවත් ගීත දෙකක් නිකුත් කරන ලදී: “Nenjukulle” ( අර්ජුන් රෙඩ්ඩිගේ “Gundelona” ගීතයේ තනුවෙන්) මොහාන් රාජන් විසින් රචනා කරන ලද අතර ගායනය ෂ්වේතා මොහාන්ගෙනි.
(ලිපිය සටහන : පුබුදු ප්‍රසන්න සහෝදරයගෙන්)
චිත්‍රපටය ගැන යමක්………..
වසරේ පැමිණි ආදිත්‍ය වර්මා නමි මෙතෙක් Gireesaaya ගෙන් බලාපොරොත්තු නොවූ විශිෂ්ට ගණයේ රංග වින්‍යාසයයක් ඇතුළත් චිත්‍රපටයක් ලෙස සහ කට පුරා කිව හැකි ලෙස වසරේ නැරඹු සුවිශේෂීම චිත්‍රපටයක් විදියට 2019 නැරඹුමි ලැයිස්තුවෙි ඉහළින්ම පිහිටු සිනමාපටයයක්. ජනප්‍රිය කොලිවුඩ් නළු වික්‍රම්ගේ පුතු දෘව් වික්‍රම් තම ප්‍රථම සිනමා රංගනය ලබා දෙන ආදිත්‍ය වර්මා චිත්‍රපටය ඔහු ප්‍රධාන චරිත නිරූපණය කරයි. ආදිත්‍ය වර්මා (ධරව් වික්‍රම්) යනු වෛද්‍ය විද්‍යලයේ අති දක්ෂ වෛද්‍ය සිසුවෙකි. නමුත් ඔහු දැඩි ලෙස කෝපයට පත්වන්නෙකි. කේන්තිය සම්බන්ධයෙන් ඔහු වෛද්‍ය විද්‍යාලයේ ජනප්‍රියත්වයක් උසුලන අතර එහි කුලපති සමඟ පවා ගැටුම් ඇතිකර ගත් අයෙකු වේ. පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පසු කුලපතිතුමා ඔහුට දන්වා සිටින්නේ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නොඑසේ නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසයි. ආදිත්‍ය ගත් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යාමේ තීරණය වෙනස් වන්නේ පළමු වසර අහිංසක සිසුවියක වන මීරා ෂෙට්ටි (බනීටා සන්ඩු) හමුවීමෙනි. වෛද්‍ය උපාධියෙන් පසු ආදිත්‍යහට විකලාංග ශල්‍යවෛද්‍ය උපාධිය වෙනුවෙන් වෙනත් පළාතකට යාමට සිදුවේ. ඒ වෙනුවෙන් ගත වූ වසර තුන තුළ ආදිත්‍ය සහ මීරා ෂෙට්ටිගේ සබඳතාව තවත් ශක්තිමත් වේ. ආදිත්‍ය දක්ෂ විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වුවද මෙම සබඳකමට මීරා ෂෙට්ටිගේ පියාගේ විරෝධය එල්ල වන්නේ කුලභේදය ද පෙරදැරිකර ගනිමිනි. මෙම ගැටලු හමුවේ ආදිත්‍ය විසින් අවසන් තීරණය ගැනීම මීරා වෙත පවරන්නේ ඒ වෙනුවෙන් ඇයට පැය හයක කාලයක් ලබා දෙමිනි. අනතුරුව ආදිත්‍යගේ සහ මීරාගේ ආදර කතාවට කුමක් සිදුවේද? ආදිත්‍ය ගේ වෛද්‍ය වෘත්තියේ අනාගතයට කුමක් සිදුවේද? ආදිත්‍ය වර්මා චිත්‍රපටයේ අවසානය පවසන්නේ එයයි. අර්ජුන් රෙඩිඩි නැරඹුවකු ලෙස, ආදිත්‍ය වර්මා ස්ථානගත වන්නේ අර්ජුන් රෙඩිඩිට වඩා ඉහළින්.දේවරකොණ්ඩාට වඩා ධරව් වික්‍රම්ගේ රංගනය ඉතා පොහොසත් ගණයේ එකක්.අර්ජුන් රෙඩිඩිගෙන් ආදිත්‍ය වර්මා වෙනස් වනුයේ චිත්‍රපට සංගීතය නිසාම නොව,ධරව් වික්‍රම්ගේ රංගනයත්,ඔහුට මනා සහයක් ලබාදෙන ඔහු වටා ගැවසෙන චරිතයන් ය. .”ADITHYA VARMA ” යනු 2019 වසරට අදාළව නැරඹු විශිෂ්ටතම සිනමාපටයන්ගෙන් එකක් බව කිව අවසානයේ යුතු මනාය.
Top in Collection ඒ අනුව, මෙම චිත්‍රපටය පළමු සති අන්තයේ දී රුපියල් ලක්ෂ 98 ක් උපයා ඇත. ෆූරෝසන් 2 චිත්‍රපටය පළමු සතිය තුළ රුපියල් ලක්ෂ 91 ක් උපයා ඇත. ඒ මත පදනම්ව චෙන්නායි බොක්ස් ඔෆිස් හි ඇති ආදිත්‍යවර්මා චිත්‍රපට එකතුව තට්ටු කරමින් පවතී. කෙසේ වෙතත්, සඳුදා ආදිත්‍යවර්මා එකතුව සුළු වශයෙන් පහත වැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම චිත්‍රපටය සිව්වන දින චෙන්නායි බොක්ස් ඔෆිස් හිදී රුපියල් ලක්ෂ 12 ක් පමණ උපයා ඇති බව පැවසේ.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය: Gireesaaya.
නිෂ්පාදනය: ukesh Mehta
කථාව රචනය:SandeepVanga
රංගන ශිල්පීන්: Dhruv Vikram, Banita Sandhu
ධාවන කාලය: 2h 48min
තිරගත කල දිනය: November 2019 (worldwide), 22 November 2019 (India)
සංගීතය: Radhan
IMDB වර්ගිකරනයට අනුව ලකුණු : 7.0 /10
අරගෙනම ඔයාලත් බලන්න කියන ගමන් අදට මා සමුගන්නවා. නැවතත් මෙවැනිම ලස්සන සලරුවකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණයි.
විශේෂ ස්තූතිය :- යුරාන් ධනුක සහ කසුන් ජලිත සොයුරන් වෙත.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD AVC පිටපත් සඳහා අදාළ වේ.
19,608 downloadsDownload ADITHYA-VARMA-2019.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
18 comments
Eranga Sandaruwan
gayanmagee
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Jalitha
බොහොම ස්තූතියි උදය අයියෙ උපසිරසියට. බලාගෙන ඉඳපු එකක්. කීප පාරක්ම ඇවිත් ගියා සබ් දාලද බලන්න.
ජය වේවා !!!Avindu Umesh Gunasinghe
Tnx bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
ඔෂද ධනංජය
thanks sahoo... loku wistharayak ekkama
arawindasunimal
ස්තුතියි උපසිරසියට (උදය සමන් කුමාර) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Achi
90ml 2019 telegu එකට සබ් දෙන්නකෝ
santhusha319
thanks bro
santhusha319
thanks mchn
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Shehan putha
Thanks USK
N_R
Thank You.
avishka360
Thanks
kavindu
mata subtle downlod karanna bene.mt poddak help karanna
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
ෆිල්ම් එක ඇවිල්ලා ගොඩක් කල්..
කවුරුත් සබ් දීපු නැති නිසා අදහස අත් ඇරගෙන හිටියේ..
එල එල..