Watch Trailer

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම…

The Bone Collector (1999)The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone Collector  වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Phillip Noyce විසින්. The Bone Collector චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) ලබාගෙන ඇති අගය 6.7/10ක් වෙනවා. ඇමෙරිකන් ඩොලර් මිලියන ක වියදමෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 151.5 ක ආදායමක් ලබාගෙන තිබෙනවා.

ලින්කන් රයිම් කියන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක්. එක්තරා මළසිරුරක් ගැන හොයන්න උමං මාර්ගයකට ගිය වෙලාවක ඔහු දරුණු අනතුරකට මුහුණපෑමෙන් අංශභාග තත්වයට පත්වෙනවා. ගුවන්තොටුපළෙන් ගෙදර යාමට එක්තරා කුලීරියකට නැඟ, අතුරුදන්වූ ව්‍යාපාරික යුවලක් ගැන පරීක්ෂණ ඇරඹීමට පොලිසිය ලින්කන් රයිම් ගේ උපදෙස් අපේක්ෂා කරනවා.  මේ අතර ඇමිලියා ඩොනහි නම් මුර සංචාරක පොලිස් නිලධාරිණිය දුම්රිය මාර්ගයක් අසළ අර්ධ වශයෙන් වලදමා තිබූ මළසිරුරක් සොයාගනු ලබනවා. මේ මළසිරුර අසළ තබා ගිය සාක්ෂි වලින් මිනීමරුවා ඉදිරියේදී කරන්නට යන මිනීමැරුම ගැන ඉඟියක් ලබාදෙනවා. රහස් පරීක්ෂක ලින්කන් රයිම් සහ ඩොනහි දෙදෙනාට එම ඉඟි වටහාගෙන ඔහු කරන මිනීමැරුම් වලක්වා ගැනීමට හැකිවේවිද? මේ මිනීමරුවා ඝාතනයට ලක්වූ පුද්ගයාගේ සිරුරෙන් අස්ථිය නිරාවරණය වන අන්දමින් මස් කුට්ටියක් ක්‍රමානුකුලව ඉවත් කරගෙන තිබෙනවා. මේ අනුව රයිම්ස් නිගමනය කරන්නෙ මිනීමරුවා ශල්‍යවෛද්‍ය දැනුමක් සහිත පුද්ගලයෙක් වියහැකි බවයි. ඒ කවුරුන්ද යන වග සොයාගැනීමට රයිම්ස්ට හැකි වේද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා:

Denzel Washinton – රහස් පරීක්ෂක ලින්කන් රයිම් Angelina Jolie – ඇමිලියා ඩොනහි Queen Latifah – තෙල්මා Michael Rooker – කපිතාන් හොවාඩ් චේනි Mike McGlone – රහස් පරීක්ෂක කෙනී සොලමන් Luis Guzman – එඩී ඔර්ටිස් John Benjamin  – වෛද්‍ය බැරී ලේමන් Ed O’neill – රහස් පරීක්ෂක පෝලි සෙලිටෝ Leland Orser – රිචඩ් තොම්සන් 

මේක මගේ දොළොස්වන උපසිරසි නිර්මාණයයි. The Bone Collector මුල ඉඳන්ම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි නියම ත්‍රාසජනක චිත්‍රපටයක්. ඔයාලත් බාගෙන බලන්නකො. අමතක නොකර Comment එකක් දාලම යන්න!!තවත් උපසිරසියකින් ඉක්මනින්ම මුණගැසෙමු! ඔබට ජය!!

ඔබට ජය!!

From Hell (2001) on IMDb

 

 

750 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2AB33288EF609BE4C267E958AB66020E14753903

1.6 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

91D0C67096C076A0884B7E255F1E9FB28584BD6A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,707 downloadsDownload The-Bone-Collector1999.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,707 downloadsDownload Subtitles96 KB

27 comments

  1. හේමන්ත

    ස්තුතියි මල්ලි...

  2. Asitha

    මේක ITN එකේ ගියා.
    එත් බලන්න බැරි උනා.
    Denzel Washinton, Angelina Jolie ඉන්නව නම් නොබලා කොහොමද...?
    තෑන්ක්ස්.

  3. Isuru

    Thanks thawa hoda thriller film ekak denna

  4. Eranga

    Thanks

  5. gihan

    pataas කියලා නියම තෙළිඟු ෆිලුමක් තියනවා..imdb රේටින් නම් 7යි..සුපිරි පහරක්..පොඩ්ඩක් හොයලා ඒකටත් සබ් දෙන්න කියලා ඉල්ලනව..bone collector ෆිලුම දුන්නට ගොඩක් ස්තුති මිත්‍රයා..

  6. sameera

    maxxxxxxxxa bro onna mamath gatta

  7. Amila Mudalige

    Thanks Saho sub ekata

  8. mithun

    තැන්ක්ස් බ්‍රෝ. මං අසම නලුවෙක්..
    මෙයාගෙ ෆිල්ම් තව තියෙනව නම් දෙන්න.
    මෙකටත් සබ් දෙන්නකො.
    The trust (2016) blurry avidin

  9. indika

    ගොඩක් ස්තුති.....

  10. Tharindu Athukorala

    thank you brother...:D

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  13. Akalanka

    Thnx Bro.........

  14. Asiri

    පට්ට ෆිල්ම් එකක් වගේ.sub වලට බොහොම ස්තූතියි.ජය වේවා.

  15. Gayan

    Thanks sub ekata...

  16. tharin

    ela mchn sub dunna thnx...

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Sanjaya

    ස්තූතියි සහෝ.

    ජයවේවා……
    බුදු සරණයි.. !!

  19. Dulanga

    Thanks

  20. Bobby

    Thank you Brother

  21. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Pahasara

      Godak thankz....

  22. nidi

    pudumai me tharam honda film ekak wedi denekuge esata wedila nethi eka gena. mata nam niyameta weduna. thank you very much, Prabuddha!

  23. muditha gayan

    thannnnnnnnnnzzzxxx

  24. Lakshansilva18

    Seriel killer movie ekak nam patta උපසිරිසියට බොහොම ස්තුති

  25. HarshaJ

    සුපිරි සුපිරි .
    Thank you brother

  26. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.