Watch Trailer

The Circle (2000) | ගැහැණියක වී ඉපදීම මේ තරම් අපරාධයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඉතිං…… ඉතිං….. ඔන්න අදත් අරගෙන ආවා සලරුවක්, ඔයාලට බලන්න. අද මම ගෙනාවෙ වෙනස්ම වෙනස් එකක්. මීට කලිං අපේ කට්ටිය, ප්‍රංශ, ජර්මන්, ස්පැනිෂ්, කොරියන් වාගෙ ටිකක් වෙනස් භාෂා වල චිත්‍රපට බලල තියනවනෙ, අපේ බයිස්කෝප් සහෝදරවරු දුන්න. ඉතිං ඒ වාගෙ අද මම ඔයාලට බලන්න ගෙනාවෙ පර්සියානු භාෂාවෙන් තැනුන සලරුවක්. අර චිකන…

The Circle (2000)

ඉතිං…… ඉතිං….. ඔන්න අදත් අරගෙන ආවා සලරුවක්, ඔයාලට බලන්න. අද මම ගෙනාවෙ වෙනස්ම වෙනස් එකක්. මීට කලිං අපේ කට්ටිය, ප්‍රංශ, ජර්මන්, ස්පැනිෂ්, කොරියන් වාගෙ ටිකක් වෙනස් භාෂා වල චිත්‍රපට බලල තියනවනෙ, අපේ බයිස්කෝප් සහෝදරවරු දුන්න.

ඉතිං ඒ වාගෙ අද මම ඔයාලට බලන්න ගෙනාවෙ පර්සියානු භාෂාවෙන් තැනුන සලරුවක්. අර චිකන් වුණාට සතා මොකාද, කියල අහනවා වාගේ, බාසාව නං හරි, ඒත් ඕක කතා කරන්නෙ මොන දීපංකරේද කියල,කෙනෙක් අහාවි නේද.එහෙනං අහලම බලන්ඩකො ඒකෙ විස්තරෙත්.

පරිසියානු භාෂා කතා කරන්නෙ පර්සියාව කියන රටේ. ඉතිං ඔය කියන රට ලෝකෙ තිබුණෙ මීට අවුරුදු දාස් ගාණකට කලිං නොවැ. දැන් ඒ රටට කියන්නෙ ඉරානය කියල. ඹන්න ඹය ඉරානෙ නිර්මාණය වුණ එකක් තමයි මේක.

මට හිතෙන විදියට මේ සලරුවෙන් තමයි අපේ බයිස්කෝප් එකට ඉරාන සිනමාවෙ ආගමනය සිද්ධ වෙන්නෙ. ඒ කීවෙ පළමුවෙනි ඉරාන සිනමා නිර්මාණය. (මීට කලින් අපේ කෙනෙක් ඉදිරිපත් කරලා තියනව නම් මම ඉතා අහිංකව ගැත්තාට සමාව භජනය කොරනවා)

මේ සලරුව ඉරානෙ ඉන්න නිදහස් සිනමාකරුවෙක් වන, Jafar Panahi කියනකෙනා තමයි අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ඒත් ඉතිං මුන්නැහේට මේක, ඉරාගෙන හැදුවට මොකද, ඉරානෙ ජනතාවට පෙන්න ගන්න බැරිවුණා. ඒ කීවෙ මේක, ඉරානෙ තුල ප්‍රදර්ශනය තහනම් කලා. ඊට පස්සෙ ඉඉරානෙං බැරිනං ඉතාලියෙන්, කියල මුන්නැහේ මේක ඉතාලියෙදි ප්‍රදර්ශනය කලා.

මේ චිත්‍රපටයෙ තඑනම් කොරන්ඩ තරං තියන කතාව මොකද්ද දන්නවද, දැඩි ඉස්ලාම් මතධාරී සමාජය තුල කාන්තාව පීඩාවට පත්වෙන ආකාරය ගැන තමයි පෙන්නල තියෙන්නෙ. ඉරානෙ එක්තරා නගරයක වටරවුමක් හා එහි වීදි හා ඒ අවට ඇති ස්ථාන වලදී එක් එක් අවස්ථා වලදී කාන්තාවන්ට සිදුවන සිද්ධී දාමයක් තමයි මේකෙ තියෙන්නෙ. පාරි කියන ප්‍රධාන චරිතයකුත් තියනවා.

​මේ සලරුවේ ඹයගොල්ලො හැමදාම දකින එක දිගට පියවරෙන් පියවර කතාව ගලාගෙන යන ආකාරයක් නෑ.ටිකක් වෙනස් විදියෙ රූපමස කියවීමක් තියෙන්නෙ. මම දැක්ක තවත් විශේෂ කරුණ තමයි, මේ සලරුවේ වැදගත් යැයි හැඟෙන කිසිම පිරිමි චරිතයක මුහුණ පැහැදිලව පෙන්වන්නේ නෑ.

​2000 අවුරුද්දෙ ඉතාලියෙදි තිරගතවුණ මේ සිනමා සිත්තම, විවිධ ජාත්‍යන්තර සම්මාන 13කට වග කියල තියනවා. IMDB දර්ශකයෙ 7.4 අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා. ඒ මදැයි නෙව.

​ඔයාලත් අරගෙනම බලන්නකො. ඉතිං මම හැමදාම උත්සාහ කරන්නෙ අපේ යාළුවන්ට නැවුම් සිනමා අත්දැකීමක් ලබාදෙන්න.ඒක කොයි තරම් දුරට සාර්ථකද කියල, තීරණය කරන එක මේ නිර්මාණ නරඹන ඔබට බාරයි. ඉතිං අවසානෙට කියන්න තියෙන්නෙ, ගොඩක් මහන්සිවෙලා ඔයාලට දෙන මේ නිර්මාණයෙ සතුට අපි භුක්ති විඳින්නෙ ඔයාලගෙ කොමෙන්ටුවකින්. ඉතිං නිර්මාණෙ බාගෙන යන ගමන්, පහල තියන කොටුවෙ කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න කියල තමයි යාළුවන්ට කියන්න තියෙන්නෙ. ආයෙත් දවසක හමුවෙමු……

The Circle (2000) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

b100c8ed5fd48ded0f67f3812495b2abc36ee0a6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

957 downloadsDownload The-Circle-2000.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

957 downloadsDownload Subtitles31 KB

42 comments

  1. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  2. Madhawa

    Ela ela.

  3. Vipz

    Thanks a lot bro ... :)

  4. Vipz

    Hey bro the link doesn't work :(

  5. Kushan

    thanx sub ekata

  6. ගම්ලත්

    සොහොයුර, ඔබගේ ව්‍යායාමයට බෙහෙවින් තුති පුදමි.
    මේ අගනා සම්ප්‍රදානයට ඔබ කැප කළ වෙහෙසට අපි ඔබට ආයුරාරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරමු.

  7. Kulanjana Maduranga

    ela.........subata thanks RUWAN saho.Great work .digatama sub denn.jaya wewa..........

  8. niluka

    Thanks Bro
    I like these type movies

    Cheers

  9. නලින්

    ස්කුතියි සහෝ!

    ජය වේවා!

  10. Lakith

    Thanks........Saho Thanks A Lot............

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. විමා

    ඉරාන සිනමා නිර්මාණ කලින් නම් ලැබිලා තියේ කොලුවෝ ;)

    හැබැයි ඉතින් මේ වගේ වෙනස් කතා වැඩිය ලැබෙන්නේ නැහැනේ

    බොහොම ස්තුතියි උපසිරසට :D

  13. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  14. කේ.යූ.ජී. උදාර

    ජෆාර්ගේ නිර්මාණ හුඟක් ඉහළ මට්ටමකයි තියෙන්නෙ.............
    මේකට සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි.

  15. Sisira Hegoda

    Thanks.

  16. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  17. Ashain

    මීට කලින් ඉරාන සලරුවක් බයිස්කෝප් එකට ආව......A Separation .. ඒත් මේකත් හොද එකක් වගේ...ela ela

  18. Praneeth

    මගේ කැමතිම ටයිප් එකේ ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි

  19. Milan

    Patta mchn

  20. Isuru

    මෙන්න මේ වගේ හොඳ නිර්මාණ තමයි, වැඩියෙන් බයිස්කෝප් එකෙන් දෙන්න ඕනේ. ඕන් දැනුයි බෑවේ. අද හරි, හෙට හරි මේක අනිවාර්යෙන් බලනවා. ඉංග්‍රීසි, හින්දි, තෙලිඟු ෆිල්ම් වලට අමතරව මේ විධියට විවිධ රටවල හොඳ නිර්මාණත් ඉදිරියේදී තව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සබට බොහෝම ස්තූතියි මචෝ! ජය වේවා බයිස්කෝප්!

  21. H.M

    මීට කලින් ඉරාන සිනමා කරුවන්ගේ විශිෂ්ඨ නිර්මාණ කිහිපයක් බෛයිස්කෝප් අඩවියෙන් මම බලල තියෙනවා. විශිෂ්ඨ නිර්මාණ කරුවන් වන අබ්බාස් කිසරොස්තාමි,මජීඩ් මජිධි,ගේ නිර්මාණ ඒ අතර වනවා.

  22. Naween

    සුපිරි ඉරාන චිත්‍රපටි මීට කලිනුත් දීලා තියේ.මජීඩ් මජිඩිගේ සුපිරි චිතුපටි කිහිපයක්ම දීලා තිබුනා.මේ ඉරාන චිත්‍රපටි වල සංවේදී තේමාවන් ගොඩක් වෙලාවට යොදා ගන්නවා වගේ පේන්නේ.මේකත් ඒ වගේ නෙව.නියමපි සහෝ මේවට උපසිරැසි දෙන එක නම්...සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.දිගටම සබ් දෙන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.ඔබට ජය...!

  23. Isu DP

    Niyamai Ruwan Sahoo......
    Wenas Kathawak Wage....
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  24. Sanjaya

    Thanks Saho.... Lassana Kathawak Wage... Sub akata Bohoma Pin

  25. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ බලන්න ඕනි මේකනම්, බලමුකෝ කොහොමද කියල එවැනි රටක ගැහැනියක් වී ඉපදීමේ විපාක, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  27. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Aditha Praween

    මේක කලින් දැක්කට බලන්න හිතුණේ නෑ .
    දැන් බලන්න ඕන .
    බොහොම තුති සහෝ සබට !
    :D

  29. NUWAN

    බොහෝම ස්තුතියි යාළුවා

  30. Global

    Good Work Bro..Thanks..!

  31. Sandun Dulanjana

    කොහොමත් මැද පෙරදිග රටවල කාන්තාවන්ට තිබෙන සැලකිල්ල අද සමාජයට තියා ගෝත්‍රික සමාජයකටවත් ගැළපෙන්නෙ නෑ.ඒ දේ ඒ රටේම කෙනෙක් විවේචනය කරමින් නිර්මාණයක් කරපු එකත් අගය කරන්න ඕන.

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ වෙනස් විදිහෙ නිර්මාණයකට උපසිරැසි දීපු එකට !
    ජය !

  32. chanadana

    bohoma sthuthiyi oyaata iran films wala godak loku therumak aadarshayak thiyenawa baiscope eken mita kalin mama danna tharamin iran films dekak deela thiyenawa thawa hoda film ekak thiyenawa the songs of sparrows kiyala ekath hoda film ekak

  33. රුවන් සම්පත්

    attenma.. Royli ayya mata kiwwa, meeta kalin iran 2k dila tynawai kyala.e gena nodanai

    pamporiya gahuwe.a film 2ta sub dunna yaluwangen itha yatahathwa mama sammawa bajana karanawa.....

  34. Prasanna de Silva

    සමාජ ගෑටලු පිලිබද අපේ අවධානය යොමු කරවීම ගෑන ඔබට ස්තුතියි.

  35. Nandana

    Thank U Ruwan.

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. nidi

    බයිිස්කෝප් අඩවිියට ඔයාලා වගෙ අය සමිපතක්.
    තව ච්ත්රපට ගොඩකට සබ්ස් දීිලා සයිට් එක බබලවන්න ඔයාට වාසනාව උදා වේවා.
    ගොඩක් ස්තුතියි අප වෙනුවෙන් කරන සේ්වයට.

  38. Pasan Madusankha

    මේ වගේ වෙනස් නිර්මාණයකට උපසිරැසි දීපු එකට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා..!

  39. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. madhusankha

    Thanks bro....

  41. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

  42. නිමල් දිසානායක

    රුවන්,
    සම්පතක් වන නැවුම් විදිහේ කතාවක් සහිත ෆිල්ම් එකකට සබ්ස් දීම වෙනුවෙන්
    මෙන්න ඔයාට තුති මල් මල් කළඹක්!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.