Watch Trailer

Rocky IV (1985) with Sinhala Subtitles | දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොල…

Rocky IV (1985)

ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොලෝ අතර රහසිගත තරඟයක් පැවැත්වුනා. creed චිත්‍රපටයට අනූවනම් ඒ තරඟය දිනලා තියෙන්නේ ඇපොලෝ ක්‍රීඩ්. හරි, මෙන්න මේකයි කතාව,

ලෝක ශූරතාවය ආපහු දින්නට පස්සේ රොකී තීරණය කරනවා විශ්‍රාම සුවයෙන් දිවිගෙවන්න. මේ අතරෙදි තමා සෝවියට් රුසියාව වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට ඇතුලු වෙන්නේ. ඉතින් මේ පාර රොකීට හම්බවෙන ප්‍රතිවාදියා මනුස්සයෙක්ද කියන එකත් හැමෝටම ලොකු සැකයක්. එයාගේ නම ඉවන්(අයිවන්) ඩ්‍රාගෝ(Dolph Lundgren). මෙයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි. සෝවියට හමුදාවේ කැප්ටන් කෙනෙක්. ඒ වගේම ලෝක ආධුනික බොක්සිං ශූරයා. උස අඩි 6යි අඟල් 5යි. බර 118 kg. මේ කතාවේ සඳහන් වෙන ආකාරයට සාමාන්‍ය heavyweight boxer කෙනෙකුගේ punching pressure එක 700 psi. ඒත් ඩ්‍රාගෝගේ ඒක අසාමාන්‍ය විදිහට වැඩියි. ඒ කියන්නේ 2000 psi ටත් වැඩියි. දන්නවනේ Mike Tyson ව? අනුමාන කරලා තියන විදිහට Tyson තමා වැඩිම  pressure එකක් දැනට වාර්තා කරලා තියෙන්න. ඒ 1800 ක්. ඉතින් මේ ඩ්‍රාගෝ කියන පුද්ගලයාව පුහුණු කරලා තියෙන්නේ රුසියාවේ තියන උසස්ම තාක්ෂණය යොදලා. 

Spoiler Alert.  

මේ ඉවන් ඩ්‍රාගෝට උවමනා වෙනවා රොකී බැල්බෝආ එක්ක තරඟ කරන්න. ඒත් රොකීට කලින් ඇපොලෝ ඉස්සර වෙනවා. ඇපොලෝ කියන්නේ විශ්‍රාම ගත්ත කෙනෙක්. ඒ වගේ කෙනෙක් ඩ්‍රාගෝ වගේ කෙනෙක් එක්ක කොහොම හැප්පෙන්නද? ඉතින් ඩ්‍රාගෝගේ පහරකින් ඇපොලෝ ක්‍රීඩ් බොක්සිං වළල්ලෙදිම මැරිලා වැටෙනවා. ඇපොලෝගේ ආත්මයට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතාගෙන රොකී එකඟ වෙනවා ඩ්‍රාගෝ සමඟ සටන් කරන්න.

කොහොම උනත් ජනතාවගේ ශූරායා වෙච්ච රොකී බැල්බෝට නම් හොඳ කරදර ගොඩක් වැටෙනවා. රොකීට පුළුවන් වෙයිද මෙයාව පරද්දන්න? ඔයාලම ඒක බලන්න.

මේ චිත්‍රපටයේ පසුබිම ගැන කියනවනම්, බොක්සිං වලටත් වඩා සීතල යුද්ධය ගැනයි මේකේ තියෙන්නේ. දන්නවනේ කාලෙක ඉඳලා රුසියාවයි ඇමරිකාවයි තරහයි කියලා. ඉතින් මේ චිත්‍රපටියෙදිත් ඒක හොඳාකාරවම බලාගන්න පුළුවන්. මේ film එකේ fighting scenes බොරුවට shoot කරපුවා නෙවෙයි. මෙතනදි රොකී කන හැම පාරක්ම ඇත්තටම ඩ්‍රාගෝ විසින් ගහපු පාරවල්. මේ fighting scene එකේ scenes තුනක් shoot කරලා ඉවර වෙනකොට Sylvester Stallone ව රෝහල්ගත කරලා තියනවා. හිතාගන්න පුළුවන්නේ. රොකී සීරීස් එකේ වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටයත් මේක කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙනම් ආයෙත් හම්බවෙමු. ජයවේවා. අඩුපාඩු මොනවත් තියනවම් මට කියන්න.

Rocky IV (1985) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

672 downloadsDownload Rocky.IV_.1985.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

672 downloadsDownload Subtitles37 KB

22 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. කසුන්

      thanks bro.

  2. හිටං

    අනේ රොකී 4 රොකී 5 රොකී 100 රොකී 500 රොකී 6000 මොන උනත් මූ ගහගෙන අන්තිමට දිනනවානේ.
    https://www.youtube.com/watch?v=Fs0uXGImb2w

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති කසුන්…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Shifran

    Oya ge subtitle niyamai...digatama karagena yanna.....mama godak movies smart tv ekey
    Balanne...mey subtitle formats ekata suport
    Karanna...mekata wisadumak denna puluwanda
    Kiyala balann...thank you

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. Udara Damith B\K

    thanks

  7. Shamal manojan

    නියමයි! පට්ට අෑ!!! මම හිතුවේ රොකී ෆිල්ම් කලෙක්ෂන් දෙන ඒක නවත්තලා කියලා. බොහොම ස්තූතියි. ගොඩක් කල් බලාගෙන හිටියා 4 දෙනකම්. 5 වෙනි ෆිල්ම් ඒකත් ඉක්මනට දෙන්නකෝ. Rocky Balboa - 2006

  8. Shamal manojan

    Rocky V - 1990
    Rocky Balboa - 2006

  9. dinindu kasun

    හැමෝටම ස්තූතියි. අනිත් ඒවත් දෙන්නම්.

  10. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  11. Withanage Priyantha Dayakeerthi

    අවංකවම ස්තුතිවන්ත වෙනවා මෙම චිත්‍රපට මාලාවට උපසිරසි දුන්නාට. හැකිනම් "Dracula Has Risen From The Grave 1968
    " චිත්‍රපටයට උපසිරසි කරන්න කියා යෝජනා කරනවා. මෙම වෙබ් එක තුළ ඇති ඒකාරිත්වයෙන් මිදී වෙනසක් කළ ඔබට නැවතත් ස්තුතියි!
    https://www.youtube.com/watch?v=aGOERZPg3EI

  12. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. dinindu kasun

    හැමෝටම ස්තූතියි. ඉතුරු ඒවත් දෙන්නම් පුළුවන් තරම් ඉක්මනට.

  14. thanu

    Rocky V walatath sub dennakoooooooooooooooooooooo

  15. Hashan M. Priyadarshana

    Thank you bro

  16. යුරාන් ධනුක (ධනූ)

    බොහොම ස්තූතියි !!!

  17. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  18. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

  19. k dulaj randinu

    mage me sub eka downloed karata srt file ekak widiyata neweine save wenne

    1. Sanupa Ranmeth - Admin

      සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ .rar ෆයිල් එකක් විදියට සහෝ. ඒක ඔයා right click කරලා extract කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට .srt ෆයිල් එක ලැබෙන්නේ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.