Written & Directed by God (2025) Sinhala Subtitles වැඩ අස්සේ වුණත් මේක ගැන නොකියා බැරි නිසා ලිව්වේ… සිනමාව කියන්නේ කොහොමත් අපිට වෙනස්ම අත්දැකීම් දෙන තැනක්නේ… ඉතින් මේ සැරෙත් ඒ වගේම කවුරුත් නොහිතපු වෙනස්ම කතාවක් අරගෙන ඇවිත් තියෙනවා. මේකෙ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න මලයාලම් නළු Saiju Kurup එ…

වැඩ අස්සේ වුණත් මේක ගැන නොකියා බැරි නිසා ලිව්වේ… සිනමාව කියන්නේ කොහොමත් අපිට වෙනස්ම අත්දැකීම් දෙන තැනක්නේ… ඉතින් මේ සැරෙත් ඒ වගේම කවුරුත් නොහිතපු වෙනස්ම කතාවක් අරගෙන ඇවිත් තියෙනවා. මේකෙ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න මලයාලම් නළු Saiju Kurup එක්ක Sunny Wayne. Febi George Stonefield විසින් අධ්‍යක්ෂණය කරපු “Written & Directed by God” කියන මේ චිත්‍රපටිය Comedy, Drama, Fantasy කියන ගණයට තමයි අයිති වෙන්නේ…
කතාව මෙහෙමයි… ජිජෝ කියන්නේ සල්ලි නැතුව, තමන්ගේ ඊළඟ ෆිල්ම් එක කරගන්න විදියක් නැතුව මාරම ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්. මේ ප්‍රශ්න නිසාම එයාගේ බිරිඳ ලිසී එක්කත් නිතරම රණ්ඩු වෙනවා. දරුවා ගැන තියෙන ප්‍රශ්නත් එක්ක උපරිම පීඩනයකින් ඉන්න වෙලාවක ජිජෝ කේන්තියෙන් අහස දිහා බලලා දෙවියන්ට බනිනවා. ඔන්න ඔය වෙලාවේ හිතපු නැති විදියට සාමාන්‍ය මනුස්සයෙක්ගේ වෙස් අරගෙන දෙවියන් හැබැහින්ම ජිජෝ ඉස්සරහට එනවා! හැබැයි වරමක් දෙන්න නෙවෙයි, දෙවියන් ජිජෝගෙන් ලොකු උදව්වක් ඉල්ලනවා. ඉන්පස්සේ මේ දෙන්නා එකතු වෙලා යන අපූරු ගමනක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. අවසානයේ ජිජෝගේ ජීවිතේට මොනවා වෙයිද…? දෙවියන් ජිජෝගෙන් ඉල්ලපු ඒ උදව්ව මොකක්ද…? ඒක කරන්න ජිජෝට පුළුවන් වෙයිද…?
මෑතකදී ආපු ලස්සනම Feel-good ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාර ලබාගත්ත මේ ෆිල්ම් එක පුරාවටම හිනාවෙවී බලන්න පුළුවන් වගේම, කතාවේ අගට යද්දී නොදැනීම ඇසට කඳුළක් එක් කරන මාරම සංවේදී දර්ශන ටිකකුත් මේකේ තියෙනවා… ඒක නිසා අනිවාර්යයෙන්ම බලන්න වටින කතාවක්.
Written & Directed by God (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
797 downloadsDownload Written-Directed-by-God-2025.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Written & Directed by God (2025) Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Written & Directed by God (2025) Sinhala Sub
- #Written & Directed by God (2025) Sinhala Subtitles
- #Written & Directed by God Sinhala Sub
- #Written & Directed by God Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Arawinda Sunimal
Buddhika laKMal
සබට තෑන්ක්ස්
Sahan Gayantha
thanks a lot dhamindu saho sub ekata
Advertisement
![Written & Directed by God (2025) Sinhala Subtitles | ජීවිතය දෙවියන්ගේ සැලසුමක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Written-Directed-by-God-2025-1-1.jpg)
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
A S H