අපි පුංචි කාලෙ බොහොම ආශාවෙන් බලපු ලස්සන චිත්‍රපටයකට උපසිරැසි දාලා මගේ පළමු උපසිරැසිය විදියට මෙන්න ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Second Jungle Book: Mowgli & Baloo. මෞග්ලි ගැන ගොඩක් අය අහලා ඇති බවට සැකයක් නෑ. මේක The Jungle Book කියන ලස්සන නවකතාව ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නෙ. ඒක ලියලා තියෙන්නෙ සුප්…

අපි පුංචි කාලෙ බොහොම ආශාවෙන් බලපු ලස්සන චිත්‍රපටයකට උපසිරැසි දාලා මගේ පළමු උපසිරැසිය විදියට මෙන්න ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Second Jungle Book: Mowgli & Baloo. මෞග්ලි ගැන ගොඩක් අය අහලා ඇති බවට සැකයක් නෑ. මේක The Jungle Book කියන ලස්සන නවකතාව ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නෙ. ඒක ලියලා තියෙන්නෙ සුප්‍රකට බ්‍රිතාන්‍ය නවකථා කරුවෙක් වන Rudyard Kipling.
ලංකාවෙ අපිට මේකෙ පොඩි විශේෂත්වයක් තියනවා. මොකද, මේ චිත්‍රපටය රූගතකරලා තියෙන්නෙ ලංකාවෙ කන්ද උඩරට ප්‍රදේශයේ. ඒ විතරක් නෙවෙයි, විජේරත්න වරකාගොඩ, සුනිල් හෙට්ටිආරච්චි, රාජා සුමනපාල කියන අපේ රටේ දක්ෂ රංගන ශිල්පීනුත් මේකේ රංගනයෙන් දායක වෙනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂණය, සංස්කරණය වගේ ප්‍රධාන දේවල් හැරෙන්නට අනිත් සියලුම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ නිර්මාණ ශිල්පීන් අතින් තමයි. මේකෙ ප්‍රධාන චරිතය වන මෞග්ලි ලෙස රඟපාන්නෙ Jamie Williams. ඊට අමතරව Roddy McDowall සහ Billy Campbell වගේ ඇමරිකානු රංගන ශිල්පීනුත්, Gulshan Grover සහ David Paul Francis වගේ ඉන්දියානු රංගන ශිල්පීනුත් රඟපානවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Duncan McLachlan. නිෂ්පාදනය Raju Patel සහ Mark Damon විසින්.
ඉතිං, මම චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. මෞග්ලි කියන්නෙ පුංචිකාලෙදි ඉන්දියාවෙ මහ කැලයක අතරමං වුණ පිරිමි ළමයෙක්. එයාගෙ අම්මත් නෑ. තාත්තව කැලේදි කොටියෙක් කාලා මැරිලා. එයා වයස අවුරුදු 10ක් වෙනකම්ම හැදී වැඩිලා තියෙන්නෙ කැලේ වෘක රංචුවක් එක්ක. එයා කථා කරන්න දන්නෙ නෑ. සත්තුන් එක්ක සතුටින් කැලේ කල්ගතකරන අතරේ තමයි එයා ගැන ආරංචිය මිනිස්සු අතරට යන්නෙ. ඊට පස්සෙ මෞග්ලිට නරක කාලයක් උදා වෙනවා. එයාගෙ නපුරු බාප්පට ඔනෙ එයාව මරලා එයාගෙ දේපල අයිති කරගන්න. හැරිසන් කියන ඇමරිකානු සංචාරකයාට ඔනෙ එයාව සර්කස් කණ්ඩායමකට විකුණන්න. ඉතිං මම මීට වඩා කිව්වොත් කිසි ගතියක් නැති වෙනවනෙ.
චිත්‍රපටය බලලම ඉන්නකො. පුංචි නංගිලා මල්ලිලාට විශේෂයි. සමහර මිනිස්සු අතරෙ නැති හොඳ ගතිගුණ සත්තුන් අතරේ පවා තියන බව මේ චිත්‍රපටයෙන් පෙන්නලා දීලා තියනවා. හොඳ ආදර්ශමත් චිත්‍රපටයක්.. සුබ පැතුම්..! ජයවේවා….!
a17ae3bbbdf1f95c3285aaba84e82883496af6ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,545 downloadsDownload The-Second-Jungle-Book-Mowgli-Baloo-1997.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු ලක්ෂාන්
Subtitles
32 comments
isuru
asiri
Thnxxxxx for first sub
zumo man
Elazzzz thnxzzzz
nipuna
Bohoma pin digatama subs dennna
wow
Wow...maru ;)
naleen
Digatama subs denna palmu wsdeyta suba pathum!!!!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...සමීර චතුරංග
නියමයිනේ..අළුත් කට්ටිය හෝ ගාලා බහිනවා..නියමයි දිගටම කරගෙන යමු..
Nisal Lakshan
haffa sallith ne awulak ne banawa...thankxxxxx
kalinga
පළමු නිර්මාණයට සුභ පැතුම්!
harsha
aluth sahola godayi jaya!
නලින්
ෂා! නියමය ෆිල්ම් එකක් නේ.
ස්තුතියි සහෝ අපිට මේ වගේ මඟහැරුනු කථා ගෙනවට
ජය වේවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දිමුතු සහො :D
තව පට්ට ෆිල්ම් එකකට සබක් දෙමු :P :P ජයGihan
Elama thama mcn....
Thisara NEO
දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ…
නියමයි….
බයිස්කෝප් අඩවියට නියම ප්‍රතිචාරයක්නේ තියෙන්නේ…..
ජයවේවා සහෝ…..
දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු……….
ජයවේවා පළමු උත්සාහයට…..nalaka
palamu nirmanayata suba pathum.saho..onna meka banna damma...idiriyatath..apata honda nirmana denna jaya wewa..thank u
Sanjaya
Thanks Saho....
සංක
ස්තූතියි සබ් එකට නියම ෆිල්ම් එකක්.
namika
මේකට මම පොඩි කාලේ පිස්සුවෙන් වගේ හිටියේ!
ඒත් ඉතිං ඒ දවස් වල රූපවාහිනියේ ගියොත් මිස කැමති කැමති ඒවා බලන්න අන්තර්ජාලේ අපිට නෑ නොවැ! දැන් ඉතින් ඒ ආසාව හරි, බොහොම ස්තුතියි මේ ලස්සන සලරුව ගෙනාවට. සිංහල උපසිරසටත් බොහොම ස්තුතියි! තවත් ලස්සන එකක් දෙන්න ඈ!
ආ! පලවෙනි ඒක කිවුව නේ? පලවෙනි එකට උණුසුම් සුභ පැතුම්!“චූටී මල්ලි”
තවත් හොද ඒවා දෙමු මචන්
පලමු 1ට ජය
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ මේක බොහොම ලස්සන කතාවක් නමුත් මට මතක නැහැ කොයි එකද බැලුවේ කියල මේ නමින් ගොඩක් චිත්‍රපට හදල තියෙනවා. මෙන්න බලන්න
Jungle Book (1942)
The Jungle Book (1967)
Jungle Book (1990)
The Jungle Book (1994)
Jungle Book (1995)
The Jungle Book: Mowgli's Story (1998)
The Jungle Book 2 (2003)
The Jungle Book: Return 2 the Jungle (2013)
පළමු උපසිරසි නිර්මනයට් මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.mudiya / මුදියා
මාරම වටින කතාවක්නෙ.
අනිව බලන්න ඕනි.
නියමයි දිමුතු.
පළවෙනි එකට උණසුම් සුභ පැතුම් මගෙන්.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!දිමුතු ලක්ෂාන්
thank you so.....much for all comments. මම ටිකක් busy කෙනෙක්.
ඵ්ක නිසා අළුතෙන් එන එන ඵ්වට ඉක්මනට සබ්ස් දෙන්න මට ටිකක් අමාරුයි. ඵ් නිසා මේවගේ මගහැරුණු දුර්ලභ ඵ්වා හොයලා සබ්ස් දාන්නම්. baiscopelk සහෝලට ගොඩාක් thanks. තවත් සුපිරි ෆිලුමක් අරන් එන්නම්. හැමෝටම ජයවේවා....!ශාන් විමුක්ති [විමා]
නියම වැඩක් සහෝ
උපසිරසට බොහොම ස්තුතියි
ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා
තව හොද හොද ඒවා ගේමු :)කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.Hashan
Jaya wewa......
Happy new year!!!DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
පළමු උපසිරසියට සුභ පතනවා
isuru neranjan
the jungle book[1994] ane mekata sub dennako plzz
danu
ස්තුතියි සහෝ
chamith555
ft
Advertisement

Palamu akata jaya