ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා තවත් ෆිලුමක් අරගෙන. මේක මීට කලින් නිකුත් උන The Reef චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි නිකුත් වෙන්නේ. නමුත් කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ. කලින් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට උනත් මේක බාධාවක් නැතුව නරඹන්න පුළුවන්. කලින් චිත්‍රපටයට පාදක උනේ 1983 වසරේ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා තවත් ෆිලුමක් අරගෙන. මේක මීට කලින් නිකුත් උන The Reef චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි නිකුත් වෙන්නේ. නමුත් කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ. කලින් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට උනත් මේක බාධාවක් නැතුව නරඹන්න පුළුවන්. කලින් චිත්‍රපටයට පාදක උනේ 1983 වසරේ ඕස්ට්‍රේලියාවේදී රේ බවුන්ඩි, ඩෙනිස් මර්ෆි සහා ලින්ඩා මර්ෆි යන තිදෙනා මුහුන දුන සත්‍ය සිදුවීමක්. නමුත් නිර්මාණාත්මක අවශ්‍යතාවයන් නිසා සත්‍ය කතාවට වඩා චිත්‍රපටයේ කතාව ටිකක් වෙනස් කරලා තිබුනා. නමුත් මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන කතාවනම් සත්‍ය සිදුවීමක් නොවන බව තමයි දැනගන්න ලැබුනේ. චිත්‍රපටයේ කතාව ගැන මම මුකුත්ම කියන්නේ නෑ. විනෝදයට ඕස්ට්‍රේලියානු සාගරයේ කිමිදිමට යන යෙහෙළියන් කිහිපදෙනෙක්ට මෝරෙක් නිසා මුහුන දෙන්න වෙන ඇබැද්දි ඔයාලට නරඹන්න පුළුවන්.
සාගරයෙ වෙසෙන භයානකම විලෝපිකයෙක් විදියට මෝරා හඳුන්වන්න පුළුවන්. මම උපසිරසි ලබාදුන්න The Reef (2010) චිත්‍රපටයේ මෝරුන් ගැන මම ලියපු විස්තරාත්මක ලිපියක් තියෙනවා කැමති අය ඉන්නවනම් කියවලා බලන්න. මේ සත්වයාගේ බිහිසුණු බවට ලැබුන ප්‍රසිද්දිය නිසා මෝරුන් පාදක කරගෙන චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතර ස්ටීවන් ස්පිල්බර්ග් මහත්මයගේ Jaws (1975) චිත්‍රපටය ඉහලින්ම තියෙන බව ඔයාලා දන්නවනේ. මේ වසරෙත් මෝරුන් සම්බන්ධ චිත්‍රපට කිහිපයක්ම නිකුත් උනත් ඒවා එතරම්ම සාර්ථක නිර්මාණ නෙමෙයි. මට අනුව ඒ අතරින් මේ අවුරුද්දේ නිකුත් උන තරමක් හෝ ගුණාත්මක චිත්‍රපටයක් වශයෙන් The Reef: Stalked හදුන්වන්න පුළුවන්. IMDb 4.1 අගයක්, ගූගල් මනාප 58%ක් ලබාගත්ත මේ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ තමයි රූගත කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදියට ඕස්ට්‍රේලියානු රංගන ශිල්පිනියන් හතර දෙනෙක් මේ නිර්මාණයට එකතු වෙලා තියෙනවා. Teressa Liane නික් ලෙසත්, Ann Truong ජෝඩි ලෙසත්, Kate Lister ලීසා ලෙසත්, Saskia Archer ඇනී ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් තවත් මුකුත් නොකිය ඔයාලට චිත්‍රපටිය රසවිඳින්න ඉඩ දෙන්නම්. මට මේ ෆිල්ම් එක උපසිරසි ගන්වන්න අවසර දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. වෙනදා වගේ ඉතින් කියන්න තියෙන්නෙ බලලා පොඩි හරි කොමෙන්ටුවක් දාලා යන්න කියලා තමයි. ආයෙමත් මේ වගේ තවත් උපසිරැසියකින් හම්බෙමු. මම දනුවා .

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,500 downloadsDownload The.Reef_.Stalked.2022.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Anonymous
Redrux
Thnkz bro
indika 75
thanks..
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට ජයවේවා
තෙරැවන් සරණයිAKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Neo
Thanks brother
Keep it upBimsara Yashan(ඔලිව)
පලවෙනි ෆිල්ම් එක බලලම මේකත් බලන්නම්කො. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Lakshansilva18
Thanks for Subtitles
Requests:-
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil's Advocate (1997)
In the name of the father (1993)
Primal Fear (1996)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
K Pax (2001)
The Lincoln Lawyer (2011)
five fingers (2006)Sohan Jayasooriya
සබ් එකට තෑන්ක්ස් අයියෙ එනකම් බලන් ඉදපු එකක්
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Malith samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for Sub!
Sohan Jayasooriya
1 eka baluwe giya sathiye.. ada meka balanawa.. Thnaks aiye sub ekata.. 1 eke sub ekath lesatama tibuna..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
Thanks for sub