Dune: Part Two (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. අද අරගෙන ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි, මේ සිනමාපටයේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. මේ තමයි මං දැනට සිනමාශාලාවකින් නරඹපු හොඳම සිනමාපටය. ඒ වගේම 2010න් පසුව imdb වෙබ් අඩවියේ හොඳම සිනමාපට ලැයිස්තුවේ ඉහ…
Dune: Part Two (2024) Sinhala Subtitles
සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. අද අරගෙන ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි, මේ සිනමාපටයේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. මේ තමයි මං දැනට සිනමාශාලාවකින් නරඹපු හොඳම සිනමාපටය. ඒ වගේම 2010න් පසුව imdb වෙබ් අඩවියේ හොඳම සිනමාපට ලැයිස්තුවේ ඉහලම ස්ථානයකට පැමිණි සිනමාපටය තමයි මේක.
Dune: Part Two (2024) Sinhala Subtitlesඒ වගේම මේ තමයි මගේ 400වැනි උපසිරසි පරිවර්තනය සහ පේන විධියට අවසාන කඩයිම. ඉතිං මේ වෙනකම් මේ වැඩේ කරගෙන යන්න සහය දුන්නු අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලත්, සහෝදර උපසිරැසිකරුවනුත් ඒ වගේම අපේ වෙබ් අඩවියට පිවිසිලා අපිට කමෙන්ට් එකක් දාල දිරිමත් කරන ඔයාලවත් බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. 🙂
Dune: Part Two (2024) Sinhala Subtitlesවිශේෂයෙන්ම කිසිම කෘතඥතාවක් පල කරන්නේ නැතුව ආව සබ් එක ගත්තා තමන්ගේ වැඩේ කරගත්තා ගියා කියන පන්නයේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් අතරින් අර කමෙන්ට් එකක් දාල අපිව දිරිමත් කරන තිහක් හතළිහක් වගේ පිරිසව නැවත වතාවක් මතක් කරන්න ඕනා. ඒ අය නොවෙන්න මේ තරම් දුරක් මේ විධියට මේ අමාරු වැඩේ කරගෙන එන්න හිතක් පහල වෙන්නේ නැහැ. එහෙනම් ඒ කතා ඇතිනේ ඉතිං. අද අරගෙන ආව ෆිල්ම් එක ගැන විස්තරයට යොමුවෙමු අපි එහෙනම්.
Dune: Part Two (2024) Sinhala Subtitles
මේ සිනමාපටයේ වරදක් කියල කියන්න දෙයක් නැතිම තරම්. ඉතිං එහෙම සිනමාපට මේ ලෝකේ මිට කලින් බිහිවෙලා නැද්ද? අපොයි නැහැ. ඕන තරම් බිහිවෙලා තියෙනවා. හැබැයි මේක ඉතාම විශේෂිත වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි, ලෝකේ බොහෝ විචාරකයින් මත පල කලේ මේ ඩුන් කියන විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාව කොහෙත්ම, සාර්ථකව සිනමාවට නගන්න බැරි නවකතා මාලාවක් ලෙස. එහෙම කියන්න හේතු ඇති පදම් තියෙනව.
මිට කලින් 1984 වර්ෂයේදී මේ සඳහා උත්සහ දැරුවා. Dune (1984) නමින් David Lynch විසින් තමයි මේ සිනමාපටය නිර්මාණය කරන්නේ. හැබැයි ඒක ඒ හැටි සාර්ථක වෙන්නේ නැහැ. ඊට පසුව ඔස්කා සම්මානය සඳහා තෙවරක්ම නිර්දේශ ලබාගත්, Denis Villeneuve නම්වූ විශිෂ්ඨතමයා මේ වගකීම බාරගන්නවා, ඒ අනුව 2021 වසරේදී Dune පළමු සිනමාපටය නිර්මාණය කරනවා. අතිශය සාර්ථකව ඔහු එම සිනමාපටය නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ ගැන ඉතිං පුදුමයට පත්වෙන්න කාරනාවකුත් නැහැ. මොකද ඔහු මින් පෙර Prisoners (2013), Sicario (2015), Arrival (2015), Blade Runner 2049 (2017) වගේ සිනමාපට නිර්මාණය කළා. ඔයාල ඒ සිනමාපට නරඹල තියෙනව නම් ආයේ ඒ ගැන කියන්න දෙයක් නැහැනේ?
Dune: Part Two (2024) Sinhala Subtitlesඉතිං කොහොමහරි මෙහි මුල්ම සිනමාපටයෙන් පසුව ඔහු අවුරුදු තුනක්ම අරගෙන එහි දෙවැන්න නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම සිනමා ලෝකය දෙදරුම් කැවීමට සමත් වෙනවා. මේ සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා ඒ වෙත කෙතරම් ඇළුම් කරනවාද යන්න ඔප්පු වෙන්නේ imdb වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන ලොව හොඳම සිනමාපට 250 ලයිස්තුවේ #15 වැනි ස්ථානය Dune දෙවැනි සිනමාපටය වෙනුවෙන් වෙන් වීමෙන්. මේ ඒ ලයිස්තුවේ මේ තරම් ඉහල රෑන්ක් එකකට එන්න අවසාන වතාවට සමත්කම් පෑවේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ Inception (2010) සිනමාපටය. ඒ එම ලැයිස්තුවේ #14වැනි ස්ථානය දිනාගනිමින්.
Dune: Part Two (2024) Sinhala Subtitlesමේ සිනමාපටය මේ තරම් විශිෂ්ඨතත්වයට පත්වෙන්න තවත් එක හේතුවක් ප්‍රධාන වශයෙන් බලපෑම් කළා කියල මම විශ්වාස කරනවා. ඒ තමයි වත්මන් ලෝක සිනමාවේ පසුබිම් සංගීත නිර්මාණකරුවන් අතර විශිෂ්ඨයෙකු වෙන හාන්ස් සිමර් තමයි මේ සිනමාපටයේ සංගීතය නිර්මාණය කරන්නෙ. මම දන්නේ නැහැ ලැප් එකකින් හෝ රුපවහිනියකින් මේක නරඹනකොට ඔයාට මේ දේවල් කොහොම දැනේවිද කියලා, හැබැයි මම මේ සිනමාපටය සිනමා ශාලාවකින් නරඹන වෙලාවේ, ඔහුගේ සංගීතය මාව වෙනම තලයකට අරගෙන ගියා කියල කතා දෙකක් නැතුව කියන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ නිසාමයි මේ වගේ සිනමාපට නරඹන්න අපි සිනමාශාලාවන් වෙතම යා යුතු වන්නේ! හැබැයි ඉතිං අපේ රටේ ආර්ථික තත්වයත් එක්ක ඒ දේවල් විඳින්න තරම් හැකියාවක් අපි කාටවත් නැහැ මම හිතන්නෙ. මම උනත් මේ වගේ තෝරා බේරාගත් සිනමාපටයක් බලන්න යනවා ඇරෙන්න හැම එකම බලන්න යන්නේ නැහැ. ඒවා ඉතිං දුක්ඛිත කතන්දර… 🙁
Dune: Part Two (2024) Sinhala Subtitlesඒ වගේම මෙහි රංගනයේ යෙදෙන නළු-නිළි කැලත් හරිම අපුරුවට තමන්ගේ කාර්‍යයන් 100%ක් ඉටුකරනවා. එහෙම නොවෙන්න ලෝක සිනමාවේ මේ වගේ විශිෂ්ඨ සිනමා කෘතියක් බිහිවෙන්නේ නැහැනේ නේද? ඒ අතරින් ප්‍රධාන වශයෙන් Timothée Chalamet සහ Zendaya දෙදෙනාත්, ඊට අමතරව Rebecca Ferguson, Javier Bardem, Josh Brolin, Florence Pugh, Dave Bautista ඒ වගේම විශේෂයෙන්ම දෙවැනි සිනමාපටයේ සුපිරිම දුෂ්ඨ චරිතයක් සිදුකරන Austin Butler කියන සුවිශේෂී තරුණ නළුවව අපට අමතක කරන්නම බැහැ. විචාරක අගයන්, ප්‍රේක්ෂක අගයන් විතරක් නෙමෙයි මේ සිනමාපටය 2024 මාර්තු පළමුවැනිදා සහ 2024 අප්‍රේල් 07 වැනිදා අතර කාලය අතරතුර සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය කරමින් ලබාගත් ආදායම ඩොලර්ක් මිලියන 650කට ආසන්න වෙනවා. මේ සිනමාපටය ගැටුනේ ඉතාම ප්‍රසිද්ධ සිනමාපට ද්විත්වයක් වෙන Kung Fu Panda 4 සහ Godzilla x Kong: The New Empire යන සිනමාපට ද්විත්වයත් එක්ක.
Dune: Part Two (2024) Sinhala Subtitlesපඳුර වටේ තැලුවා ඔය මදැයි නේද? ෆිල්ම් එකේ ස්ටොරිය වෙත යොමු වෙමු අපි එහෙනම්. ඔයාලට මේ සිනමාපටයේ සිදුවෙන සිදුවීම් හරියටම තේරුම් ගන්න ඕන නම්, මෙහි මුල් සිනමාපටය අනිවාර්යෙන්ම නරඹන්න වෙනවා.
Dune: Part Two (2024) Sinhala Subtitlesමුල් සිනමාපටයේදී අපිට දකින්න ලැබෙනව හදිසියේම අධිරාජ්‍යාගේ කීම අහලා අරාකීස් නමැති ග්‍රහලෝකයෙන් පිටවෙලා යන හාකොනෙන්වරුන්ව. හාකොනෙන්වරුන් ඉන් පිටවෙලා ගියාට පසුව අධිරාජ්‍යයා විසින් අරාකීස් ග්‍රහලෝකයේ භාරකාරීත්වය පවරන්නේ ඒ කාලය වෙනකොට ප්‍රභල වංශයක ප්‍රධානියා බවට පත්ව සිටි ඩියුක් ලේටෝ ඇට්‍රෙඩිස් වෙත. කැලඩන් නමැති ග්‍රහලෝකය පාලනය කලේ එම වංශය විසින්. අහ්හ් මේ කියන අධිරාජ්‍යයා තමයි මේ විශ්වයේ ඉහළතම පාලකයා වෙන්නෙ.
Dune: Part Two (2024) Sinhala Subtitlesඔහු යටතේ තමයි කැලඩන් සහ අරාකීස් වැනි ග්‍රහලෝක පවතින්නේ. මේ අතරින් විශ්වයේ වැදගත්ම සහ වටිනාම ග්‍රහලෝකය බවට පත්වෙලා තියෙන්නේ අරාකීස් ග්‍රහලෝකය. ඒකට හේතුව තමයි අන්තර් ග්‍රහලෝක සහ අනෙකුත් අභ්‍යවකාශ ගමනාගමනයන් සඳහා මොවුන් යොදාගන්න ඉන්ධනය වෙන ස්පයිස් නමැති මුලද්‍රව්‍යය පවතින එකම ග්‍රහලෝකය තමයි මේ අරාකීස් කියන්නෙ. ඉතිං හදිසියේම අධිරාජ්‍යයාගේ සුරතලා බවට පත්වෙලා හිටිය බැරොන් හාකොනෙන් හට ඉන් පිටවෙලා යන්න කියන්න හේතුවක් ඇතිනේ මොකක් හරි. අන්න ඒ හේතුව අපිට පලවෙනි සිනමපටයේදී දකින්න ලැබෙනවා. ඉන් පසුව සිදුවන සිදුවීම් දාමයේ ඉතුරු කොටස් ටික තමයි මේ සිනමාපටයේදී ඔයාලට දකින්න ලැබෙන්නෙ…
Dune: Part Two (2024) Sinhala Subtitlesඑහෙනම් අපි දවස් දෙක තුනක්, සමහරවිට ඊටත් වැඩි කාලයක් මහන්සි වෙලා ඔයාලට ලබා දෙන සබ් එක අරගෙන යනකොට විනාඩියක් වැය කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් වැඩියෙන් වැටෙනකොට තමයි මගෙන් වගේම අපේ අනෙකුත් සහෝදර උපසිරසිකරුවන්ගෙන් ඔයාලට වැඩි වැඩියෙන් සබ් ලැබෙන්නේ. කවුරුත් අපිව දිරිමත් කරන්නේ නැත්නම්, අපේ අඩුපාවක් පෙන්නලා දෙන්නේ නැත්නම් කිසි කික් එකක් එන්නේ නැහැනේ සබක් කරන්න. එතකොට කාටද පාඩු? 😉
එහෙනම් යලිත් දවසක සුපිරි සබක් එක්ක හමුවෙමු. සැලකිල්ලට සැලකිල්ල, ජය! 🙂
Director: Denis Villeneuve
Writers: Denis Villeneuve, Jon Spaihts, Frank Herbert
IMDB Ratings : 8.8
Release Date: 2024.03.01 (USA)
Tomatometer : 93% ( විචාර 408ක් සමගින්)
Audience Score : 95% (5000+ මනාප පළකිරීම් සමගින්)
Note : මෙම ලිපිය අවසන් වරට යාවත්කාලීන කල දිනය වන්නේ 2024.04.07 දින බව කරුණාවෙන් සලකන්න. මෙහි තිබෙන ඇතැම් සංඛ්‍යාත්මක දත්තයන් කාලයත් සමග වෙනස් විය හැක.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web iNTERNAL සහ Original Web පිටපත් සඳහා ලබා දි ඇත.
35,432 downloadsDownload Dune-Part-Two-2024-Web-Update.zip180 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dune: Part Two (2024) Sinhala Subtitles
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Austin Butler
- #Box Office Hits
- #Dave Bautista
- #Dune: Part Two (2024)
- #Editor's Pick
- #Florence Pugh
- #imdb Top 250
- #Javier Bardem
- #Josh Brolin
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Rebecca Ferguson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Timothée Chalamet
- #Zendaya
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
244 comments
Kaveen Charuka
chali
superb
Anonymous
Sub එක එනකම් හිට්යේ ☺️☺️ජයවෙවා..
lakmal
thanks bro.
keep up your good work.lakmal
thanks bro
keep up your good work.Laky
Thank You brother
nithin
great job hermano... muchas gracias...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි වීමා සහෝ..
400 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..මේ අවසාන කඩයිම කිවුව එකටනම් පට්ට දුකයි හොදේ...
ඒම නොවේවයි පතන ගමන් අදට සමුගන්නවා..තවත් සුපිරිම ෆිලුමකින් හරි ටීවී එපියකින් හරි හමු වෙමු..
ජය වේවා..Anonymous
thanks aiya good luck
Krishantha
Thank you very much bro... Wish you all a very happy Sinhala & Hindu new year...!!!
baiscopelk ishu
සුභ පැතුම් විමා.. උබ 500 ක් ගහල යනව බලන්න ඇත්තටම ආසයි..
මිනිස්සුන්ට සබ් එකක් කරන්න කන කට්ට තේරෙන්නෙ නෑ බන්. උන්ගෙ වැඩේ කරගෙන යනවා, එච්චරයි.
වචනෙකින් දෙකකින් ස්තූති කරල යන්න තප්පර 5 ක් වෙන් කරන්නවත් අකමැතියි.. හැබැයි උන් දන්නෙ නෑ සබ් එකක් වෙනුවෙන් සබ් හදන එකෙක් පැය 10 ක් 15 ක් කන කට්ට..
හිත සතුටු වෙන්න වචනයක් කොටාගෙන යමල්ලා.. ඒකට තප්පර 5යිනෙ යන්නෙ. අපිත් වැඩි කාලයක් සබ් ෆීල්ඩ් එකේ ඉන්න එකක් නෑ මේ යන විදිහට.. සබ් හදන වුන්ට රුපියලක්වත් ලැබෙන්නෙ නෑ..
ඒක දැනගෙන නොදන්නව වගේ යන එක තමා ලොකුම දුක.
උබල වගේ උන් මේ ෆීල්ඩ් එකට නැතිවෙන එක දරාගන්න බැරි පාඩුවක් විමා..Kavindu Nethmina
400 වෙනි උපසිරැසි කඩයිමට Very Very Congratulations Bro.. 500 වැනි කඩයිමටත් ඉක්මනට ම යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා කොල්ලො..මේ Film එකේ සබ් එක දැන් දායි දැන් කිය කිය බලාගෙන හිටියේ,අද දවසට 10 පාරක් විතර Baiscopelk Site එකට ආවා..ඔයාලගේ කාලය වැය කරලා අපි වගේ ෆිල්ම් පිස්සොන්ට ඉක්මනටම සබ් ගහලා දෙනවාට ගොඩක් ස්තූතිය Bro..තවත් සුපිරි Film එකක සබ් එකක් ඉක්මනට දෙන්න..❤️❤️
Naveen Mbr
කජු ඇටද කොස් ඇටද? උපසිරැසි 400ක්. ටයිම් ලයින් 1000+, 2000+ ෆිල්ම් එකක උපසිරැසියක් කරන්න සාමාන්‍යය තත්වයකදි පැය 24කට වඩා කාලය වැය වෙනවා. ඉතින් කාලය කැප කරගෙන මේ කරපු, කරන මෙහෙයට ගොඩක් ස්තූතියි. මේක අවසාන කඩයිම නම් නෙවෙයි කියලා දන්නවා. 400 වැනි කඩයිම උණුසුම් සුබ පැතුම් අයියේ!
Chamikara Vidanage
400 වෙනි උපසිරැසියට සුබ පැතුම් ❤️
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තුතියි ❤️
Hirusha
Thanks For the substitle bro
Anonymous
thank you aiye subtitles ekt...sinhala subtitles එක එනකන්මයි බලන් හිටියෙ..❤️❤️❤️❤️
සියන්ත
සුපිරි කොල්ලෙක් තමා...ලිපි ලියනව යසටම...
එව කියවද්දිත් වෙනම ආතල් එකක් තියෙන්නෙ..එක ඔගොල්ලොන්ගෙ හැකියාව ...
බොහොම ස්තුතියි සබ් එකට යාලුවා....
මන් මෙ ෆිල්ම් එකෙ පලවෙනි එක බැලුවෙත් නෑ විකාරයක් කියල හිතුන සිරාවටම...හැබැයි ඔයගෙ මුවි එකේ විස්තරේ කියෙව්වම හිතුන...වටින ෆිල්ම් එකක් මග හරිනව කියල ... thx ❤️ එක බලලා 2 බලමු... හොදම quality එකෙන්...
ඉදිරියටත් සබ් ගෙනිම් මචෝ.... උබේ සබ් අතාරින් නෑKavinda banuka
Thank you sahooo
Shivantha
Super
Anonymous
ජය වේවා සහෝදරයා
Anoj Rukshan
උපසිරැසියට ස්තුතියි
සුබ ම වේවාKalum Hettigoda
ස්තූතියි උපසිරසියට. ගොඩක් මහන්සිවෙලා අපේ සතුට වෙනුවෙන් කැපවීම. 400 ක් කියන්නෙ සෑහෙන කාලයක්.
Supun
Tnx bro
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…
❤❤❤400❤❤❤Achintha Udayanga
කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් කිව්වා
මේ ඔබෙ සේවය අපට අත්‍යවශ්‍යම කාලයයි.sahan Mali
සබ් 400ක් කියන්නෙම අනෙකා වෙනුවෙන් තම කාලය කෙතරම් කැප කිරීමක් ද, බොහෝමත් ම ස්තූතියි ඔබ ඇතුළු සබ් හදන වෙබ් එක නඩත්තු කරන සියළු දෙනාටම...
erandika
thank you so much
Cody
Thank you mchn sub ekata
Mn palaweni eka baluwa dn nm mthaka na hbai seen eka storyath echchara therune na ..part 2 eka balanna hitye na hbai ube lipiya kiyewwama nobalath ba....
E nisa part 1 eka saralawa poddak explain krpnko
Jaya wewaBimsara Yashan(ඔලිව)
400 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් විමා අයියේ. ඔයා දුන්න උපසිරැසි සෑහෙන්න බලලා තියෙනවා, ඒවායෙ ගුණාත්මක බව ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, බයිස්කෝප් එකේ දැනට ඉන්න තේරෙන සිංහලෙන් සුපිරියටම උපසිරැසි හදන කෙනෙක් තමා ඔයා. ඒ විතරක් නෙවේ තිරයෙන් පිටුපසත් සයිට් එකේ වැඩ බලන ගමන් තාමත් ක්‍රියාකාරී උපසිරැසිකරුවෙක් විදිහට ඉන්න එකටත් වෙනම ස්තූතියක් හිමි වෙන්න ඕනෙ. අනිවාරෙන් මෙතනින් නවතින්නැතුව දවසක 450 වෙනි උපසිරැසි කඩයිමත් අපිට බලාගන්න හැකි වෙයි කියලා හිතනවා සහ පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් සුබ පාර්තනා කරනවා. ජයවේවා!
Supun
Tnqqq sub akata.. 400 ta Jaya weewaa...!!!
Asiri
Thanks.
Sri
Thank you sooo much!!!
Deex
dune 3 ewida
me sub ekata thuthi!chanaka sasalanka
thanks ..
Namindu Savinda Bandara
thank you for your kindly work with dedicating your time for others entertainment and congratulations on your 400 subtittle
Anonymous
thank you brother
Kasun
Thanx
Akila Dilhara
Thanks for Sub Brother...
Roshan Shameera
400 වෙනි උපසිසරසියට මගේ උණුසුම් සුබ පැතුම් මිත්‍රයා..
සයිට් එකට සම්බන්ද වුන දවසේ ඉඳලා දැන අඳුරගත්තා.
උපසිරසි හදන්නත.් සෑහෙන්න උදව් කලා.
හදවතින්ම සුබ පතනවා සහෝ..
ජය වේවා..Salman Faris
Cupiriiii
kanishka
Supiriyak
Anonymous
Thanks brother
Anonymous
Thanks. Mcn
supun_sanjeewa 96
බොහොම ස්තූතියි ❤️
Vilana
Supiri
Sdkumara
Subtitle එක දෙනකං බලං හිටියා.සෑහෙන්න ස්තූතියි.
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Kps
400 ට සුභ පැතුම්.....ස්තූතියි.. එනකම් බලං හිටිය එකක්..
යුරාන් ධනුක (දනුවා)
400* කියන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි විමෝ
අනික එහෙම ආවට ගියාට එහෙම උපසිරසි කරන්නත් බෑ
ගුණාත්මකබව, විනෝදාස්වාදය සහ 100% නිවැරදි අදහස සමඟ උපසිරස කරන වැඩ්ඩෙක් කියලා විමාව හදුන්වන්න පුළුවන්.
ඇත්තටම මාත් උපසිරසිකරණයට් යොමුවෙන්න බලපාපු එක චරිතයක් කියලා ඕන තැනක කියනවා.
එහෙනම් කඩයිමට හදවතින්ම සුබ පතනවා මචෝ, එහෙම ලේසියෙන් ගැලවෙන්නේ නැතුව 500*ත් ගහමු
ජයවේවා!!!Sanupa Ranmeth - Admin
උපසිරසි 400ට අනේකවාරයක් තුති අයියේ. අවුරුදු 11ක් පුරා උපසිරසි 400කට වෙච්ච මහන්සිය හිතාගන්නත් බෑ අපට නම්.
පොඩි කාලෙ සබ් එක්ක ෆිල්ම් බලනකොට දැකපු, සයිට් එකේ ලෙජන්ඩ් කෙනෙක් කිව්ව හැකි චරිතයක් තමයි.
උපසිරසි විතරක් නම් මදෑ. බයිස්කෝප් එක දක්කගෙන යන එකෙත් වැඩිම කාලයක් කරන්නේ අයියනෙ. මට සයිට් එකට එන්න පළවෙනි මේල් එක දාල ෆිල්ම් එක බාරදුන්නෙත් අයිය. තාමත් සෑහෙන දේවල් කියල දෙන චරිතයක්. බයිස්කෝප් වෙනුවෙන් ඉතින් පණ වුණත් දෙයි.
රෙස්ට් එකක් ගන්නවා නම් ඒක well-deserved. ඒත් 400න් නොනැවතී 500ක්වත් ගහමු නේද?
Mayura suraj
සුභපැතුම් මචං
ඉස්සරහට තවත් කාර්යබහුල වේවි උඹ
ඒත් අපිව නම් අමතක කරන්න එපා..Deshan
❤️
Lochana
නියමයි ගොඩක් ස්තූතියි...!!!ජය වේවා...
Advertisement
![Dune: Part Two (2024) Sinhala Subtitles | නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා? [සිංහල උපසිරැසි] 400*](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/03/Dune-Part-Two-2024-a.jpg)

Thank you.