ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණ ක්‍රියාදාම චිත්‍රපටයක්. මේක ඇත්තටම 1989 නිකුත් වුණ Road House කියන චිත්‍රපටයේ රීමේක් එකක්. නිකුත් වුණේ මාර්තු 21 වෙනිදා Amazon Prime හරහා. මේක අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ද අධ්‍යක්ෂක Doug Liman මහතා විසින්. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කරපු Edge of Tomor…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණ ක්‍රියාදාම චිත්‍රපටයක්. මේක ඇත්තටම 1989 නිකුත් වුණ Road House කියන චිත්‍රපටයේ රීමේක් එකක්. නිකුත් වුණේ මාර්තු 21 වෙනිදා Amazon Prime හරහා. මේක අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ද අධ්‍යක්ෂක Doug Liman මහතා විසින්. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කරපු Edge of Tomorrow (2014), The Bourne Identity (2002), Mr. & Mrs. Smith(2005) වැනි චිත්‍රපට ඔයාල අනිවාරෙන් නරඹලා ඇති මොකද ඒවා සෑහෙන්න ජනප්‍රියත්වෙට පත්වුණ සුපිරිම නිර්මාණ නිසා. මේ චිත්‍රපටය ගැන නම් මං මුකුත් අදහසක් නොදී නරඹන ඔයාලටම ඒක තීරණේ කරගන්න ඉඩ තියන්නම්. මොකද මේක සෑහෙන්න මිශ්‍ර ප්‍රතිචාර ලබපු චිත්‍රපටයක් නිසා. සමහරු මේක සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් කියනවා, තවත් අය මේක මධ්‍යස්ත චිත්‍රපටයක් කියනවා, තවත් අය මේක මෙලෝ රහක් නැති චිත්‍රපටයක් කියනවා. ඉතිං ඔයාලම දැනගන්න මේක නරඹලාම ඔයාල මොන ගොඩේද කියලා. මොකද ඔය වර්ග තුනේම රිවීව්ස් මං සෑහෙන්න දැකල තියෙනවා. හැබැයි IMDb දර්ශකේ මනාප 80,000 අධික ප්‍රමානයකින් 6.2/10 හොද අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. තවද මේකට රංගනයෙන් එකතුවෙනවා Prisoners(2013), Southpaw(2015), Donnie Darko(2001), Zodiac(2007), Nocturnal Animals(2016) වැනි විශිෂ්ට නිර්මාණ වල රගපෑ Jake Gyllenhaal, ඊට අමතරව Daniela Melchior / Billy Magnussen / Jessica Williams / Joaquim de Almeida / Conor McGregor වැනි අය.
කතාව ගැන කිව්වොත්, ඩෝල්ටන් කියන්නේ හිටපු UFC ෆයිටර් කෙනෙක්. ඒකෙදි වුණ යම් සිද්දියක් නිසා ඔහු ඊට සමුදෙනවා. දැං එයා ජීවත් වෙන්නේ සල්ලි වලට එක එක තැන් වල සටන් කර කර. කොටින්ම කිව්වොත් මෙයා සටන් කරන තැන් වල සටන්කරුවෝ මෙයාව දැක්කහම සටන පටන් ගන්නත් කලින් බයවෙලා දුවන්වා, අර UFC එකේදි වුණ සිදුවීම නිසා. ඔහොම ඉන්න කොට මෙයාට යෝජනාවක් එනවා ෆ්‍රැන්කි කියලා කෙනෙක්ගෙන් ෆ්ලොරීඩා කීස් වල තියෙන රෝඩ්හවුස් එකක් ආරක්ෂා කරන්න එන්න කියලා. ඩෝල්ටන් ඒ යෝජනාව බාරගෙන ෆ්ලොරීඩා කීස් වලට ගියාම තමයි තේරුම් ගන්නේ මේ රෝඩ්හවුස් එකට මොහු හිතුවට වඩා සෑහෙන්න තර්ජන තියෙනව කියලා ඒ පැත්තෙ ඉන්න බෙන් බ්‍රෑන්ඩ් ලොක්කෙක්ගෙන්. කොටින්ම ඒ පැත්තෙ ඉන්න ශෙරිෆ් පවා මේ බෙන්ට තමා වැඩ කරන්නේ. ඩෝල්ටන්ට මේක ලේසි වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මෙච්චරටම මේ රෝඩ්හවුස් එකේ තියෙන විශේශත්වෙ? ඩෝල්ටන් කොහොම මේ තර්ජන වලට මුහුණ දෙයිද? කියලා චිත්‍රපටය බලලා දැනගන්න.
තවත් මේක ගැන දැනගන්න ඕන්නම් චිත්‍රපටයේ ට්‍රේලර් එක බලලා එන්නකො, එතකොට නම් අනිවා මේක බලන්න හිතෙයි ඒකෙ තියෙන ක්‍රියාදාම ටික දැක්කහම. එහෙනම් ඔච්චරයි චිත්‍රපටය ගැන කියන්න යන්නේ, ඊට අමතරව විශේශයෙන් මතක් කරනවා මේකට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහෝදරයව. එහෙනම් අපි සමුගන්නවා ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
15,838 downloadsDownload Road.House-2024.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
14 comments
Nishan S Ariyarathna
Buddhika Lakmal
මේකට සබ් දුන්නට දෙන්නටම ස්තූතියි සහෝලා...
PRADEEP
TULSA KING TV SEREIS EKE SUB EKATH KARALA DENNA PULUWANNAM
රුක්ෂාන් ඛාන් (රුකා)
බැලුවා, ෆිල්ම් එක සෙට්. ස්තුතියි සහෝලා දෙන්නටම සබ් එක වෙනුවෙන්! ❤️❤️
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Kavindu Edirimanne
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරවරුනි
Anonymous
Thanks bro ❤️❤️❤️
Tharindu
Thank you..keep going
Krishantha
Thanks a lot bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Yash
Thank youu machann
Thisara Prabhath Senarathne
Thanks brothers
Advertisement
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿