අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඉන්දීය සිනමාවේ මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් පිළිගන්න ඒවගේම සම්මාන රාශියකට පාත්‍රවුනු සුපිරිම චිත්‍රපටයක්. සමහර සහෝදරවරු මට දොස් කියන්න පුලුවන් ඇයි මේ පරණ චිත්‍රපටිවලට සබ් දාන්නේ කියලා. මගේ අරමුණ තමා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම බැලිය යුතු විශිෂ්ට නිර්මා…

අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඉන්දීය සිනමාවේ මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් පිළිගන්න ඒවගේම සම්මාන රාශියකට පාත්‍රවුනු සුපිරිම චිත්‍රපටයක්. සමහර සහෝදරවරු මට දොස් කියන්න පුලුවන් ඇයි මේ පරණ චිත්‍රපටිවලට සබ් දාන්නේ කියලා. මගේ අරමුණ තමා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම බැලිය යුතු විශිෂ්ට නිර්මාණ සිංහල සබ් එක්කම රස විදින්න ඉඩ ලබා දෙන එක. මේක බලපු සහෝලත් ඇති. හැබැයි මේක නොබලපු අයත් හුගක් ඉන්න බව මම දන්නවා. මේක ඒගොල්ලන්ටයි. එහෙනම් මම පොඩි හැදින්වීමක් දෙන්නම්.
ඉංග්‍රීසි ජාතික තරුණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරියක් ඉන්දීය නිදහස් අරගලයේ වීරවරයන් ගැන චිත්‍රපටයක් හදන්න අදහස් කරනවා. ඒකට පාදක කරගන්නේ තමන්ගේ සීයාගේ ඒ කියන්නේ ඉන්දියාවේ හිටපු ඉංග්‍රීසි ජාතික ජේලර් වරයෙක්ගේ දින පොතක්. ඇයගේ සහයට ඉදිරිපත් වෙන්නේ ඉන්දීය විශ්ව විද්‍යාල සිසු පිරිසක්. හැබැයි ඒගොල්ලන්ට තමන්ගේ රට ගැන ඒ වෙනකොට කිසිම හැගීමක් නැහැ. නමුත් හදිසියේ සිදුවන එක් අවාසනාවන්ත සිද්ධියකින් ඔවුනගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඊට පස්සේ ඔවුන් කරන ඇතැම් දේවල් අනුමත කරන්න බැරි වුනත් අපි අපේ රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියන හැගීමත් අපි තුල ඇතිවෙනවා. ඒවගේම මේ දිනපොත ලියල තියෙන ජේලර්වරයා තමන්ගේ ජීවිතය තුල මරණ දඩුවමට නියම වෙච්ච සිය ගණනක් මිනිස්සු ඒ අවස්ථාවට මුහුණ දෙන ආකාරය අනුව කොටස් දෙකකට බෙදන්න පෙලඹිලා හිටියා.
- තමන්ගේ මරණය කරා විලාප නගමින් යන මිනිසුන්.
- තමන්ගේ මරණය කරා නිහඩව යන මිනිසුන්.
නමුත් පසුව ඔහුට තවත් වර්ගයක මිනිසුන් කොටසක් හමුවෙනවා….
ඒ තෙවෙනි වර්ගය මොකක්ද කියල ඕගොල්ලන්ට තේරෙන්නේ කතාව බලලා ඉවර උනාමයි. ඉතින් ඉතිරි ටික ඉතින් කතාව බලලම තේරුම් ගන්න බැරියැ. මේක බලලා නැති සහෝල අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් කියල මම මේක recommend කරනවා. ඒ වගේම මේකෙ බොහොම සංවේදී සිදුවීම් රාශියක් අන්තර්ගත වෙනවා. එකක් මම කියන්නම්කෝ…
ඕගොල්ලන්ට තමන්ගේ රටද තමන්ගේ පියාද කියලා තේරීමක් කරන්න සිද්ධ වුනොත් ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද? හිතාගන්නවත් බැහැ නේද… ඉතින් මේ වගේ හද සසල කරන අවස්ථා රැසක් මේකෙ තියෙනවා.ඒ වගේම මේක මම බලපු චිත්‍රපටි අතුරින් විශිෂ්ටතම එකක් කියල කියන්නත් කවදාවත්ම පසුබට වෙන්නැහැ.
මේකෙ ඉන්න නළු නිලි පිරිස ගැනත් වචනයක් දාන්න එපැයැ. මේකෙ සුපිරි නළු අමීර් ඛාන් ඉන්නවා කියල දැනගත්තහම ඔගොල්ලන්ට තේරෙනව ඇතිනේ මේක සුපිරිම බයිස්කෝප් එකක් බව. ඒවගේම ඕගොල්ලො දැකල පුරුදු මූණු වගේම නොදැකපු අලුත් නළු නිලි පිරිසකුත් මේකෙ ඉන්නවා. ඒ වගේම මේක IMDB දර්ශකයේ 8.3 ක අගයක් අරගෙන තියෙන එකෙනුත් මේකෙ විශිෂ්ටත්වය තහවුරු වෙනවා. ඉංග්‍රීසි චිත්‍රපටි විතරක් බලන සහෝලටත් මං ආරාධනා කරනවා මේක බලන්නයි කියලා. හැමෝටම ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
18,060 downloadsDownload Rang.De_.Basanti.2006.Sinhala.Sub_.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු උදාන අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/02/05
Subtitles by
ඉසුරු උදාන
Subtitles
104 comments
chathura
chamila
thanks....
Alaya
3rddddd.....jaya wewaa
Theeka
ela ela niyamai.. menna mamath baaawaa
niroshan
ela movie ekak
dananjaya
අඩන්න වෙය්ද ඕක බලලා කමක් නැ බලමු
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස්............
පට්ට ෆිල්ම් එකක්..............uda
එළ සහෝ!
මං බලාපොරොත්තු වෙනවා ඔයා එහෙමනම් අපට 'TAARE ZAMEEN PAR' එකත් සිංහල එක්ක ලබා දෙයි කියලා.
මොකද ඒකත් අති විශිෂ්ඨ නිර්මාණයක්!
එහෙනම් අපිත් ගත්තා ඕං!dilan
thanks machan
කේ. යූ. ජී. උදාර
කිසිම දොසක් කියන්නේ නැහැ සහෝ. විශිෂ්ට චිත්‍රපටයක් නම් ඒක රිලීස් වුණ අවුරුද්ද වැදගත් නැහැ. මේ ෆිල්ම් එක දෙන කම් මාත් බලාගෙනයි හිටියේ. අලුත් පරණ කියල බලන්නේ නැතුව තවත් මේ වගේ විශිෂ්ට චිත්‍රපටවලටම සබ් දාල දෙන්න.
theekshanax
අහා මේ තියෙන්නෙ ෆිල්ම්. තැන්කූ තැන්කූ ඉසුරු සහෝ .ඔබට ජය !
nelusha
patta movie eka....kiyanna wadan neeeeeeeeee...nice job bro..
isuru
patta film 1k wage thanks baganne nam ne but thanks for sinhala subs
හශාන්
එල කිරි මඃ මේක හොය හොය හිටියේ..........
ashan suranga
thanks machan....
Rumesh
පට්ට මචන්, අමීර් කාන්ගෙ ෆිල්ම් එකක් නම් අවුරුද්ද බල බල ඉන්න එපා. බය නැතුව දාන්න
Asabha
Thankx..
mewi
meka man apu kalema hall eke baluwa, meka aniwaryenma balanna one film ekak , mage thamath asama film walin ekak.. ai balanna one.. thank u saho
$uvin
machan.. mama meka baluwa... eth kiyana godak ewa therune naa..!
eth dan sinhala sub ekka baladdi therei!
thanx machoooo.. AAMIR inna movie ekak nam ithin aith kiyanna deyak naa....Dinesh
TV එකේ පට්ට ගහන films වලට sub දාන්න එපා බං. commnets දාන එවුන් කරන්නෙත් බොරුව. අලුත් film එකකට sub දාන්න කාලෙ වැය කරන්න.
halapaya
supirima film 1k , kattiyama balandoooooooo
suneth
maxxa..!!
පහන් තාරක
සහෝදරයා බොහොම ස්තූතියි. මම සුබ පතනවා ඉදිරියටත් අපිට උපසිරැසි දෙන්න ලැබේවායි කියා.
new one
මේකට කොමෙන්ටුවක් දෙන්නම ඕනේ. 1991 වසරේ මම මුලින්ම අමීර් ඛාන් කියන් පුද්ගලයගේ දිල් කියන් චිතුපටය නැරඹුවා. එදා ඔහු කෙරේ මගේ සිතේ පහලවූ ගෙෘවරවනීය හැගීම අදටත් එහෙමමයා. අමීර් ඛාන්ගේ රංගනයේ විශිෂඨත්වය එදාටත් වඩා හොදට අද දැකගන්න පුළුවන්.
උපසිරැසි කරපු සහෝදරයට හොහොම ස්තුතියි.
hasd
sinhala sub ekkama 3n parakata wada meka giya tv eke. thawa thare zameen par uth gihin thiyenne.
ඉසුරු උදාන
යාළුවනේ මම මේකට සබ් දැම්මේ බලපු නැති අයට බලන්නයි.
අනික මේ සයිට් එකේ කොච්චර අලුත් චිත්‍රපටි තියෙනවද අපේ සහෝලට බලන්න. ඒක තේරුම් ගන්න.cc
machn apinam balala tibbe na. dannam aniwa baagena balanawa . thank u machoo. :)
දිදුල KD සිල්වා
මටත් TV එකේ ගියපු හැම පාරම මිස් උනා..බොහොම ස්තුතියි..සබ් එක හොඳට කරල ඇති කියල හිතනව
mudiya
බලන්ඩ හිටියට අතපසු වුන ෆිල්ම් 1ක්.ඊලඟ උපසිරැසි ලිසිට් එකේ තියෙනවා දැක්කම බලන්ඩ ආස හිතුන.දැන් සබ් එක්ක දෙයියනේ කියල බලන්ඩ පුළුවන්.පරණ ඒව දුන්නට කමක් නෑ මචං.බලපු නැති එවුන් කොච්චර ඉන්නවද.බලපු එවුන්ට දෙයියනේ කියල වෙන එකක් එනකං ඉන්ඩ තියෙන්නෙ.මොකද අපි සල්ලි ගෙවනව ඇයි මේකෙ ෆිල්ම් බාගන්නවට.තනිකරම සමාජ සත්කාරයක්නෙ.කොහොම උනත් ඉසුරු උදාන සහෝ බොහෝ..........ම ස්තූතියි...!
bukkaa
thaaaaaaaaanx :)
dinnu
hamotama tv balanna welawak naane.etin parana unath supiri film 1nam dunnahama mokada wenne.akamathi aya comment nokara enna.
jayawewa saho.sanju
බොහොම ස්තුතියි
රාම් රාජ්
ස්තුතියි.
niluka
Thanks
I am very much like to Hindi Movies with sinhala subtitles. English movies we can at least something can understand. But Hindi no. Hence, Hindi movies with subtitle is grate job
Thanks again
Dina
SUB file eka aran thiyagaththa..Godak pin.. Obe idiri katayutu sarthaka wewa..
kasun
niyamai.......balanan asa hithena film ekak.....thnx
meke direct links nadda?ශක්‍ර දේවේන්ද්‍රයන්
අපට TV කොයින්ද..මල්ලි.බයිස්කෝප්lk පිහිට තමා.ඉසුරු දරුව,මේ කරන්නා වූ මහා පුඤ්‍ය කර්මය හේතු කොටගෙන මා ඔබට තව්තිසාවට ටිකට් එකක් දෙනවා.(Free)
chkz
fattaa movie ekkak..thnkz woooowww.
jana
නියමයි සහෝ,මම හුගක් ආස නළුවෙක් බොහොම ස්තුතියි.
Anonymous
maxxxxx.. sahodaraya...
NipunaLanka
thanx lokka onna gaththa :)
Udaya Kumara
ඔන්න මාත් බෑවෝ.... බලලම කියන්නම්.
ඉසුරු උදාන
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි...
ඕගොල්ලන්ගේ දිරිගැන්වීම් මේ වැඩේ දිගටම කැගෙන යන්න ලොකු හයියක්...... :)ඉසුරු උදාන
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි...
ඕගොල්ලන්ගේ දිරිගැන්වීම් මේ වැඩේ දිගටම කරගෙන යන්න ලොකු හයියක්...... :)Sha
@ඉසුරු උදාන sahodaraya-
ela ela kiyala wadak na. hindi nam aniwa down karanawa. kohomath me wage parana unath hoda film walata sub dana 1a hodai :)
me site 1e aluth film walata godak sub watenawane a nisa parana film balanna kamati ayata balanna oya a wage awata sub dana 1a hodai :)
Thankzzzzzzzzzz machan
Jayawewaaaaaaaaaaaaaaaaaa :D
Saranga
මේක කොච්චර පරණ වුනත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක්. මමත් මේක සිංහල සබ් එක්ක බලල නෑ.ඒක නිසා ආයෙත් බලනවා. ගොඩක් ස්තූතියි සහෝ....
පිස්සු පුසා
මෙක ටිවි එකේ පෙන්නල තියන්ව නේ. ට්ව් එකේ යන එවා බලන්නේ නැ ගොඩක් යන්නේ ඇඩ් නේ. ඒක නිසා එල එක දිගට බලන්න පුලුවන්. හින්දි වලට ප්‍රිය නැ එත් අමිර් ඛාන් ඉන්නේ හොද ෆිල්ම් වලට ඉතින් මෙකත් එහෙම කියල හිතනවා. බොහොම ස්තුති සහො.
navo
tnx tnx.........
kathu
මෙක මැxxa movie එකක් නෙ..!! uda හරි. Taare Sameen Par එකත් මගෙ හද සසල කල නිර්මාණයක්.. ඉසුරු උදාන මල්ලිට සෑහෙන්න ස්තුතියි,...
Irshad Haniffa
maxaa macchan thx 4 the sinhala sub
Advertisement
mama 1 st.......