Watch Trailer

The Flash [S03 : E18] with Sinhala Subtitles | අබ්‍ර කඩාබ්‍රා… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ සිංදු වලින් පිරුණ ඩුවට් ‍ක්‍රොස් ඕවර් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ඇත්තටම ඒ කොටස නම් නිකන් බලා සැනසෙන්න කරපු ක්‍රොස් ඕවර් එකක් කිවොතින් හරි. ඒක නිකන් හරියට CW එක එයාලගේ කතා වලින් වගේම චරිත වලින් පොඩි විනෝදයක් ලැබුවා වගේ දෙයක්. ඔව් ගොඩක් දෙනා මේ නිසාම ගිය සතියේ කොටසට කැමති වුනේ නෑ. සමහරක් අ…

ගිය සතියේ සිංදු වලින් පිරුණ ඩුවට් ‍ක්‍රොස් ඕවර් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ඇත්තටම ඒ කොටස නම් නිකන් බලා සැනසෙන්න කරපු ක්‍රොස් ඕවර් එකක් කිවොතින් හරි. ඒක නිකන් හරියට CW එක එයාලගේ කතා වලින් වගේම චරිත වලින් පොඩි විනෝදයක් ලැබුවා වගේ දෙයක්. ඔව් ගොඩක් දෙනා මේ නිසාම ගිය සතියේ කොටසට කැමති වුනේ නෑ. සමහරක් අය ආයේ ෆ්ලෑෂ් කතාව බලන්නෙවත් නෑ කියලත් කියලා තිබුනා. ඔව් ඉතින් සංගිතයට අකමැති කෙනෙක්ට එහෙම දෙයක් හිතෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඒ ඩුවට් කොටස ගොඩක් සුන්දර එකක් වුනා කියලයි මගේ නම් අදහස.

ඇත්තම කිවොත් කලින් කොටස CW එකේ කතාවල වගේම ෆ්ලෑෂ් කතාවෙත් පෙන්වපු ගොඩක්ම මෝඩ වගේම විකාර කොටසක් වුනත් ඒක ගොඩක් වෙනස් දෙයක් කියලා කියන්නමත් ඕනි. ඔව් ඉතින් ඒ කොටසින් සීසන් එකේ ප්‍රධාන කතාවට කිසිම බලපෑමක් වුනේ නෑ තමයි. ඒ වුනත් එහෙම බලපැමක් වුනත් නෑ කියලා ලොකු හානියකුත් නෑනේ නේද? සමහර විට කතාවේ චරිත කොයි තරම් දක්ෂයිද කියන එක මේ කොටසින් පෙන්වන්න බලාපොරොත්තු වුනා වෙන්න පුලුවන්.

ගිය සතියේ කොටසේ ගොඩක්ම හිත ගියපු දේ තමයි දෙවැනි ලෝකය වෙනස් විදියකට තිබුන එක. ඒ කිවේ එතනදි චරිත මාරුවෙලානේ තිබුනේ. ජෝයි ස්ටේනුයි මාෆියා ලොක්කො විදියටත් මැල්කම් ක්ලබ් අයිතිකාරයෙක් විදියටත් අපිට දකින්න ලැබුනා. ඒ වගේම සිස්කොයි විනුයි සංගිතකාමියෝ විදියටත් අයරිසුයි මොන් එලුයි ආදරවන්තයෝ විදියට අපිට දකින්න ලැබුනානේ. ප්‍රධාන කතාවට මේක කිසිම සම්බන්ධයක් නැති වුනත් අපි හැමදාම දකින සුපුරුදු චරිත එයාලගේ සිමාවෙන් පිටට ගිහින් අලුත් වෙනස් චරිත රගපානවා දකින එකත් ගොඩක් අයට අමුතුම අත්දැමක් වෙන්න ඇති.

සිංදු කියන එක ගැන කතා කලොතින්, ඔයලා ඇත්තටම දන්නවද දන්නේ නෑ මේ රගපාන ගොඩක් අයට සිංදු කියන්න පුලුවන්. විශේෂයෙන් සිස්කෝටත් සිංදුවක් කියන්න තිබුනා නම් නියමයි මොකද එයාටත් සිංදු කියන්න පුලුවන් කියලා ගොඩක් අය තවමත් දන්නේ නැතිව ඇති. ඒ වගේම ඒ කියපු සිංදු ගැන කතා කලොත් ඔරිජිනල් සිංදුව පොඩ්ඩක් වෙනස් කරලා, කතාවට ගැලපෙන්න විහිලු ටිකක් දාලා ගොඩක් ලස්සන විදියට ඒක හදලා තිබුනා.

කොහොම වුනත් කතාව අවසානයේ පොඩ්ඩක් සෘණ පැත්තට ගියා කිවොත් හරි. මොකද සමහරක් අය මේ කතාව ආදර කතාවක් වෙනවට කොහෙත්ම කැමති නෑ. මොකද මේක සුපරි වීරයන්ගේ කතාවක්නේ. පහුගිය සතිවල මේ සම්බන්ධතා ගැන ගොඩක් දේවල් කියවෙලා ගොඩක් ප්‍රශ්න වුනත් කලින් කොටසින් ඒ හැමදේම හරිගිහින් ආපහු සුපුරුදු තත්වයට පත් වුනා. ඒ නිසා ආයෙමත් සුපුරුදු පරිදි කතාව ගලාගෙන යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට කොමික් වලින් බැහැර වුන සුන්දර කතාවක් බලන්න පුලුවන් වුනා. ඉතින් ඒ හැමදේකටම පස්සේ මේ සතියේ මොනවා නම් වෙයිද? අපි ඒක මේ කොටසින් බලමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E18.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,229 downloadsDownload The-Flash-S03E18.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

8,229 downloadsDownload Subtitles31 KB

62 comments

  1. Akash

    Ela saho...thanks

  2. මේනක...

    thnx sub ekata

  3. Hasitha

    TKS BORR

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    මන්නම් ගිය සතියේ කොටසට හෙන ආසයි
    එක ට්වි සීරියස් වල වෙනස්ම කොටසක් නෙ

  6. Udara Damith B/K

    ඇරෝගෙන් මුණගැහෙමු

  7. stranger

    Ths brother

  8. එල්.සී. දමැල්

    Thanks bro!

  9. Prasad Randunu

    Bohoma Sthuthi Kawindu aiya... Giya sathiye amuthu wenasak ekkama Gathiyak tibuna. Iris berry love story ekath newatha ek una e epi eka nisa. Sub ekata bohomaaa Tnx. Attatama Re idan balan inne oya Sub eka dai kiyala... Ehema tbbanm Goda thama.

  10. Krishan Madusanka

    thanks bro.ewunata giya sathiye epiye podi fun ekakuth thibuna

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  12. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ..

  13. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  14. Nirodha uthpala

    Ade amme thx bn obata jaya

  15. Dulan

    Sanata thankx bro

  16. Dulan

    බොහොම ස්තූතියි සහෝ

  17. Ravindu Rukshan

    thx

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා...

  19. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ගිය සතියේ කොටසට මාත් පෞද්ගලිකව ගොඩක් කැමති සහෝ.මොකද එහෙම එපියක් බලලම නෑ මිට කලින් මං බලපු කිසිම tv series එකක..විශේශයෙන්ම සංගීතයෙන් පිරුනු කොටසක් නිසා..
    බුදුසරණයි..ජය වේවා..

  20. Lasith

    Elama broo

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Suu

    thank u
    Last epic 1k "awesome" kiyla kiyana puluwan aththata wenas
    music change lot of things
    thanks again

  23. kavi

    sirawtwma last week episode 1 maru

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Viraj

    sub ekata thanks saho..

  26. wasantha

    උපසිරැසියට ස්තූතියි සහොදරයා...

  27. Damith Winchester

    Thanx bro

  28. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  29. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  30. හර්ෂණ

    ගිය පාර කොටස තමා මම බලපු සීසන් හැම එකකින්ම හොඳම කොටස, සම්පුර්ණයෙන්ම වෙනසක් කරා. සුපනචුරල් බලන අපිට නම් ඒ වගේ කොටස් වල පට්ටම ගතියක් තියෙනවා.

    අනික කොහොමද කියන්නේ ඒ කොටසින් ප්‍රධාන කතාවට වෙනසක් උන් නැහැ කියල. හොඳ එකෙක් විදියට ආවත් අර පොර බැරිට වඩා දක්ෂයි, ඉතින් එතන ඒ මෙටා ආයේ එන එකක් නැහැ කියන්න බැනේ.

  31. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  32. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  33. Lakshan

    Thanks Bro.

  34. Dileesha Gunawardena

    Arrow eke epiya denne nathda ayye!!!!!!

  35. PDROX

    tanx bro.

  36. Sayuru Tharanga Lakmal

    thanq sahoo sub ekata

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!

  38. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  39. නිපුන්

    බොහෝම ස්තූතියි මචන් සබ් එකට. පසුගිය කොටස ආසාවෙන් බලපු කොටසක්. හොඳ වෙනසක්. මේ වගේ කථාවක ඒ වගේ කොටසක් තියෙන්නත් ඕනි.

  40. piyumal sanjeewa

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  41. Amila Mudalige

    Sub ekta Thanks saho

  42. ashan lankanath

    thanks

  43. damien

    Ela ela machan. Thanks.

  44. shashika jayawardena

    Iron fist ekata dena subtitle eka tikak ikman kranna kyanna......

  45. Harsha

    E19?

  46. Chathuranga

    Elaga kathawa pennane nane.dala dawas ganakata passe pennane.ai a

  47. Chathuranga

    19 natido

  48. rukmal

    Yako 19 nedda bn

  49. Induru banneheka

    Oyala loku sewayak karanne apita nomilema.issara api sub nethiwa film katha beluwa.biscop eka awata passe sub dala balanna huru una.den sub nethiwa film ekak wage nam balanna puluwan .eth mul kotase idan sub dala balapu TV sirs wage katha balanna amarui purudu wela.mehema sathi ganan nokiyama sub parakku wena eka nam aththama upset apita :( ,mokada film ekak wage nemei TV SRS ekanakal peyen peya kattiya agili ganan kara kara inne.download kala.den sub nethiwa balanna hadanne

  50. Ravindu Nethsara

    flash 19 eka enne 25th april....

    1. Induru banneheka

      Ehemada thanks bro.me TV SRS karana cmpny eka nam wedak Nehe neda podda athnam sathi ganan kathawa nehene .eyalath aurudu niwadu aran wage

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.