Watch Trailer

Spider-Noir [S01 : E07] Sinhala Subtitles | නිව් යෝර්ක් වෙනුවෙන් ස්පයිඩර් [සිංහල උපසිරසි]

Spider-Noir Season 01 Sinhala Subtitles මේ ඇවිල්ලා Spider-Noir සීරිස් එකේ 07නි එපිය!, තව එක එපියකින් මේ පළවෙනි සීසන් එක ඉවර වෙනවා. කලින් එපියේ හෑල්ල පහලින් දාන්නම්… බෙන්, කැට් එක්ක නගරෙන් පිටවෙලා යන්න ලෑස්ති වෙනකොටම “ඔග්ඩන්” එතනට එනවා. එයා ඇවිත් පුදුම හිතෙන ඇත්තක් හෙළි කරනවා. යුද්ධ කාලේ බෙන් බේරගත්…

Spider-Noir Season 01 Sinhala Subtitles

මේ ඇවිල්ලා Spider-Noir සීරිස් එකේ 07නි එපිය!, තව එක එපියකින් මේ පළවෙනි සීසන් එක ඉවර වෙනවා. කලින් එපියේ හෑල්ල පහලින් දාන්නම්…

බෙන්, කැට් එක්ක නගරෙන් පිටවෙලා යන්න ලෑස්ති වෙනකොටම “ඔග්ඩන්” එතනට එනවා. එයා ඇවිත් පුදුම හිතෙන ඇත්තක් හෙළි කරනවා. යුද්ධ කාලේ බෙන් බේරගත්ත හිරකාරයොන්ගෙන් කෙනෙක් තමයි මේ ඔග්ඩන් කියන්නේ. එයාගේ වයස අවුරුදු 36ක් වුණත්, මොකක්දෝ විකෘති වීමක් (mutation) නිසා එයා හරිම ඉක්මනට වයසට ගිහින්. කොහොමහරි ජීවත් වෙන්න තියෙන ආසාව නිසා, ඔග්ඩන් බෙන්ට මත්ද්‍රව්‍ය දීලා සිහිය නැති කරලා, “ඩොක්ටර් ෆේබර්ට” බාර දෙනවා.

ඊටපස්සේ ෆේබර් බෙන්ව පරීක්ෂණ වලට ලක් කරන්න පටන් ගන්නවා. ඔග්ඩන් කියන්නේ එයාගේ පුතා කියලා ෆේබර් මෙතනදී හෙළි කරනවා. ඒ වගේම ඔග්ඩන්ව බේරගන්න ඕන කරන ජාන ලබාගන්න, කැට්ව පාවිච්චි කරලා බෙන්ව රවට්ටපු එකත් එයා පිළිගන්නවා.

බෙන් ගොඩක් වේදනාකාරී පරීක්ෂණ වලට මුහුණ දෙන ගමන්, එයාට එක එක දේවල් පේන්න ගන්නවා. ඒත් එක්කම දෙවැනි ලෝක යුද්ධ කාලේ එයාගේ මේ විකෘති වීම පටන්ගත්ත විදිය ගැන අතීත කතාවත් (flashbacks) පෙන්නනවා. අන්තිමේදී ෆේබර් හොයාගන්නවා, අනිත් අයට වෙලා තියෙන විකෘති වීම් සුව කරන්න බෙන්ගේ ඇඟේ තියෙන සුවිශේෂී ලක්ෂණ වලට පුළුවන් කියලා. ඔග්ඩන්ගේ තරුණකම සාර්ථකව ආපහු ලබාදුන්නට පස්සේ, මේ හැමදේම වහංගු කරන්න ඕන නිසා ෆේබර් තීරණය කරනවා බෙන්ව මරලා දාන්න. හැබැයි ඔග්ඩන්ගේ හිත මේකට ඉඩදෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ බේරගත්ත මනුස්සයාව මරනවා වෙනුවට, බෙන්ට එතනින් පැනලා යන්න උදව් කරන්න ඔග්ඩන් තීරණය කරනවා.

හැබැයි එයාලා පැනලා යන්න හදනකොටම ඒකට බාධා එනවා. ෆේබර්ගේ පරීක්ෂණ වාර්තා හොයාගෙන සිල්වර්මේන් සහ එයාගේ කට්ටිය ලැබ් එකට කඩාවදිනවා. මේ ඇතිවෙන ගැටුම අතරතුරේ ඇතිවෙන ගින්නකින් ෆේබර් වගේම ඔග්ඩන් දෙන්නම මැරිලා යනවා. බෙන් බොහොම අමාරුවෙන් එතනින් පණ බේරගන්නේ ෆේබර් හදපු ප්‍රතිකාරය (antidote) තියෙන පොඩි කුප්පියකුත් අරගෙනයි.

දැන් බෙන් ඉස්සරහා තියෙන්නේ එයාගේ ජීවිතේම වෙනස් කරන තීරණයක්, මේ බෙහෙත පාවිච්චි කරලා එයාගේ බලයන් සදහටම නැති කරගෙන සාමාන්‍ය කෙනෙක් වෙනවද, නැත්නම් දිගටම “ස්පයිඩර්” (The Spider) විදියට ජීවත් වෙනවද? මේ සිද්දිය තමා කලින් එපියේ උනේ එහෙනම් එතන ඉඳලා ඉස්සරහට මේකෙදි බලාගන්න.

Spider-Noir Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

944 downloadsDownload Spider-Noir.S01E07.zip25 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Nxt Season BT12

Subtitles

944 downloadsDownload Subtitles25 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.