Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E01] Sinhala Subtitles | අතීත අඳුරු සෙවනැළි! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? ඔන්න “රින්ග්ස් ඔෆ් පවර්” මුල් කොටස් දෙකම එක දවසක නිකුත් වෙලා තියෙනව. අනිත් කොටසටත් හැකි ඉක්මනින් උපරසිරසි අරගෙන එන්නම්. සේරටම කලින් හෑල්ලක් ටයිප් කළා. සබ් නොගත්තත් මේක කියවන්න කියල ආරාධනා කරනවා. මේ අකුරු ටික ටයිප් කරන්නේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, ටීවී සිරිස් කරන අනිත් උපසිරසිකරුවන්…

කොහොමද හැමෝටම? ඔන්න “රින්ග්ස් ඔෆ් පවර්” මුල් කොටස් දෙකම එක දවසක නිකුත් වෙලා තියෙනව. අනිත් කොටසටත් හැකි ඉක්මනින් උපරසිරසි අරගෙන එන්නම්. සේරටම කලින් හෑල්ලක් ටයිප් කළා. සබ් නොගත්තත් මේක කියවන්න කියල ආරාධනා කරනවා. මේ අකුරු ටික ටයිප් කරන්නේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, ටීවී සිරිස් කරන අනිත් උපසිරසිකරුවන් වෙනුවෙනුත් එක්කමයි.

ඇත්තටම සබ් එකක් කරන්න තියා එක දිගට පැය දෙකක් ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නැති කාලෙක, සබ් දෙනවද නැද්ද කියල දහ වතාවක් විතර කල්පනා කරලා මිඩ්ල් අර්ත් එකට පෙම් බඳින කෙනෙක් වශයෙන් ඔන්න ඔහේ කරලා දාමු කියල මේ වැඩේට අත ගැහුවේ. දවසක් දෙකක් සමහරවිට සබ් එක පරක්කු වෙන්න ඉඩ තියෙනව. සබ් ගන්න ඔයාලගෙත්, සබ් කරන අපෙත් එකිනෙකා ගැන තියෙන අවබෝධය මත විතරමයි මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හයියක් ලැබෙන්නේ. එහෙම අවබෝධයක් නොතිබුනොත් මට මේක කරගෙන යන්න ආසාවක් හිතට එන්නේ නැහැ කියන එකත්, ඉල්ලීමක් වශයෙන් මතක් කරන්නම ඕනා.

මොකද විනාඩි පහෙන් එපිය ඩව්න්ලෝඩ් කරලා, පැයෙන් එපිසෝඩ් එක බලල මගේ වැඩක් කරගන්න එක ඇත්තටම මට ලාභයි සහ කරදරයක් නැහැ. සබ් කරන ඇම්ම තිබ්බත් ෆිල්ම් එකකට සබ් කරනවා ඇරෙන්න ටීවී සිරිස් වලට සබ් කරලා අන්තිමේ පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට දැන්ද දෙන්නේ? කරන්න බැරි නම් වෙන එකෙක්ට දීපං කියන කතා ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දැකල දැකල එපාම වෙලා ඉන්න උපසිරසිකරුවන් ටීවී සීරිස් වලට සබ් කරන්න පැත්ත පලාතක එන්න කැමැත්තක් නැහැ දැන් ඇත්තටම. මම උනත් පෞද්ගලිකව ලෝඩ් ඔෆ් ද රිග්න්ස් නොවෙන්න, ටීවී සිරිස් කියන මේ කොටි වලිගය අල්ලගෙන ඉන්න කැමැත්තක් දැක්වුවේ නැහැ පහුගිය කාලෙම. සබ් එකක් කරන්න ගත්තම, එක පාරක් එපිසෝඩ් එක බලල, ආයේ පැය හය හතක එක දිගට එක තැනක ඉඳගෙන සබ් එක කරන ගමන් ඕක තැනින් තැනට බලලා, ඊට පස්සෙ සබ් එක කරල ඉවර වුනාම අඩුපාඩු බලන්න ආයෙමත් සබ් එකත් එක්ක එපිසෝඩ් එක බලල දවසක් තිස්සේ නහින්න දෙයක් නැහැ ඇත්තටම. මොකද මේක අපි කාගේවත් ජිවන උපාය නෙමෙයි. මේකෙන් කිසිම කෙනෙක්ට මානසික තෘප්තිය ඇරෙන්න වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මේක ලොකු ලයින් එකක් නෙමෙයි ඕක තමා තිත්ත ඇත්ත මල්ලි. බුදුන් පා ජේසු පා, උඹල මේක විශ්වාස කලත් එකයි නැතත් එකයි. මට වැඩකුත් නැහැ. සබ් එකක් දුන්නත් නැතත් මම මේක බලනවා, මට මේක ලෙසටම තේරෙනව. 🙂

කඩ්ඩ දන්න උන්ට පාඩුවක් වෙන්නේ නැහැ සිංහල සබ් නැහැ කියල. උන් කොහොමත් බලනවා, කඩ්ඩ පොලිෂ් මදි අයට තමා පාඩුව වෙන්නේ, එහෙම අයට කොහේ හරි සයිට් කඩමාල්ලකින් පැයකිං දෙකකින් දෙන ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා මැනුවලි එඩිට් කරපු, යන්නේ කොහෙද? මල්ලේ පොල්  ජාතියේ සබ් එකක් බලල හිත හදාගන්න තමා වෙන්නෙ ඇත්තටම. අපි 100% සර්ව සම්පුර්ණ තිතටම හරි මිනිස්සු නෙමෙයි, හැබැයි ගුගල් සබ් දීලා අපි උඹලව අන්දලා නැහැ කවදාවත්. එහෙම අයට බයිස්කෝප් එකේ ඉඩකුත් නැහැ. වැරද්දක් තියෙනව නම් පෙන්නලා දුන්නම ඕන වෙලාවක හදාගන්න ලැහැස්තියි අපි. ඒ නිසා අපි මේ අනොන්‍යය වටහාගැනීම පවත්වාගෙන යාම වැදගත්. මොකද සබ් ගන්න ඔයාලට වගේම සබ් කරන අයත් ඉගෙනගන්න ඕන, රස්සා කරන්න ඕන, හිත මිතුරන් එක්ක කාලය ගතකරන්න ඕනා, පෞගලික ජිවිතයක් කියල දෙයක් තියෙනව. කාල කළමනාකරණය කරගෙන සබ් අරගෙන එන්නේ ෆිල්ම් ගැන තියෙන ඇම්ම නිසා, මේක හරියට තේරෙන්න වෙන කෙනෙක්ට බලන්න ඉඩ හසර ලබාදෙන්න තියෙන ඕනෑකම නිසා. ඒ නිසා සහයෝගයෙන් වැඩේ කරගෙන යමු අපි, මානසික තෘප්තිය නැතිවෙන තැනට වැඩ කරන්න එපල්ලා, එකෙක් දෙන්නෙක් මහා පාරේ පහරල ගියාට උන්ට එරෙහිව සිය ගණනක් කතා කරල සප් එකක් දුන්නු කාලයක් තිබ්බා, ඒ කාලේ එහෙම උන නිසි බයිස්කෝප් එක මේ තරම් දුරක් ආවේ. ඒවා අමතක නැහැ. එහෙනම් කතාවේ විස්තරයට හැරෙමු.  🙂

———————————————————————————————————————————————

2022 අවුරුද්දේ ටීවී සිරිස් රසිකයින්ට හොඳ කාලයක් උදා වුණ අවුරුද්දක්. ඒ HBO’ලගේ හවුස් ඔෆ් ඩ්‍රැගන් විකාශය කිරීම ආරම්භ කිරීමත්, ඇමසෝන්ල’ගේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවේ විකාශය ආරම්භ කිරීමත් කියන හේතු දෙක මත. සිරිස් දෙකම එන්න කලින් මේවයේ චරිත සඳහා නළු නිලියන් තෝරාගැනීම සම්බන්ධව එක එක මතවාද තිබ්බා. උදාහරණයක් ගත්තම, හවුස් ඔෆ් ඩ්‍රැගන් සිරිස් එකේ ඉන්න සී ස්නේක්, එහෙම නැත්නම් ලෝඩ් කෝලිස් වෙනුවෙන් කාස්ට් කරලා තිබ්බෙ අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත Steve Toussaintව යොදාගැනීම. 

ප්‍රඩක්ෂන් හවුස් මෙහෙම කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ අමතර විව්ස් ප්‍රමාණයක් ලබාගැනීම සහ මෑතක ඉඳලා පවත්වාගෙන යන්න උත්සහ කරන, හොලිවුඩය ඇතුලේ සමානාත්මතාවයක් පවතින බවක් පෙන්වීමට දරන උත්සහයක්. කිසිම අප්‍රිකානු ඇමරිකානු නළුවෙක් නොසිටි “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” සහ “ද හොබිට්” සිනමාපට ගිය පාරේ නොගිහින් මම ඉහත කියපු හේතු කාරනා අනුව රින්ග්ස් ඔෆ් පවර් කියන මේ කතා මාලාවට අප්‍රිකානු ඇමරිකානු නළුවන් විතරක් නෙමෙයි, ලංකාවේ ඉපදුනු තුසිතා ජයසුන්දර නමැති නිළියටත් ඔවුන් අවස්ථාවක් දීලා තියෙනවා. කොහොම උනත් ටොල්කින්ගේ කතෘ හිමිකම් දරණ ටොල්කින් ස්ටේට් විසින් පැහැදිලිවම කොන්දේසි පණවලා තියෙනව පොත්වල කතාව සිදුවුණ කොහෙත්ම වෙනස් කරන්න බැහැ කියල, නමුත් මේක පොත්වල සිද්දවුන ඒ කතාව එහෙම්මම වෙනවමත් නෙමෙයි. තේරෙනව ඇතිනේ ?

ඉතිං මේ දේවල් නිසා මිඩ්ල් අර්ත් රසිකයින් බොහම කනස්සල්ලෙන් හිටියෙ. ඒ නිසාම විචාරක ප්‍රතිචාර කොහොම වෙයිද? ප්‍රේක්ෂකයින් මේක කොහොම බාරගනිවිද කියන සැකයක් මුල ඉඳලම තිබුනා. හැබැයි පුතෝ මේක තමා එදා මෙදාතුර වැඩිම වියදමක් දරලා නිෂ්පාදනය කරන ටිවි සිරිස් එක. හරියටම කිව්වොත් සමස්ත සිරිස් එකට ඇමරිකානු ඩොලර් බිලියන 1ක් වගේ වෙන් කරලා තියෙනව දැනට. ලෝකේ දෙවනියට ධනවත්ම කෙනා වෙන ජෙෆ් බේසෝස්ට තමයි මේ ඇමසෝන් නාලිකාව අයිති. ඉතිං එයා පෞද්ගලිකවම මේ සිරිස් එක ගැන අවධානය යොමු කරලා, මේ සඳහා සම්බන්ධ වෙලා තියෙනව. මොකද ඇමසෝන් නාලිකාවේ අනාගතය තීරණය වෙන්නේ ඇත්තටම මේ සිරිස් එකේ සාර්ථකත්වය මත. ඒ වගේම මිනිහට තදටම ඕනෑකමක් තිබිල තියෙනව ගේම් ඔෆ් ත්රෝන් මට්ටමේ කතා මාලාවක් ඇමසෝන් වෙතින් නිර්මාණය කරන්න.

කතා මාලාව නිපදවීමේ අයිතිය වෙනුවෙන් නෙට්ෆ්ලික්ස් සමග ලන්සු තැබීමේ තරඟයක නිරත වෙලා ඩොලර් මිලියන 250කට ඇමසෝන්ලා විසින් මේකේ අයිතිය ලබාගෙන තියෙනව. ඒ වගේම HBOලත් මේකට කොක්කක් ගහන්න ට්‍රයි එක දීල තියෙනව. HBO තියෙන්නේ වෝනර් බ්‍රදර්ස් යටතේ, එතකොට වෝනර් බ්‍රදස් යටතේ තමා ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ හොබිට් ෆිල්ම් හය නිර්මාණය වුණ නිව් ලයින් සිනමා ආයතනය තියෙන්නේ. ඒ නිසාම ලොකු ෆයිට් එකක් දීල තියෙනව මේක එයාලට අරගන්න. කොහොම උනත් නිව් ලයින් සිනමා විසින් ඇමසෝන්ලට ඉඩ දීල තියෙනව ෆිල්ම් වල අඩංගු වෙච්ච දේවල් ඕන නම් මේ කතාවට යොදාගන්න කියල.

ඒ වගේම සීසන් 5ක් වෙනකම් කතා මාලාව නිර්මාණය කිරීමේ සුදානමක් පවතිනවා. ඕක තමා ටීවී සිරිස් එකේ වත්මන් පසුබිම. අපි දැන් යොමුවෙමු කතාවෙ පසුබිම වෙත. මේකේ කිසිම ස්පොයිලර් එකක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව විස්තර ටික කියවගෙන යන්න. බොහොම සරල කරුණු ටිකක් ගොනු කරන්නේ ලිපියට. ටෝකින්ට අනුව හොබිට්වරු වර්ග තුනක් ඉන්නව, හා(ර්)-ෆූට්ස්වරු, ස්ටෝස්වරු, සහ ෆැලෝහයිඩ්ස්වරු වශයෙන්. කතාව දිවයන ටයිම් ලයින් එක වෙන්නේ සෙකන්ඩ් ඒජ් එකේ 1500 සහ 1701 අතර (SA 1500-1701)

ඒ වගේම මේකේ ටයිටල් එක නිර්මාණය කරලා තියෙන්නේ පරිඝණක සජිවිකරණයෙන් නෙමෙයි, ප්‍රායෝගික ප්‍රයෝග මගින්. ඒ වැඩේ සඳහා සම්පිඩිත වැලි මගින් නිර්මාණය කරපු අච්චුවලට ලෝකඩ සහ ඇලුමිනියම් කලවම් කරපු ද්‍රව ලෝහමය දියරයක් වක්කරලා ඉවර වෙලා ඒවා ගලාගෙන යන ආකාරය, තත්පරයට ෆ්‍රේම් 5000ක් හසුකරගන්න පුළුවන් Phantom Flex4K කියන අධි තාක්ෂණික කැමරාවකින් වීඩියෝ කරමින් තමයි තමයි ටයිටල් වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වැඩේ කරන විධිය මෙන්න මෙතන තියෙනව. අල්ට්‍රා ස්ලෝ මෝෂන් තමා ටයිටල් වීඩියෝ එක. ඒක මෙන්න මෙතන තියෙනව. ඒ වගේම ඔවුන් උත්සහ කරනවා පුළුවන් තරම් හැම දෙයක්ම ප්‍රායෝගික ප්‍රයෝග මගින් නිර්මාණය කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් CGI අඩු කරගන්න. රඟපාන නළු නිළියන් පවා මේකප් මගින් වේශ නිරුපනය කරන්නයි එයාල උත්සහ ගන්නේ.

 

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් : රින්ග්ස් ඔෆ් පවර් ‘හි ප්‍රධාන චරිත.

ගලාද්‍රියෙල් :

අපි මෙතෙක් දැකපු ගලාද්‍රියෙල් චරිතයට රංගන දායකත්වය දුන්නේ Cate Blanchett විසින්. මේ ඇයගේ තරුණ කාලය. ඒ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙන්නේ Morfydd Clark. සෞරෝන්ගෙන් කෙලින්ම ගේම ඉල්ලපු කෙනෙක් තමයි මෙයා. මතකයිනේ? ඉතිං ඇය තරුණ අවධියේදී සෞරෝන් එක්ක අපි දැනගෙන ඉන්න ප්‍රමාණයට වඩා ගේමෙන් ඉන්නව කියලයි කියන්නේ නම්.

 

 

නෝරී බ්‍රැන්ඩිෆුට් සහ පොපී ප්‍රව්ඩ්ෆෙලෝ :

අපි මෙතෙක් දැකපු චරිත වලින් මේ දෙන්නව සමාන කරන්න පුළුවන් සෑම් සහ ෆ්‍රෝඩො කියන හොබිට්ලා දෙන්නට තමයි. හැබැයි විශේෂත්වය වෙන්නේ මේ දෙන්නා හොබිට්වරියන්. මේ දෙන්නගේ චරිත සඳහා ලෙසින් නෝරී බ්‍රැන්ඩිෆුට් වෙනුවෙන් Markella Kavenagh සහ පොපී ප්‍රව්ඩ්ෆෙලෝ වෙනුවෙන් Megan Richards  රංගනයෙන් දායක වෙනව.

 

 

 

බ්‍රොන්වින් සහ අරොන්දිර් : බ්‍රොන්වින් වෙනුවෙන් Nazanin Boniadi සහ අරොන්දිර් වෙනුවෙන් Ismael Cruz Cordova රංගනයෙන් දායක වෙනව. මිඩ්ල් අර්ත් ‘හි දකුණු කොටසට වෙන්න තියෙන ප්‍රදේශයක එල්ව්ස්වරු සහ මනුෂ්‍යයින් බොහොම නොරිස්සුම්ගතියකින් ජිවත් වෙනවා.  බ්‍රොන්වින් කියන්නේ  වෙදකම් කරන කෙනෙක්. අරොන්දිර් කියන්නේ එල්ස්ව් මුරභටයෙක්. මේ දෙන්නගේ දේශ සිමා රහිත, වර්ග වාදයෙන් තොර ආදරයක් ගැන තමා කතාව දිවෙනවා කියන්නෙ. හරියට නිකම්, මනුෂ්‍යයෙක් වෙන ඇරගොන් සහ එල්ව්ස්වරියක් වුණ අර්වෙන් දෙන්නගේ ආදර කතාව වගේ. කොහොම උනත් ලස්සන ආදර කතාවක් මිඩ්ල් අර්ත් කතාවක් අස්සේ සිද්දවෙනවාමයිනේ. 🙂

 

ස්ට්‍රෙන්ජර්(අමුත්තා): මිඩ්ල් අර්ත් වෙත හදිසියේම ප්‍රාතදුර්‍යය වෙන අමුත්තෙක් තමයි මේ. තවම මොහු ගැන විස්තරයක් දන්නේ නැහැ. මේ චරිතය රඟපාන්නේ Daniel Weyman විසින්.

 

 

 

එල්රොන්ඩ් : එල්රොන්ඩ් වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙන්නේ Robert Aramayo විසින්. මොහු මිට පෙරාතුව ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාවේ, තරුණ නෙඩ් ස්ටාක් චරිතයට පණ පෙව්වා. ෆිල්ම්වල වගේම පොත්වලට අනුවත් මෙයා අර්ධ එල්ව්ස් නායකයෙක්, මුදුවේ මිත්‍ර සන්ධානය ඇතිකිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කළා මෙයා. මතක නැද්ද? අර්වෙන්ගේ දරදඬු පියාව මතක ඇතිනේ එහෙනම්?

“Shadow of the Past” Season 01 Episode 01 අධ්‍යක්ෂණය : J.A. Bayona. තිර රචකයින් : John D  Payne & Patrick McKay. කතාංගය විකාශය වූ දිනය : September 1, 2022. කතාංගයේ IMDB අගය: 7.2 කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

24,528 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E01.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

24,528 downloadsDownload Subtitles72 KB

122 comments

  1. Anonymous

    supiri

  2. Isuru Ishara

    Thank you very much.

  3. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaa

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Akeesha

    සබ් එක⁣ට බෙහෙම ස්තුතියිිි

  6. Spider

    patta bn

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Amila

    බොහොම ස්තුති

  9. Anonymous

    අඩේහ් උඩ කියපු ටික නම් බොක්කටම වැදුනා
    අනිත් උන්ටත් එහෙම්ම දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන අපිට කරන්න දෙයකුත් නෑ සහෝ මොකද පැහැදිලි කරලා කිව්වට හදන්න පුලුවන් උන් ඉන්න රටක් නෙවෙයිනෙ බන් මේක
    (Got එකේ අන්තිමට කලින් එපියේ කමෙන්ට් ටික දැක්කම තෙරෙනවනේ )
    හැබැයි වීමා සහෝ ඔයා වගේ කෙනෙක් අසමජ්ජාතියෝ සුලු පිරිසක් නිසා (වෙන පජාත සයිට්වලට සම්බන්ද උනුත් ඒගොඩේ ඉන්නවා ) කලකිරෙන එකනම් අපරාදේ මොකද ඔයාලගෙන් සබ් ගන්න කිසිම කමෙන්ට් එකක් නොකරන , කමෙන්ට් කරලා අගයන බහුතරයක් ඔයාලත් එක්ක ඉන්න නිසා...
    කමෙන්ට් නොකරන අයත් අඩුතරමේ thanks කියලවත් කමෙන්ට් එකකින් සප් එකක් දෙමු බන්
    ජය වේවා බයිස්කෝප් !

  10. Minol

    බොහොම ස්තුතියී

  11. malith madhushan

    Adee bohoma asthuthiyi vima aiye meka denakan maga balan hitiye tolkin ge nirmana kiyanne ithin jiwithe wage thama ilanga epiyatath ikmanata sub eka aranna enna labeeewaaa kiyalaa parthana karanawa

  12. Supun

    Thanks bro

  13. Anonymous

    Thanks

  14. Anuja Lakshitha

    thanks ayye sub ekt

  15. Shehan randika jayathunga

    thanks broo sub akata , meka ban lankavanee kotchchara hoda vada karath anthimata banum thama ahanna venne . anika me site aka nathara karanna onaa ayath innavanee , gananganna apaa owaaa

  16. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  17. viraj

    thanks......

  18. Kavindu Chathuranga

    බොහෝම ස්තුතියි සහෝදරයා ... ඇත්තටම මේ නිර්මාණ අඩුවක් නැතිව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාල දෙන sub එක නිසා. නිර්ලොභිව අපි වෙනුවෙන කරන මේ කැපකිරීමට අනෙක වාරයක් ස්තුතියි. ඔබේ සියලුම වැඩකටයුතු සාර්ථකවේවා !!

  19. Rishitha prabath

    Thanks vima aiye. Jaya wewa!!

  20. oshanda

    thanks... loku wistharayak ekkama

    1. Mahesh Krishantha

      Mata therena widihatanam meka dan site dekak athara tharagyak wela.nikan ara 225 wage.hamoma kiyanawa api hodai kiyala.ai bn me degollo adanne.comment denna ona aya dei. Ay me

  21. Danushka

    කවදාවත් ලිපි නම් කියවන්නේ නම් නැහැ. ඒත් ටිවී සිරීස් එකේ තියෙන HYPE eka හින්දා ලිපියත් කියෙව්වා. ඇත්තටම උඔලා මේ කරන දේ මාරම වටිනවා සහෝ. එකේ වචන දෙකක් නැහැ. කිසිදු ලාභ නැතිව මේ කරන දේට මේ වකවානුවේ කිසිම පෙළඹවීමක් නැහැ කිසි කෙනෙක්ට. අපේ රටෙන් පිට හැදෙන සිනමාපට හෝ ටිවී සිරීස් වලට නියමානුකූල සබ් දීලා අපිට මේ කරන මෙහෙය ගැන ‌මචං, බොහෝම ස්තූතියි. ජයවේවා............

  22. Anonymous

    Bohoma sthuthiyi ❤️

  23. MAHESH

    THANKS BRO SUB EKATA...JAYA.. .!!!

  24. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. දෙනකල් හිටියෙ බලන්න. ජයවේවා!

  25. Anonymous

    සබ් එකට ස්තුතියි විමා❤

  26. De silva

    Thank you machang

  27. De silva

    බොරු කියන්න ඕන්නෑ.. වෙන සයිට් වල සබ් නම් මෙලෝ රහක් නෑ කොටින්ම.. මේකෙන් දානකන්ම හිටපු අවස්ථා ගොඩක් තියෙනවා

  28. Ishara

    sub ekta thans. danna knk kiynnko meke torrent site eka mkkda kila

  29. M

    Thanks...... good luck....

  30. Anonymous

    ලෙසටම කියලා තියෙනවා නොතේරෙන අයට තේරෙන්නම. අපිනම් කවදත් බය්ස්කෝප් එකත් එක්ක ඉන්නේ. සබ් එකට බොහොම ස්තුතිය්. ජය වේවා...

    1. Anonymous

      සුපිරියි

  31. Pasindu Mihiranga

    Thanks ❤️

  32. wDh

    thank u so much

  33. Kushan

    Sub akta thanks

  34. Unknown

    Thnks machn sub eka duntta ube krna wada wlta jayen jyma wewa brdh ❤️

  35. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  36. Anonymous

    Thanks ban sub akkata

  37. Shaggy

    බොහොම ස්තූතියි විමා සහෝ..ෆ්‍රී වෙලාවක සබ දාන්න..හදිස්සියට කඩ්ඩෙන් බැලුවත් ඔයාලගෙ සබත් එක්ක ආපහු බලනව..නවත්තන්න එපා

  38. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  39. Tharindu Kapuwatta

    boma stuti saho... godak mahansi wela tyenw... balan htye sub danakam... me karthawaya dgatama krgena yanna labewa... jaya wewa...

  40. Navodya Vidyanga

    Download link eka dannako

  41. DM Perera

    thanks for the sub….machn request ekak thiyenwa…..sub eka hadaddi characters lage nam, places wala nam puluwan nan english walinma thiyanna eka lehesi balana kenata

  42. kavindu

    thanks saho

    1. Anonymous

      Thank you very much sub dunnata bro
      Api digata innawa....

  43. theeraka widuranga

    thanx bro sub ekata

  44. Danushka

    Thank You. මේ series එකටසිංහල භාෂාවෙන් sub දෙන්න ලැබීම ම ලොකු ගෞරවයක්‌ ඔයාට. උපසිරසියට ගොඩක් ස්තුතියි.

  45. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙමු ❤

  46. Anonymous

    Thank bro

  47. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  48. janith srimal

    karagena yamu vima sub ekata thank you, poddk ehemehe unata awlk nehe sub eka quality ekata dena ekama athi bn

  49. Anonymous

    බොහොම ස්තුතිය .දිගටම සබ් එක දෙමු.ඔයාල සබ් එක තමයි නියම සබ් එක.

    1. Ams

      ස්තුතියි !!! ❤️❤️

  50. ishan

    Sub ekata thank you..digatama karanna api godak asawen thama oyalage sub ekath ekka film balanne.demotivate wenna epa❤️

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.