අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන්…

අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්‍රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව. ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.
පසුගිය කාලසීමාව පුරාවටම බයිස්කෝප් වෙබ් අඩවිය පුරා හඳුනානොගත් ( Anonymous) පහත් පෙලේ හැදියාවන් ඇති පිරිසක් වෙබ් අඩවියේ නොමනා ලෙස අදහස් ප්‍රකාශ කරමින් හැසිරෙනවා දක්නට ලැබුනා. අපිට මේක අලුත් සිදුවීමක් නෙමෙයි මල් වගේම ගල්මුල් වලටත් අපි ඔට්ටුයි. නමුත් දිගින් දිගටම ඒකාකාරිව සංවිධානාත්මක අන්දමකින් මේ දේ සිද්දවෙන බව අපිට දකින්න ලැබුනා. ඉතිං ඒ කවුද ? මොනාද කරන්නේ? කුමන අරමුණකටද? කියල හඳුනාගන්න අපිට ඉහත සඳහන් කරපු පියවරට යන්න සිද්දවුනා. පටන් ගත්ත දවසේ ඉඳලම හැම වෙලේම ඉදිරියට පියවර තබමින් ගමන් කරපු බයිස්කෝප් වෙබ් අඩවිය ප්‍රථම වතාවට අඩියක් පසුපසට ගත්තා. මොකද නිදැල්ලේ හැසිරෙන පිස්සු බල්ලන්ව තෝරා-බේරාගෙන අල්ල බැඳලා දාන්න පියවරක් ගන්න ඕනවුනා. අපි අඩියක් පසුපසට ගත්තට පස්සේ සෑහෙන යෝජනා චෝදනා වගේම දිරිමත් කිරීම් සමගින් තවත් පහලටම ඇද දමමින් සිදුකරන ලද බොරු ප්‍රචාරණත් ෆේස්බුක් එක පුරාවටම දැකගන්න ලැබුන අපිට. ඒ හැම යෝජනාවකටම දිරිමත් කිරිමකටම වෙබ් අඩවිය වෙනුවෙනුත් උපසිරසි සපයන සියලුම සාමාජිකයින් වෙනුවෙනුත් කෘතඥපුර්වක ස්තුතිය පිරිනමන්න කැමතියි. මොකද මුහුණදෙන්න සිද්දවෙච්ච සිදුවීමත් එක්ක සැබෑවටම අපිත් එක්ක රැඳිලා ඉන්නෙ කවුද, කොපමණ පිරිසක් අපි එක්ක ඉන්නවද කියල බොහොම හොඳට පැහැදිලි උනා. ඒ වගේම එල්ලකරපු චෝදනා මඩ ප්‍රහාර ගැන පිළිතුරු දෙන්නත් මේක අවස්තාවක් කරගන්නවා. ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම පමණයි.
බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?
නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ. අපි මුලින් තීරණය කලේ කතාමාලාව අවසානයේ උපසිරැසි සියල්ල නිකුත් කරන්න.
උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.
මේක තමා ප්‍රභලවම එල්ලවුණ චෝදනාව උනේ. අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි අරගෙන ඩිවිඩි පිටපත් කරලා. අපේ වෙබ් අඩවියට උපසිරැසිය ලබාදුන්න කෙනාගේ නම ඉවත් කරලා ඔවුන්ගේ නම දාගෙන හෝ එසේ නොකොට වෙළඳපලේ අලවිවන ඩිවිඩි පිටපත් ඕනෑතරම් දකින්න ලැබෙනවා ඇති ඔයාලට. එහෙම විකිනෙන කිසිම ඩිවිඩි පිටපතකින් අපේ උපසිරසි කරන උපසිරසිකරුවන්ට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා අලවි කරන සැම ඩිවිඩි පිටපතකින්ම කොටසක් අදාල සිංහල උපසිරැසිය ලබාදුන්නා උපසිරසිකරුවාට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම කියන්න කැමතියි වෙබ් අඩවියේ උපසිරසි කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලපු බහුතරයක් දෙනා අන්තර්ජාලයේ ඩිවිඩි පිටපත් අලවිකිරීමේ නිරතවෙලා ඉන්න පිරිස්. අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගුණාත්මක බැවින් සහ නිමාවෙන් ඉහල මට්ටමේ ඩිවිඩි පිටපත් අවම මිලක් යටතේ අලවිකරනකොට බොහොමයක් දෙනා අපෙන් ඩිවිඩි ගන්න පෙළඹුනා. ඉතිං මම කියන්න කැමතියි අපි කිසිම වෙලාවක වෙබ් අඩවියේ අදාල චිත්‍රපට යෝ රුපවාහිනී කතා මාලාවට උපසිරසි ලබාදී අවසන් වනතුරු අදාළ චිත්‍රපටය හෝ කතා මාලාව සිංහල උපසිරසි සමග බයිස්කෝප් ෂොප් මගින් අලවිනොකරන බව.
ඒවගේම වෙබ් අඩවියේ උපසිරැසිය පලවෙන්න කලින් ෂොප් වෙබ් අඩවියේ DVD තැටිය ඉදිරිපත් කිරීම ගැනත් කතා උනා. මෙම චෝදනාව කල කෙනා දැක්කේ නැ එය තිබෙන්නේ Pre Order ලෙස බව. මොකක්ද මේ Pre Order කියන්නේ? යම්කිසි භාණ්ඩයක් වෙළඳපොළට නිකුත් කිරීමට ස්වල්ප කාලයකට පෙරාතුව බොහොමයක් විකුණුම් ආයතන “පෙර ඇණවුම් කිරීමේ” පහසුකම පාරිභෝගිකයාට සලසා දෙනවා. මේ ගැටලුව ඇතිවුනේ ඇත්තටම මාවල් පනිෂර් කතාමාලාවට සිංහල උපසිරසි බයිස්කෝප් අඩවියේ ලබා දී සම්පුර්ණ කිරීමට ප්‍රථම බයිස්කෝප් ෂොප් එකේ Pre Order පහසුකම යටතේ අලෙවි කිරීමට දමා තිබීම. ඊළඟට මේක පැහැදිලි කරන්න උදාහරනයකට මේ සිද්දියම අරගමු.
අපි පනිෂර් කතා මාලාවේ අවසන් උපසිරැසිය ළඟ තියාගෙන වෙබ් අඩවිය හරහා ලබා නොදී බයිස්කෝප් ෂොප් එක තුලින් පනිෂර් කතා මාලාවේ සියලුම උපසිරසි සමග ඩිවිඩි පිටපත් අලවිකිරීමේ යෙදෙනවා.
අපි පනිෂර් කතා මාලාව බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසි දී අවසන් වූ වහාම ෂොප් සයිට් එකෙන් Pre Order පහසුකම යටතේ පෙර ඇණවුම් ලබාදීලා තියෙන පාරිභෝගිකයන්ට තමයි මුලින්ම ඩිවිඩි පිටපත් තමන්ගේ ගෙදරට ලැබෙන්නේ. අපි පනිෂර් ඩිවිඩි පිටපත් 10ක් නිෂ්පාදනය කලා කියල හිතමු. බයිස්කෝප් ෂොප් එකට ඒ වෙනකොට Pre Order 8ක් ලැබිල තියෙනවා. ඉතිං අපි බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසි ලබාදීලා අවසන් උනාම ඩිවිඩි පිටපත්කරලා මුලින්ම කරන්නේ අර 8 දෙනාට එවන එක. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඩිවිඩි පිටපත් 2යි. ඒ දෙක මුල් පාරිභෝගිකයින්ට මිලදීගන්න ලැබෙනවා. ඊට පසුව ඇනවුම් කරන පාරිබෝගිකයින් ඩිවිඩි පිටපතක් මිලට ගන්නාවිට Pre Order පරිබෝගිකයින්ට වඩා යම් කිසි පමාවක් සිදුවෙන්න පුළුවන්. ඒ පමාව අඩුකරන්න තමයි Pre Order කියන පහසුකම බොහොමයක් විකුණුම් කරුවන් විසින් ලබාදෙන්නේ. අදටත් පනිෂර් කතා මාලාව මිලදී ගත් කෙනෙක් ඉන්නවා නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලනවා. මොකද තවමත් අපි ඒ කතා මාලාව කිසිම කෙනෙකුට DVD මගින් ලබා දීලා නැහැ. මොකද මුලින් නොමිලේ ප්‍රධාන වෙබ් අඩවිය මගින් උපසිරැසි ලබා දුන් පසුව තමයි මේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ.
බයිස්කෝප් වෙබ් අඩිවියේ ඇඩ් දාල ඇඩ්මින්ල සල්ලි හම්බකරනව.
ඉතාම කනගාටුයි, මේ චෝදනාව කරපු කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති වෙබ් අඩවියේ සංස්කාරකවරුන් හැම මාසයකම අවසානයේ ආදායම් වියදම් සඳහන් වාර්තාවක් ඉතාම විනිවිද ආකාරයට වෙබ් අඩවියට උපසිරසි සම්පාදනය කරන හැම උපසිරසිකරුවෙක්ම ඉන්න ෆේස්බුක් ගෘපයක පලකරනවා. ඒ වගේම උපසිරැසි ලබා දෙන උපසිරසිකරුවන්ට ලබා දෙන ත්‍යාග ඔවුන් දිරිමත් කරන්න කරන වැඩ සහ විශේෂයෙන්ම සමාජයේ යහපත උදෙසා කරන්න ඉන්න සහ කරපු සමාජීය වගකීම් ගැන අපේ උපසිරසිකරුවන් හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. එතනින් එහාට වෙබ් අඩවිය තුල සිදුවන දේවල් ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැති බවයි ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්ගේ මතය. හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”
වෙබ් අඩවියේ ඉන්න සංස්කාරකවරු (Admin) කවුද ?
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම වෙබ් අඩවිය 100%ක් ම පාලනය කරන්නේ කලින් උපසිරසිකරුවන් ලෙස මෙහි ක්‍රියාකල පිරිසක් විසින්. ඉතින් මේ නම් වෙබ් අඩවියට නිතර යන එන කෙනෙක් නම් අදටත් ඔවුන්ගේ නම් ඔබට දකින්න ලැබෙනවා.
හැම ගැටළුවක්ම අවසානයේ අපිට යම් තීරණයකට එන්න උනා කියනවට වඩා නෑවිත් බැරි උනා. ඊට හේතුව අපට ආදරේ කරන ඔබයි. විශේෂයෙන් මේ තීරණය ගැන දැනුවත් කල මොහොතේ සිට පැමිණෙන දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ, අපට සහ උපසිරසිකරුවන්ට පුද්ගලිකව ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ෆේස්බුක් පිටු හරහා ලැබෙන පණිවිඩ සහ කලින් ලිපියට ලැබුන අදහස් දැක්වීම් ගැන නොසලකා හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අපි අද ඉන්න තත්වයට එන්න මුලික හේතුව උනේ අන්න ඒ අපිට ආදරය කරන සත්‍ය බයිස්කෝප් සිංහලෙන් රසිකයන්. ඒ අනුව බොහොමයක් දෙනා යෝජනා කල ආකාරයට වෙබ් අඩවියේ ගිණුමක් සාදා, එම ගිණුම සෑදූ අයට පමණක් වෙබ් අඩවිය තුලින් “උපසිරසි බාගත කරගැනීමටත්, අදහස් දැක්වීමටත්” හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි සැකසුවා. ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.
“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”
ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි මෙම සිදුවීම වෙන අතරේ අපව දිරිමත් කරන ලද පිරිස ගැන. වඩාත්ම වැදගත් වෙන්නේ අප හා තරඟකාරී උපසිරසි ලබාදෙන වෙනත් වෙබ් අඩවි පවා අපිව දිරිමත් කරමින් අපට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම. එය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ වගේම ෆේස්බුක් එකේ අපි දැක්ක බයිස්කෝප් වෙනුවෙන් කීදෙනෙක් පෙනී සිටිනවද කියල. ඒ වගේම අපි කලින් පළකරපු පොස්ට් එකෙත් විශාල ප්‍රමාණයක් අපිට සහය දක්වමින් සැබෑවටම අපිත් එක්ක විශාල පිරිසක් ඉන්නවා කියල අපිට ඔප්පු කරලා පෙන්නුවා. ඒ හැම කෙනෙක්ටම අපි ගැන විස්වාශය තියාගෙන අපිත් එක්ක බැඳිලා හිටිය සහ සහය දුන්න හැම කෙනෙක්ටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කෘතඥපුර්වක ස්තුතිය පිරිනමන්න කැමතියි.
මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ.. අපිත් එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැම නිසා. ඔබ සැමට සුභ නත්තලක් වේවා! 😀
TV – Series | ඔබ බලාසිටි අපගේ තීරණය…
-
- දැනට එකපාරක් හරි ලොග් වෙලා කමෙන්ට් දාල තියෙන හරි නැත්නම් fb ට්විටර් වගේ එකකින් ලොග් වුණ අයගේ මේල් වලට කන්ෆර්ම් ඊමේල් එන්නේ නෑ.
-
- ඒවගේ අයට කන්ටක්ට් එකට ඊමේල් එකක් දාන්න කියන්න ඕන පාස්වර්ඩ් එක්ක,. අපේ කවුරුහරි ඒක රීසෙට් කරලා දෙනවා.
- එහෙම නැත්තම් අලුත්ම මේල් එකකින් ලොගින් හදාගන්න එතකොට කිසිම අවුලක් නෑ.
- ලොගින් හදන්න බෑ කියල කියන අයට අපේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් දාන්න ඒ අයගේ මේල් එකයි අවශ්‍ය පාස්වර්ඩ් එකයි කියලා.
‘මිට බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්’
99 comments
kasunrachintha
Ravindu
Thanks....balaporoththuwak thibuna kawada hari sub dei kiyala.digatama karagena yanna...Good Luck!
namal
ela
tharindu
ela wadak tv series eka iwara unama sub dana eka awlak na sub karana ayath welawa thiyana widiyata ne karanna ona ..........
Kavi_maxxa
Respect____Bro.................
sumith madusanka
thanks
Kenan Sujindra
ස්තූතියි මචංලා
මේ විදියට ඉස්සරහට යමු.
ජය වේවා !kuma2lasa
Respect Admins and all members ......................
thank you all ..........Hasitha Chathuranga
බොහොම ස්තූතියි
kalana
Thanks brothers
Dracula
අාපහු සබ් දෙන එකට තෑන්ක්ස්... ❤️❤️❤️
@the_dracula_dsසාෂා
ගොඩාක් ස්තුතියි,
හැමදාම site එකට ආපු ගමන් කලේ tv series වලට අලුත් post එකක් දාලද කියලා බලපු එක,බලාපොරොත්තුවක් තිබ්බා ආයෙම සබ් දෙන්න පටන් ගනී කියලා, ස්තුතියි.....ezio1998
එල මචං ගුඩ් ලක්
Samitha.sandaruwan
අම්මෝ...දැන් තමා නත්තලේ සැබෑ අසිරිය දැනෙන්නේ...ජය වේවා!!!
4devinda
මම නම් බොහොම ඉවසීමෙන් මෙ දවස වෙනකම් හිටියා .අනිවාර්යයෙන්ම ටිවි සිරියස් වලට අයෙත් සින්හල සබ් දෙනවා කියලා දැනගෙන හිටියා.
මම නම් කියන්නෙ කාලයක් අරගෙන පුලුවන් විදිහට පුලුවන් වෙලාවට සබ් දෙන්න කියලා.
වැඩි වැඩියෙන් සින්හල සබ් දාන්න දිරිය ශක්තිය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වෙවා... .Sanjeewa kumara
Thanx baiscope team
udara damith
නියමයි
එල
මගේ එක hard ඩිස්ක් එකක් පිරිලා තියෙන්නේ
ටීවී සීරියස් වලින්ම
මන් හිතාගෙන හිටියේ
ඇයි එකක් ගන්නේ නැතුව ඉන්ඩ
සබ් දෙන එක නතර කරපු නිසා
den ඉතින් සල්ලි අක හොයාගෙන එකක් ගඳ වෙනවනේ
ඇයි මේවා දෙන්ඩ පටන් ගත්තා එක නම් ලොකු දෙයක්Kesara Nipun
බොහෝම පින්
Malinda
Ammo. ethi yantham . Thank you all.
(nikan google translate karapu sub balala epa wela hitiye)chamara
thakz machnla ..mada gahanawa minissu kawadawath sinhalayagen hdak ahanna be kochara kalath thakzzz godak..
subhash
pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) me film eke sub download karanna yanakuta pane not fund kiyala watenawa ekata mokakda karanna oni plzz help me
subhash
ewagema me gaththa thiranayata thnz okkotama
Sudesh Madusanka
සතුටුයි සයිට් එක ආයෙත් පරණ තත්වෙටම ආපු එක ගැන. ඒ වගේම ස්තූතියි ආයෙත් සබ් දෙන්න ගත්ත තීරණය ගැන. කුහකයො කිහිපදෙනාට පහර එල්ල කරල සුවහසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සාධාරණය ඉටු කලාට....
wiraj1990
අම්මෝ.... ඇති යන්තම්... ගොඩක් තැන්ක්ස් මචෝ.....
yohan
ela danuwath kirimata comments dannaa kalin page eka close wenawa ne on line tiyanne na poddak b
alannaKasun Widusha
Tnx mcnla hithuwa wachcnayakwath kiwe nethi apigenath hithai kiyala kawada hari thnx kollane ayeth weda patan gandooo
එල්.සී. දමැල්
බයිස්කෝප් වට්ටන්න කිසිම කෙනෙකුට බැහැ. අලුත් අංග එක් කරන්න මහන්සි වුනු හැමෝටමත් බොහොම ස්තුතියි...
Tharindu Lakmal
ඇත්තටම හිතේ දුකක් තිබ්බා ටික දෙනෙක් ගේ වැඩ නිසා හැමදාම ඔයාලා ට සහයෝගයෙන් කතා කරන අපි ගෙන හිතුවේ නැත්තේ ඈයි කියලා අයෙත් හරි තීරණයක් ගත්ත එකට සතුටුයි ස්තුති
Kobin
elazzz bro.......
Eranga Sandaruwan
එලම
ඒනම් විජහට පටන් ගමු නේ
ගොඩක් ඒවා මේ ටිකේ නිවාඩු නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ...තීරණේ වෙනස් කරපු එකනම් ලොකුම ලොකු දෙයක් ඈ..
කොච්චර සයිට් තිබ්බත් හදවතේ මුල් තැන බයිස්කෝප් සිංහලෙන්...KP7
Ela Thanks Machanla.. Keep It Up.. Good Luck..!!
sandun
Niyama wadak. Api digatama site ekath ekka innawa... site ekata jayen jayama wewa..
GL Darshana Harsha Kumara
නැවතත් රූපවාහිනී කතා මාලාවන්ට උපැසිරැසි ලබා දීමට ගත් තීරණයට ගොඩක් ස්තූතියි.....
<3 <3 <3 .....Prashan
මේ වගේ අති විශිෂ්ඨ සේවාවක් කරන මිනිස්සු ටිකක් එහෙම ලේසියෙන් වැටෙන්නේ නැති බව මන් දැනන් හිටියා . Well Done Brothers !! . අපි අතරේ මිනිස්සු හිටියට ඒ අයගෙන් ගොඩක් දෙනෙක් සත්තු ඒ වුනාට ඒ පහරදීම් අපි සියලු දෙනාටම පන්නරයක් !! මට තියනවා තව යෝජනාවක් දැන් තියෙන Log-In Mechanism එක හොදයි එත් එකෙන් අදුන ගන්න පුළුවන් Email එකක් පාවිච්චි කරලා Log-In වෙන අයව විතරයි. එත් කඩාකප්පල් ක්‍රියා සිදු කරන්නන්ගේ සැලසුම් මුදුන් පත් කර ගැනීමට ඔවුන් Fake Email පාවිච්චි කරලා Site එකට Log වීමේ සම්භාවිතාව වැඩි, එක නිසා මන් යෝජනා කරන්නේ මේ Email Confirmation System එකත් එක්ක Device IP Confirmation System එකකුත් පාවිච්චි කරන්න කියලා. එතකොට කිසියම් පුද්ගලයකු අනවශ්‍ය ක්‍රියාවක යෙදුනහොත්, ඔහුගේ Device එකේ IP එක Block කිරීම තුලින්, නැවත කිසි දිනක Fake Account භාවිතයෙන් කිරීම වැනි, ප්‍රාථමික ක්‍රියා තුලින්, මෙම Web-Site එකට පිවිසීම එම පුද්ගලයාට අහෝසි වේ.එක ඉදිරියේදී Site එකේ ආරක්ෂාව සවිමත් කිරීමට පිටුවහලක් වනු ඇත . My Congratulations for Baiscope..Keep it uppppp.We are always with you.
Buddi
Aniwaa ban. Me de apahu piliwelata patan ganin bn.
viraj harsha
Ammaaaaa...paandarama meka dekka thiyna sathuta deiiyane...elama..godak awlen hitiye me sathi deke..den aayaeth weda patan gann puluwan.. ada indan ithin Tv series thamai ayeth..elama thanks jaya wewa...
Nalaka Dananjaya Rathnayake
bohoma sthuthi sahola. salenne nathuwa idiriyatama yamu.. jaya
Mahesh ruwan
(වඩාත්ම වැදගත් වෙන්නේ අප හා තරඟකාරී උපසිරසි ලබාදෙන වෙනත් වෙබ් අඩවි පවා අපිව දිරිමත් කරමින් අපට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම)
අපි දන්න උපසිරස් දෙන site 2යි තියෙන්නේ පුලුවන්නම් එයලා එක්ක කතා කරලා site 3 එකම සිරිස් වලට සබ් නොදි වෙනස් වෙනස් සිරිස් වලට සබ් දෙන්න try කරන්න.welcome back බයිස්කෝප්Kanushka
බොහොම ස්තුතියි මචන්ලා..ආපහු සබ් දෙවි කියලා බලාපොරොත්තුවේන් හිටියේ.තිරනය වෙනස් කරලා අපි ගැන හිතලා ආපහු සබ් දෙන එකට ගොඩක් පින් සහෝලා..දිගටම දෙමු..අපි ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා.බයිස්කොප් එකට ජය වේවා!!!
Dinesh Buddika
සුභ නත්තලක් වේවා ! sub දිගටම කරගෙන යන්න සැමට සුභ පතනවා ...
Chamidu praveen
ගොඩක් ස්තුතිය ඔයාලගෙ තීරණය වෙනස් කරා ට.ඔයාලා දිගටම sud එක දායි කියලා මම හිතන වා.best of luck brothers.
deshanchandana
බොහොම ස්තුති සහෝදරවරුණි.හැමදාම අපි ඔයාල එක්ක ඉන්නවා මේ වැඩේ ඉතාම සාදාරණයි වගේම හොද විනිවිදබාවයක් තියනවා.ඔබට ජය
nisalt
Respect you baiscopelk Team.
Good Work.
Congratulations.... And wish you all the best and for a Merry Christmas.KUsh
Tnx aye Sub denna patan gaththata
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
Amila Eranda
බොහොම ස්තුතියි...මේ Email Confirmation System එක නියම වැඩක්. අපේ සහයෝගය හැමදාම ඔයාලට තියෙනවා..සුබ පැතුම්...
Kantha_DLA
"හදවතේ මුල් තැන බයිස්කෝප් සිංහලෙන්…"
සුභපැතුම්.
ඉදිරියටම යමු…!Damsith
Thanks! Wish you merry Christmas!! And Good luck bro!
Ruwan Hettiarachchi
මං 2012දී රෙජිස්ටර් උන එකම වැඩ.. ගොඩාක් ස්තූතියි .. ඒ වගේම මේකත් කියන්න ඕනේ මේකට එන අයට.. Baiscope.lk එක අපට උපසිරසි දෙන්නේ නොමිලේ.. ඒ නිසා එයාලා අපට කරදරයක් නොකර වෙබ් අඩවිය මගින් කුමණ ආකාරයකින් මුදල් සොයා ගත්තත් එය ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැත.. ඔවුන් ලබා දෙන උපසිරසි ගන්නවා වගේම වෙබ් අඩවිය පවත්වාගෙන යන්න මුදල් සොයාගන්න සහයෝගය දීමත් අපගේ යුතුකමක් වන්නේය.....
Kulanjana Maduranga
niayamai…keep it up....jaya wewa……
hasantham
අම්මෝ................. ඇති යන්තන්
නත්තල් සියා ආවා .!!!!!!!!!!!!!!!!!!
Advertisement
eka hoda wadak ... api nam hithuwe sub denne nathi wei kiyala ... good job issarahata karagena yamu.