Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් 7කින් සමන්විත මේ බ්ලැක් කොමඩියේ අන්තිම කොටස තමයි මං මේ අරන් ආවේ. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුණොත් මනීෂ් කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න තරුණයෙක්. හැබැයි මිනිහට ප්‍රමාණවත් තරම් සල්ලි තිබ්බේ නෑ. සැපවත් ජීවිතයක්…

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් 7කින් සමන්විත මේ බ්ලැක් කොමඩියේ අන්තිම කොටස තමයි මං මේ අරන් ආවේ. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුණොත් මනීෂ් කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න තරුණයෙක්. හැබැයි මිනිහට ප්‍රමාණවත් තරම් සල්ලි තිබ්බේ නෑ. සැපවත් ජීවිතයක් වෙනුවෙන් එයාගේ නෝනා රීචා එයාට දුන්නු පීඩනයත් සුළුපටු නෑ. හතරවටේට කෝල් කර කර ආයෝජකයන් හොය හොය ඉන්න මනීෂ්ට දවසක් අමුතු කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් තමා මනීෂ්ගේ වගේම රීචාගේ වගේම තව කීපදෙනෙක්ගෙම ජීවිත උඩු යටිකුරු වෙන්නේ. ඒ පෙරලිය ජීවිත නැති කරන තරම් ප්‍රබල පෙරලියක්.
හිම්මත්ට වෙච්ච දෙයින් පස්සේ මනීෂ්ට ලොකු කලකිරීමක් වගේ ඇති වුණා. තමන් නිසයි හිම්මත්ට මේ දේ සිද්ධ වුණේ කියන හැඟීම මනීෂ්ට වදදෙන්න ගත්තා. හැමදේම හරි ගස්සන්නයි මනීෂ් හිතාගත්තේ. ඔය අතර සල්ලි මල්ල පස්සෙන් ආපු රීචා රාහුල්ගෙන් තමන්ගේ වාඩුව අරගත්තා දැක්කනේ. කෙලින්ම රීචා ගියේ පොලිසිය ගාව තිබුණු පරණ වාහන අංගනයට. ඒත් වාහනේ එතන නෑ කියලා එයා ඇරෙන්න අපි හැමෝම දන්නවනේ. ඔය අතරේ මන්ත්‍රීතුමා තමන්ගේ දුවව හොයන කොන්ත්‍රාතුව සන්තෝෂ්ටම බාර දුන්නා. ඒ කෝටි 5ක් දෙන පොරොන්දුව පිට. වාහනේ හොයලා බැරිම තැන රීචා තව තීරණයක් ගත්තනේ. ජෝඩුව මන්ත්‍රීට අල්ලලා දීලා සල්ලි ටික කඩාගන්නයි එයා බැලුවේ. ඒත් හැමදේම හරිගස්සන්න හිතන් ඉන්න මනීෂ් මේ වෙද්දී ප්‍රියාවයි උස්මාන්වයි පිටත් කරලා තිබ්බේ. ඔය සීන් කෝන් ටික එහෙමම වෙද්දී පහුගිය කොටස ඉවර වුණේ තව කෙනෙක්ගේ වෙස් මූණ ගලවගෙනමයි.
එහෙනම් මේ අවසන් කොටස එක්කත් එකතු වෙන්න. කතාව ඉවර වෙන හැටියට නම් දෙවන කතා සමයක් නම් එන පාටයි. හරියටම කියන්න බෑ ඉතින්. එහෙනම් තවත් උපසිරසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,295 downloadsDownload ASM-S01E07.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Sohan Jayasooriya
Anonymous
Digatama hindi series demu
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
Pasindu Madumal
සබට තුති මයුර අයියේ ❤️
තව සීරිස් එකක් ඕනේ..!මයුර
-චානක ඉඳුනිල්-
Thanks for sub brother
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


ඒකත් ඉවරයි එහෙනම්.. සබ් එකට තැන්කූ වේවා අයියේ..