Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E13] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

පසුගිය කොටස අවසානයේ වුණේ ජින් වූ මහාචාර්යතුමාව හමුවෙන්න ගිය කොටසෙන්. ඇත්තටම ජින් වූට ඕනේ වෙනවා තමන් දකින්නේ හෝ කරන්නේ විකාර දෙයක් නෙවෙයි කියලා එක්කෙනෙකුට හරි ඔප්පු කරන්න. විශේෂයෙන්ම මහාචාර්ය චාට. ඒ මොකද ඔහු දැනටමත් තමාගේ පුතාගේ මරණය වෙනුවෙන් ජින් වූට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරලා තියන නිසා. ඉතින් මහාචා…

පසුගිය කොටස අවසානයේ වුණේ ජින් වූ මහාචාර්යතුමාව හමුවෙන්න ගිය කොටසෙන්. ඇත්තටම ජින් වූට ඕනේ වෙනවා තමන් දකින්නේ හෝ කරන්නේ විකාර දෙයක් නෙවෙයි කියලා එක්කෙනෙකුට හරි ඔප්පු කරන්න. විශේෂයෙන්ම මහාචාර්ය චාට. ඒ මොකද ඔහු දැනටමත් තමාගේ පුතාගේ මරණය වෙනුවෙන් ජින් වූට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරලා තියන නිසා. ඉතින් මහාචාර්යතුමා ජින් වූ කියන දේ අහලා ගේම් එකට ලොග් වෙන්න ලෙන්ස් දාගන්නවා. එතකොටත් ඔහුට විශ්වාස නැහැ ජින් වූව. ටික වෙලාවකින් ඔහුගේම පුතා ඔහුව මරන්න කඩුවක් අතේ තියාගෙන එනකම් මහාචාර්යතුමා එය විශ්වාස කරන්නේ නැහැ. කොහොමහරි මහාචාර්යතුමා හොඳටම බය වෙනවා. ඔහුට තනිවම කෙළින් හිටගන්නවත් බැරි තරම් බය වෙනවා. ඒ ජින් වූ කියපු දේ හරි ගිය නිසාම විතරක් නෙවෙයි තමන්ගේ පුතා ලේ වැගිරුණු ශරීරයකුත් එක්ක කඩුවක් අරගෙන ඉන්න විලාසය දැකීමෙන්.

ඉතින් මේ කතාව මුලින්ම බලනකොට මටනම් ආපු ලොකුම ප්‍රශ්නය තමයි කොයි වෙලාවටද මෙයාලා මේ ගේම් එකෙන් ඇත්තටම මිනිස්සු මැරෙන හැටි පෙන්නන්නේ කියලා. මං වගේම මේ ප්‍රශ්නේ තියන තව අය ඉන්නවනම්, මේ කොටසින් එයාලට පිළිතුරු ලැබේවි. ඒ වගේම මහාචාර්ය චා තමන්ගේ පුතා අතින් මරණයට පත් වේවිද? පත් නොවුණොත් ඊළඟට කුමක් වේවිද? තමන්ගේ තරුණ වයස පහු කළ නිසා මහාචාර්යතුමාට තනිවම බේරෙන්න පුළුවන් කියලා ඔයාලා හිතනවද? ඒ වගේම හී ජූට එමාගෙන් මේ ගවේෂණය ගැන මොන වගේ තොරතුරු දැනගන්න ලැබේවිද? ජින් වූට තමන්ගේම ජීවිතයත් එක්ක තව කී දෙනෙක්ගේ ජීවිත බේරගන්න වෙයිද? මේ වගේ ප්‍රශ්න වලට හොඳම දේ මේ කොටස බලන එක තමයි. 🙂 මේ කොටසේදිවත් සී ජූව හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

එහෙනම් ඊළඟ උපසිරැසිය සමඟින් හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,233 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E13.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,233 downloadsDownload Subtitles25 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. TEP

    Thanks for sub sister. Re 9ta teledrama ekak balanawa wage.

  3. thanujamilandi

    Thank you dear Sub ekata... digatama sub demu.. Jaya wewa!! BS!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.