ලගදී විකාශය ආරම්භ වුන තවත් සුපිරි කෙටි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම්. මේකේ කතා 8 ක් අඩංගු වෙනවා. විකාශය වෙන්නේ hulu වෙබ් අඩවියේ. අපේ රටේ වැඩි පිරිසක් භාවිතයට ගත්තේ නැති වුනත් ඒකත් නෙට්ෆ්ලික්ස් වගේ තමයි විශේෂත්වය වෙන්නේ එකේ නම් කතාවක් විකාශය වුන ගමන්ම ඒ වෙබ් අඩවිය හරහාත් එම කොටස් නැරඹීමේ අව…

ලගදී විකාශය ආරම්භ වුන තවත් සුපිරි කෙටි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම්. මේකේ කතා 8 ක් අඩංගු වෙනවා. විකාශය වෙන්නේ hulu වෙබ් අඩවියේ. අපේ රටේ වැඩි පිරිසක් භාවිතයට ගත්තේ නැති වුනත් ඒකත් නෙට්ෆ්ලික්ස් වගේ තමයි විශේෂත්වය වෙන්නේ එකේ නම් කතාවක් විකාශය වුන ගමන්ම ඒ වෙබ් අඩවිය හරහාත් එම කොටස් නැරඹීමේ අවස්තාව තියනවා. හරියට අපේ ටොරන්ට් වගේ 😛 .
මේක 2011 නොවැම්බර් 8 වැනිදා ස්ටීවන් කින් විසින් ප්‍රකාශයට පත් කරන ලද 11/22/63 ග්‍රන්ථය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පොත ගැන කතා කරනවා නම් විශාල වශයෙන් අලෙවි වුන බොහොම ජනාදරයට පාත්‍ර වුන පොතක්. Mystery, Sci-Fi, Thriller කියන කාණ්ඩයන්ට තමයි මේ කතා මාලාව අදාළ වෙන්නේ. මේ වෙන විට IMDB 9.0 වගේ ඇති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ඉතින් කියන්න ඕනේ නැහැ නෙව කොහොම ඇති ද කියලා.
තිරයේ දකින මුහුණු ගැන කතා කරනවා නම් සිනමාවේ නිතර දකින මුහුණක් මේ දවස්වල ආරට යමින් පුංචි තිරයට ඇවිත් තියනවා මේ කතාව වෙනුවෙන් ඒ James Franco. ඊට අමතරව Sarah Gadon, George MacKay, Josh Duhamel, Chris Cooper, Cherry Jones වගේ පිරිසක් එක්කාසු වෙනවා.
ජේක් කියන්නේ පාසල් ගුරුවරයෙක් ඔහු හැමදාම කෑම ගන්නා ආපනශාලාවක් තියනවා මේකේ වැඩ කරන්නේ ඇල් කියලා කලක් ඉදලා දන්නා හදුනනා පුද්ගලයෙක්. දවසක් කෑම ගන්නා අතරේ ජේක්ට ඔහුගේ බිරිද දික්කසාද ලියවිලි ගෙනත් දෙනවා අත්සන් කරන්න මේ අතරේ ඇල් යනවා කුස්සියට. නමුත් මේ ලිපිගොනු අත්සන් කරලා හැරෙන පරක්කුවට ඇල් එනවා මල මිනියක් වගේ සුදු මාලි වෙලා, වෛද්‍යවරුන්ට අනුව ඔහුට පිළිකාවක් තවත් ජිවත් වෙන්න වැඩි කාලයක් නැහැ. ජේක්ට මේක මහා ප්‍රහේලිකාවක් වෙනවා එක මොහොතක හොඳට හිටිය මිනිහා ඊලග මොහොතේ කොහොම එකපාර මෙහෙම අසනීප වෙන්න ද? ඊලග දවසේ ඔහුට එන්න කියනා ඇල් ජිවිතයට විශ්වාස කල නොහැකි අමුතුම කතාවක් කියනවා ජේක්ට. ඒ තමුන්ගේ කුසියේ අල්මාරියක් ඇතුලෙන් ගියාම 1960 ට යන්න පුළුවන් බව.
පිස්සු…. තනිකරම පිස්සු… හැබැයි ඒක තමා ඇත්ත. ඇල් ගේ ඉල්ලීම වෙන්නේ 1960 ට ගිහින් වසර 3 කට ආසන්න කාලයක් එහෙ ගත කරලා 1963 දී සිද්ධ වෙන ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වලක්වන්න කියන එක. ජේක් මුලින් කැමති වුනේ නැතත් පස්සේ ඔහු ඒකට කැමති වෙනවා තව හේතු එකක්… ඉතින් ඔහුට ලැබෙනවා 1960 න පස්සේ තරග ප්‍රතිඵල පොතක්, කෙනඩි ඝාතනය ගැන ඇල් හොයාගත් තොරතුරු ගොන්නක් වගේ සෑහෙන දේවල්. බලන්න ඔහුගේ අරමුණ ඉටුවේවි ද බලන්න….
මේ බොහොම කෙටියෙන් මම කතාව කිව්වේ. මුල් කොටස පැය 1 විනාඩි 30කට ආසන්නයි ඒ නිසා තමයි පිටපත ටිකක් ලොකු වෙලා තියෙන්නේ. පුර්වප්‍රචාරක පටය බලන්නකෝ එතකොට නම් කතාව නොබලා ඉන්නේ නැහැ මේ කපේට, මේ ටිකේ ආව පට්ටම කතාවක් දැනට දෙවැනි කොටසත් ඇවිත් තියෙන්නේ ඒකත් දෙන්නම් මම හැකි ඉක්මනින්, එහෙනම් දෙවැනි කොටසෙන් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
324 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 2E34549CCD4D2EF414876352796FA1C5BD1F7251 507 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 78C1BB5E9D6134E16FBC7D727D6363202539B3A3 542 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න F4E64D63D1365D5F964289A97C51ED4B3F9F8D51 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,149 downloadsDownload 11.22.63-2016-E01.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
35 comments
Janith Dulanjana
rajitha
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Charith
Thanks!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Mithun Sriyantha
අයියෙ මෙක අලුත් කතාවක්ද?කෙක කලින් කොටස් දුන්නද?
මෙකෙ රෙටින් එක දැක්කහම බලන්නමයි හිතෙන්නෙ හැමදාම ෆිල්ම්ම බලන එකෙ අද ඉදල මෙ කතාව බලනව පලවෙනි වතාවට
එකත් ඔයා දුන්නු හින්ද , ලගදි දිල තිබුන නාට්‍යමය ෆිල්ම් ඔක්කම සුපිරියි ,එ ඔක්කම සුපිරිම චිත්‍රපට ,එහෙනම් මෙ කතාව අපු ගමන් දිගටම දෙන්න ඔන්න ඔබට ජය, මෙ කරන වැඩෙට තුතිMithun Sriyantha
මෙක නම් එකෙන්ම මට සෙට් කෙයි කියල හිතනව බලමුකො බාලම
Isuru
Thanks
Udeesha bandara
trailer eka nam patta...e nisa onna download karagttha..thanks bro
Saketha Pulasthi
මම නම් මේක ආපු දවස් වලම බැලුවා.සුපිරි ස්ටෝරිය.ඊළඟ එකත් ඉක්මනටම දෙමු.
උපසිරසියට බොහොම ස්තූතියි :)Samith
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……Kasun Upeksha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
aSHAN mADUSHANKA
Niyamai..........ohoma digatama demu......
Puluwan nam The magicians ekata sub dennakooooooooo.......Kushan
supiri ekak wage aran balanna one
tharindu madushanka
elama .thanks mcn . 2 epi akatat sub danta
Lakshitha
thnx saho sub 1te :D
Lahiru Dayan
එල තැන්ස් මචන් sub එකට. පුලුවන්නමි The X-Files TV series එකෙත් sub එක දාන්නකෝ. ජයෙන් ජය!!!
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nishadi Wickrama
tnx
ishan
thanks saho...jaya wewa.........
Tharaka Lahiru
tnx sub ekata
මධුකප්‍රිය පෙරේරා
ඔන්න සහෝ එහෙනම් අපිත් බාගත්තා..
බලමුකෝ කතාව කොහොම වෙයිද කියලා.
මේක අල්ලලා ගියොත් ඉතින් දිගටම බලනවා.
උපසිරසියට ස්තුතියි.ප්‍රණීත් චින්තක
බලමු බලමු...
ඔන්න එහෙනං මාත් බානවා. :)රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D'O'N
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴Prasad Kandamulla
බොහොම ස්තුතියි'''''සහෝ.....මහන්සියට.......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කසුන් සමරකෝන්
අද තමා ඔන්න බලන්න පටන් ගන්නේ
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Kanishka
බොහොම ස්තුතිය .
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Malaka prasad
thnq bro sub ekata....
Sahan Prabhasara
Tnx bro
Shehan Kavinda
Thanks bn
Shehan Kavinda
Thanks bn❤️
Aravinda Fernando
Bohoma Sthuthi...
Advertisement

Ela thankz sub ekata