අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. එහෙනම් අපි කලින් කොටස ම…

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.
එහෙනම් අපි කලින් කොටස මතක් කරගමු. කලින් කොටස නම් ඇත්තෙන්ම සුපිරියක්.ඒකෙ මුලදිම අපි දැක්කෙ මෝරාගෙ පොඩි අතීත කතාවක් වගේ දෙයක්.ඊටපස්සෙ එයා අවධි උනායින් පස්සෙ අපිට පෙන්නනව අර පිරිමි ළමයව කැබිනට් එකක හිර කරල තියෙනව.ඊටපස්සෙ තමයි හොදම වැඩේ වෙන්නෙ. ඒ තමයි මෝරාට වෙඩිල්ලක් තිබ්බම කාලය නවතිනව.එතකොට අපේ ඔලුවට කෙලින්ම තවත් මනස්ගාතයක් එනව. ඒ තමයි මේක කාල තරණයක් වගේ දෙයක්ද කියල.😵💫 ඊටපස්සෙ දොරටු විවෘත කරන්න පුලුවන් කුරුමිණිය වගේ දෙයක් පාවිච්චි කරල මෝරාව පිවිසුම් දොරටුවකින් වෙනත්ම තැනකට අරන් ගියා.
ඉතින් ඒක දැක්ක ගමන්ම අපිට හිතෙන්නෙත් අයික්ට හිතෙන දේම තමයි. “කොහොමද නැවක මේ වගේ භූමි ප්‍රදේශයක් තියෙන්නෙ?”. ඔව්, අමුතුම දෙයක් මෙතන තියෙනව කියන දේ දැන් නම් පැහැදිලියි. ගිය කොටසෙ තවත් වටින දෙයක් අපි දකිනව. ඒ තමයි “නිර්මාපකයා” කියල කෙනෙක් ගැන අර පිරිමි ළමයා මෝරාට කියන එක.තව මොකක්ද මේ සද්දයක් ඇහෙන කොට මිනිස්සු නැවෙන් පයින්නෙ? 🙄 විකාරයි නේද? අනික ප්‍රොමීතියස් නැවේ කැප්ටන් “අයික්” උනේ කොහොමද? සින්ගල්ටන් කියන කෙනා, නැත්තම් මෝරාගෙ තාත්ත මොකක්ද මේ නැව්වලට කරල තියෙන්නෙ? අන්තිමට අර මොකක්ද පෙන්නපු පිරමීඩය? 😯 මේ කොටස බලමු එහෙනම්. 🥺 ඊළග කතාංගයට උපසිරැසි විමා අරන් ඒවි.
Episode Title:- The Pyramid
Aired Date:-17th November 2022
Director:- Baran bo Odar
IMDB:- 8.1
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ මිශ්‍ර වශයෙන් අනෙකුත් විදෙස් භාෂාවන්ගෙන් සමන්විත
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න ]
11,766 downloadsDownload 1899-S01E06.zip1.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
13 comments
viraj
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
King සූ
බොහොම ස්තුතියි සහෝලා ඔයාලගේ මේ මහන්සියට. ජයෙන් ජය වේවා
Anonymous
Thank you chami❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥tharindu devinda
Thanks bro
Anonymous
Thank u bro
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
බොහෝම ස්තුති උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![1899 [S01 : E06] Sinhala Subtitles | පිරමීඩය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/1899-S01-2022-1.jpg)



thanks........