Watch Trailer

Yaga [S01 : E01] Sinhala Subtitles | සුභ උපන්දිනයක් ! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

යාලුවෝ හැමෝටම ආයුබෝවන්! අද මම ඔයාලට අරගෙන ආවේ මේ දිනවල අන්තර්ජාලය තුළ ලොකු කතාබහට ලක්වෙන අලුත්ම අලුත් කැනේඩියානු Supernatural Horror Mystery ටීවී සීරිස් එකක්. නම තමයි "Yaga".

ප්‍රසිද්ධ නාට්‍ය රචිකාවක වන කැට් සැන්ඩ්ලර් විසින් ඇයගේම 2019 නාට්‍යයක් පාදක කරගෙන නිර්මාණය කළ මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ අපේ රටවලත් අසන්න ලැබෙන පැරණි "බබා යාගා" ජනප්‍රවාදයයි. මේ වසරේ (2026) පෙබරවාරි මාසයේදී බ්‍රිතාගම් කොලොම්බියා හි රූගත කිරීම් ආරම්භ කරපු මේ සීරිස් එකේ පළමු එපිසෝඩ් දෙක පසුගිය ඔක්තෝබර් 23 වෙනිදා කැනඩාවේ Crave ප්ලැට්ෆෝම් එක හරහා එළිදැක්වුණා.

Baba Yaga
කතාව ගැන මම පොඩ්ඩක් ඔයාලට එහෙනම් කියන්නම්,

පුංචි වෙරළබඩ නගරයක සිදුවෙන අභිරහස් අතුරුදන්වීමක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. වාණිජ ධීවර කර්මාන්ත ශාලාවක උරුමකාරයා වන "හෙන්රි පාර්ක්" එකපාරටම අතුරුදන් වෙනවා. මේ අභිරහස් අතුරුදන්වීම සොයන්න පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන "රැප්" මැදිහත් වෙනවා.

ඒත් එක්කම ප්‍රාදේශීය රහස් පරීක්ෂක "කාසන්" සහ බාල වයසකාර පිරිමින්ට ආසා කරන විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් වන "කැතරින්" කියන චරිතත් මේ පරීක්ෂණයට සම්බන්ධ වෙනවා. හැබැයි මේ පරීක්ෂණය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. අභිරහස් සැකකරුවන් වගේම පැරණි අද්භූත බලවේග මේක අස්පෘශ්‍ය, බිහිසුණු පැත්තකට හරවන්න පටන් ගන්නවා.

අද්භූත සිදුවීම්, අභිරහස් සහ ත්‍රාසජනක කතා රස විඳින්න කැමති ඔයාලට මේක මඟ හැරගන්න බැහැ. පළමු එපිසෝඩ් එකේ උපසිරැසි සමඟින් සීරිස් එක නරඹන්න පටන් ගන්නකෝ. එහෙනම්, උපසිරැසිය බාගන්න ගමන් බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා ;)

ජය වේවා!

Baba (1)

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
20
Downloads
18.8K
Readers' rating
No reviews yet

Write a review of අශාන් ශානක →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මල්ලි මේ සීරිස්රකට සබ් දෙන්න පටං ගත්තට

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.