Watch Trailer

Bachchala Malli (2024) Sinhala Subtitles | මෝඩකම නිසා ජීවිතය නැතිකරගත් අහිංසක තරුණයෙක්ගේ කතාවක්.. [සිංහල උපසිරැසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක. ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා කියන්නේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තු කෙනෙක්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙයාගේ ජීවිතය උඩු යටිකුරු වෙලා යනවා. ඉතින් ඔය හේතුව හින්දම එයා නරක ඇසුරට වැටිලා අරක්කු, සිගරට් බොන ගමන් වලිත් එහෙම දාගන්නවා.. පස්සේ කාලෙක  කාවේරී කියන කෙල්ලෙක් මෙයාගේ ජීවිතේට ඇතුළු වෙලා මල්ලිගේ ජීවිතේ ගොඩක් වෙනස් අතකට හැරෙනවා. ඒ අනුව තමන්ගේ පෙම්වතිය නිසාම එයා ගෝනි මලු මහන බිස්නස් එකකුත් පටන් ගන්නවා.. ආයෙත් තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න හදද්දිම කාවේරීගේ තාත්තා අපේ බච්චලාට කොන්දේසියක් පනවනවා. අන්න එතනින් තමයි බච්චලාගේ ජීවිතේ ආයෙත් උඩු යටිකුරු වෙන්නේ..

ඇයි බච්චලා මල්ලිගේ ජීවිතේ උඩු යටිකුරු වුනේ?
කාවේරිගේ තාත්තා මොකක්ද මේ පනවපු කොන්දේසිය?
එතනින් එහාට මොනවද වෙන්නේ?

මේ ප්‍රශ්න ගොඩට උත්තර දෙන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා..

ඔන්න තවන් තෙලිගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මං ආවේ. මේකත් අර මං කලින් කරපු සෙට් එකේ තිබ්බ තව එකක්. මේක ටිකක් විශේෂයි. ඒ තමයි මේක මට පෞද්ගලිකව මැසේජ් කරලා මේකේ සබ ගහලා දෙන්න කියලා කියපු එකක්. වැඩේ කියන්නේ මේක කරන්න ගත්තම තමයි වැඩේ තේරුනේ පොඩ්ඩක් අනිත් ඒවා එක්ක ටිකක් අමාරුයි කියලා. ඒත් කොහොමහරි කළා ඉතින්. ඒ මහන්සියේ ප්‍රතිපල තමයි මේ තියෙන්නේ.

එහෙනම් යමුකෝ විස්තරේට.

මේ තමයි අල්ලාරි නරේෂ් 2024 අවුරුද්දේ අන්තිමට රගපාපු චිත්‍රපටය. නම තමයි Bachchala Malli. 2024 දෙසැම්බර් 20 නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Subbu Mangadevvi ගෙන්. නිෂ්පාදනය Razesh Danda සහ Balaji Gutta ගෙන්. සංගීත අධ්‍යක්ෂණය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. පීරියඩ් ඇක්ෂන් ගණයට අයිති වෙන චිත්‍රපටයක් තමයි මේක.

රංගනයෙන් අපිට හුරුපුරුදු මුහුනූ ටිකක් දකින්න ලැබෙනවා. අල්ලාරි නරේෂ්ට අමතරව, අම්රිතා අයියර්, හරි තේජා, රාඕ රමේෂ්, අච්යුත් කුමාර් වගේ අය අපිට දැකබලාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් Court: State vs A Nobody තෙලිගු චිත්‍රපටයේ චන්දුගේ චරිතය රගපාපු හර්ෂ් රෝෂන්වත් මේකේ දකින්න ලැබෙනවා.

රේටින් පැත්තෙන් ගත්තොත් IMDB අගය 8.1/10 කුත් ඇමසන් ප්‍රයිම් අගය 8.1/10 කුත් LetterBoxd අගය 2.9/5කුත් මේ චිත්‍රපටයට හිමි වෙනවා.

මේ චිත්‍රපටය ETV Win, Amazon Prime Video වගේම Sun NXT කියන OTT platform තුනෙන්ම නිකුත් වෙනවා. නමුත් ගොඩක් වෙබ් අඩවි වල සදහන් වෙන්නේ ETV Win කියන OTT Platform එකෙන් තමයි මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා මුලින්ම නිකුත් කරලා තියෙන්නේ කියලා.

පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
15
Downloads
25.9K
Readers' rating
No reviews yet

Aspiring Full Stack Developer | Youtuber | Subtitle Contributer in Baiscope Sinhalen

Write a review of ඕෂද එරංග (Era Boy) →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3 comments

  1. lakmal

    me film downlord krana site eka ko

    Reply
  2. Samitha Ramesh

    Uba yako apen salli aran me sub ekata , dan baiscope ekatath sub eka dunnada?
    Jara Wada karanan epa bn

    Reply
  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.