Watch Trailer

Godzilla vs. Destoroyah (1995) Sinhala Subtitles | මාරක සතුරෙකු අභියස [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Godzilla vs. Destoroyah (1995) චිත්‍රපටය Heisei Era එකේ අන්තිම Godzilla චිත්‍රපටයයි. Takao Okawara විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය Action / Adventure / Sci-Fi ගණයට අයත් මිනිත්තු 103ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටයකි. Heisei Era එකේ ෆිල්ම් 7ක් තියෙනවා. මේ ෆිල්ම් එක බලන්න කලින් ෆිල්ම් 6 බලල තියෙන්නෙ ඕනෙ නෑ. මේ චිත්‍රපටිය 1954 ගොඩ්සිලා ෆිල්ම් එකට ආපු සීක්වල් එකක් විදිහටත් හඳුන්වන්න පුලුවන්.. IMDb අගය 6.9ක් ද, Rotten Tomatoes 100% ලබා ගන්න ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.

ඔන්න මේ පාර Godzilla වෙනදාට වඩා භයානක තත්ත්වයකට පත්වෙලා. ඒ තමයි, ගොඩ්සිලාගෙ ශරීරයේ න්‍යෂ්ටික ශක්තිය පාලනයෙන් තොර වෙලා,  මුළු ඇඟම ගිනි ගන්න පටන් ගන්නවා. ගොඩ්සිලාගේ ශරීර උෂ්ණත්වයත් දිගින් දිගටම ඉහළ යන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා මේ ෆිල්ම් එකේ ගොඩ්සිලාව Burning Godzilla විදිහටත් හදුන්වනවා. ගොඩ්සිලාට මේ ඇති වෙලා තියෙන තත්වය නිසා විද්‍යාඥයෝ අනුමාන කරනවා, ගොඩ්සිලාව පුපුරලා ගිහින් මහා න්‍යෂ්ටික පිපිරීමකට සමාන විශාල විනාශයක් වෙයි කියලා.

Burning Godzilla

 ඔය සිදුවීම් අතරෙ, ජපානයට තවත් අලුත් වගේම මාරාන්තික කයිජු කෙනෙක් කඩාපාත්වෙනවා.. ඒ තමයි Destoroyah. ගොඩ්සිලා සිනමා ඉතිහාසයේ හමුවුණු, ගොඩ්සිලාගේ මාරාන්තිකම සතුරා තමයි මේ Destoroyah කියන්නෙ. 1954 වසරේ මුල්ම Godzilla චිත්‍රපටයේදී භාවිත කරපු Oxygen Destroyer කියන ආයුධයේ බලපෑම නිසා පරිණාමය වෙච්චි ප්‍රාග් ඓතිහාතික අන්වීක්ෂීය සාගර ජීවීන්ගෙන් මේ රාක්ෂයා පරිණාමය වෙනවා. වසර ගණනාවක් තිස්සෙ වෙච්චි විකෘතිවීම් සහ පරිණාමය නිසා, කුඩා ජීවීන්ගෙන් මේ රාක්ෂයා ක්‍රමයෙන් දැවැන්ත රාක්ෂයෙකු බවට පත්වෙනවා. මේ කයිජුට විවිධ ස්වරූපවලට පරිණාමය වෙන්නත්, කුඩා ජීවීන් ලෙස වෙන් වෙන්නත්, ආයෙමත් එකතු වෙන්නත් පුළුවන්. 

Destoroyah

Destoroyah සතු විශේෂම හැකියාවක් තමයි Micro-Oxygen සහිත මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම. ඒ හින්දා උගෙ ශක්තිය, වේගය, පියාසර කිරීමේ හැකියාව සහ දැඩි ආරක්ෂිත කවචය නිසා Godzillaට මූත් එක්ක ගහගන්න එක ලේසි වෙන්නෙ නෑ. තව මේ ෆිල්ම් එකේ Godzilla Junior, එහෙම නැත්තම් ගොඩ්සිලා පැටියෙකුත් ඉන්නවා..

Evolution of Destoroyah

(තව දෙයක්, මේ ෆිල්ම් එක බලනකොට ඔරිජිනල් Japanese Dub පිටපතම තෝරගන්න, මොකද ඔරිජිනල් එකෙයි English Dub එකෙයි තියෙන්නෙ වෙනස්ම දෙබස්, අනික English Dub එක, ෆිල්ම් එක බැලිල්ලත් එපා කරවනවා..)

ඉතිං ගොඩ්සිලා මේ සටනින් පැරදෙයි ද? ගොඩ්සිලා පුපුරාවිද? Destoroyah පරදීවි ද? මේ ගැන දැන ගන්නත්, ගොඩ්සිලා ෆෑන් කෙනෙක් නම් අනිවාරෙන්ම නැරඹිය යුතු නිර්මාණයක් නිසා මේ ෆිල්ම් එක බලන්නම වටිනවා.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.. හැමෝටම සුභ දවසක්!......

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
8
Downloads
0
Readers' rating
No reviews yet

Write a review of A.I.Siriwardhana →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

Part of the Godzilla collection — every film in order.

3 comments

  1. Kavindu Madushan

    Supiri bro... kiwwa wagema sub eka dunna,elama ❤️
    Thank you ❤️
    Jayawewa..!!!

    Reply
    1. A.I.SiriwardhanaRank: BronzeSubtitle author

      Thank You for your comments.

      Reply
  2. එල්. සී. ද මැල්Admin

    උපසිරසට ස්තුතියි සහෝ...🙏
    ජය ✌

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.