Watch Trailer

Ancient Aliens [S01 : E00] | දිව්‍ය රථ, දෙවියන් සහ ඉන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

50යි! ස්තුතියි!… සීමිත දෙබස් ගානක් තියෙන සුප(ර්)නැචුරල් එකේ එපිසෝඩ් 50ක් කියන්නේ නං එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒත් 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් වෙනසක් කරන්න කියලා අපේ විකියා සහෝ තමයි මට මේ වැඩසටහන පෙන්නුවෙත්. ඒ නිසා එයාට ඒ ගැන විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ. බැලුවට පස්සේ හිතුනා 50 හෝ නැතා මේකටත් උපසිරැ…

Ancient Aliens

50යි! ස්තුතියි!…
සීමිත දෙබස් ගානක් තියෙන සුප(ර්)නැචුරල් එකේ එපිසෝඩ් 50ක් කියන්නේ නං එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒත් 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් වෙනසක් කරන්න කියලා අපේ විකියා සහෝ තමයි මට මේ වැඩසටහන පෙන්නුවෙත්. ඒ නිසා එයාට ඒ ගැන විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ. බැලුවට පස්සේ හිතුනා 50 හෝ නැතා මේකටත් උපසිරැසි දැම්මනං හොදයි කියලා.

ඒවගේම, මේක අවස්තාවක් කරගන්නවා මට මේ වැඩේට අදහස් දැක්වූ, දිරි දුන්, සුභ පැතු, සහය සහ උපදෙස් ලබා දුන් සියලු දෙනාට ස්තුති කරන්නත්. දක්වපු හැම අදහසකටම, කමෙන්ට් එකකටම මගේ හද පිරි ප්‍රණාමය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම තිරය පිටුපස ඉදන් මේ උපසිරසි කාටත් ගැලපෙන ලෙස සකස් කරලා වෙලාවට පල කරන්න ලොකු වෙහෙසක් ගන්න බයිස්කෝප් කණ්ඩායමටත් බොහොම ස්තුතියි! ඉදිරියටත් හැමෝම වැඩි වැඩියෙන් බයිස්කෝප් සමග වගේම මගේ උපසිරැසි සමගත් එකතු වේවි කියලා හිතනවා. 🙂

දැන් ඉතින් හැරෙමු පෞරාණික පිටසක්වලයන් දිහාවට …

කවුරුන් වෙනුවෙන්ද/නොබැලිය යුතු කවුද?
මේක වාර්ථා වැඩසටහනක්! හැබැයි දැනට විද්‍යාත්මකව සනාථ කරපු පිලිගත් විද්‍යාත්මක කරුණක් ගැන තියෙන වැඩසටහනක් නම් නෙමේ. බොහොම විවාදයට තුඩු දුන් මාතෘකාවක්/මතවාදයක් ගැන කරන ගවේශනාත්මක වාර්ථා වැඩසටහනක්. ඉතින් ලෝකේ දැනට තියෙන දේවල් ගැන පිළිගත් පැහැදිලි කිරීම්වලට පිටින් වෙනස් ඇසකින් බලන්න කැමති, විවෘත්ත මනසක් තියෙන ඕනම කෙනෙක්ට මේ වැඩසටහන ගැලපෙනවා. විශේෂයෙන් “ඒලියන් පිස්සෝ” මේකට බොහොම කැමති වෙයි (ටික කාලෙකට ඉස්සර මාත් එහෙම එකෙක් තමයි 😉 ). මේක තරමක් අධ්‍යායාපනික වටිනාකමක් තියෙන වාර්ථා වැඩසටහනක් නිසා නොබැලිය යුතු අය කියලා කණ්ඩායමක් නැහැ. හැබැයි ඉතින් ලිදේම ඉපදිලා ලිදේම මැරෙන්න හිතා ඉන්න අයටනං මේක මග ඇරලා ගියාට පාඩුවක් වෙන එකක් නැහැ. (හැබැයි මං දන්න තරමෙන් බයිකොප් එකට එහෙම අය එන්නේ නැහැ :D. ඒ නිසා හැමෝටම බලතහැකි) ඇමරිකාවේ, රුපවාහිනි ශ්‍රේණිගත කිරීම්වල, TV-PG යටතේයි මේ වැඩසටහන ශ්‍රේණිගත කරලා තියෙනේ.

පසුබිම:
ඇමරිකාවේ History channel එක 2009 මාර්තු 08 වෙනිදා තමයි මේ වැඩසටහන මුලින්ම විකාශනය කලේ. ඒ විශේෂ වැඩසටහනක්, ඒ කියන්නේ TV special එකක් හැටියටයි. එයින් පස්සේ 2010දී ඒ මුල් වැඩසටහන අරම්භක කොටස හැටියට තියාගෙන වැඩසටහන් මාලාවක් බවට පත් වුනා. අද වෙනකොට හයවෙනි සීසන් එකත් විකාශය කරලා අවසන්. IMDb හී 7.6/10ක් ලෙස රේටින්ග්ස් ලැබිල තියෙනවා. මම අද ඔයාලට උපසිරසි අරන් ආවේ 2009 දී විකාශනය කල මුල්ම එපිසෝඩ් එකටයි. ඉතිරි ටික අපි ඉස්සරහට බලමුකෝ.

මේ වැඩසටහනට පුද්ගලයන් සෑහෙන ගානක් සම්භන්ධ වෙලා ඉන්න නිසා ඉන්න හැමෝගේම නම් කියන්න අපහසුයි. වැඩසටහන බලද්දී ඒ අයගේ නම් බලාගන්න පුළුවන්. කොහොම වුනත් පසුබිම් කථනය කරන්නේ නම් රොබර්ට් ක්ලොට්වර්තියි (Robert Clotworthy) අධ්‍යක්ෂණය කලේ කෙවින් බර්න්ස් (Kevin Burns) ඒ වගේම එරික් වොන් ඩැනිකන් (Erich von Däniken) මේ එපිසෝඩ් එකේ පෙනී සිටින සුව්ශේෂී කෙනෙක්. අර මම කලින් කියපු “ඒලියන් පිස්සෝ” මෙයා ගැන අනිවාර්යෙන් අහල ඇති. 😉

අන්තර්ගතය:
අපේ ලෝකේ තියෙනවා ඉතාම පැරණි පුරාවිද්‍යාත්මක නටබුන් ගොඩනැගිලි සහ කලාකෘති; මේ සමහර ඒවා අද පවතින නවීන තාක්ෂනය යටතේ පවා ඉදිකිරීම ඉතාම අපහසුයි. ඒ නිසා පැරැන්නන් මේවා හැදුවේ කොහොමද කියන ප්‍රශ්නෙදි පුරාවිද්‍යාඥයන් නිරුත්තර වෙනවා. මේවා සම්භන්ධයෙන් ඔවුන් දෙන පැහැදිලි කිරීම් ගැටළු සහගතයි. ඒ වගේම මේවා හැදුවේ මොන පරමාර්ථයක් වෙනුවෙන්ද කියන එකත් බොහෝවිට අභිරහසක්. ඒ වගේම මේ පැරණි නටබුන්, කලාකෘති අතර තියෙනවා ඒ යුගවල මිනිසුන් සතුව තිබූ දැනුම, තාක්ෂනය, කලා සම්ප්‍රදායන්ට නොගැලපෙන, පැහැදිලි කල නොහැකි රූප සටහන්, පුරාවෘත්ත, සහ ලේඛන.

මේවාට පැහැදිලි කිරීම් සපයන විවිධ කල්පිතයන් තියෙනවා. “පෞරාණික ගගනගාමීන්” (ancient astronauts) කියන මතයත් මේවාට පැහැදිලි කිරීමක් ලෙස ඉදිරිපත්වුන විප්ලවීය මත වාදයක්. (මේ විෂය ගැන උනන්දු අය මීට කලින් මේ ගැන අහලත් ඇති මං හිතන්නේ) සරලව කියනවා නම් මේ මතය යෝජනා කරන අයගේ අදහස තමයි මේ දැවැන්ත ඇදහිය නොහැකි පුරාවිද්‍යා ස්මාරක ඉදිකිරීම පිටුපස වෙනත් ග්‍රහලොවකින් පැමිණි බුද්ධිමත් ජීවින්ගේ මැදිහත් වීමක් ඇති යන්න. ඒ අනුව පිටසක්වලයන් අපේ මුතුන් මිත්තන්ට උපදෙස් දෙන්න ඇති, තාක්ෂනය සපයන්න ඇති මේ දේවල් ඉදිකරන්න.

ඉතින් ඔවුන් මෙහෙම කියන්නේ මොන පදනමක් උඩද? එහෙම දෙයක් ගැන ඉතිහාසය තුල සාක්ෂි තියෙනවද? මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද? මෙන්න මේ කාරණා තමයි මේ වැඩසටහන තුල සාකච්චා කෙරෙන්නේ. පිටසක්වල සලකුණු සොයා ලොව පුරා කරන ගවේෂණයක් තුලින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න පුලුවන්ද? මේ මතවාදයට පිළිගත හැකි හරයක් තියෙනවද කියලා වැඩසටහන බලලම තීරනය කරන්න.

තව දැනගන්න:
මේ වැඩසටහන තුල කියවෙන දේවල් ගැන වැඩිදුර විස්තර කියවන්න කැමති අය ඉන්නවනම් මේවා ප්‍රයෝජනවත් වෙවී.

  1. පෞරාණික ගගනගාමීන් මතයේ පුරෝගාමියෙකු වන එරික් වොන් ඩැනිකන්ගේ (Erich von Däniken) Chariots of the Gods නම් පොත.
  2. පෞරාණික ගානගාමින් පිළිබද මතය පැහදිලි කරන විකිපීඩියා පිටුව.
  3. නස්කා කාන්තාරයේ රේඛා සහ රූප ගැන විකිපීඩියා පිටුව.
  4. මේ ලිපියෙත් නාස්කා රූප ගැන විස්තර ටිකක් තියෙනවා.
  5. එසකියෙල් දුටු දර්ශනය (සිංහලෙන්).
  6. විමාන ගැන ගොඩක් විස්තර හොයන කෙනෙක්ට මේ පොත ප්‍රයෝජනවත් වෙවී – G.R. Josyer ඉංග්‍රීසියට පරිවර්තනය කල විමානික ශාස්ත්‍ර (Vimanika Shastra).
  7. ඊජිප්තුවේ විදුලි බුබුළු ගැන මේ ලිපියත් කියවලා බලන්න.
  8. බැග්ඩෑඩ් බැටරිය සහ පෞරාණික විදුලි උපකරණ ගැන තවත් ලිපියක් මෙන්න.

ප. ලි
මේ වැඩසටහනේ තරමක් පාරිභාෂික වචන (technical terms) භාවිත වෙනවා. ඒ ගොඩක් ඒවාට සිංහල වචන මම දන්නේ නැති නිසා හොයන්න වුනා. ඒත් එහෙම හොයලා ලියපු සමහර වචනත් නිවැරදිද කියලා මම හරියටම දන්නේ නැහැ. (සිංහල පාරිභාෂික වචන හොයන්න හරි අමාරුයිනෙ!) ඉතින් වැරද්දක් දැක්කොත් සමාවෙන්න, ඒ වගේම පෙන්නන.

හැමෝටම ජය!

50

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,087 downloadsDownload Ancient.Aliens.S01E00.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,087 downloadsDownload Subtitles55 KB

90 comments

  1. KproX

    කෝ මචං සුපර් නැචුරල් එකේ ඉතුරුටික? දෙන්නෙ නැද්ද?

    1. Isu

      50 weni sub 1ta magen suba pathum !!!
      Aluth ekak patan gaththa eka maru..
      Habai SuperNatural Series ekath iwara wenakam mekath ekkama digatama denna....

  2. sarath

    thanks MDG.

  3. Kulanjana Maduranga

    50 weni sub 1ta hadawathinma suba pathanawa MDG saho.ikamanatama 100 weni 1th denna labewa.api wenuwen oyage time 1ka waya krn krn deta bohoma pin saho.issarahatath Me wge thawa sub karanna dairya shakthiya labewa.May you prosper...! jaya wewa.....

  4. shani

    thanks...
    50 ta unusum suba pathum.....

  5. Eranga

    50වැනි උපසිරසියට සුභ පැතුම්...!!!!!

  6. Racinghart

    Ayyo SUPER NATUARAL dennako, ada dawasata 20times withara site eka check kara super natural dalada balanna, please machana super natural sub dennako. thanks for you great work

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ. සුපර්නැචුරල් ඉතුරු ටිකටත් සබ එනකල් බලාගෙන ඉන්නේ. ජයවේවා සහෝ

  8. Pubudu Supun

    50 වෙනි උපසිරසට මගේ උණුසුම් සුභ පැතුම්. මේ වගේ වටිනා කතාවක් සිංහලෙන් අරගෙන එන්න තීරණය කල එක නම් සෑහෙන්න වටින වැඩක්. ඒ වගේම සුපර් නැචුරල් කතාව එක දිගට දුන්න එක නම් එක නම් සුපිරි. එහෙනම් අන් අය වෙනුවෙන් ඔබ වැය කෙරු ඔබේ වටිනා කාලය සහ සතුට දෙගුණ තෙගුණ වී නැවතත් ඔබවෙතටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය!

  9. නලින්

    ස්තුතියි සහෝ මෙක නම් සැහෙන්න වටිනවා!

    මෙනා නැතත් මෙක නම් ගන්නවා..

    එවගේම 50ස් වෙනි සබ වෙනුවෙන් මගෙන් උණුසුම් සුභ පැතුම්

    ජය වේවා

  10. හර්ෂ ලහිරු

    50ට උණුසුම් සුභ පැතුම් සහො :D :D
    සුපර්නැචුරල් එකත් ඕනේ අපිව අතරමං නම් කරන්න එපා කොල්ලෝ :P
    බොහෝම ස්තුතියි සහො :D :D ජයෙන් ජය

  11. dinidu madushanka

    ela ela saho 50 suba pethum jaya wewa

  12. දිනිඳු සම්පත්

    50 වෙනි උපසිරැසියට මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපතනවා. හැබැයි මම තාම සුපර්නැචුරල් එක කොටසක්වත් සිංහල උපසිරැසි සමගින් බලන්න උනේ නෑ.. ඒ උනාට මේ වැඩසටහනනම් බලන්න ඕන කියලා හිතෙනවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  13. ලහිරු චානක

    එළ එළ මචං
    මාත් ඒලියන් පිස්සෙක්
    මේකත් කොයි වෙලාවේ හරි බයිස්කෝප් දෙයි කියල හිතුනා
    බොහෝම ස්තූතියි මචන්
    50ට 500ක්ම සබ් කරන්න ලැබේවා....!!!

  14. Givantha Arshakularathne

    50 සබට ජය,තවත් 5000 කරන්න ලෑබේයි කියා සුබ පෑතුම්.

  15. #ChalinduDeshan (කිනා)

    පනහට බොක්කෙන්ම සුභ පැතුම් මචං.
    සීයත් දෙමු විගහටම.
    ජයවෙිවා!

  16. sithum

    50weni ekata suba pathum!!!
    plzz supernatural nam athaharinna epa.

  17. kputha

    patta machan niyamayi magen suba pathum 50ta jayama wewaa pin sidda wewaa

  18. DilanH

    සුබ පැතුම් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න හැකිවේවා
    ජයවේවා සහෝ

  19. කේ.යූ.ජී. උදාර

    නියමයි සහෝ..........
    50 ට මගෙත් සුබ පැතුම්. තව චිරාත් කාලයක් මේ කටයුත්ත කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!

  20. Ishan

    machan pls digatama denna... mamath godak asa subject ekak... e wagema gud luck ubata me karana pinata..

  21. Sangeeth

    50 ta unusum subapathum bro!!
    keep it up.

  22. shashika

    ela machan, onna math gatta
    50 ta subapathum :D thawa digatama denna :D

  23. දිල්ශාන් කාලිංග(ඩිලා)

    50 හෝ නැතා නියම වැඩක තමයි පටන් අරන් තියෙන්නේ.
    ඒත් ඉතින් 50 ට සුබ පතන්නේ නැතුව කොහොමද...
    ඉතින් මේ ටික දීල ඉවර වෙද්දී කොහොමත් නිකම්ම 100 ගහන්න පුළුවන් නේ.
    සුබ පැතුම් ඔබට...!!

  24. Rashmika

    50 ට සුභ පැතුම් MDG සහෝ!! 100++ දක්වා යෑමට හැකියාව ලැබෙන්න ඕනා..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජයෙන් ජයම වේවා!!

  25. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    යකා වගේ 50 ගැහුවා නේද..
    50 ට තෝරගත්තු ඒකනම් පට්ට මචං..
    මමත් මේකේ එපියක් දෙකක් කලින් බලන්න කියලා බාගේ තියාගත්තා..
    කොහෙද, මෙලෝ හත්තිලව්වක් තේරුනේ නැ..
    දැන් ඉතිං අපේ කොලුවාගේ පිහිටෙන් බලන්න හැකි...
    එහෙනම් මචෝ..
    උපසිරසි 50 ට මගෙනුත් උන්සුම්ම සුභ පැතුම්...
    දිගටම කරගෙන යමු..
    ජය වේවා..

  26. Aditha Praween

    උපසිරැසි 50ක් කියන්නෙ ලේසි පාසු ගාණක් නෙවෙයි.
    ඉතින් ඒ වගේ ගාණක් අපිට ලබා දෙන්න MDG සහෝ ගොඩක් මහන්සි වෙලා තියනවා.
    ඉදිරි ගමනට සුභ පතනවා .
    ඉදිරියටත් තවත් උපසිරැසි දෙන්න ලැබේවා කියලා සුභ පතනවා.
    ජය වේවා :D

  27. Aryan

    ස්තුතියි සහෝ මෙක නම් සැහෙන්න වටිනවා!
    මෙනා නැතත් මෙක නම් ගන්නවා..
    එවගේම 50ස් වෙනි සබ වෙනුවෙන් මගෙන් උණුසුම් සුභ පැතුම්

  28. jack

    සුබ පැතුම සහෝ 50 වෙනි උපසිරැසියට....
    ඉක්මනටම 100 යන්න හැකිවේවා.

  29. Amil

    මේන්න මේවට තමයි කියන්නේ නියම වාර්ථා වැඩසටහන් කියලා... මේ කට සබ් එකක් දෙනකම් මග බලාගෙන හිටියේ. මම හසන්ත අයියාටත් කිව්වා මේකට සබක් දුන්නොත් හොදා කියලා..."MDG" උබනම් දෙවියෙක් නෙවි දේවාලයක්...
    වැඩේ නම් සුපිරියි.. ඉතිරි කොටස් ටිකත් සබ් එක්කම දේවි කියලා හිතනවා..
    පනහට බොක්කෙන්ම සුභ පැතුම් මචං...

  30. chamath

    50 ta suba pathum bro. mekata kauruma hari sub denakan hitiye. ekata bro sub denna patan gaththane. thanx bro

  31. Sampath

    එළ මචං

  32. Ayesh

    jaya wewa. 50 sub ekata subha pethum. thank you. supernatural eka amathaka karanna epa

  33. ගයාන් රූකාන්ත (ජෝනා)

    උපසිරසි 50 ට උණුසුම් සුබ පැතුම් කොල්ලෝ
    මේකත් ඔන්න ගත්තා සුපර් නැචුරල් එක නම් අතාරින්නෙම
    නැ අනිත් එපි ටිකත් ඉක්මනට දෙන්න කියලා ඉල්ලනවා
    උපසිරසි 100 ,1000 ක් ඉක්මනටම දෙන්න ශක්තිය ධෛර්ය
    ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  34. widuranga

    wel done bro

  35. KproX

    මේ කෙහෙම්මල වැඩක් නෑ බං, Supernatural ඉවර වෙනකම් දීල හිටහන්කෝ. අසාවෙන් බලාගෙනආව කතාව. :(

  36. මිහාන්

    50 වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ !

  37. sandaruwan

    50 weni nirmaanayata unusum suba pethum,saho !!!!!!!

  38. tharindu

    =D

  39. tharindu

    THANZ brooo =D

  40. Upali Kannangara

    I have translated Erich von Däniken's ''Chariots of the Gods" into Sinhala - Dew Wiman - දෙව් විමන්.

  41. Shan Vimukthi

    නියමයි සහෝ
    සුපර්නැචුරල් එක දෙන්න අරන් යකා වගේ දීලා සින් සින් ගාලා පනහා ගැහුවා නේ
    නියමයි කොල්ලෝ
    ඒ වගේම මේ වැඩෙත් ගොඩ
    වටිනා වැඩක්
    එහෙනම් කොල්ලෝ
    ඊළගට 100 ඉලක්කය වෙත මේ විදියටම සෑම් සහ ඩින් කොල්ලෝ දෙන්න එක්ක සාර්ථකව යාමට හැකියාව ලැබේවා කියලා ඉත සිතින් පතනවා :D

  42. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම උපසිරැසි අර්ධශතකය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කරනවා. මේ වගේ වටිනා, දැනුමටත් සෑහෙන දෙයක් එක්කරගන්න ලැබෙන දෙයක් අපිට තේරෙන භාෂාවෙන්න දීමත් මහත්ම පිනක්. 100 දක්වාත් ඉක්මනින්ම යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ :P :P

  43. TNT

    ela ela English eka balala thibunata sinhala sub ekka ayeth balanna oni..season 5 ma demu...good luck

  44. sampath

    thanks machan.... onna mamath gaththa balanna. Jaya wewa.

  45. “චූටී මල්ලි”

    උබනම් මාර පොරක් බන්
    මන් හිතුවෙ නැ මෙච්චර ඉක්මනට 50 ගහයි කියලා මුලදි නම්
    හබැයි 1ක 2ක හෝ ගාලා එන්න ගත්තමනම් හිතුනා
    දුන්නු විදිහටම සුපර්නැචුරල් දිලා ඉවරයක් කරන්න
    ඒවගෙම මෙකත් දෙන්න
    මේකත් මරු 1ක් වගෙ
    එහෙනම් 50 සුභපැතුම්
    100ත් වැඩි ඇතක නෙවෙයි වගෙ
    සබට තුති
    ඔබට ජය.........

  46. wasi

    meka nam ela kiri

  47. mudiya / මුදියා

    නියමයි එම්ඩීජී.
    මෙච්චර ඉක්මනට කිසිම අවුලක් නැතිව 50 කප් එක ගහපු උඹට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    තව සිංහල සබ් උපරිමයෙන් දෙන්න හැකියාව ලැබේවා.
    ජයවේවා.බොහෝ.........................................................................................................ම ස්තූතියි...!

  48. Tharindu Perera

    niyamai machannnn...........
    50 veni upasirisiyata unusum suba pathumm machannn.........
    thava dhigatama sub demu machannn.........
    100,150...
    mekath fatta kathavak vagee machannn..
    danma banavaa machannn..

  49. දිමුතු තරංග ඉලුක්කුඹුර

    50 වෙනි උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේක තමයි මම ඔයාගේ ගන්න පළමු උපසිරැසිය, මොකද මම ටීවී සීරිස් බලන්නේ නැහැ, නමුත් මේ වගේ වටිනා වැඩසටහන් නම් අතහරින්නේ නැහැ කොහොමවත්, අනික පිටසක්වල හා සම්බන්ද, කෙසේ වෙතත් මම ඔන්න කොටස් 6ම ගත්තා, ඉතුරු කොටස් 5ත් සිංහල එක්ක දෙයි කියන බලාපොරොත්තුවෙන්, ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      Ancient Alien Question: From UFOs to Extraterrestrial Visitations (2012) සහ Ancient Alien Agenda: Aliens and UFOs from the Area 51 Archives (2012) වාර්තා චිත්‍රපට දෙකට හැකිනම් උපසිරසි දෙන්න බලන්න.

  50. me

    Thanks and wish you all the best. Keep up the good work.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.