කොහොමද හැමෝටම, හොදින් ඉන්නවද? ඉතින් මේ පාර ගෙනාවේ කොටස් හයකින් එන miniseries ඒ වගේම වෙබ් අඩවිය වෙනුවෙන් කරන දහවෙනි උපසිරසි ගැන්වීම තමයි මේ :). ඉතින් මේක මට එක විදිහක සන්ධිස්තානයක්. වැඩි විස්තර නැතුව කතාවට ගැන කතා කරමුකෝ එහෙනම්. හරි කොහොමහරි කතාව මට බාරදුන්නේ සිසිල ප්‍රසාද් අයියා, කතාවේ නම තමයි Asce…

කොහොමද හැමෝටම, හොදින් ඉන්නවද? ඉතින් මේ පාර ගෙනාවේ කොටස් හයකින් එන miniseries ඒ වගේම වෙබ් අඩවිය වෙනුවෙන් කරන දහවෙනි උපසිරසි ගැන්වීම තමයි මේ :). ඉතින් මේක මට එක විදිහක සන්ධිස්තානයක්. වැඩි විස්තර නැතුව කතාවට ගැන කතා කරමුකෝ එහෙනම්.
හරි කොහොමහරි කතාව මට බාරදුන්නේ සිසිල ප්‍රසාද් අයියා, කතාවේ නම තමයි Ascension. කොටස් හයක් තියන කෙටි රුපවාහිනි කතාමාලාවක්. මේ කතාවට IMDb 7.2 ක අගයක් හිමිවෙලා තියනව ඒවගේම rotten tomatoes වලින් 65% අගයක් ලබා දෙනව.මුලිකවම කතාව අයිතිවෙන්නේ විද්‍යා ප්‍රබන්ධ කොටසට.විද්‍යා ප්‍රබන්ධ කතා මාල නිෂ්පාදනය කරන නම ගිය රුපවාහිනී නාලිකාවක් තමයි SYFY කියන්නේ, මේ කතාමලව ඇමරිකාවේ SYFY නාලිකාවත්, කැනඩාවේ CBC නාලිකාවත් එකතුවෙලා කරපු නිර්මාණයක්. රුපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්නේ 2014 වසරේදී. Tricia Helfer,Brian Van Holt,Andrea Roth,Gil Bellows,Brandon P. Bell,Tiffany Lonsdale කියන අය තමයි ප්‍රධාන නලු නිලියන් විදිහට රග පාන්නේ.
කතාව තියෙන්නේ ඇමරිකානු රජයෙන් 1960 ගණන් වල යවන අභ්‍යවකාශ යානාවක් ඇතුලේ වෙන සිදුවීම් දාමයක් ගැන. මේ යානාව යන්නේ අලුත් ලෝකයක් හොයාගෙන ජනපදයක් පිහිටුවන්න. 1960 ගණන් කියන්නේ සිතල යුද්දේ හොදම හරිය.මොකද නවසිය හැට එකේ රුසියාවෙන් යුරි ගගාරින් අභ්‍යවකාශයට යවනව. ඉතින් ඇමරිකාවට කටවහන් ඉන බෑ නේ :3 එයාල කරන්නේ මේ වැඩේ හැබැයි රහසින්. කිසිම කෙනෙක් දන්නේ නෑ ඇසෙන්ෂන් කියල යානාවක් පෘතුවියෙන් පිටත් වෙලා තියනව කියල. ඒ කාලේ තියන තාක්ෂණයත් එක්ක ගමන් කාලය ඇස්තමේන්තු ගත කරන්නේ අවුරුදු 100කට, කතාව පටන්ගන්නේ අවුරුදු 100න් අවුරුදු 51ක් ගෙවුනට පස්සේ වෙන සිදුවීම් ටිකක් එක්ක. මේ වෙනකොට යානාව රූබිකන් කියන ස්ථානයට ලගාවෙන ගමන්. එතන පහු කරාට පස්සේ යානාව ආපහු පෘතුවියට හරවන්න බෑ මොකාද ආපහු හරවාගෙන යන්න තරම් සැපයුම් නැති නිසා. ඒත් මේ යානාවේ ඉන්නවා මේක අපහු හරවන්න ඕන කියල මතයක් තියන පිරිසක්, ඔය අතරේ යානාව අභ්‍යවකාශ ගත කරලා 51 වන සැමරුම කරන වෙලාවේ යානාවේ හිටපු ගෑනු ළමයෙක් අභිරහස් විදිහට මැරෙනව. කතාව පටන්ගන්නේ එතනින්. තව ඉස්සරහට කියාගෙන ගියොත් බලන්න දෙයක් නැති වෙනව නේ, එහෙනම් කතාව අරගෙන බලන්නකෝ. උපසිරසියේ හොද නරක හැදෙන්න ඕන තැන් එහෙම තියනව නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් දෙවැනි කොටසෙන් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
1,800 downloadsDownload Ascension.Episode.01.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
20 comments
GTRZ
Dimuthu Nisansala
downloading link ekek danna. kisima torrent ekak hoyaganna ne. :(
Chamika Isuruwan c o n s t a n t i n e
1337x torrent site eke thiyanawa :)
Prabhasoft
Thanks Bro.... meka bagena godak dawas.. sub nethi nisa hitiye.... okkoma sub oni... jayawewa... gd lk....
Pk Tharindu95
Pattta
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
හොද කතාවක් වගේ....Dimuthu Nisansala
Thank you!!
thushara madusanka
plz link 1k denna ela sub 1kata
Chamika Isuruwan c o n s t a n t i n e
1337x torrent site eke thiyanawa :)
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!trok
tnx bro
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි..................
Suranjan
Thanks machan......jayawewa........!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
MAP
machan 1337x site eke tiyana
Ascension 2014 S01 Complete Season 1 720p HDTV AAC x264-PSYPHER
meka hari neda?Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි..............................
KGSILVA
සබ් එකට බොහෝමත් ස්තූති...දිගටම කරගෙන යමු මචන්ලා..
පුලුවන්නම් LUCIFER එකේ ඇවිල්ලා තියෙන ඉතුරු එපි ටිකටත් සබ් එක ඉක්මනට ගේමු මචංලා
ජය වේවා !!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Advertisement



Super!!! downloading....