සුපුරුදු පරිදිම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිග හැරෙන්නේ 27 වෙනි කොටස. 26 වෙනි කොටසේ මතකය අලුත් කරගෙන ම මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ගිනි ගන්න ගේ ඇතුළේ හයාත් සිහියක් පතක් නැතුව වැටිලා ඉන්නවා දැක්ක මුරාත්ට ඉහිලුම් නැති වුනා. කොල්ලා, හයාත්ව ගින්නෙන් බේරගෙන රෝහලට ගෙනිච්චා. දොස්තරටත් බ…

සුපුරුදු පරිදිම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිග හැරෙන්නේ 27 වෙනි කොටස. 26 වෙනි කොටසේ මතකය අලුත් කරගෙන ම මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ගිනි ගන්න ගේ ඇතුළේ හයාත් සිහියක් පතක් නැතුව වැටිලා ඉන්නවා දැක්ක මුරාත්ට ඉහිලුම් නැති වුනා. කොල්ලා, හයාත්ව ගින්නෙන් බේරගෙන රෝහලට ගෙනිච්චා. දොස්තරටත් බැනලා බොහොම මුරණ්ඩු විදියට හයාත් ගාවින් එක අඩියක්වත් හොල්ලන්නෙ නැතුව හිටපු මුරාත්ට, අන්තිමේ හයාත්ට ම තුරුලු වෙලා නින්ද ගියා.
කුකුල් කේන්තිකාර ජෝඩුව, ආයිත් කුරුළු ජෝඩුව බවටම පත් වෙන සුබ පෙරනිමිති එහෙම පහල වෙද්දී, සාර්ටේ එකට නම් මහා විනාශයක් වෙන්නයි යන්නේ. මතක ඇතිනේ එම්‍රේ සාර්ටේ එකට ආවම තුවාල්, කෙරම් දෙන්නම එයාට තර්ජනය කරලා එලව ගත්ත හැටි. ඒත් එම්‍රේ ඒ දෙන්නටම කිව්වා පසුතැවෙන්න වෙයි කියලා. ඔය අතරේ උදේ ඇහැරුන හයාත්ට, තුවාල්ගෙන් කෝල් එකක් ආවා. එතනදි තමයි ගින්න ගැනයි, මුරාත්ව ආයි යාලු කරගත්ත බවයි හයාත්, තුවාල්ට කීවේ. තුවාල්, හයාත්ට කිව්වා, මුරාත්ව සාර්ටේ එකට එවන්නෙපා කියලා. මොකද එම්‍රේ ආවොත් මුරාත් එයාව දැක්ක ගමන් ලොකු රණ්ඩුවක් ඇති වෙන නිසා! හයාත් ඉතින් දාන්න තියන මායම් සේරම දාලා මුරාත්ව එයා ගාවින්ම තියා ගත්තා.
එතකොට එමිනේ නැන්දගෙ ගෙදර අමුතු අමුතු සිද්ධි වෙන්න ගත්‍තනේ. මුලින්ම බැල්කනියේ අඩි සලකුණු වගයක් තිබුනා, ඒත් ඒ කාගෙද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඊටත් පස්සේ එමිනෙ නැන්දල ගෙට ගොඩ වෙද්දී මුලු ගේ ම මල් වලින් හැඩි කරලා, සමාවෙන්න කියලා බෝඩ් එකකුත් ගහල තිබුනා. ඒකට අහු වුනේ අහිංසක හාලිත් ව! ඒත් පස්සේ තමයි කට්ටියටම තේරුනේ මේ දේවල් කරන්නෙ වෙනම කෙනෙක් කියලා. ඒ කෙනා රෑ, ගෙදර විදුලිය විසන්ධි කරාම හැමෝම ගොඩක් කලබල වෙලා එලියට පැන ගත්තා. ඊටත් පස්සේ ෆාදික් නැන්දගෙ උපන්දිනේට පුදුම කරන්න ආව මුරාත්ලගෙ ගෙදර කට්ටියත් එක්ක තමා එමිනේ නැන්දගෙ ගෙදර අය බය නැතුව ආයි ගෙදර ගියේ.
ඔය අතරේ එම්‍රේ, මුරාත්ට කෝල් කරලා මුහුණට මුහුණ හමුවෙමු කිව්වා. මුරාත්ව අවුස්සලා, මුරාත් එක්ක වලියක් පටලව ගත්ත එම්‍රේගෙ කූට උපාය නිසා අන්තිමේ මුරාත්, කෙරම්, දොරුක් තුන්දෙනාට පොලිස් කූඩුවට යන්න වුනා. පොලීසියට ආව එම්‍රේට, හයාත් බැනපු හැටි මතක ඇතිනේ, එතනදිත් එම්‍රේ කිව්වේ මේ ප්‍රශ්න විසඳන්න නම් එයා එක්ක වැඩ කරන්න එන්න කියලයි. ඒ අතරේ අපේ හැස්මත් සීයා ආයිත් ගේ අතෑරලා ගිහින්. එමිනෙ නැන්දට හොඳටම කේන්ති ගිහින් අසීමේ ආච්චිටත් බැන්නා. අසීමේ ආච්චි ගොඩක් දුකින් හිටියේ සීයා ආයිත් එයාව දාලා ගිය නිසා. ඒත්, එකපාරටම මෙන්න හැස්මත් සීයාගෙන් පණිවුඩයක් ආවා, මුහුදු වෙරළ ගාවදි හමුවෙමු කියලා. ආච්චි බොහොම සතුටින් ඒ ගමන ආවත්, සීයා නම් නෙවේ ආවේ! ආච්චිගෙ හිතේ තිබුන සන්තෝසේ ටිකෙන් ටික දිය වෙලා, මහා නොසන්සුන් කමක් බවට පත් වෙද්දී, හාලිත් ඇවිත් සීයා ඉන්න තැනට ආච්චිව එක්ක යන්නම් කීවා.
ඔය අතරේ එමිනේ නැන්දගෙ පවුලෙ අය එක්ක මෙච්චර දවස් හැංගි මුත්තම් කරපු කෙනා එමිනෙ නැන්දගෙ ඉස්සරහට ආවා. හැබැයි ඒ කවුද කියන්න අපි තාම දන්නෙ නෑ. එහේ එහෙම වෙද්දී මුරාත්ගෙ ගෙදර එකම වලියක් ගියා මතක ඇති. දේර්‍යායි, ලෙයිලයි කෙහෙවලු පටලවා ගත්තනේ, හැබැයි එතනදී අසීමේ ආච්චි ගත්තෙ දේර්‍යගෙ පැත්ත. දෙන්නා ටික ටික කිට්ටු වෙයි වගේ පේන්නේ. කොහොමහරි, ඒ වලියේ අවසන් ප්‍රතිඵලය වුනේ ලෙයිලව ගෙදරින් යවන්න මුරාත් තීරණෙ කරපු එක. හැබැයි, ඒකෙන් සිද්ධ වුනේ කවුරුවත් නොහිතපු දෙයක්. ඒ තමයි හසාල්, ලෙයිලව පැහැර ගෙන ගිය එක!
ඔය සේරම අටමගල් අස්සේ මුරාත්-හයාත් දෙන්නගෙ ආදරබර සිදුවීමුත් අඩුවක් නැතුව තිබුනා. ඒකනේ, හයාත්, මුරාත් දෙන්නා හනිමූන් යන්නත් හදන්නේ! හැබැයි ඉතින් මේ පාරත් ඒ වැඩේ කඩාකප්පල් වෙන මොකක් හරි ප්‍රශ්නයක් කඩා පාත් වෙයි වගේ පේන්නේ..! පහුගිය කොටසෙ වුන වැදගත් ම සිද්ධිය තමයි සාර්ටේ එකේ නේජාත්ගෙ කොටස් සේරම එයා නාඳුනන කෙනෙක්ට විකුණලා කියලා ආරංචියක් ආව එක. මේ ගැන ඇහුවම හැමෝම ගොඩක් පුදුම වෙනවා. සාර්ටේ එකේ මූල්‍යමය අර්බුදයක් ඇති වෙලා තියන වෙලාවේ එහෙම දේකුත් ආරංචි වුනාම, මුරාත් හිතනවා ඒ කොටස් ගත්ත කෙනාගෙන් ඒ කිව්වේ අලුත් හවුල්කාරයගෙන් ඒ කොටස් ආයි එයාලටම ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් බැලින්නම් අලුත් හවුල්කාරයා වෙන කවුරුවත් නෙවේ, එම්‍රේ!
කලින් කොටස අවසාන වුනේ එම්‍රේ, හයාත්ට ආයිත් වතාවක් එයා එක්ක වැඩ කරන්න එන්න, එහෙම වුනොත් සාර්ටේ එකේ මූල්‍යමය ප්‍රශ්නෙත් විසඳෙයි, එයාගෙන් මුරාත්ට කරදරයක් වෙන්නෙත් නෑ කියල කියපු තැනින්. ඒ කියල කට ගන්න ලැබුන් නෑනේ, මුරාත් ආවනේ..! මුරාත් දාපු බැල්මට නම් එම්‍රේව දවා හළු කරන්න වුනත් පුලුවන් කමක් තිබ්බා. අපි බලමුකෝ මේ කොටසෙන් තවත් ගිනි ඇවිලෙයි ද, නැත්නම් ඇවිලුන ගිනි නිවෙයිද කියලා!
ලිපිය : හෙලිලි හේමමාළි .

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,969 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E27.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
29 comments
sachintha
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!manju4300
thawa 4 yiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
thanks 27 wathawakama.....................................chanaka sasalanka
Thanks sub ekata
Pramodha
Thanx,ilaga ekat ikmanata denna..
hansaka gihan
thnx machan
TharakaWAS
ela..ela...niyamai....Broo..................
SUbata thanks....
itiri tikat ikamantama denna....
jaya wewa.............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Roshan
thanks brooo
Udara Damith Dissanayaka
එල
MAALnath
Thanks ..................good luck ...............
Ravi28
Sub ekata thanks
nisala_d
Thank You bro...!!!
Achi
Thanks sub ekata
Darshana
Ko ithuru tikata sub??????? 2018n passe nadda? Youtube eke ewata kala nam hodai
hiran1998
thank uuu
sura80
thanks sister sub ekata
Kulanjana Maduranga
subata thanks saho....
SanjulaJeter
thanks
bimbi
ඊලග එකත් ඉක්මණට ගේමූ
ජය !N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
ජය වේවා...!!!lakmal chathuranga
tank you su akata digatama demu jaya wewa
nipunvid
thank you!
Manoj1980
thx sub ekata
MAALnath
Thanks ...................@-}--@-}--@-}--@-}--@-}--@-}--
hdimantha
Sinhala Upasirasiyata Bohoma Isthuthi saha Bohoma Pin...!
YomalSenanayake
කෝ බං අයියේ අන්තිම එපි ටික?
now fun
me kathawe anthima kotas 10 baiscopedownload eke dila thiyen link wed krne n.plz mt ewa download krnn kreamyk hadala denn,link tik update krnn plz anthima kotas 10
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය