Watch Trailer

Fall 2: Deadpoint (2026) Sinhala Subtitles | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! II [සිංහල උපසිරසි] [100*]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හායි... කොහොමද හැමෝටම..ඔන්න එහෙනම් මමත් බයිස්කෝප්  සිංහලෙන් වෙබ් අඩවියෙ මගේ දෙවෙනි කඩඉමට ආවා.. මගේ සිය වෙනි උපසිරැසි ගැන්වීම..

2014 සැප්තැම්බර් 1 තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය සයිට් එකේ පලවෙන්නෙ..ඒ attak the block (2011)... එතන ඉඳන් අවුරුදු හයක් විතර ගියාට පස්සෙ.. 2020 මැයි 16 තමයි මගේ පළවෙනි කඩඉම.. 50 වෙනි උපසිරැසිය Scoob (2020) සයිට් එකේ පළ වෙන්නෙ.. එතන ඉඳන් තවත් අවුරුදු හයක් විතර ගියාට පස්සෙ.. අද තමයි මගෙ දෙවෙනි කඩඉම, සිය වැනි උපසිරැසිය මේ විදියට පළ වෙන්නේ.. 50 ගහන්න අවුරුදු හයයි, සීය ගහන්න අවුරුදු හයයි.. ඔක්කොම අවුරුදු දොළහයි.. මං හිතන්නෙ සයිට් එකේ වැඩිම කාලයක් ගත කරලා කඩඉම් කරලා තියෙන්නෙ මමද කොහෙද.. කමක් නෑ කොහොම හරි 100 ගහපු එකම මදැයි..

මේ ආපු ගමනෙදි උදව් උන, වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝවම මේ වෙලාවෙ මතක් කරනවා.. මගේ අම්මා, නංගී, යාලුවෝ, ඒ වගේම සයිට් එකේ සහෝදර උපසිරැසිකරුවෝ.. මං නම් වශයෙන් ඒ කාවවත්ම මේ වෙලාවේ මතක් කරන්න යන්නෙ නෑ මොකද කාගෙ හරි නමක් මිස් උනොත් ඒක හොඳ නැති හින්දා.. ඒ හැමෝවම මේ වෙලාවේ මතක් කරනවා..

ඒ වගේම මෙච්චර දුරක් එන්න උදව් උන අපේ උපසිරැසි එක්ක ෆිල්ම් බලන,ඩව්න්ලෝඩ් කරන, කමෙන්ට් එකක් දාලා යන ඔයාලා... ඔයාලගෙ කමෙන්ට්ස් නැත්නම් මෙච්චර දුරක්වත් මං එන්නෑ.. මොකද මං කමෙන්ට්ස් බලලා සතුටු වෙන කෙනෙක්.. අපි මේ වැඩේ කරන්න සල්ලි බලාගෙන නෙමෙයි නිසා ඔයාලගෙ කමෙන්ට්ස් විතරයි අපිට ලැබෙන එකම සතුට..

ඉතින් එකී මෙකී නොකී  හැමෝටම ගොඩක් ස්තූතියි

වර්තමානෙ වෙද්දි ගූගල් ට්‍රාන්ස්ලේට් සහ AI වලින් හදන උපසිරැසි වැඩි වශයෙන් දකින්න ලැබෙනවා.. ඒ වගේම අපි මහන්සියෙන් හදන උපසිරැසි උස්සලා අපේ නම පවා අයින් කරලා වීඩියෝ එකට හාඩ්කෝඩ් කරලා දෙන වෙබ් සයිට්ස්.. ඒ නිසාම අපේ සයිට් එකේ වැටෙන කමෙන්ට්ස්වල ලොකු අඩුවක් පේනවා..අපේ ලොකු වෙලාවක් කැප කරගෙන මහන්සි වෙලා උපසිරැසියක් හදන එකේ වටිනාකම ඉස්සර තරම් කාටවත් තේරෙන්නෙ නෑ කියලයි පේන්න තියෙන්නේ..


ඒ හින්දා මේක ගොඩක් දුරටම මගේ අවසාන උපසිරැසිය වෙයි.. මම දැනට උපසිරැසි හදලා තියෙන Crawl (2019), Attack the Block (2011), Gremlins (1984),Fall (2022) වගේ ෆිල්ම්ස්වල දෙවෙනි, තුන් වෙනි කොටස් ඉස්සරහදි නිකුත් වෙන්න නියමිත හින්දා ඒ වගේ ෆිල්ම් එකකට උපසිරැසියක් කලොත් ඇරෙන්න (ඒකත් ඒ වෙලාවට හිතුනොත් විතරයි..  ඒක ඒ වෙද්දි බලමුකෝ..)වෙන ෆිල්ම් වලට උපසිරැසි කරන්න මට දැන් ආසාවක් නෑ.. දැන් අලුත් උපසිරැසිකරුවො ගොඩක් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා.. එයාලටත් පුලුවන් තරම් ඔයාලගෙ සහයෝගය දෙන්න කියලා ඉල්ලනවා.. එහෙනම් හැමෝටම ජය වේවා... !

දැන් එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..  උණු උණුවෙම ඔයාලට අරගෙන ආවේ සැප්තැම්බර් 2 ඉඳන් සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වුනු , අද ඒ කියන්නෙ ඔක්තෝබර් 2 ඩිජිටල් රිලීස් වුනු Fall 2: Deadpoint (2026) ෆිල්ම් එක. Fall (2022) ෆිල්ම් එක බලපු නැති අය මේ ෆිල්ම් එක බලන්න කලින් අනිවාරෙන්ම ඒ ෆිල්ම් එක බලලා ඉන්න කියලා ඉල්ලනවා.. මොකද කෙලින්ම මේ කතාවට ඒක සම්බන්ධ වෙන හින්දා..

ඔයාලට මතක ඇති පලවෙනි ෆිල්ම් එකේ බෙකී, හන්ටර් කියන යාලුවො දෙන්නා අඩි දෙදාහක් විතර උස කුළුනක් නගින්න ගියා.. ඒ ගමන ඉවර උනේ හන්ටර්ගෙ ජීවිතේ පවා නැති වෙලා.. මේ දෙවෙනි ෆිල්ම් එක පටන් ගන්නෙ ඒ ෆිල්ම් එකෙන් ටික කාලෙකට පස්සෙ.. කුලුනෙන් වැටිලා මිය ගිය හන්ටර් සෝශල් මීඩියාවල "ෆෝල් ගර්ල්" (වැටුනු කෙල්ල) නමින් සෑහෙන ජනප්‍රිය වෙලා.. එයාලා කුලුනෙ නැගලා ගත්තු අර වීඩියෝස්, ෆොටෝස් හැමතැනම ශෙයා වෙනවා.. ඒ අතරෙ හන්ටර්ගෙ නංගි ජැක්ස් හන්ටරෙගෙ වාහනේ ඇතුලු බඩු සේරම ඔන්ලයින් විකුණන්න දානවා.. ඒ වගේම එයා ගොඩක් හිතේ අවුලෙන් ඉන්නෙ අන්තිමට එයාට හන්ටර්ව හම්බුන වෙලාවෙ උන රණ්ඩුවක් හින්දා.. ඒ වගේම ජැක්ස් හිතන් ඉන්නෙ බෙකී තමයි හන්ටර්ගෙ මරණෙට වග කියන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඒ අතරේ එයාව හොයාගෙන එනවා හන්ටර්ගෙයි, බෙකීගෙයි පරණ යාලුවෙක්.. ඒ තමයි ලූස්.. ලූස් දකිනවා හන්ටර්ගෙ බකට් ලිස්ට් එක තියෙන පොත.. ඒකෙ තියෙනවා තායිලන්තෙ ක්වාන් කියන කන්දේ තියෙන ප්ලෑන්ක් වෝක් එකක් එහෙම නැත්නම් ලෑලි මාවතක ඇවිදීමක් ගැන.. පලවෙනි ෆිල්ම් එකේ කුලුනෙ උස අඩි දෙදාහයි.. මේ පාර ඒ ප්ලෑන්ක් වෝක් එක තියෙන්නෙ අඩි හාරදාහක් උඩින්.. කොහොමද නේහ්.. කොහොම හරි ලූස්, ජැක්ස්ව කැමති කරගන්නව මේ ගමන යන්න.. ඉතින් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න මං ඉඩ දෙන්නම්..

පලවෙනි ෆිල්ම් එකට වඩා අඩු ප්‍රතිචාර තමයි මේ දෙවෙනි කොටසට නම් දැනට ලැබිලා තියෙන්නෙ.. ඒ IMDB මීටරේ 5.6 ක්.. මට තේරෙන විදියට නම් කැමරා ඈන්ගල් වල පොඩි අවුලක් තිබුනා, මොකද පලවෙනි ෆිල්ම් එකේ තරම් උස කියන දේ ගැන මේ ෆිල්ම් එකේදි අවධානයක් දීලා නෑ වගේ කියලා මට හිතුනා.. කොහොම උනත් එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් ෆිල්ම් එකක්.. මගෙත් යටි පතුල් නිකම් පණ නෑ වගේ දැනුනා සමහර තැන් වල..මේක ඩිරෙක්ට් කරලා තියෙන්නෙ පලවෙනි ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Scott Mann නෙමෙයි.. Spierig සහෝදරයෝ.. එයාලා දෙන්නා තමයි Predestination (2014) කියන ජනප්‍රිය ෆිල්ම් එක ඩිරෙක්ට් කලේ.. නළු නිළියො විදියට Harriet Slater, Arsema Thomas, Tom Brittney වගේ අය දායක වෙනවා..


Fall චිත්‍රපට මාලාව චිත්‍රපට තුනක් විදියට හදන්නලු මේ කතාවෙ නිර්මාණකරුවො සැලසුම් කරලා තියෙන්නේ.. තුන් වෙනි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් විදියට ආපහු පලවෙනි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් උන Scott Mann ආපහු එකතු වෙනවා කියලයි කියන්නේ.. ඒ වගේම තුන් වෙනි ෆිල්ම් එකකට පැහැදිලි ඉඩක් තියලයි මේ දෙවෙනි ෆිල්ම් එකත් ඉවර කරන්නේ.. ඒ ඉවර වෙන විදියෙන් නම් තුන් වෙනි ෆිල්ම් එක වෙනස්ම කතාවක් එක්ක සුපිරි ෆිල්ම් එකක් වෙයි කියලයි හිතෙන්නේ.. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.. එහෙනම් හැමෝටම ජය වේවා!

Subtitles by

සොහාන් ජයසූරිය

Rank: PlatinumPlatinum
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

873 downloadsDownload Subtitles91 KB

26 comments

  1. යුරාන් ධනුක

    නියමයි සොහාන් මල්ලි
    ෆිල්ම් ආපු ගමන්ම දීලනේ
    පළවෙනි එක දුන්න නිසා මේකත් ඔයාම දෙයි කියලා බලන් හිටියේ
    ඒ වගේම 100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්
    වැඩ තිබුනත් අත අරින්නේ නැතුව පුළුවන් වෙලාවට සබ් දෙමු හොඳේ
    ජයවේවා!

    Reply
    1. Sohan Jayasooriya

      ස්තූතියි අයියේ.. අනේ මන්දා.. ඉස්සර මෙහෙමද සයිට් එකේ 50ක් 100ක් ගැහුවාම.. කමෙන්ට් වැහි වැහැලා..

      Reply
  2. Sangeeth

    මචන් දැන් කොච්චර උපසිරැසි දෙන සයිට් තිබ්බත් .. අදටත් බයිස්කොප් එකෙන් දෙන එක තමා අන්ක එකටම ඩව්න්ලෝඩ් කරන්නෙ. මොකද වැඩේ කොලිටි නිසා. මම අද ආපු ෆිල්ම් 4 ම බෑවා. එත් බයිස්කොප් ඔයාලා සබ් දෙනකන් බලන් නෑ .. මෙ වෙද්දි ඔයාලා ෆිල්ම් තුනකටම සබ් දුන්නා හෙට ඉදන් බලනව ... thanz machan

    Reply
    1. Sohan Jayasooriya

      ස්තූතියි මචන්.. ලොකු සතුටක් මේ කමෙන්ට් එක

      Reply
  3. harsha

    කරුණාකර දිගටම උපසිරැසි ලබා දෙන්න. ඔබ ලබා දෙන උපසිරැසි නිසාමයි අපට සිංහල උපසිරැසි සහිතව චිත්‍රපට නැරඹීමට හැකි වී ඇත්තේ; ඔබේ එම දායකත්වය නොතිබුණා නම් අපට මෙම චිත්‍රපට රසවිඳීමට නොහැකි වනු ඇත. වෙනත් අය විසින් නිර්මාණය කරන ලද උපසිරැසිවල බොහෝ විට සුළු අඩුපාඩු පවතින අතර, ඔබ ඉතා වෙහෙස මහන්සි වී සකසන උපසිරැසිවල ඇති ගුණාත්මකභාවය ඒවායේ දක්නට නොලැබේ. ඒ නිසයි ඔබ දිගටම ඒවා ලබා දීම අපට වැදගත් වන්නේ—ඔබ සිදු කරන කාර්යය ඉතා විශිෂ්ටයි.

    Reply
    1. Sohan Jayasooriya

      ගොඩක් ස්තූතියි සහෝ.. ඔයා Man of the High Castle බලපු හර්ශ නෙමෙයි නේද?

      Reply
  4. Buddhika laKMal

    100ට සුබ පැතුම් සහෝ....
    150ත් ගේමු ඕහොම්මම....
    මේ සබ්එකටත් තෑන්ක්ස් හොදේ.........
    ජයවේවා........

    Reply
    1. Sohan Jayasooriya

      ස්තූතියි සහෝ

      Reply
  5. Ashan Darshana

    film eka download karanne kohomada ?

    Reply
    1. Sohan Jayasooriya

      baiscopewatch site eken puluwan saho

      Reply
  6. Binod Inguruwatta

    sub ekata thanks bro

    Reply
    1. Sohan Jayasooriya

      ස්තූතියි සහෝ

      Reply
  7. MM

    හාර්ඩ්කෝර්ඩ් කරලා උන්ගෙ සයිට්වල කිසිම මහන්සියක් නැතුව දාගන්න උන්ට මොනවා හරි කරන්න බැරිද. මටත් අප්පිරියයි උන්වනන්.

    Reply
    1. Sohan Jayasooriya

      ලංකාවේ ඕවට නීති නෑනෙ හරියට.. මොනා කරන්නද..

      Reply
  8. Sisila Prashad

    ශතක කඩයිමට සුබ පැතුම් මල්ලි.
    ඉදිරි වැඩකටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

    Reply
    1. Sohan Jayasooriya

      Thank You Sisila Aiye

      Reply
  9. Harsha

    මෙක ඩව්න්ලොඩ් කරන ටොරන්ට් ලින්ක් එක දෙන්න කෝ කව්රු හරි හොයාගන්න බැ නෙ

    Reply
    1. Sohan Jayasooriya

      babaiscopewatch site eken puluwan saho

      Reply
  10. රොෂාන් ශමීර

    සයිට් එකෙන්ම අඳුරගෙන, ෆිල්ම් බෙදාගෙන සබ් කරපු කාලේ අඳුරගත්ත සොහාන් මල්ලී...
    අපි ඒ දවස් වල ෆිල්ම් බෙදාගෙන අඩුපාඩු කතාබහ කරකර අදහස් බෙදාගෙන සබ් කරපු හැටි මතක් වෙනවා.
    මං හිතුවේ ඔයා 100 ගහලත් ඇති කියලා.
    මොනවා වුනත් බලාගෙන හිටිය ෆිල්ම් එකක්. ඔන්න මමත් සබ් එක බාගත්තා.
    ඉතින් මල්ලියේ.. ඔයාගේ 110 වෙනි සිංහල උපසිරසියට මගෙත් උණුසුම් සුබ පැතුම්..
    හිතට මාර සතුටක් එන දවසක ඔයා ඔයාගේ අන්තිම සබ් එක වෙයි කියලා කිව්වම ටිකක් අවුල් වගේ.
    ඒ නිසා පුළුවන් වෙලාවක ආපහු සබ් එකක් අරන් එන්න. තව අවුරුදු හයක් අරන් 150ත් ගහමු.
    මගේ උණුසුම් සුබ පැතුම්.
    මේ උපසිරසි සීයටම බොහෝමත්ම ස්තූතියි.
    සාර්ථක හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා මල්ලී...

    Reply
  11. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    Reply
  12. Yasiru Kapurusinghe

    කඩඉමට සුභ පැතුම් සහෝ.

    Reply
  13. Asith Chathuranga

    Sub ekata thanks. oyage thiyana wedath karagena Digatama karagena yanna
    Jaya wewa

    Reply
  14. Asela madusanka

    අඩේ නවත්තන්න එපා බන්😊😊😊🙏🙏

    Reply
    1. Sohan Jayasooriya

      තේරුමක් නෑ මචන් 😑

      Reply
  15. Sumindu Maduranga

    ගොඩක් ස්තූතියි movie එක ආපු ගමන්ම සිංහල උපසිරැසි ලබා දුන්නාට.

    ඒවගේම කියන්න ඕන කොච්චර web site තිබ්බත් movie එකකට සිංහල උපසිරැසි තියනවද කියල මුලින්ම ඇවිල්ලා බලන්නේ baiscope site එකට. මොකද original movie එකේ ගුණාත්මකභාවයට හානි නොවී, ඒ විදිහටම තියාගෙන උපසිරැසි දෙන්නේ ඔයාලා විතරයි. අනිත් ගොඩක් site වල තියෙන්නේ AI වලින් හරි Google translate කරලා ගත්ත subtitle. ඒවා කිසි දෙයක් තේරෙන්නෙ නැහැ.
    ඒක නිසා උපසිරැසි කරන එක නවත්වන්නේ නැතුව දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තූතියි. ❤️❤️
    උපසිරැසි කරන එක

    Reply
  16. එල්.සී. ද මැල්

    100ට උණුසුම් සුභ පැතුම් සොහාන් සහෝ... ස්කූබිට, ටොම් ඇන්ඩ් ජෙරීට එහෙම සෑහෙන සේවයක් කරපු කෙනෙක් තමා ඉතින්. Tom and Jerry: Forbidden Compass (2025) එකත් පුලුවන්නම් සබ් ගේන්න.
    වැඩේ අතාරින්න නම් එපා පුලු පුලුවන් වෙලාවට හරි සබ් එකක් හෙමින් අරගෙන එන්න.
    සියලුම වැඩ සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා පතනවා...
    ජය... ✌

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.