මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. සබ් එකෙත් පොඩි පොඩ…

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. සබ් එකෙත් පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනි. අද කතාව මම කෙටියෙන් නම් කලේ කතාවේ අන්තර්ගතයට අනුව “අන්තරාය අවියක්” කියලා.
හැමදාමත් වගේ අද කතන්දරෙත් එක අතකින් ජේන් ගේ පච්චයකට සම්බන්ධයි. ඒ වගේම කණ්ඩායමට අද දිවි පරදුවට තියලා පන්නන්න වෙන්නේ ඉතාමත් භයානක වගේම මරණීය ආයුධයක් පස්සේ. මුලින්ම කතාව පටන්ගන්නේ එක්තරා ආරක්ෂක සමාගමකින් ප්‍රවාහනය කරන අධි ආරක්‍ෂිත ආයුධ ට්‍රක් රථයක් මංකොල්ල කන සිද්ධියකින්. ට්‍රක් එක පුරවලා ආයුධ කන්දරාවක් තිබුනා වුනත් මේ මංකොල්ලකරුවෝ අරගෙන යන්නේ එකම ඒක දෙයක් විතරයි. අන්න ඒ දේ වටේ තමයි අද කොටසේ ප්‍රධානම කතන්දරේ විහිදෙන්නේ. මේ අස්සේ රිච් කණ්ඩායමට හඳුන්වලා දෙනවා අපූරු සෙල්ලමක්. හරියට අපි කැට පෙරලලා කරන බෝඩ් සෙල්ලම් වගේ. දන්නවනේ රිච් ගේ හැටි. වයර් ෂෝට් උනත් හොඳට වැඩ කරන ඩයල් එක. අනික අද කණ්ඩායමට විශේෂ දවසක්. ජේන් තමන්ගේ අවුල් හරි ගස්සලා ඉස්සර හිටියා වගේ කණ්ඩායමට වැඩ කරන්න පටන් අරන්. ඒ වගේම ටාෂා ආයෙමත් කට්ටිය එක්ක වැඩ. එයා මුලදී මොන වගේ චරිතයක් රඟපෑවත් එයා ඇත්තටම මොන පැත්තේද කියලා. කීටන් ගැන කිව්වොත් සිහියක් පතක් නැතුව ඉස්පිරිතාලෙක දපලා ඉන්න මනුස්සයා මෙච්චර කාලයක් පෙනී හිටපු ආත්මාර්ථකාමී සහ වෘත්තීයමය හැසිරීමට යටින් මනුස්සයෙකුත් ඉන්න බව පෙන්නලා දෙයි.
ඉතින් ආටිකල් එක නම් මෙච්චරයි. කතාව බලලා සබ් ඒක ගැනත් හිතෙන දෙයක් කියාගෙන යන්න.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,592 downloadsDownload Blindspot-S04-E15.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
14 comments
Rasindu Perera
Dinuka..lakshitha
Thanks
Kanchana
Thanx saho
suranuwan
thanks..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
s.s.m
tz sub ekata....
harshahjk
බොහොම ස්තූතියි සහො සබ අරගත්තා ජයවේවා
Hiranthaniroshana
Thank mcn
kushan111
thank you
me wage blacklist ekatath sub dennakodx12
Thanks bro
Niyma wadk bro
Good luckKasunRe
බොහොම ස්තූතියි සහෝ......
Bobby
Thank you very much
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
සුපිරි කතාවක් මේක...