Watch Trailer

Cobra Kai (2018) [S01 : E06] Sinhala Subtitles | මුල්ම දවස [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපියෙ ඔයාලට මතක ඇති ජොනී සහ මිගෙල් සටන් පුහුණුවෙමින් ඉන්න අතර තුර එකපාරටම යෝගා පන්තියෙ අය කඩා පැනල ජොනීට කීවා හෝල් එක රෑට තවත් කෙනෙක්ට වෙනම කුළියට දෙනවයි කියල.. ඒ වගේම කතාවෙ තවත් පැත්තක ඕක්ස් ක්ලබ් එකේ හරි අපූරු රාත්‍රී ආහාරයක් සූදානම් වෙලා තිබ්බා..ඒ ඩැනියල් සහ ආමන්ඩ් අතරෙ..ආමන්ඩ් කියන්නෙ වෙන…

කලින් එපියෙ  ඔයාලට මතක ඇති ජොනී සහ  මිගෙල් සටන් පුහුණුවෙමින් ඉන්න අතර තුර එකපාරටම යෝගා පන්තියෙ අය කඩා පැනල ජොනීට කීවා  හෝල් එක රෑට තවත් කෙනෙක්ට වෙනම කුළියට දෙනවයි කියල.. ඒ වගේම කතාවෙ තවත් පැත්තක ඕක්ස් ක්ලබ් එකේ හරි අපූරු රාත්‍රී ආහාරයක් සූදානම් වෙලා තිබ්බා..ඒ ඩැනියල් සහ ආමන්ඩ් අතරෙ..ආමන්ඩ් කියන්නෙ වෙන කවුරුත් නෙවේ ඩෝජෝ එක තිබ්බ ගොඩනැගිල්ලෙ අයිතිකාරයා..ඉතිං ඩැනියල් මෙතෙන්දි ආමන්ඩ්ගෙන් ගොඩනැගිල්ල සල්ලි දීල ගන්න අහනව..ඇත්තටම ගන්න නෙවේ..ඩැනියල් හොඳාකාරව දැනං හිටියා ආමන්ඩ් මේක කීයටවත් දෙන්නෙ නැති විත්තියක්. මෙතෙන්දි එයාගෙ යටි අරමුණ වුණේ ඩොජෝ එකේ කුලිය වැඩි කරවන්න තව ටිකක්..එහෙම කරල ජොනීව අමාරුවේ දාන්න..කුලිය ගෙවාගන්න බැරුව සිත් තැවුලෙන් කැරකි කැරකි ඉන්න ජොනීට අන්තිමේදි සහනයක් වෙන්නෙ මිගෙල්.. මිගෙල් ඉස්කෝලෙදි ලොකු කලබගෑනියක් කරනව  කයිලර් කියන හාදයත් එක්ක..මේ සටනට හේතු කාරණා වෙන්නෙ සමන්තා කීවොත් හරි..මොකද  කයිලර් සමන්තට කරදර කර ඉද්දි තමයි  තමා මිගෙල් මැද්දට පැනල කයිලර්ට හොඳ හැටි නෙලන්නෙ..මේක දැක්ක ඉස්කෝලෙ යාළුවො හැමෝම මිගෙල් එක්ක ඩෝජෝ එකට එනව කරාටේ ඉගෙනගන්න කියල..ඔන්න ඉතිං ජෝනීගෙ කුලී ප්‍රශ්නෙත් ඔය විදිහට අහවර වෙනව…ඉතිං ජොනිත් මිගෙල් කරපු මේ උපකාරෙට තුටු පඬුරු වශයෙන්  එයා දන්න කෝබ්‍රා කයි ශිල්පය මිගෙල්ට කියාදෙන්න පුහුණු වීම් ආරම්භ කරනව..රොබී මේකෙ හොරෙන් බලාගෙන ඉන්නව..ඉතිං රොබිත් තාත්තාව තරහ ගස්සන්න කියල ලාරූසෝ එකේ ජොබ් එකකට ඇප්ලයි කරලා අන්තිමේට එකේ වැඩටත් යනව…ඔන්න ඔහොමයි කලින් එපියේ ගෙවීගෙන ගෙවීගෙන ගියේ.. අද කතාව ගැන කෙටියෙන් සඳහනක් කරනව නම්, අද ඉතිං අර ඩෝජෝ එකේ මුල්ම දවස නෙවැ..මිගෙල්ගෙ යාලුවො ටිකට නං මේක එච්චර විනෝදබර දවසක් වෙන්නෙ නෑ…ජොනීගෙන් කුණු බැනුම් එහෙමත් අහගෙන සෑහෙන කට්ටක් කාගෙන තමයි මෙයාලට කරාටේ පුහුණු වෙන්න වෙන්නෙ..මේ නිසාම ජොනීත් එක්ක පන්තියට ආපු ළමයින්ගෙන් බාගෙට බාගයක්ම මුලදිම හැලිල යනව..ජෝනීගෙ මේ තද ක්‍රියා කලාපයේ අරමුණ වෙලා තිබුණෙත්  ඒකම තමයි..එයාට ඕන වුණේ එතන ඉන්න දුර්වලම අය කවුද කියල හඳුනගන්න..ජෝනීගෙ පන්තියේ දේවල් හරි හරියට ඔහොම  සිද්ධ  වෙද්දි කතාවෙ අනික් පැත්තෙ බිලී සේල් එකේ ඉස්ස ඉස්සල්ලම වැඩ පටං ගන්නෙ අද ..මුල්ම  දවසනෙ..එයාටත් හරි හරි දේවල් තමයි වෙන්නෙ .. හරි එහෙනං ඔයාලම බලාගන්නකො කට්ටිය අද මොනවයින් මොනව කරගනීවිද කියල..හරි එහෙනම් මං ගියා..ජය වේවා..

 

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,188 downloadsDownload Cobra-Kai-S1-E6-2018.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,188 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  2. Achi

    කතාවට පිස්සු වැටිලා තියෙන්නේ

  3. Gayan ranga

    සබ් එකට බොහෝම ස්තූතියි...

  4. Kulanjana Maduranga

    subata thanks

  5. kelumchathuranga

    thanks

  6. Mr.pamz

    Thanks

  7. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALnath

    Thanks ..............................good luck ..................................

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.