Watch Trailer

Cobra Kai (2018) [S01 : E10] Sinhala Subtitles | අතීතය නැවත නැවත සිදුවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු කරගෙ…

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු කරගෙන මේක කරමු කියලා කිව්වෙ. පස්සෙ රවිඳුට අමතරව, චාමර අයියගෙ එපියත් ඇතුළුව, හිරාන්, උදයංග, අචින්ත, දිලේකා, පසිඳු කියන සහෝදර සහෝදරියන් එකතු වෙලා සීසන් 2 එන්න කලින් කොහොමහරි මේක ඉවර කළා. මං මේ කොටසෙ වෙන දේවල් ගැන විස්තර කරන්නෙ නෑ. පහුගිය කොටස ගැන කිව්වොත් සෑමුයි මිගෙලුයිගෙ සම්බන්ධය කැඩිලා යනවා ගොඩක් අයගෙ දායකත්වයෙන් වුන පැටලැවිල්ල නිසා. ඒකට සම්බන්ධ වුන හැමෝටම හිත්අමනාමකම් ඇති වුනා කිව්වොත් නිවැරදියි. Cobra Kai කියන්නෙ තලාපෙලන මිනිස්සුන්ට පාඩමක් කියලා දෙන්න තියෙන තැනක්ද, නැතිනම් තලා පෙලන අයට ධෛර්යයක් දෙන්න තියෙන තැනක්ද කියලා තේරුම් ගන්න මං හිතන්නෙ ඒකෙ සෙන්සෙටවත් බැරිවෙලා තියෙනවා. අනික් අතින් මිස්ටර් මියාගිගෙ ඉගැන්වීම් වල තියෙන්නෙ තමන්ගෙ ආරක්ෂාව තහවුරු කිරීමත්, අනවශ්‍ය සියළු කරදර වලින් ගැලවී යන්නෙ කොහොමදත් කියන එක. මේ එකිනෙකට විරුද්ධ, පරයා යන අරමුණු තියෙන පැති දෙකක සටන අදින් ඉවර වෙයිද, අළුත් අමනාපකම් ඇති වෙයිද කියන එක මේ කොටසින් බලන්න පුළුවන්. සීසන් 2 ගැන මතක් කලොත්, ගිය අවුරුද්දෙ අන්තිම නිශ්පාදන කටයුතු ආරම්භ කරලා මේ අවුරුද්දෙ අප්‍රේල් 24 සියළුම කොටස් එකවර නිකුත් කරන බවට මෙහි නිල පාර්ශවයන් දැනුම් දීලා තියෙනවා.  ඒ වගේම ෆස්ට් ලුක් ෆොටෝ කිහිපයකුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඔයාලට පහළින් ඒවා දැකගන්න පුළුවන්. (කෝබ්රා කායි ඩෝජෝ සිසුන්) (මියාගි-දෝ ඩෝජෝ සිසුන්) සීසන් 2 නම් ආපු ගමන් පුළුවන් ඉක්මණට දෙන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රේලර් එක සිංහල උපසිරසි එක්ක මංසලට පිවිසිලා බලන්න. (සුභ ආරංචියත් තමයි Cobra Kai සීසන් 2 වලින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා මේකෙ නිශ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරලා තියෙනවා). එහෙනම් වෙනදා වගේම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. මෙතෙක් නැරඹුවාට ස්තූතියි.!

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,275 downloadsDownload Cobra-Kai-S1-E10-2018.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

11,275 downloadsDownload Subtitles22 KB

28 comments

  1. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks for the Snhala Sub.

  2. Hashan M. Priyadarshana

    Thank you bro

  3. Coltcsw

    Thnk bro

  4. Pasindu De Silva

    Thanks a lot sister.

  5. Achi

    Thanks ❤️

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  7. kelumchathuranga

    thanks

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Thihan

    ගොඩක් ස්තූතියි

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. Mr.pamz

    Thanks bro

  12. prarath

    sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. MAALnath

    Thanks ..............good luck .......................

  15. Ashan thiranagama

    ikmanata s2 sub ekath denn,. bandee awith thiyenneee

  16. Thamanna

    පුලුවන් ඉක්මනට s2 සබ් දෙන්න සහෝ ❤❤❤❤

  17. isuruchamath56

    සීසන් 2 ආවෝ... :) :) සබ් දෙනකං බලන් ඉන්නේ <3 <3

  18. alphadish

    s02 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Minethra

    සබ් සෙට් එකටම තෑන්ක්ස්

  21. Mayura_Madusanka

    ‌‌‌‌‌‌ ‌ ‌‌‌ 

  22. kalanakaveesha119

    Thanks to all sub

  23. Pawan

    thanks for your help bro

  24. දනු

    thank you for your subtitles

  25. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  26. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  27. kavishka

    oyalage kobra kai se01 episode wala subtitles pennanne na ne

    1. Hiran Ganepalla

      කෝබ්‍රා කායි සබ් වල අවුලක් නෑ. සර්ච් බාර් එකේ සර්ච් කරලා ගන්න. සබ් ටික ගන්න පුලුවන්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.