Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E01 & E02] Sinhala Subtitles | ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න ආයෙත් මම සුපිරි ඇනිමේ සීරිස් එකක් අරන් බයිස්කෝප් වෙබ් පලට අවා..ඉතින් ඩෙත් නෝට්, ඩෙත් නෝට් කිව්වම කව්ද නොදන්නේ නේද? මං මේ ඇනිමේ එකට සබ් එකදෙන අදහස ඔලුවට දැම්මේ සමීර කරුණාරත්න සහෝ ඒ වගේම මේක බාරදුන්න සිසිල ප්‍රසාද් සහෝවත් අමතක කරන්න බැහැ ඉතින් මම ඒ සහෝලට ස්තුති කරන…

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න ආයෙත් මම සුපිරි ඇනිමේ සීරිස් එකක් අරන් බයිස්කෝප් වෙබ් පලට අවා..ඉතින් ඩෙත් නෝට්, ඩෙත් නෝට් කිව්වම කව්ද නොදන්නේ නේද? මං මේ ඇනිමේ එකට සබ් එකදෙන අදහස ඔලුවට දැම්මේ සමීර කරුණාරත්න සහෝ ඒ වගේම මේක බාරදුන්න සිසිල ප්‍රසාද්  සහෝවත් අමතක කරන්න බැහැ ඉතින් මම ඒ සහෝලට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඩෙත් නෝට් ඔරිජිනල් ඇනිමේ එකට කිසිම සයිට් එකක සබ් දීල නැති නිසා. අද ඉඳන් ඉස්සරහට මම මේ සීරිස් එකට සබ් දෙනවා. එහෙනම් මං හිතනවා ඇනිමේ වලට ආදරය කරන අය මේ ඇනිමේ එකත් එක්ක ඉඳි කියලා. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  9/10 වගේ ඉහල අගයක් අරන් තියනවා. මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු. යගමි එහෙමත් නැත්නම් ලයිට් දක්ෂ ළමයෙක් හැම එක්සෑම් එකකින්ම පළවෙනියා වෙනවා එත් දවසක් එයා දකිනවා උඩින් පොතක් වැටෙනවා මෙයා මේ පොත ගන්නවා මෙයා දන්නේ නැහැ මේ පොත එයාගේ මුළු ජීවිතේම වෙනස් කරනවා කියලා. කොහොම නමුත් මේ පොත එහමත් නැත්නම් ඩෙත් නෝට් එක ටිකක් අමුතු බලයක් තියන පොතක් කියලා යගමි හොයාගන්නවා. මේ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා ඒක තමයි මේ පොතේ තියන අමුතු බලේ. යගමි පොත පාවිච්චි කරලා අපරාධ කාරයන්ව මරනවා.පොත හම්බවෙලා දවස් පහකට පස්සේ පොත අයිති කෙනා එනවා. ඒ තමයි රියුක්, ඒ කියන්නේ මළවුන්ගේ ලෝකේ අධිපතිය එහෙමත් නැත්නම් මරණයේ දෙවියා. එයා තමයි ඒ නෝට් පොත මනුස්ස ලෝකෙට දාල තියෙන්නේ ඒ මොකටද ඒ පොත මනුස්ස ලෝකෙට දාල තියෙන්නේ? ලයිට්ට මොකක් වෙයිද? ලයිට් ගේ ඇත්තම අරමුණ මොකද්ද? මිනිස්සු මේ මිනීමැරුම් අනුමත කරයිද? කියලා දැනගන්න නම් ඔයාල ඩෙත් නෝට් බලන්නම ඕන. එහෙනම් අදට ආයුබෝවන් ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු . ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

12,765 downloadsDownload Death-Note-E01-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,765 downloadsDownload Subtitles30 KB

44 comments

  1. Ravindu Rukshan

    එල කතාවක් දීලා තියෙන්නෙ

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

    2. tharindu

      මචෝ දන්නවද මං මගේ පලවෙනි සබ විදියට මේක දෙන්න හිටියේ හැබැයි ඊට කලින් සහෝ දීපු එකට මට සතුටුයි.එල බ්‍රෝ

    3. kaweesha kalyana

      එහෙමද, ස්තුති සහෝ.

  2. Navodani Thilini Sasanika

    අම්මෝ නියමයි!! මේක දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ, බොහොම ස්තූතියි මල්ලි. බලනවනම් නියම කතා.

    1. kaweesha kalyana

      thanx අක්කේ

  3. Ishan Madusha

    නියමයි සහෝ.සුපිරියකට අතගැහුවට බොහෝම ස්තූතියි.ජය වේවා!

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  4. Udara Damith Dissanayaka

    ela ne

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  5. Nirosh C

    ස්තුතියි කවීෂ සහෝ.ජයවේවා!

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  6. KP7

    Sub Ekata Thanks Machan.. Kohomada Meka Down Karaganne.?

    1. kaweesha kalyana

      බයිස්කෝප් downloads site එකෙන් ගන්න පුළුවන් සහෝ.

    2. KP7

      Ela.. Thanks Machan..

  7. KP7

    Machan Deweni 02 EP Eke Sub eke Syntax Error Ekak enawa Sub Eka Load wenne ne..

    1. kaweesha kalyana

      මොකද්ද බන් උබ පාවිච්චි කරන player එක, pot player හරි KMplayer එක හරි පාවිචිචි කරලා බලන්න.

    2. kaweesha kalyana

      එතකොට හරියයි සහෝ.

    3. KP7

      KMplayer Eka ban mama use karanne.. eke thamai syntax error ekak enne. "syntax error line 1072"
      dn aulak ne mama sub file eka edit karala hadagaththa.. Sub ekata Thanks Machan.. Digatama Sub Deepan.. Ela....

    4. kaweesha kalyana

      හරි මචන්, thanx

  8. podda

    ammo supirine. mekata sub illalama epa wela thibbe
    thanks bro sub 1 denawata!!!!!!!!
    jaya wewa digatama sub onii

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  9. Bhagyasingh

    niyamaine..supiri kathawak...sub karanawata thanks....

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  10. Chanu mikhail

    ඕහ්.. :) මං ආසම ඇනිමේ එකක්, තුන් හතර පරක් බැලුව එතරම්ම පට්ට, සබ් එක්කත් අනිවා බලනවා, ස්තුතියි මේකට උපසිරැසි ගේනවාට, ජය
    මට තම හිතා ගන්න බැරි. ඒල් ද, ලයිට් ද, රියුක් ද සුපිරි කටද වැඩිපුර කැමති කියල ;)

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  11. baiscopelkishu

    thanx saho

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  12. geeganagamage

    thank you

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බලන්න ගොඩක් ආසාවෙන් හිටපු ඇනිමියක්..සබ් නැති නිසා බැලුවේ නෑ..දැන්නම් නියමෙට බලන්න පුලුවන්..ජය වේවා..බුදුසරණයි!

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  14. Charith Eranga Munasinghe

    Thanks......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Crysis

    thankz bro

  17. Charith Ishan abeveera

    Elama bokka thankz

  18. isushan

    Anime walata digtama sub karanawanam kamathi...parana anime walata godakma

  19. kavizz

    1072 error eka hadaganne kohomada bn episode 2

    1. Dinuka

      oya daththa da matath e case eka thiyeno

  20. sathyajith

    thanks for the sub

  21. Anonymous

    Thanks !

  22. Pavith Wijesooriya

    මේ සුපිරිය දැන් ඇවිත් අවුරුදු 15 ක් වෙලා.බලන්න ආයෙත් ආසාවක් ආවා.දැනටමත් එපි 6ක් බලලා ඉවරයි.මේ වගේ සුපිරියක් තව පාරක් බැලුවට පාඩු නෑ ඉතින්.ගොඩාක් ස්තූතියි අයියේ සබ් එකට.නියමෙටම තියෙනවා.❤️

  23. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

  24. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.