පසුගිය කොටසින් 1949 වෙද්දී ලෝරා දරුණු තීරණයක් ගන්නවා, ඒ නපුරන්ගෙ සමාජය, එහෙම නැත්තම් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් වලට එකතු වෙන්න ගත්ත තීරණයත් එක්ක. විශේෂයෙන්ම අලුත්ම අලුත් නමකුත් එයාට ලැබෙනවා. ඒ තමයි මැඩම් රූශ් කියන නමත් එක්කම. මේක තමයි කොමික් වලට අනුව එයාගෙ නම වෙන්නෙ. ඒවගේම ඒත් එක්කම එයාට කාර්යයක් පැවරෙන…

පසුගිය කොටසින්
1949 වෙද්දී ලෝරා දරුණු තීරණයක් ගන්නවා, ඒ නපුරන්ගෙ සමාජය, එහෙම නැත්තම් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් වලට එකතු වෙන්න ගත්ත තීරණයත් එක්ක. විශේෂයෙන්ම අලුත්ම අලුත් නමකුත් එයාට ලැබෙනවා. ඒ තමයි මැඩම් රූශ් කියන නමත් එක්කම. මේක තමයි කොමික් වලට අනුව එයාගෙ නම වෙන්නෙ. ඒවගේම ඒත් එක්කම එයාට කාර්යයක් පැවරෙනවා. ඒ තමයි 2021 වසරට ගිහිල්ලා නයිල්ස් කෝල්ඩර්ගෙ තාක්ෂණය හොරකම් කරගෙන එන්න කියලා. මේ අතරේ රීටගෙ සැලසුම වුනෙ වර්තමානයට ඇවිල්ලා ඇයගෙ නැතිවුණු මතකයන් නැවත ලබාගෙන ලෝරා වගේම බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් රවට්ටන්න. එයාට පුලුවන් වුනා 2021 වසරේ නිකේතනයට ඇවිල්ලා එයා පැනලා යන්න හදපු අවස්ථාව වලක්වලා මැල්කම්ව මුණගැහෙන බවට සලස්වන්න. මේ අතරේ සිස්ටර්හුඩ් (ස්ත්‍රී සමාජයෙ) අය විසින් එටර්නල් ෆ්ලැජර්ලේෂන් නොහොත් අපි උපසිරැසිවල පාවිච්චි කල සදාකාලික කසපහරදීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක නමේ මුහුණුවරින් ගත්තම කායිකව වෙන දඩුවමක් වගෙ පෙනුනත් මේ ක්‍රියාවලිය ඇතුලෙදි ඇත්තටම සිද්දවුනෙ ලෝකෙ පුරාවටම ඉන්න අයගෙ උපවිඥානයෙ තැනෙහි මාරු වීමක්.
මේ අතරේ රීටා විසින් ඩූම් පැට්‍රෝල් සාමාජිකයන් එකතු කරගත්තා වික්ගෙ සෙල්ලං බඩුව වෙච්ච ජෙනරාල් ටෝනිව, කේගෙ වැඩිහිටි මුහුණුවර වගේම ලැරීගෙ හා ක්ලිෆ්ගෙ මිනිස් ස්වරුපයන් එකතු කරලා. කොහොම කොහොමින් හරි උපවිඥානයෙන් මිදිලා සාමාන්‍ය ජීවීත වලට ගියත් ක්ලිෆ්ට තියෙන ඇබ්බැහිය ගැන ක්ලාරට අහුවෙලා එතන ලොකු ප්‍රශ්ණයක් මතු වුනා. මේ අස්සෙ ලැරී ආපහු වතාවක් එයා පිට කරපු පරපෝෂිතයාව කැලෑවෙන් අරගෙන එනවා. ජේන් අන්ඩග්‍රවුන්ඩ් (පාතාල ලෝකය) එද්දී එයාට දකින්න ලැබෙනවා කේ හැරුනම අනික් අනන්‍යතාවයක්ම අතුරුදහන් වෙලා ගිහිල්ලා කියලා. ඒවගේම වික්ට අවශ්‍ය දේ වෙලා තිබුනා තමන්ගෙ ඇගට හයිවෙලා තිබුණු හැම යාන්ත්‍රික කොටසක්ම ඉවත්වෙලා අපූරු මනුස්ස පෙනුමක් ලබාගෙන. ඒවගේම කතාව අවසන් වෙන්නෙ රීටට ලෝරාව මුණගැහිලා.
අද කොටසින්
මේ කොටස ගැන කිව්වොත් පටන් ගැන්මේ ඉදන් අවසානය දක්වාම කෙළවරක් නැති ප්‍රශ්න මතු වීමක් තමයි දැකගන්න ලැබෙන්නෙ. ඒවගේම කතාවේ අවසානය නොහිත විදිහට හොද එකක්ම වේවි කියලත් බලාපොරොත්තු වෙන්න පුලුවන් නවවැනි කොටස අවසන් වෙන විදිහ එක්ක බලපුවාම.
එහෙනම් ඉතිං අවසන් කොටසත් අරගෙන විමා ඔයාලව ලබන සතියේදී මුණගැහෙන්න ඒවි.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,337 downloadsDownload Doom-Patrol-S03-E09.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol
- #Doom Patrol S03
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
6 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා.... උපසිරැසිය සුපිරි....
සෙට් එකටම බුදු සරණයි....❤️❤️❤️lcp
Mekata sub dala iwara karapanko magula
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.........good luck.....
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි