“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳු…

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ් ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි. 😀
“Tiger කියන්නෙ මොකාද?” ටයිගර් කියන සතා ලංකාවෙ නෑ. ඉන්දියාවෙ ඉන්නවා. ඉන්දියානු බාසා වල ඌට ව්‍යාඝ්‍ර කියල කියනවා. ඒ හින්ද සිංහලෙන් අපිට ව්‍යාඝ්‍රය කියල කියන්න පුලුවන්. එතකොට ලංකාවෙ කොටි ඉන්නවද? ඔව්, ඌට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ Sri Lankan Leopard කියල උගේ විද්‍යාත්මක නාමය “panthera pardus kotiya”. ඒ කියන්නේ ඒ තමා කොටියා. එතකොට දිවියා කියන්නෙ මොකාද ? ඉස්සර ලංකාවෙ මිනිස්සු ඔන්න ඔය කොටියට ‘දීයා’ කියලත් කිව්වා. මුවම්ලපැස්ස රේඩියෝ නාටකයේදී, කෝරලේ මහත්තය එහෙම නිතරම කියන්නේ ” ඕකා දීයම කන්ටෙපයි” කියල. අන්න ඒ වගේ ග්‍රාමීයව දීයා කියල වදනක් පාවිච්චි වුණා .ඒ හින්දා ඒකෙන් බිඳිලා ආපු වචනයක් වෙන්න ඇති සමහරවිට. ලංකාවෙ ඉන්න කැලෑ බලල්ලු වර්ග කීපයකට ගම්වලදි ‘කොල දිවියා’ ,’අඳුන් දිවිය’, ‘බලල් දිවියා’ වගේ නම් කියනවා. මේ සත්තු කොටියාට වඩා බොහොම පොඩ්යි. හැබැයි පූසට වඩා ලොකුයි. එතකොට ඇයි ලංකාවේ කොටි නෑ කියල කියන්නෙ? ඕක මෙහෙමයි. ගොඩක් අය කියන්නෙ ටයිගර් කියන එක කොටියා විදිහට සිංහලට පරිවර්තනය වීම හරි පරිවර්තනයක් කියල. ඒ කියන්නෙ ලංකාවෙ ටයිගර්ලා නෑ කියල. ඒ කතාව හරි! නමුත් ටයිගර් කියන එකේ නිවැරදි සිංහල පරිවර්තනය කොටියා නෙමෙයි ව්‍යාඝ්‍රය” ගැට පද විවරණයක් දෙන්න උනේ මේ වැරදි ව්‍යවහාරයක් නිසාවෙන්. මධුර එකේ පවා තියෙන්නෙ එහෙමයි. ඔය වගේ තව ඒවා තියෙනව ඉතිං හරියට නිකම් මේ වගේ. නරියට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකාද? නරියට කියන්නෙ Sri Lankan Jackal. එතකොට fox කියන්නෙ මොකාටද? නරියා වගේ නමුත් ඊට පොඩි සතෙක්. ලංකාවෙ නෑ. ඒත් ගොඩක් අය ෆොක්ස් කියල කියනවා නරියට. වුල්ෆ් කියන්නේ වෘකයට කියල නම් හරියටම කියනවා හැබැයි. ඒවා ඕන නැහැ. හැරෙමු අන්තිම එපියේ සිද්දියට. 😀
ඉතිං එපිසෝඩ් එකේ නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ ඉන්දියාව බංගලාදේශය ආශ්‍රිත භුමිය නිජබිම කරගෙන ඉන්න, ලෝකයේ වඩාත්ම ආදරයට පත්වුණ බිලාල කුලයේ කෙනෙක් ගැන. නමින් රාජ් බේරා. ඇය පැටවුන් හතරදෙනෙකුගේ මවක්. අධික ජනගහනය එක්ක වනසතුන්ට තියෙන ප්‍රදේශ සීමිත වීමත් එක්ක මේ මවට දැඩි වෙහෙසක් දරන්න වෙනවා තමන්ගේ පැටවුන්ව ලොකු කරගන්න. ඉතිං මේ කොටසේදී කැමරා කණ්ඩායම අවුරුදු දෙකක් පුරාවට මේ ව්‍යාඝ්‍ර ධෙනුව පසුපස ගිහින් ඇය මුහුණදෙන අභියෝග සියල්ලම අපිට බලාගන්න සලස්වනවා. එහෙනම් සෑහෙන්න පමා වෙලා අරගෙන ආව මේ කොටසත් එක්ක BBC නාලිකාවේ විකාශනය වෙච්ච ඩිනස්ටිස් කතා මාලාව නිමා වෙනවා රැඳී සිටි සියලු දෙනාටම ස්තුතියි…
” මම වනචාරි මිලේච්ජයෙක්මි.
ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ.
ප්‍රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්රියක සිට වෙඩි තබා මරා දමන ලද,
කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි.
කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.
තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජිවත් විය හැක්කේද? සියලු තිරිසන් සතුන් විනාශ වී ගියහොත්,
ජිවිතයේ දැඩි හුදකලා බැවින් මිනිසා ද විනාශ වී යනු ඇත.
– සියැටල් –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BlueRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,945 downloadsDownload Dynasties.S01E05-Tiger.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
19 comments
asoka7
Mawan Geethanjana
බොහොම ස්තූතිය සබ් එකට. මේ කොටසට සබ් එක ලැබෙන කම් බලන් හිටියෙ.
Lasitharash
මේ වගේ ගවේෂණාත්මක වැඩසටහන් තවත් අරන් එන්න,වෙලාවක් තියේ නම්.ගොඩක් වටිනවා.✌️✌️උපසිරසට ජය.
Pradeepkumara
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsuranuwan
thanks saho...
gayan4
සෑහෙන දවසක් බලන් හිටියා මේ උපසිරැස ලැබෙනකල්. කලින් කොටස් හතරම සුපිරියට උපසිරැසි ගන්වලා තිබුනා බොහොම ස්තූතියි ශාන් විමුක්ති සහෝදරයා. ජය.
suranga281
patta machan...thanks sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sujithj
thanks machn. thawa me wage ekakata sub eka karamuu..
Udara Damith Dissanayaka
thankdsssss
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sanath1990
Film ekak sub karanawata wada me wage wedagath deyakata sub karana eka godak watinawa. Agaya karanawa. Mehema deyakwath balala ekkenek hari parisarayata adaraya karanna purudu wei... obata godak sthuuthi...
prasannavijethunga
maru macho
prasannavijethunga
grimm tv series
sam4
නමෝබුද්ධාය
සත්තුත්ට ආස කෙනෙක් හමුවීම සතුටක්. දිගටම මෙහෙම කරගෙන යන්න. අපේ අය ඉදල හිටල හරි වැඩක් ඇති එකක් බලන එක කොච්චර දෙයක් ද. අපේ සින්හල අයට මග පෙන්වීමක් ඕනි කාලයක්. මම බොහොම සතුටුයි විස්තරෙ දැනුවත් කිරීමක් කරපු එක. අර කොටිය ගැන එකවගේ.sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Nadeesha rox alahakoon
Tnx bro subt
Buddhika laKMal
උපසිරැසිවලට බොහෝම ස්තූතියි සහෝ...
පුලුවන්නම් මේවගේ විඩියෝකොපි අයේ අප්ලෝඩ් කරනවද.......
Advertisement


thanks a lot