ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, මේ හදන්නේ තවත් අපූරු කතාමාලාවකට ආරම්භය සනිටුහන් කරන්නයි. කතාවේ නම EMERALD CITY. බයිස්කෝප් එකත් එක්ක දිගු කාලයක් තිස්සේ රැඳිලා ඉන්න අය නම් “legend of Oz” නැතහොත් OZ මායා ලෝකය කියන නම හුරුපුරුදු ඇති. ඒ කොහොම උනත් වැඩි හදිස්සියක් එහෙම නැති එකේ, කතාවේ ඉතිහාසය සහ ඊට පාදක වෙලා ත…

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, මේ හදන්නේ තවත් අපූරු කතාමාලාවකට ආරම්භය සනිටුහන් කරන්නයි. කතාවේ නම EMERALD CITY. බයිස්කෝප් එකත් එක්ක දිගු කාලයක් තිස්සේ රැඳිලා ඉන්න අය නම් “legend of Oz” නැතහොත් OZ මායා ලෝකය කියන නම හුරුපුරුදු ඇති. ඒ කොහොම උනත් වැඩි හදිස්සියක් එහෙම නැති එකේ, කතාවේ ඉතිහාසය සහ ඊට පාදක වෙලා තියෙන්නේ කුමද්ද කියන කාරණා ගැන කෙටියෙන් පොඩ්ඩක් සඳහන් කරන්නම්.
● එමරල් සිටි කතාමාලාව 2017 ජනවාරි මස පළමු වරට ප්‍රදර්ශනය වීම ආරම්භ වෙන්නේ ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ කතාපොත් සමූහයක් පාදක කොට ගෙනයි. “The Oz books” මෙම පොත් පෙල ආරම්භ වෙන්නේ The wonderful Wizard of Oz (1900) යන පළමු කෘතියෙන් සහ එහි අන්තර්ගතය සහ එයින් කියවෙන්නේ Land of Oz (මායා නිජබිමේ) ඉතිහාසය ගැන ප්‍රථම වතාවට ලොවට ඒ ගැන ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. මේ ජනප්‍රිය පොත් සමූහයට අයිතිකම් ලබන්නේ L.Frank Baum. ඔහු ගොඩනගාගත්ත ඒ අපූරූ විද්‍යා ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් දුරට විහිදිලා තියනවද යන්න සැලකෙන්නේ ඔහු විසින් රචිත පොත් දාහතරක කතා ගොන්න පරිශීලනය කිරීමෙනි. මේ පොත් සියල්ලම ලියවුනේ ඇමරිකානු එක්සත් ජනපදයේ. ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී ඔහුට මායා නිජබිමේ රාජකීය ඉතිහාසකරු කියලා හැදින්වූයේ ඔහු එම කෘතීන්වල තිබෙන ඒ සංකල්පය සත්‍යක් බවට පුන පුනා ඉදිරිපත් කල නිසා. ඒ මිත්‍යා සංකල්පය නිර්මාණ කිරීමට කතා පොත් මාලා සමූහයටම දොරති සහ ඔස්මා කුමරිය යන අය මායා නගරයේ සිදුකල වික්‍රමයන් යොදාගෙන තියෙනවා.
L. Frank Baum විසින් ගොඩනගාගත්ත ඒ සංකල්පය පහත කෘතිවන්ල ගැබ්වෙලා තියෙනවා.
- 01) The Wonderful Wizard of Oz (1900)
- 02) The Marvelous Land of Oz (1904)
- 03) Ozma of Oz (1907)
- 04) Dorothy and the Wizard in Oz (1908)
- 05) The Road to Oz (1909)
- 06) The Emerald City of Oz (1910)
- 07) The Patchwork Girl of Oz (1913)
- 08) Tik-Tok of Oz (1914)
- 09) The Scarecrow of Oz (1915)
- 10) Rinkitink in Oz (1916)
- 11) The Lost Princess of Oz (1917)
- 12)The Tin Woodman of Oz (1918)
- 13) The Magic of Oz (1919)
- 14) Glinda of Oz (1920)
ඒ විදිහට තමයි මේ මායාව දිගින් දිගටම ගලා ගිහින් තියෙන්නේ. පසු කාලීනව මේ පොත් ඇසුරින් මේ ෆ්‍රෑන්ක් ගොඩනගාගත් ඒ සංකල්පය රූපමය අයුරින් ප්‍රේක්ශකයන්ට වඩාත් සමීප කරනවන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරු උත්සහ අරන් තියෙනවා. එහි සාර්ථක පළමු පියවර ලෙස, Victor Fleming විසින් පළමු චිත්‍රපටය එලි දක්වලා තියෙනවා.
මේ ඒ නමින් දැනට නිකුත් වෙලා තිබෙන චිත්‍රපට
- The Wizard of Oz (1925)
- The Wizard of Oz (1939)
- The Wizard of Oz (1982)
- Return To Oz (1985)
- Dorothy and the Witches of Oz (2012)
- Oz the Great and Powerful (2013)
- Legends of Oz: Dorothy’s Return (2013)
මේවාගෙන් වැඩිහරියකටම බයිස්කෝප් වෙබ් අඩවිය තුලින් උපසිරැසි ලබාදීලා තියෙනවා. පැරණි චිත්‍රපට වලට ඇලුම් කරන අයට මේ චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා.හොඳ ටොරන්ට් කොපි සොයාගන්න බැරිඋනත් යූටියුබ් තුලින් නරඹන්න හැකියාව තියනවා.
ඒ විදිහට තමයි EMERALD CITY (2017) ටෙලි කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට Tarsem Singh අධ්‍යක්ෂකවරයා උත්සහ කරන්නේ. මේ කතාමාලාවේ රූගත කිරීම් ආරම්භ කරල තිබෙන්නේ 2014 වසරේ ඒ 2015 වසර අගබාගයෙදී කෙසේ හෝ ආරම්භය ලබාදීම යන බලාපොරොත්තු වෙන්. නමුත් එහි රචක සහ රූගත කරන ආයතන අතර තිබුන පරස්පර නිර්මාණික වෙනස්කම් නිසා එය අවලංගු කර තිබෙනවා. කෙසේවෙතත් NBC නාලිකාව මගින් මෙය නැවත 2015 දී මෙහි පළමු කතාසමට කොටස් දහයකින් 2017 ජනවාරි මස ප්‍රදර්ශනය කරන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි පළමු කොටස ජනවාරි මස 6 වන දින NBC නාළිකාවේ විකාශනය උනා.
- පළමු කොටස : “The Beast Forever”/ දෙවන කොටස
- සදාතන රාක්ශයා
- විකාශණය වූ දිනය – ජනවාරි 6
මෙහි පළමුවෙන්ම එලිදැක්වූ කොටස (6) සමන්විත වන්නේ පලවෙනි කතාසමයේ පළමු කොටස සහ දෙවන කොටසයි. කෙටියෙන්ම කිව්වොත් පලවෙනි එපිය සහ දෙවෙනි එපිය එකවර. කතාව පැය එකකුත් විනාඩි දහනවයක කාලයක් තියනවා. ඉතින් ඒ නිසා උපසිරැසියත් යොදලා තියෙන්නේ ඒකට ඔයාලට බාගත කරද්දී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ දීලා තියන වීඩියෝ පිටපතට අනුව බාගත කිරීම සිදු කරනවා නම්. හොඳයි කතාව පැත්තට ගියොත් කතාවේ නායිකාව ඩොරති. එයා හෙදියක්. අම්මගෙන් වෙන්වෙලා ඉන්නේ තාත්තා නැහැ. දවසක් එයාලගේ ප්‍රදේශයකින් ආපු ටොනාඩෝවකට එයා අසුවෙනවා ඒ එයාගේ කෙනෙක් මුණගැහෙන්න යන අවස්ථාවේ. මෝටර් රථයක් තුලට ගියත් මෝටර් රථය පිටින්ම ටොනාඩෝවට අසුවෙනවා. එහෙමයි කතාවේ ආරම්භය ගන්නේ. කතාවේ මුලම හින්දා කතාවේ වැඩිය කියන එක ඒ හැටි හිතට ගැලපෙන්නේ නැහැ. තව දැනගන්න ම ඕනියි කියලා හිතෙනවා නම් ට්‍රේලර් එක බලන්න. :p. හොඳයි එහෙනම් විස්තර කරා ඇති වගේ. දැන් තියෙන්නේ බලන්න. මොනහරි බාගත කිරිමේ ගැටලුවක් තියවා නම් කමෙන්ට් කරන්න.අලුත්ම අත්දැකීම රසවිඳින්න කියලා ආරාධානා කරන ගමන්ම මම යනවා. ලබන සතියෙත් මුණගැහෙමු.
* ජය ශ්‍රී *
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E0102.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,048 downloadsDownload Emerald.City_.S01E0102.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
46 comments
අසිත
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Kasun Widusha
Tnx sahoo.......Epi 1,2 dekama ekata neda aawe
Sajeewa Lakmal Weerasinghe
Niyamai.....Digatama Sub Denna. GooD LuucK
devinda
Sub Deeeeeeelaaaaaa.......... Ty Malli.Gdk Pin....
දිල්ශාන් සචින්ත
අම්මට සිරි මමනම් හිතුවෙම මේකට මදුකයා වගකියයි කියලා....බොහොම ස්තූතියි මචෝ
මධුකප්‍රිය පෙරේරා
වග කියනවා තමා..පෙබරවාරියේ 100 එක ආවේ නැත්තම්..
Prasad Randunu
Aaan ela kollekne oya. Ela ela. 100 aniwa hambemu.
Dilanda Rukshan
තෑන්ක්ස් මචන් සබ් එකට...
Zeal
Tnx sahoo♥♥♥
මධුකප්‍රිය පෙරේරා
හම්මේ ඉතින් මේක එනකම්ම බලාන හිටියේ..
බලමුකෝ ට්‍රේලරේ වගේම කතාවෙත් වැඩකිඩ තියේද කියලා..
හෙහ් හේ. එහෙනම් ඉතින් අද ඉදන් අපිත් එක්කහු වෙනවා
උබේ සබත් එක්ක තවත් මායාලොවක සිරි නරඹන්න.
උපසිරසියට ස්තුතියි.ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
Prasad Randunu
Godaaaaaaaak thank u aiya. Niyamai. Wisthare mara clear. 100% superb. Digatama yamu. Jaya wewa
KAVINDA GAMAGE
සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.
Mahesh
Sub ekata thanx aaaaaaaa
Prasad Randunu
Sub eka epi epi walata tibbanam ela saho.
buddika prasad
thanks
Ashan Lasantha
thanks machan
thathsara
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
Ravindu Rukshan
th bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා..!!Kulanjana Maduranga
niayamai…supiri tv series 1k..ela ela...thanks YASIRU saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
කතාඅ ගැන දැන්ගත්ත අපේ ෆේස්බුක් එකේ ධනූ අයියගෙන..නියම්යි sසහෝ.දිග්ටම් kකරම්මො.ජයවෙවා..!!!
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි...............
LAKSHAN
Thankzzzzzzzzzzzzzzzzzzzz BRO............Elama Thamai.............
Hima Benaragama
බොහෝම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks bro.
praneeth madu
බොහෝම ස්තුතියි
Ashan Lasantha
thanks saho anik ewa denakam api balagena innawa
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....පට්ට කතාවක් වගේ..
දිලාන්
කතාව ගෙන හොඳ ලිපියක් ලියල තියෙනවා. උපසිරැසියට බොහොම ස්තුතියි යාළුවා.
samith
බොහෝම ස්තුතියි!
chin
Thnx yalu sub ekata.....meke blurey hari webdl hari copy walata sub issarahata denna puluwan nm hoday yalu.....720p ewata......
silent$
Thanxxxxxxxxxxxxxx
dinidu chamikara
thnx..
Nilupul wijayawardhana
Baiscopelk හැම දෙනාටම ඉදිරියට සුභ පතනවා....උපසිරැසියට බොහෝම ස්තූති.!!!!!
Suu
thank u
:) :)සචින් කෙවින්
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා. ගොඩක් හොඳ ලිපියකුත් දීල තියෙනවා. කියවද්දි බලන්න ආස හිතෙනවා. Good Luck සහෝ.........
Liky
Sub ekka videos download karanne kohomda?.................
Nishan randika
බොහෝම ස්තුතියි උපසිරැසියට
HASHAN
epiye 2 eke sub ekath mekemada
Sudeepa
බොහෝම ස්තුතියි උපසිරැසියට
sudesh saliya
sub ekata thanks saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!sineth devapriya
බලන්න හිටියට බැරිවුනා. අද පටන්ගන්නවා.
හොද ඇති කියල හිතෙනවා
Advertisement

elama saho thanks