හොඳයි මිත්‍රවරුනි, අද අපි එන්නේ Fargo S05 කතා මාලාවේ දහවැනි හෙවත් අවසන් කොටසට සිංහල උපසිරැසි අරගෙනයි. එහෙම නම් අදින් මේ කතාමාලාවේ පස්වැනි සීසන් එක අවසන් වෙනවා. අද කතාවේ දේවල් බලමු එහෙනම් ඉක්මණට. අද පළ වන කතාංගය ගැන: අටවැනි කොටස – S05 E10 – “Bisquik” – “බිස්ක්වික්” අධ්‍යක්ෂණය – Sylvain White තිරරචනය…

- අටවැනි කොටස – S05 E10 – “Bisquik” – “බිස්ක්වික්”
- අධ්‍යක්ෂණය – Sylvain White
- තිරරචනය – Noah Hawley
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 ජනවාරි 16
- IMDb Ratings – 8.3/10
අද කොටසේ මොකද වෙන්නේ? ඩොට්ව බේරා ගැනීම සඳහා විට් FBI කණ්ඩායමකට එකතු වී රෝයිගේ ගොවිපොළට රිංගනවා. ඩොට් පැන යාම සම්බන්ධයෙන් රෝයි ඔහුගේ මාමණ්ඩිය සමඟ රණ්ඩුවකට පැටලී ඔහුව ඝාතනය කරන අතර, රෝයිගේ අනෙක් බිරිඳ කැරන් මෙය දැක පලා යනවා. රෝයි ඇය පසුපස හඹා යන අතර ඩොරති ඔහු ඉදිරියට ගොස් ඔහුගේ උදරයට වෙඩි තබයි. ඇයට නැවත වෙඩි තැබීමට පෙර, FBI කණ්ඩායම ඇයව රැගෙන ගොස් කැරන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අතර තුවාල ලැබූ රෝයි පලා යනවා. විට් ඔහුව ගොවිපොළේ වළට ලුහුබැඳ යනවා. රෝයි සහ විට් අතර ගැටුමෙන් කුමක් සිදුවනු ඇතිද? රෝයි FBI අත්අඩංගුවට පත්වනු ඇතිද? ඩොරති සහ දෑස් අන්ධ වුණු ගේටර් නැවත නිවසට පැමිණීමට පෙර සමාදාන වෙනවා. ගේටර්ට සිය මව සොයාගත හැකිවනු ඇතිද? ඩොරතිට යළි සිය පවුල සමඟ එක්විය හැකි වනු ඇතිද? ඩොරති මන්ච්ගේ පළිගනිමෙන් ගැලවෙන්නේ කෙසේද? ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පණිවුඩයක් රැගත් මේ අපූරු ත්‍රාසජනක කතාවේ අවසානය කෙබඳු වෙයිද? ඉතාම උද්වේගකරව දිවෙන මේ කතාංගයත් නරඹලාම මේ දේවල් දැනගනිමු.
Fargo ටෙලිවෘතාන්තයේ හයවැනි කතා සමයක් නිකුත් වේවිද නැද්ද යන්න මේ වනවිට අවිනිශ්චිතයි.
අපි බලාගෙන ඉමු එවැන්නක් නිකුත් වෙයිද නැද්ද කියා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!මා මීට කළින් වතාවකදී ඔබට පොරොන්දු වුණා වගේම, එඩ් ගීන් හෙවත් ‘ප්ලේන්ෆීල්ඩ් ගම්මානයේ පිසාචයාගේ කතාව’ මීළඟට ඔබ වෙත ගෙන අරගෙන එනවා.
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
225 downloadsDownload Fargo.S05E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
0 comments
No comments yet.
Advertisement


