Flower Boys Next Door Sinhala Subtitles 2011 ජුනි 27 සිට 2011 ජූලි 17 දක්වා ප්‍රකාශයට පත්වූ “I Watch Him Every Day/나는 매일그를 훔쳐본다” වෙබ් ටූනය ඇසුරෙන් සකසා ඇත. තමන් වාසය කරන මහල් නිවාස ගොඩනැගිල්ලට අල්ලපු ගොඩනැගිල්ලේ තමන්ගේ කවුළුවට ඉදිරිපසින් ඇති නිවසේ ඔත්තු බැලීමට ගෝ ඩොක් මී පුරුදුව ඇත. 402 අංකයෙන් යුත…

Flower Boys Next Door Sinhala Subtitles
2011 ජුනි 27 සිට 2011 ජූලි 17 දක්වා ප්‍රකාශයට පත්වූ “I Watch Him Every Day/나는 매일그를 훔쳐본다” වෙබ් ටූනය ඇසුරෙන් සකසා ඇත.
තමන් වාසය කරන මහල් නිවාස ගොඩනැගිල්ලට අල්ලපු ගොඩනැගිල්ලේ තමන්ගේ කවුළුවට ඉදිරිපසින් ඇති නිවසේ ඔත්තු බැලීමට ගෝ ඩොක් මී පුරුදුව ඇත. 402 අංකයෙන් යුතු මහල් නිවාසයේ ජීවත් වන ඇය ඇයටම වෙන් වූ ලෝකයට ජීවත් වන යුවතියකි. ඇගේ එකම විනෝදාංශය වෙන්නේ තමන්ගේ අසල්වැසියාගේ දිනචර්යාව දෙස බලා සිටීමයි.
මේ අසල්වැසි නිවසේ ජීවත් වන හන් ටේ ජූන්ගේ ඥාති සොහොයුරෙකු වන එන්රික් ගියුම් කොරියාවට පැමිණෙන අතර ඔහු නවාතැන් ගන්නේ හන් ටේ ජුන්ගේ නිවසෙයි. ඔහුගේ රැකියාව වීඩියෝ ක්‍රීඩා නිර්මානය කිරීම වන අතර ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති අයෙකි.
ඩොක් මි ගේ නිවසේ අසල්වැසියා වන 401 නිවසේ පදිංචිව සිටින්නේ වෙබ්ටූන් නිර්මාණකරුවෙකු වන ඔහ් ජින් රක් නම් තරුණයයි. ඔහු තමන්ගේ අතීතයේ ඇතැම් දේ සඟවමින් මෙහි ජීවත් වෙයි.
මහල් නිවාසයට පැමිණි දා සිටම ඩොක් මි ගැන අවධානයෙන් පසු වන ජින් රක් ඇය ඇසුරෙන් වෙබ් ටූනයක් නිර්මාණය කරන අතර ඩොක් මි ගැන කැමැත්තකින්ද පසුවෙයි. එන්රික් විසින් පළමු දිනයේම ඩොක් මි ඔත්තු බලනා බව දැනගන්නා අතර ඔහු එයින් කෝප වී ඇය සමග දබරයට පැමිණෙයි. එහිදී ඩොක් මි ගැන වඩා හොඳින් දන්නවා යැයි සිතාගෙන සිටින ජින් රක් ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වුනත් මේ තිදෙනාගේ මේ හමුව නොසිතූ දිශාවකට ගලාගෙන යයි..
නම : Flower Boy Next Door/이웃집꽃미남
ප්‍රභේදය : විකට, ආදර
කතාංග : 16
විකාශන දිනය : ජනවාරි 07 – පෙබරවාරි 26
විකාශන වසර : 2018
විකාශන කාලය : සඳුදා/ අඟ. 23:00
Flower Boys Next Door Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
176 downloadsDownload Flower-Boy-Next-Year-S01E07-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Flower Boys Next Door Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
0 comments
No comments yet.
Advertisement



